ගුණවතුන්ට නැණවතුන්ට පමණක් රිසි වූ......
Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්‌ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්‌ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...


බුද්ධ දේශිත ආනාපාසතිය පිළිබඳ විමසුමක්
අනාගාමී උතුමා හා සමාජ සම්මතය
අනාගාමී මාර්ගඵල අවබෝධය ලබත්ම පුද්ගලයෙකු කාමරාග හා පටිඝ යන සංයෝජන ධර්ම මුළුමණින්ම ප්‍රහාණය කර දමනු ලබන බව ධර්මයෙහි සඳහන්ය. එබඳු පුද්ගලයෙකුගේ චිත්ත සන්තානය කෙබඳු විය හැකිද? සෝවාන් මාර්ගඵල ලාභයේදී පුද්ගලයෙකු ප්‍රහාණය කරන සක්‌කාය දිට්‌ඨී, සීලබ්බත පරාමාස හා විචිකිච්ඡා යන සංයෝජන ධර්ම දෘෂ්ටි ගණයට අයත්ය. එබැවින් ඒවා ප්‍රහාණය කිරීම දෘෂ්ටි ප්‍රතිලාභයට පැමිණීමක් ලෙස ධම්මසංගණියෙහි දක්‌වා ඇත. මූලික ආර්යභාවයට පත්වන පුද්ගලයාහට ඇත්තේ දර්ශන සම්පත්තිය හෙවත් දෘෂ්ටි ප්‍රතිලාභය පමණකි. එබඳු ආර්යශ්‍රාවකයෙකු තවම කාමරාග හා පටිඝ යන සංයෝජන ප්‍රහාණය කර නොමැති නිසා ඒවායෙහි බලපෑමට හසුවීමට යටත්ය. සකෘදාගාමී මාර්ගඵලයට පත්වීමේ දී කාමරාග හා පටිඝ සංයෝජනවල තුනීවීමක් හෙවත් අඩු වීමක් සිදු වන බව දක්‌වා ඇතත් මුළුමනින්ම ප්‍රහාණය නොවන බව පෙන්වා දී තිබේ. ඒ නිසාම එබඳු උතුමෙකුගේ සිත තුළ එබඳු මානසික ආවේග යම් පමණකට බලපවත්වන බව මේ අනුව පැහැදිලිය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
දුක්ඛ ආර්ය සත්‍යය
ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලහති තම්පි දුක්ඛං, සංඛීත් තෙන පඤ්චූපාදානක්ඛන්ධා දුක්ඛා ( ධම්මචක්ක සූත්‍රය)
ගෞතම බෝසතාණන් වහන්සේ ලොවුතුරා සම්බුද්ධත්වයට පත්වූයේ අදට වසර 2605 කට පෙරයි. එදා වෙසක් පුරපොහෝ දිනයකි. තමා අවබෝධ කළ ධර්මය මෙනෙහි කරන විට එය ඉතා ගැඹුරු දහමක් බවට වටහාගති. එය අවබෝධ කරගැනීමට බුද්ධිය මුහුකුරා ගිය පුද්ගලයන් ලොව සිටිත් දැයි බලමින් තමන් වහන්සේ තවුස් කළ ඇසුරු කළ ආලාරකාලාම උද්දකරාමපුත්‍ර ආදීන් ගැන සිහිකළා. ඒ අය මිනිස් ලොව නැති බව දැක අවසනට පස්වග තවුසන් ගැන බැලුව. ඒ වනවිට ඔවුන් බරණැස් නුවර ඉසිපතන නම් මිගදායෙ සිටින බව දැක්ක. ඔවුන්ට ප්‍රථම ධර්මදේශනාව පවත්වන්නට අදහස් කළ බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේ සිට බරණැසට පා ගමනින් ම වැඩම කර එහි ළඟා වූයේ ඇසළ පුර පොහෝ දවසේය. පස්වග තවුසන් තමා ප්‍රතික්ෂේප කළ නමුත් ඔවුනට නොයෙක් කරුණු නිසා ඔවුන් තමාට අවනත කර ගන්නට සමත් වූහ. ඉක්බිති එදින සවස් යාමයෙහි ඔවුන් අවනත කරගත් බුදුරජාණන් වහන්සේ ඔවුනට ප්‍රථම ධර්ම චක්‍රය හෙවත් ධර්ම දේශනාව පැවැත්වූහ. මේ ධර්මය අසන්නට එහි මනුෂ්‍යයන් වශයෙන් සිටියේ පස්වග තවුසන් පමණකි. ඒ හැර දසදහසක් සක්වල දෙවි බඹුහුද වූහ. බුදුරජාණන් වහන්සේ දේශනාව අරඹමින් ‘ද්වෙ මෙ භික්ඛවේ අන්තා පබ්බ ජිතෙන න සෙව් තබ්බා’ ආදී වශයෙන් වදාරනව. මහණෙනි, හීන, ග්‍රාම්‍ය, අනාර්ය්‍ය, අනර්ථකකාමසුඛල්ලිකානුයෝගය (විමුක්තිය ලැබීම සඳහා කම් සුවයෙහි ඇලී ගැලී සිටීම) හා දුක්ඛ සහගත අනාර්ය අනර්ථකර අත්තකිලමථානුයෝගය (හෙවත් දුක් නැසීම සඳහා ආත්මයට වදදීම) යන අන්තගාමී ප්‍රතිපදා දෙක අත්හැර තථාගතයන් වහන්සේ විසින් නිවනට පිහිට වන අසහාය ප්‍රතිපදාව වන මැදුම් පිළීවෙත තමා විසින් අවබෝධ කරගත් බව වදාළ.
