ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

දෝෂය කොතැන ද?


ප්‍රතිවේදය පමණක්‌ ශේෂ ව පවතින එහෙත් ප්‍රතිපදාව උපදවා ගැනීමට අසමත් මෙකල ශාසනයෙහි ප්‍රතිපදාව උපදවාගත යුතු නිවැරැදි ම`ග පැහැදිලි කර දෙන අගනා ධර්ම දේශනයක්‌ මෑතක දී ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන ස්‌වාමීන්වහන්සේ විසින් පවත්වන්නට යෙදිණි. වර්තමාන ශාසනයේ නිවන් ම`ග ඇහිරී තිබෙන්නේ මක්‌නිසා ද යන කරුණ පටිච්ච සමුප්පාද විවරණය ඇසුරින් පහදා දෙන එම ධර්ම දේශනය අද පටන් බුදුම`ග පාඨක පින්වත් ඔබට කියවන්නට ලැබෙයි. මේ ධර්ම දේශනයට සවන් දී මේ අයුරින් විශාල පිරිසක්‌ වෙත කියවීමට සැලැස්‌වීම සඳහා අවස්‌ථාව උදා කර දුන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්‌ෂ මහේෂ යහම්පත් මහතාට පුණ්‍යානුමෝදනාවෙන් යුතු ව ස්‌තුතිය පුද කර සිටිමු. 

මම තව එක සිද්ධියක්‌ පෙන්නන්නම්. ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ස්‌පර්ශ ආයතන හය නිසා ම ධාතු නානත්වය නිසා සංඥා පහළ වන මට්‌ටමක්‌ තමයි අපට තියෙන්නෙ. ඒ කියන්නෙ රූප පෙනෙන, ශබ්ද ඇහෙන, දැනෙන ආ, දේ. මේ ටික තමයි "ඉන්කමින්" කියල අපි පහසුවට හඳුන්වපු, එළියෙ ඉඳන් ඇතුළට එන ටික. මේ සිද්ධියෙ දෝෂයක්‌ නැහැ.

මෙහෙම සිද්ධියකින් පස්‌සෙ ආපහු ඇහැ අහකට ගන්නකොට ම ඇහැත් නිරුද්ධයි, පෙනෙන රූපයත් ඉතිරි නැති ව ම නිරුද්ධයි කියන එක නො දැක තියෙන දෙයක්‌ හැටියට අල්ලගෙන වින්දොත් මොකද වෙන්නෙ? අවිද්‍යා කර්ම ඉතිරි වෙනව. කාම ධාතුවෙ ස්‌වභාවය තමයි ආයතන හයෙන් ම කර්ම රැස්‌ වෙනව කාමාවචර මට්‌ටමින්. ඒ කිව්වෙ ආපහු එයාට සිහි කරල යන්න හය පොළක්‌ ම හැදෙනව. රූප තියෙනව කියල බලන්න යන්නත් පුළුවන්. ශබ්ද තියෙනව කියල අහන්න යන්නත් පුළුවන්. ගන්ධ, රස, ස්‌පර්ශ, සිතිවිලි තියෙනව කියල විඳින්න යන්නත් පුළුවන්. එයාට කාම ධාතුවෙ ආයතන දොළහකුයි, අටළොස්‌ ධාතුවකුයි ස්‌කන්ධ පංචකයකුයි හම්බ වෙනව. මේ තමයි "අවුටිගොයින්" කොටස.

ස්‌පර්ශ ආයතන හයේ නිරවශේෂ නිරෝධය නො දන්නාකම නිසා ස්‌පර්ශ ආයතන හය ම ඇති හැටියට නිමිති ගත්ත කෙනාට ආපහු යන්න ස්‌පර්ශ ආයතන හයක්‌ ඒ කියන්නෙ ආයතන 12ක්‌ ධාතු අටළෙසක්‌ ඉතිරියි. ඒ මට්‌ටම තමයි කාමාවචර මට්‌ටම. නිමිති උපද්දව උපද්දව විඳ විඳ ඉන්නකොට එයා උපදින්නෙ ඒ වගේ ධාතුවක්‌ ආශ්‍රිත ව මයි.

ඒ තමයි කාම භවය. අනෙක්‌ අතට රූප භවය කියල කියන්නෙ ආයතන හයට ම අරමුණු ආවට නිමිති තියෙන්නෙ ඇහෙන් දකින එකෙයි, ශබ්ද අහන එකෙයි, හිතින් හිතන එකෙයි විතරයි. ගන්ධය, රස, ස්‌පර්ශය කියන නිමිති එහේ නැහැ. ඒ හින්ද එයා ආපහු යන්නෙ ("දුරකථන ඇමතුම ගන්නෙ" කියල අපි හිතමු) තුන් පොළකට විතරයි. ඒ කියන්නෙ රූපය සිහි කරන්න පුළුවන්, ශබ්දය සිහි කරන්න පුළුවන්, සිතිවිලි සිහි කරන්න පුළුවන් විතරයි. ආයතන හයට ම අරමුණු ආවත් රූප ශබ්ද සිතිවිලි අරභයා විතරක්‌ ඒවා ඇති දේවල් බවට අදහස ඉතිරි වෙනව. ඒ හින්ද ඒව හොයාගෙන යනව.