මැදුම් පිළිවෙතේ දුක්ඛාර්ය සත්‍යය, සමුදාර්ය සත්‍යය, නිරෝධාර්ය සත්‍යය, නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය යන චතුරාර්ය සත්‍ය මඟින් නිවන් දකින්නා දුක්ඛාදී ආර්ය සත්‍ය හතරක් පිළිපැදිය යුතුබව බුදුන් වහන්සේ වදාළ මේ හතරෙන් මාගේ දහම් ලිපියට පාදක වන්නේ දුක්ඛාර්ය සත්‍යයයි. සමස්ත ලෝක ප්‍රජාවටම දුකෙහි ගැළී සිටින බව දුක්ඛෙ ලොකො පතිට්ඨිතො යනුවෙන් වදාළ පරිදි මේ ලෝකේ තියෙන්නේ දුක පමණයි. අනෙක් සියල්ල දුකට යටත් දුක පදනම් කරගත් දේවලයි.
ලැබෙන්නේ දුක පමණයි. ඇත්තේත් දුක පමණයි. දුකින් තොර කිසිවක් නැත. දුකින් තොර කිසිවක් නිරුද්ධ වන්නෙත් නැතැයි බුදුන් වදාළේද ඒ බවයි. ඒ නිසා දුක යනු කුමක්ද, දුක ඇතිවන්නේ කෙසේද දුක දුරලිය යුත්තෙහි දුරලන මඟ අරි අටඟි මගයි. මේ ප්‍රතිපදාව අනුගමනය කළ පුද්ගලයාට දුකින් තොර වී නිවන් අවබෝධ කර ගැනීමෙන් සදා කාලික සැප ලැබිය හැකිය. චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් දුක්ඛ සත්‍ය පළමුව දේශනාකළ බුදුරජාණන් වහන්සේ ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා, ආදී වශයෙන් වදාරනව මහණෙනි. දුක්ඛාර්ය සත්‍යය නම් ජාති (උපති) ජරා (දිරායම) ව්‍යාධි (රෝගීවීම) මරණ (උපන් සත්වයා උපන් භවයෙන්) මරණයට පත්වීම, ඒ හැර අපි‍්‍රය පුද්ගලයන් හා එක්වීම, පි‍්‍රය පුද්ගලයන්ගෙන් වෙන් වීම, තමා කැමැති දෑ නො ලැබීම” හා පොදුවේ උපාදානස්ඛන්ධ පහම දුක්ඛ පුඤ්ජයකි. යන මේ කරුණු දුක්ඛාර්ය සත්‍යය බව වදාළහ. මේ දුක්ඛ සහගත පඤ්චස්කන්ධයෙහි අනාත්මභාවය (සදාකාලික නොවන බව) ප්‍රඥාවෙන් අවබෝධ කරගත් පුද්ගලයා සසරින් මිදෙන බවද තවදුරටත් උන්වහන්සේ වදාළහ.
ධම්මචක්ක දේශනාවෙදි සංක්ෂිප්තව දෙසූ දුක්ඛාර්යසත්‍ය ධර්මය පසු කලෙක සැරියුත් මහරහතන් වහන්සේ සච්චවිභංග සූත්‍ර දේශනාවේ දී සවිස්තරව දේශනා කර තිබේ. එම විස්තරය මෙතැන් සිට ඔබට වටහා දීමට මම උත්සාහ කරමි. ජාති නමැති සත්ත්වයාගේ උපතින් පටන් ගන්නා දුකට ඉහාත්මයේදීම ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, රිසිදෑ නොලැබීම හා මුළු පඤ්චස්ඛන්ධයම අයත් බව සැරියුත් මා හිමි ප්‍රකාශ කළහ. සත්ත්වයන් උපත ලබන ඒ ඒ සත්ව නිකායවල සත්ත්වා වාසවල ඉපදීම සම්බන්ධයන්ගේ පහළවීම ජාතියයි. සත්ත්වයාගේ නැවත නැවත ඉපදීම සංසාරයේ ජරා දුක විස්තර කරමින් වදාරනව ඒ ඒ සත්ත්වයන් උපන් උපන් ලෝකවලදී පඤ්චස්කන්ධයාගේ දිරායාම, කැඩීයාම, මෝරායාම, පැසීම, සිරුර රැළි ගැසීම, ආයුෂ පිරිහීම, චක්ෂුරාදී ඉඳුරන් මුහුකුරායාම, ජරාවයි. මරණ නම් ඒ ඒ සත්ත්වයන් ඒ සත්ත්ව නිකායෙන් චුත වීම, චුතවන ලක්ෂණ, සිරුරේ බිඳී යාම, අතුරු දන්වීම, මාරයාගේ වසඟයට පත්වීම මරණය, හෙවත් ප්‍රාණය නිරුද්ධවීම, කාලක්‍රියාව, ස්කන්ධයන්ගේ බිඳීම, සිරුර බැහැර කිරීම, මරණය බව සැරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කර දුන්හ. ශෝකය නම් ඇවැත්නි, නොයෙක් නොයෙක් විපත්වලට භාජනය වූ හා නානා දුක්වලට භාජනය වූ ඔහුගේ ශෝකය, ශෝක කිරීම, ශෝක කරන බව සිතු තුළ ඇතිවන ශෝකය වඩ වඩාත් සිතක් ඇතිවන ශෝකය උන්වහන්සේ විස්තර කළහ. පරිදේව දුක විස්තර කරමින් වදාරනව. විවිධ විපත්තිවලට පත් වූ විවිධ දුක් දොම්නස්වලින් පෙළෙන්නහුගේ විලාපකීම, විලාප දිදී හැඬීම එසේ හැඬීම පරිදේවයයි වදාළහ. දුක්ඛ යන්න විස්තර කරන සැරියුත් මා හිමියෝ ඇවැත්නි, කිසියම් කායික දුකක්, කායික අසහනයක්, නුරුස්සන බවක්, කිසියම්, වින්දනයක් අප පිළිබඳ දුකක් වේ නම්, අමිහිරි වින්දනයකි. එය දුකකි. දොම්නස නම් චෛතසික දුකයි. එනම් සිතේ හටගන්නා අමිහිරි වේදනාවයි. සිත සමඟ බැඳුණු දුකයි. නොමිහිරි වින්දනය දොම්නසයි. උපායාශය නම් විවිධ ව්‍යසනයන්ට ගොදුරු වූ විවිධ දුක් ගැහැටවලට භාජන වූ පුද්ගලයාගේ දැඩි උත්සාහය, දැඩි ජීවිත භාවය දැඩි වෙහෙසකර බව, දැඩි පීඩාකාරී බව උපායාශ යයි. ඇවැත්නි, කැමැති දෑ නො ලැබීම නම් දුක කුමක්ද උපත ස්භාවකොට ඇති සත්වයන්ට මේ බඳු ආශාවන් උපදිනව. ඒ කාන්තයෙන්ම අපට උපතක් නොවේවා. ඒකාන්තයෙන්ම අපට උපතක් නොයේවා. ඒකාන්තයෙන්ම උපතක් නොයේවා මේ ආශාවන් නො පැමිණෙනවා යයි සිතුවාට කවදාවත් නොලැබේ. දරුවන් ඉර හඳ ඉල්ලන්නාක් වැනිය මෙයද දුකකි. ඇවැත්නි, ජරාව ස්වභාව කොට ඇති සත්ත්වයන්ට මෙබඳු ආශාවන් උපදියි. එනම් අනේ! අපි ඒකාන්තයෙන්ම ජරාවෙන් පෙලෙන්නෝ නොවෙත්වා. ඒකානත්යෙන්ම අප කරා ජරාව නො පැමිණේවා. මේ ආශාවට නො පැමිණේවා. මෙය ද කැමැති දෑ නොලැබී යාම නිසා ඇතිවන දුකකි. රෝගීවීම ස්වභාව, කොට ඇති සත්ත්වයන්ට මෙබඳු ආශාවක් උපදිනවා. අනේ අපි රෝගීවීම ස්වභාව කොට ඇත්තේ නො වෙමුවා, අප කරා ව්‍යාධිය නොපැමිණේවා. මේ ආශාව මුදුන් පත් නොවීම නිසා කැමැති දෑ නො ලැබීමේ දුක හටගන්නව. මරණ ධර්මය ද එසේමය. එය දශාව ඉටු නොවීමෙන් ඇතිවන දුකකි. ශෝක, පරිදේව, දුක්ඛ, දොම්නස්ස, උපායාස බහුල කොට ඇති සත්ත්වයන්ට ඒවා අපවෙත නො පැමිණේවායි සිතුනට ඒවා අප වෙත ඒකාන්තයෙන්ම පැමිණෙන නිසා ඉච්ඡා භංගත්වයෙන් (කැමැති දෑ නො ලැබීමෙන්) උපදින දුක්ඛයෝය. අවසනට පඤ්ච උපාදානස්කන්ධය විස්තර කරන සැරියුත් හාමුදුරුවෝ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදාන ස්කන්ධ පහම එකටගෙන ඒ උපාදාන පහම දුක්ඛාර්ය සත්‍යය බව සැරියුත් හාමුදුරුවො වදාළහ. මෙහිදී උපාදාන යන ධර්ම පදය සාමාන්‍යයෙන් අප වටහාගත යුතුව ඇත. උපාදාන නම් සිතටගත් අරමුණ අත් නොහැර තදින් අල්ලා ගැනීමයි. නයා මැඩියකු ඩැහැගත්තා මෙනි. එනම් රූපපාදාන වෙදනුපාදාන, සඤ්ඤාපාදාන, සංඛාරූපදාන විඤ්ඤාණුපාදාන යන ස්කන්ධ පස කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද වශයෙන් අල්ලා ගැනීම උපාදානයයි.