කෙනකු ගාව තියෙන්නෙ රූපාවචර මට්‌මේ සංයෝජනයක්‌ නම් එයාට ආපහු යන්න නිමිති හිටින්නෙ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, හිතින් දකින අරමුණු කියන ආයතන හය විතරයි. ධාතු 9 විතරමයි. එයාට අවිඡ්ජා පච්චයා සංඛාර වෙලා තියෙන්නෙ රූපාවචර මට්‌ටම. සංඛාර පච්චයා විඤ්ඤාණං කියනකොට චක්‌ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ විතරයි. ඒ මට්‌ටමේ තණ්‌හා උපාදානයක්‌ යෙදුණොත් ඒ මට්‌ටමේ තමයි භවයත්.

අරූප භවයෙ දි වෙන්නෙ මොකක්‌ ද? එහෙත් "ඉන්කමින්" හය ම තියෙනව. "අවුට්‌ගොයින්" 1ක්‌ විතරයි. මනායතනයයි ධම්මාරම්මණයි හැර අනෙක්‌ අරමුණු අරභයා, මෙතන තියෙන්නෙ සෙසු දේවල් හටගෙන නැති වීමක්‌, අවකාශයක්‌ විතර නෙ කියන අදහස බලපවත්වනව. එතකොට ඒ මට්‌ටමේ (අවකාශයක්‌ විතරයි තියෙන්නෙ කියන මට්‌ටමේ) තණ්‌හා උපාදානයක්‌ ඇතිවයි එයා ඊළ`ග භවයට යන්නෙ.

මෙහෙම බලනකොටත් පැහැදිලි වෙනව ස්‌පර්ශ ආයතන හයේ ("ඉන්කමින්වල") නෙමෙයි දෝෂය තියෙන්නෙ කියන එක. 

දැකීමෙන් පස්‌සෙ නිරුද්ධයි කියන නුවණ තිබුණොත් සංඛාර නිරුද්ධ වෙනව. සංඛාර හිටින්නෙ නෑ. පෙනෙන දේ හටගෙන නැති වෙනව කියන එක නො දන්නා අවිද්‍යාව තිබුණොත් සංඛාරය ද නිරුද්ධ වෙන්නෙ නැහැ. 

ස්‌පර්ශ ආයතන හයට ම යමක්‌ එනව. පෙනෙන ඇහෙන හැම දේකට ම යමක්‌ කරනව හිතනව. හැබැයි ස්‌පර්ශ ආයතන හය ම නිරවශේෂයෙන් නිරුද්ධයි. අපි හිතපු කියපු කරපු දේවලුත් නිරුද්ධයි කියන නුවණ කෙනකුට තියෙනව නම් ඒ තැනට මනස ගන්න පුළුවන් වුණොත් අවිද්‍යාව ශේෂයක්‌ වත් එතන නැහැ. එහෙම කෙනාට යන්න තියෙන තුන් භූමියෙ ම (කාම, රූප, අරූප භව) අටළොස්‌ ධාතුව ම නිරුද්ධයි. ආයතන 12 ම නිරුද්ධයි. පංච උපාදාන ස්‌කන්ධය ම නිරුද්ධයි. ඒ මට්‌ටමට කියනව රහතන්වහන්සේ කියල.

"ඉන්කමින්" කියල කිව්ව ස්‌කන්ධ ටික අවිද්‍යා පච්චයා කියන චක්‍රයට ඇතුළු කරන්න එපා. ඇහැට රූප පෙනෙන කනට ශබ්ද ඇහෙන නාසයට ගඳ සුවඳ දැනෙන ආදි වශයෙන් කියන මේ ටික අවිද්‍යාව හැටියට දැම්මොත් අපිට ගොඩ යන්න බැහැ.

ඇහැට රූපයක්‌ පෙනෙනකොට මෙතන තියෙන්නෙ ස්‌කන්ධ ටික. ස්‌පර්ශය නිසා මේ පෙනෙන දේ හටගන්නව ස්‌පර්ශය නැති වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනව කියන තැනක මනස තියාගන්න. කණ්‌ණාඩියට එබුණොත් එබුණ හින්ද ඡායාව හටගත්ත, එබෙන්න පෙර එහෙම ඡායාවක්‌ තිබුණෙ නැහැ. එබුණ හින්දමයි හටගත්තෙ. හිස අහකට ගත්තම ඒ ඡායාව ද නැති වෙනව කියන තැන හිත තියාගෙන කණ්‌ණාඩියෙ තියෙන ඡායාව ගැන ඕන දෙයක්‌ හිතන්න. කරන්න බනින්න ගහන්න. ප්‍රශ්නයක්‌ වෙන්නෙ නැහැ.