ප්‍රඥා විමුක්‌තිය සහ උභතෝභාග විමුක්තිය
ඒ අසිරිමත් මැදුම් පිළිවෙත
තථාගත ධර්මය විනිවිද දකින පටිච්ච සමුප්පාදය
ලෝකෝත්තර දියුණුවට මඟ පාදා ගනිමු
සදහම් සරණ යමු
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහලවී තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මැනවින් මෙනෙහි කළ සේක. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් සසර තනන දුක පිළිබඳ මැනවින් අවබෝධය ලබාගත්හ. දුක දුකට හේතු, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ යථාවබෝධය ලබාගත්හ. ලෝකයේ හා සත්ත්වයාගේ ඇතිවීම හා නැතිවීම හේතු ප්‍රත්‍ය අනුව සිදුවන බව පටිච්ච සමුප්පාදය මගින් අබෝධ කළහ. මුල සිට අගටත් අග සිට මුලටත් මෙය මෙනෙහි කරමින් ලෝකය හාසත්ත්වයා පිළිබඳ යථාවබෝධය ලබාගත්හ. සංසාරයේ අනන්තවත් කාලයක් දුක් විඳ විඳ ඇවිද සොයාගත් ලෝක සත්‍ය තමන් වහන්සේගේ අවබෝධ ඥනයයි. අවබෝධ ඥනය සද්ධර්මයයි. තමන්ම අවබොධ කරගත් සද්ධර්මය තමන්ගේම ගුරුවරයා බවඋන්වහන්සේ සිතූහ. එම නිසා උතුම් සද්ධර්මය තමන්ගේම ගුරුවරයා බවට පත්කරගනනේ බුද්ධත්වයට පත්වී පස්‌වැනි සතියේදීය. එසේ නම් අප මේ සරණ යන්නේ බුදුරජාණන් වහන්සේගේත් ගුරුවරයාය. තුන්ලොවටම අග්‍රවූ බුදුරජාණන් වහන්සේගේ ගුරුවූ සද්ධර්මය මොනතරම් ශ්‍රේෂ්ඨ ද? අං.නි. අග්ගපද සූත්‍රයට අනුව හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියලු ධර්මයන් අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයම හෙවත් ධර්මයම ශ්‍රේෂ්ඨය. ධර්මයේ පැහැදීම අග්‍රස්‌ථානයේ පැහැදීමකි. අඝ්‍රස්‌ථානයේ පැහැදීමෙන් අග්‍රවිපාක ලැබේ. ධම්මං සරණං ගච්ඡාමි කියා අප සරණ යන්නේ ඒ උතුම් සද්ධර්මය බව දැන් සිහිපත් කරගෙන සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.ලෞකික සහ ලෝකෝත්තර ජීවිතය
එකම මනුස්සයා තුළ දෙදෙනෙකු සිටිනවා. සමහර අවස්ථාවල මිනිසුන් කියනවා මේ මනුස්සයා හරියට යකෙක් වගේ කියා. තවත් අවස්ථාවක කියනවා ඔහු දෙවියෙක් වගේ කියා. එකම මනුස්සයා යක්ෂයා සහ දෙවියා කියා අමතන්නට ඇති හේතුව කුමක්ද? බුදුදහමට අනුව අපේ සිතේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම වගේ අකුසල චෛතසික ඉස්මතු වූ විට අප නොදැනීම යක්ෂයා ආරූඪ වෙනවා. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි උදාර ගුණාංග සිතිවිලි අපට සමීප වනවිට, සමීප කරගන්නා විට අප තුළ සිටින දෙවියා මතුවෙනවා.