අන්න ඒ වගේ මේ පෙනෙන දේ අරභයා දකින්න පෙර තිබුණ නෙමෙයි, දැක්‌කයින් පස්‌සෙ තියෙනව නෙමෙයි, ආයතනයන් ගෙන් උපද්දවපු දෙයක්‌ විතරමයි පෙනෙන්නෙ කියන තැනක නම් මනස තියෙන්නෙ මේ අරමුණු අරභයා මොන දේ කිව්වත් කෙරුවත් හිතුවත් සංඛාර නිරුද්ධයි.

මේ කිසි කෙනකුට ස්‌පර්ශ ආයතන හයේ ම පෙනෙන්නෙ පෙර නො තිබී ම හටගෙන ඉතිරි නැති ව ම නිරුද්ධ වෙනවා කියන දේ නම් ඒ මනසට කියනව අපරියාපන්නයි කියල. 

ස්‌පර්ශ ආයතන හය ම හටගෙන නිරුද්ධ වෙද්දි හය ම ඇති බවට නිමිති හදාගෙන ඒ හය ම හොයාගෙන යන මට්‌ටමට කාමාවචර කියල කියනව.

ස්‌පර්ශ ආයතන හයට ම අරමුණු ආවත් ආයතන තුනක්‌ විතරක්‌ ග්‍රහණය කරගෙන ඒ තුන විතරක්‌ (ඇති බව සිතා) ආපහු හොයාගෙන යන මට්‌ටමට රූපාවචර කියල කියනව. 

ආයතන හයෙන් ම අරමුණු එද්දි හයේ ම අනිත්‍ය දකිනව අවකාශය විතරයි තියෙන්නෙ කියන මට්‌ටම නම් තියෙන්නෙ ඒ මට්‌ටමට අරූපාවචරයි කියනව.

ස්‌පර්ශ ආයතන හයේ ම නිරෝධය දකිනව එකකට වත් නිමිති ඇති කරගන්නෙ නැහැ වුණොත් ඒ මට්‌ටමට කියනව සෝපදිශේෂ නිබ්බාණ කියල. 

ඇහැ උපාදාන කරන්නෙ (අති බවට අල්ලගන්නෙ) නැති ව, රූපය උපාදාන කරන්නෙ නැති ව, චක්‌ඛු විඤ්ඤාණය උපාදාන කරන්නේ නැති ව, චක්‌ඛු සම්පස්‌සය උපාදාන කරන්නෙ නැති ව විඳිනව. එහෙම ජීවත් වීමෙ දි ඇති බවට කිසිවක්‌ හිටින්නෙ නැහැ. අවිද්‍යාව ශේෂයක්‌ වත් නැහැ. ස්‌කන්ධ පරිහරණයක්‌ පමණයි තියෙන්නෙ. ආයතන ටික නිසා ඇති පැවැත්ම පමණක්‌ තියෙනව. කර්ම කෙළෙස්‌ ඔක්‌කොම අතහැරල.

ඇහැට රූපයක්‌ පෙනෙනකොට පෙනෙන්න පෙරත් පෙනුණයින් පස්‌සෙත් තමන් ගෙ මනසෙ දෙපැත්තෙ යෙදෙන්න නිමිති නැත්නම් කෙලෙස්‌ නැත්නම් ඉබේ ම දට්‌ඨෙ දිට්‌ඨ මත්ථං වෙනව.

එහෙම කෙනාට ප්‍රත්‍යක්‌ෂ ඥානයක්‌ උපදිනව ශාසනයට ආවෙ යමකට ද ඒ අරභයා මතුවට කළ යුත්තක්‌ නැහැ කළ යුත්ත කළා කියල. ආයෙ උපදින්නෙ නැහැ කියල තමන්ට ම වැටහෙනව. 

මෙතන දි එක කාරණාවක්‌ දකින්න. හේතුඵල දහම කැටි කරල ගත්තොත් බුදුරජාණන්වහන්සෙ පෙන්නන්නේ ඇහැට පෙනෙන තැනක තියෙන ස්‌කන්ධ ටික තියෙන තැනක අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන අපි ගාව යෙදෙන්නෙ කාම උපාදානය. ඒ කියන්නෙ පුද්ගලයෙක්‌ ය, රත්තරන් ය, රිදී ය, මුතු මැණික්‌ ය, ගෙවල් දොරවල් ය කියල කාම උපාදාන. රූපය ආත්මයක්‌ රූපය ඇසුරු කරගෙන සත්ත්වයෙක්‌ ඉන්නව කියල උපාදානය. මේ රූපය ඒ කියන්නෙ කන බොන ආහාරයෙන් හැදුණු ස්‌කන්ධ ටික දකිනකොට ම අපේ මනසෙ මේ උපාදානය යෙදෙනව. 

මේකට කිව්ව උපාදාන ස්‌කන්ධය කියල. රූපය උපදින කොට කෙනකු ගෙ මනසෙ පවතින්නෙ උපාදානයක්‌ නම් මේ රූපය විපරිනාම වෙනකොට ඒ කෙනා විඳින්නෙ පංච උපාදානස්‌කන්ධ දුකක්‌. 

ඒ කියන්නෙ රූපය අනාත්ම වූ ස්‌කන්ධයක්‌. කෙනා තුළයි සත්ත්වයා පුද්ගලයා කියන උපාදානය තියෙන්නෙ. ඒ කෙනා ස්‌කන්ධ ටික දන්නෙත් නැත්නම් උපාදානය දන්නෙත් නැත්නම් ඒ කියන්නෙ රූපය ආහාරයෙන් හැදුණ දෙයක්‌ කියල දන්නෙත් නෑ. එහෙව් රූපය දකිනකොට තමා තුළ පුද්ගල සංඥාව උපදින බව දන්නෙත් නැත්නම් ඒ කෙනාට පෙනෙන්නෙ රූපය පුද්ගලයකු හැටියටයි. විඳින්නෙ පංච උපාදාන ස්‌කන්ධ දුකක්‌. ඒ කියන්නෙ පුද්ගලයෙක්‌ ලෙඩ වුණා. මහලු වුණා මැරුණා කියන තැනකින් තමයි පංච උපාදාන ස්‌කන්ධ දුකක්‌ එන්නෙ. ඒ දුකට හේතුව ස්‌කන්ධ ටික නෙමෙයි උපාදානය. උපාදානය කැති කළොත් මේ දුකෙන් මිදෙනව.

දුක හදන - සැප නසන උපක්‌ලේශ දුරු කරමු


අපේ හිත පීඩාවට පත්කරන, අපිට තෝර බේරගන්න අසීරු අකුසලයන් බොහෝමයක්‌ අපේ සිත්වල පවතිනව. ඒ අකුසලයන් තෝර බේරගෙන ඒ ඒ අවස්‌ථාවන්වල ඒ අකුසලයන් බැහැර කරගන්ට අපට බැරිවුණොත් අපේ මේ ජීවිතය නීරස දෙයක්‌ බවට පත්වෙලා යනවා. ඒ වගේ ම තමයි ඒ අකුසලයන් හඳුනාගෙන බැහැර කරන්න අපට බැරි වුණොත්, අපේ සිත සම්පූර්ණයෙන් ම කෙලෙසී නැහැ. වත පිරිසිදු කරගන්න බැරිවෙන මට්‌ටම දක්‌වා ම සිත අපිරිසිදු වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඒ අකුසල් හඳුනාගන්න මහන්සිවෙන්න නැහැ. ඒ වගේ ම මේ හිත කෙලෙසන ඒ අකුසල් දුරුකරන්න මහන්සිවෙන්නේ.

මේ සඳහා අපට උපකාරී වන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ අකුසල් පිළිබඳව අපට කියාදුන් ධර්මයයි. ඒ ස්‌වක්‌ඛාත වූ ධර්මයෙන් බැහැර දෙයකින් අපට හිත කෙලෙසන අකුසල් ගැන, ඒවායේ ස්‌වභාවය ගැන, ඒ අකුසල් දුරුකරන ආකාර ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ ධර්මය ඉගෙන ගෙන භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් ආකාරයට ම කටයුතු කරන්නෙ. ඒ විදිහට අපි කටයුතු කරද්දී මේ සිත ක්‍රම ක්‍රමයෙන් පිරිසිදු දෙයක්‌ බවට පත්කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ලෙස අපිව පීඩාවට පත්කරන, අපිට දුක්‌ උපද්දා දෙන දෙයක්‌ තමයි 'උපක්‌ලේශ' කියන්නේ. ළාමක ආශාවන්ට අනුව සිත පවත්වන්න යැමෙන් හටගන්නා පාපී අකුසල්වලටයි 'උපක්‌ලේශ' කියන්නේ මඡ්ජිම නිකායේ 'අනංගණ සූත්‍රයේ' දී සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ උපක්‌ලේශ පිළිබඳව අපට පෙන්වා දුන්නා.

ඒ සූත්‍රයේ මේ ලෙසින් පෙන්වා දෙනවා, 'මා හට අසන්න ලැබුණේ මේ ලෙසටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ඡේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ 'ප්‍රිය ආයුෂ්මත් මහණෙනි' කියල භික්‌ෂු සංඝයා ඇමතුවා. 'ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස්‌ කියල ඒ භික්‌ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදීයි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ දේශනාව වර්ළේ. ඊට පස්‌සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෙසින් පෙන්වා දෙනවා. 

'ප්‍රිය ආයුෂ්මත්වරුනි, මේ ලෝකේ පුද්ගලයන් හතර දෙනෙක්‌ දකින්නට ලැබෙනවා. කවුද ඒ හතර දෙනා? එක්‌තරා පුද්ගලයෙක්‌ ඉන්නවා. මේ පුද්ගලයා තුළ උපක්‌ලේශ තිබෙනවා නමුත් තමන් තුළ උපක්‌ලේශ තිබෙන බව මේ පුද්ගලයා අවබෝධයෙන් ම දන්නේ නැහැ. තව පුද්ගලයෙක්‌ ඉන්නවා ඒ පුද්ගලයා තුළ උපක්‌ලේශ තිබෙනවා, ඒ වගේ ම ඒ පුද්ගලයා තමන් තුළ උපක්‌ලේශ තිබෙන බව අවබෝධයෙන් ම දන්නවා. තවත් පුද්ගලයෙක්‌ ඉන්නවා. ඒ පුද්ගලය තුළ උපක්‌ලේශ නැහැ. නමුත් ඒ පුද්ගලයා තමන් තුළ උපක්‌ලේශ නැති බව අවබෝධයෙන් ම දන්නේ නැහැ. මේ ලෝකයේ තවත් පුද්ගලයෙක්‌ ඉන්නවා. ඒ පුද්ගලයා තුළ උපක්‌ලේශ නැහැ. ඒ වගේ ම තමන් තුළ උපක්‌ලේශ නැති බව අවබෝධයෙන් ම දන්නවා. 'ඊට පස්‌සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පුද්ගලයන් හතර දෙනාගෙන් දුර්වල පුද්ගලයන් වන්නේ කවුද යන්නත්, උසස්‌ පුද්ගලයන් වන්නේ කවුද යන්නත් අපට කියා දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, 'යම් පුද්ගලයෙක්‌ තමා තුළ උපක්‌ලේශ තිබෙද්දී තමන් තුළ උපක්‌ලේශ තිබෙන බව අවබෝධයෙන් ම දන්නේ නැත්නම් උපක්‌ලේශ තිබෙන පුද්ගලයන් දෙදෙනා අතරින් අන්න ඒ පුද්ගලයා වැටෙන්නේ දුර්වල පුද්ගලයන්ගේ ගණයටයි' කියල. ඒ වගේ ම යම් පුද්ගලයෙක්‌ තුළ උපක්‌ලේශ තිබෙද්දී ඒ පුද්ගලයා අවබෝධයෙන් ම දන්නවා නම් තමන් තුළ උපක්‌ලේශ තිබෙන බව, ඒ උපක්‌ලේශ තිබෙන පුද්ගලයන් දෙදෙනාගෙන් වඩාත් උසස්‌ පුද්ගලයන්ගේ ගණයටයි එයා වැටෙන්නේ. 

ඒ වගේ ම උපක්‌ලේශ නැති පුද්ගලයින් දෙන්නෙක්‌ ඉන්නවා. ඒ දෙදෙනාගෙන් උපක්‌ලේශ තමන් තුළ නැතිව තිබෙද්දී උපක්‌ලේශ තමන් තුළ නැති බව අවබෝධයෙන් ම දන්නේ නැති කෙනා වැටෙන්නේ දුර්වල උදවියගෙ ගණයටයි. නමුත් උපක්‌ලේශ තමන් තුළ නැතිව තිබෙද්දී තමන් තුළ උපක්‌ලේශ නැහැ යෑයි අවබෝධයෙන් ම දන්න කෙනා වැටෙන්නේ උසස්‌ පුද්ගලයන්ගේ ගණයටයි වැටෙන්නේ. එහෙම නම් තේරුම් ගන්න යම් කෙනෙක්‌ තුළ උපක්‌ලේශ තිබෙද්දී 'තමන් තුළ උපක්‌ලේශ තිබෙනවා' කියල දන්නේ නැත්නම්, ඊළඟට යම් කෙනෙක්‌ තුළ උපක්‌ලේශ නැතිව තිබෙද්දී, 'තමන් තුළ උපක්‌ලේශ නැහැ' කියල දන්නේ නැත්නම් ඒ දෙදෙනා ම දුර්වල අය ලෙසටයි ධර්මයේ පෙන්වා දෙන්නේ. නමුත් යම් කෙනෙක්‌ තුළ උපක්‌ලේශ තිබෙද්දී එයා දන්නවා නම් 'උපක්‌ලේශ තමා තුළ තිබෙන' බව ඒ වගේ ම යම් කෙනෙක්‌ තුළ උපක්‌ලේශ නැති විට, එයා දන්නවා නම් 'උපක්‌ලේශ තමා තුළ නැහැ' කියල එවිට ඒ දෙදෙනා දුර්වල නැහැ. ඒ අය අයිති වෙන්නේ උසස්‌ පුද්ගලයන්ගේ ගණයටයි. 

ඒ ආකාරයට උපක්‌ලේශ ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා දෙද්දි එතන මුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අසා සිටිනවා 'ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔය උපක්‌ලේශ සහිත පුද්ගලයන් දෙදෙනා අතරින් එක්‌කෙනෙක්‌ වඩාත් දුර්වල කෙනෙක්‌ කියලත්, අනිත් කෙනා වඩාත් උසස්‌ ය කියලත් කියන්න හේතුව මොකක්‌ද? කාරණය මොකක්‌ද? ඒ වගේ ම ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස ඔය උපක්‌ලේශ නැති පුද්ගලයන් දෙදෙනාගෙන් එක්‌කෙනෙක්‌ වඩාත් දුර්වල කෙනෙක්‌ කියලත්, අනිත් කෙනා වඩාත් උසස්‌ ය කියලත් කියන්න හේතුව මොකක්‌ද? කාරණය මොකක්‌ද?' යෑයි අසා සිටියා.

ඊටපස්‌සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්‌තර කරනවා, 'ප්‍රිය ආයුෂ්මත්වරුනි, තමන් තුළ උපක්‌ලේශ තිබෙද්දී, තමන් තුළ උපක්‌ලේශ තිබෙන' බව අවබෝධයක්‌ නැති පුද්ගලයෙක්‌ ගැන මා පැවැසුවා. ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමැති විය යුත්තේ. 'ඒ උපක්‌ලේශයන්ගෙන් නිදහස්‌ වෙන්නෙ නැහැ' කියල එයා තුළ හැඟීමක්‌ ඇතිවෙන්නේ නැහැ. උත්සාහයක්‌ ඇතිවෙන්නේ නැහැ. වීරිය ඇතිවෙන්නෙත් නැහැ. අන්තිමේදී ඒ තැනැත්තාට මැරෙන්න සිද්ධවෙන්නේ රාගයත් එක්‌කමයි, ද්වේෂයත් එක්‌කමයි, මෝහයත් එක්‌කමයි, උපක්‌ලේශත් එක්‌කමයි. කිළිටි වෙච්ච සිතක්‌ එක්‌කමයි' කියල.

එවිට කිළිටි වුණු සිතක්‌ එක්‌ක මැරුණොත් මොකද වෙන්නේ එයාට? සතර අපායෙන් එයා නිදහස්‌ නැහැ. සුගතිගාමී ද? ඒත් නැහැ. ඒ ආකාරයෙන් කිළිටි වුණු සිතක්‌ එක්‌ක ක්‍රියා කරන්න වෙන්නෙ කාටද? උපක්‌ලේශ තිබෙනවා, උපක්‌ලේශ තිබෙනවා කියල එයා දන්නෙ නැහැ. එයාටයි එහෙම වෙන්නෙ. එවිට උපක්‌ලේශ තිබෙනවා බව දන්නේ නැති කෙනාට මොකද වෙන්නෙ? ඒ උපක්‌ලේශවලින් නිදහස්‌වෙන්න නැහැ කියල කැමැත්තක්‌ එයාට ඇතිවෙන්නේ නැහැ. එවිට කැමැත්තක්‌ ඇතිවෙන්නේ නැතිs නිසා ඒ උපක්‌ලේශ දුරු කරගන්න උත්සාහයක්‌ ගන්නේ නැහැ. උත්සාහයක්‌ ගන්නේ නැති නිසා වීරිය ඉපදෙන්නේ නැහැහැ. වීරිය ඉපදෙන්නෙ නැත්නම්, වීරිය කරන්නේ නැත්නම් එයාට උපක්‌ලේශවලින් නිදහස්‌ වෙන්න බැහැ. එවිට එයාට උපක්‌ලේශ සහිතව ම තමයි ක්‍රියා කරන්න සිද්ද වෙන්නේ. රාග, ද්වේෂ, මෝහ සහිතව ම උපක්‌ලේශ සහිතව ම කළිටි සහිත සිතකින් ම තමයි එයාට මැරෙන්න වෙන්නෙ.

ඊට පස්‌සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ කාරණය අපිට උපමාවකින් පෙන්වා දෙනවා. 'ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්‌. සාප්පුවකින් හරි රන්කරුවෙකුගේ ගෙදරකින් හරි තඹ භාජනයක්‌ ගේනවා කියල හිතමු. හැබැයි ඒ තඹ භාජනය දූවිලි බැඳිච්ච මළකඩ හැදුණු එකක්‌. ඉතින් ඒ අයිතිකාර උදවිය ඒ භාජනය පාවිච්චි කරන්නේ නැත්නම්, පිරිසිදු කරන්නේ නැත්නම්, දූවිලි තිබෙන තැනක විසිකර තිබෙනවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, ඒ තඹ භාජනය කලක්‌ යද්දී තවත් කිළිටි වී මළකඩ බැඳෙනව නේද? 'ඒ විදිහමයි උපක්‌ලේශ තිබෙන පුද්ගලය තමන් තුළ උපක්‌ලේශ තිබෙන බව අවබෝධයෙන්ම දන්නේ නැත්නම් ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමති විය යුත්තේ, ඒ පුද්ගලයාට තමන්ගේ උපක්‌ලේශවලින් නිදහස්‌වෙන් නැහැ, කැමැත්තක්‌ ඇතිවෙන්නේ නැහැහැ. උත්සාහයක්‌ ඇතිවෙන්නේ නැහැ. වීරීයක්‌ පටන්ගන්නේ නැහැ. අන්තිමේදී උන්නැහෙට මැරෙන්න සිද්ධ වෙන්නේ රාගයක්‌ එක්‌කමයි ද්වේෂයත් එක්‌කමයි උපක්‌ලේශත් එක්‌කමයි. කිලිටි වෙච්ච සිතත් එක්‌කමයි' කියල සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා දුන්නා.

නමුත් උපක්‌ලේශ තිබෙද්දී උපක්‌ලේශ තිබෙන බව දන්නවා නම් එයාට මොකක්‌ද වෙන්න? ඒ උපක්‌ලේශයන්ගෙන් නිදහස්‌වෙන්න එයාට කැමැත්තක්‌ ඇති වෙනවා, උත්සාහයක්‌ ඇති වෙනවා, වීරිය පටන් ගන්නවා. ඒ තැනැත්තාට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොරව උපක්‌ලේශවලින් තොරව කිළිටි සිතින් තොරව මරණයට පත් වෙන්න අවස්‌ථාව ලැබෙනවා. එවිට උපක්‌ලේශ තිබෙන එකද දෝසෙ? නැහැ. මොකක්‌ද දොaසය? උපක්‌ලේශ තිබෙන බව නොදන්නාකමයි. අපි උපක්‌ලේශ තිබෙන අය ගැන මේ පැවැසුවේ. උපක්‌ලේශ නැති පුද්ගලයෝ දෙන්නෙක්‌ ඉන්නවා. 

එක්‌කෙනෙක්‌ උපක්‌ලේශ නැති බව දන්නේ නැහැ. එයාට වෙන්නේ මෙන්න මේකයි. ඒ පුද්ගලය උපක්‌ලේශ නැතිව සිටියත් තමන් තුළ උපක්‌ලේශ නැති බව අවබෝධයෙන් ම නොදන්න නිසා අරමුණු සුභ වශයෙන් සිහිකරන්න පුරුදුවෙනවා. සුභ වශයෙන් අරමුණු සිහිකරන්න පුරුදුවෙච්ච නිසා රාගය විසින් ඔහුගේ සිත ගිල ගන්නවා. අන්තිමේදී ඒ පුද්ගලයාට රාගයත් එක්‌කමයි, ද්වේෂයත් එක්‌කමයි,මෝහයත් එක්‌කමයි, උපක්‌ලේශත් එක්‌කමයි කිළිටි වෙච්ච සිතක්‌ එක්‌කමයි මැරෙන්න සිද්ධවෙන්නෙ.

උපක්‌ලේශ නැති බව දන්නේ නැත්නම් එයාටත් සිද්ධවෙන්නෙ කිළිටි සහිත සිතක්‌ එක්‌ක මැරෙන්න. ඇයි එහෙම සිද්ධවෙන්නෙ? එයා අරමුණු සුභ විදිහට පිළිඅරගෙන, ඒව සුභ විදිහට සිහිකරනවා. එතකොට රාගය ඇතිවෙනවා. ඇහැට දකින ප්‍රිය රූප, කණට ඇහෙන ප්‍රිය ශබ්ද මේ ආදී ප්‍රිය දේවල නිමිති, අරමුණු එයා මතක තියාගෙන ආස්‌වාදයෙන් ඒවා සිහිකර කර ඉන්න පටන්ගන්නවා. එවිට රාගය ඉපදෙනවා. ඒ රාගයෙන් සිත යටවෙලා සිත කෙළෙසෙන්න පටන්ගන්නවා ඒ නිසා එයාට රාග ද්වේෂ මෝහ වලින් නිදහස්‌වෙන්න පුළුවන් කමක්‌ ලැබෙන්නේ නැහැ. නමුත් උපක්‌ලේශ නැති බව අවබෝධයෙන්ම දන්න කෙනා අරමුණු සුභ වශයෙන් සිහිකරන්න පුරුදුවෙන්නේ නැහැ. අරමුණු සුභ වශයෙන් සිහිකරන්න පුරුදු නොවන නිසා එයාගේ සිතේ රාගය ඇතිවෙන්නේ නැහැ. රාග ද්වේෂ මෝහ දුරුකරගන්න එයාට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසයි එයාට උපක්‌ලේශ නැතිව පිරිසිදු සිතින් මරණයට පත්වෙන්ට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා උපක්‌ලේශ නැතිව වාසය කරන්න කැමති වෙන්නෙ. ඒ සඳහා මේ ධර්මය හොඳින් ඉගෙන ගෙන තමන්ගේ ජීවිතයට ගළපා බලමින් වාසය කරන්න පුරුදු වෙන්න. එවිට ඉතාම ප්‍රියශීලී ජීවිතයක්‌ උපදවගන්ට පුළුවන්කම ලැබේවි.

සිය දෙනාට ම තෙරුවන් සරණයි...!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්‌වාමීන් වහන්සේ

මරණ සතියෙන් උතුම් නිවනට


අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සඳහන් සූත්‍ර දේශනාවක්‌ තමයි "අරක" සූත්‍රය. (භූතපුබ්බං භික්‌ඛවේ) "මහණෙනි පෙර සිදුවීමක්‌ මම නුඹලාට කියලා දෙනවා" යනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ එය ආරම්භ කරන්නේ. බොහෝ දීර්ඝ කලකට පෙර ගෝලයින් සිය ගණනක්‌ සිටි (අරකො නාම සත්ථා අහොසි) 'අරක' නම් ශාස්‌තෲවරයෙක්‌ හිටියා. මහණෙනි මේ ශාස්‌තෲවරයා තම ගෝලයන්ට නිතර නිතර මේ විදියට අනුශාසනා කළා. 'බ්‍රාහ්මණයෙනි මනුෂ්‍යයන්ගේ ජීවිතය (අප්පකං) ස්‌වල්පය. (පරිත්තං ලහුකං) පරිත්තය, ඉතා ලඝූය. කෙටිය. (බහු දුක්‌ඛං බොද්ධබ්බං) බොහෝ දුක්‌ උපායාස ඇත. (මන්තාය බෞද්ධ බබං) ප්‍රඥවෙන් ඒ බව දැනගෙන (කත්තබ්බං කුසලං) කුසල් කරන්න. (චරිතබ්බං බ්‍රහ්මචරියං) බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. (නත්ථි ජාතස්‌ස අමරණං) උපන්කෙනාට අමරණීයත්වයක්‌ නැත· යනුවෙන්.

මේ විදියට ජීවිතය, අල්පයි, කෙටියි යනුවෙන් නිතර නිතර පවසමින් තම ගෝලයන් බ්‍රහ්මචරියාව කෙරෙහි උනන්දු කරවූ අරක ශාස්‌තෲවරයා ජීවිතයේ කෙටි බව වඩාත් දැනෙන ලෙස ගෝලයන්ට හැඟවීම සඳහා උපමා හතක්‌ යොදාගත් බවද බුදුරජාණන් වහන්සේ වදාළහ. එනම් 'බ්‍රාහ්මණයෙනි (තිණග්ගෙ උස්‌සාව බින්දු) තණ අග තියෙන පිනිබිඳ යම්සේ හිරු උදාවෙත්ම (චිප්පමෙව) වහා විනාශ වන්නේය. චිරස්‌ථායී නොවන්නේය. (උස්‌සාවබින්දූපමං ජීවිතං) එසේ තණ අග පිනිබිඳ සේ මිනිසුන්ගේ ජීවිතයද අල්පය. කෙටිය. බොහෝ දුක්‌ උපායාසයෙන් යුතුය. මේ බව ප්‍රඥවෙන් දැනගෙන කුසල් කළ යුතුය. බඹසර හැසිරිය යුතුය. උපන්නහුට අමරණයක්‌ නැත. බ්‍රාහ්මණයෙනි වැසි වස්‌නා කල්හි (උදක බුබ්බුලං) දිය බුබුළු හටගෙන වහා විනාශ වන්නේද මිනිසුන්ගේ ජීවිතයද එසේ අල්පය. කෙටිය. වහා විනාශ වන්නේය. තුන් වැනියට පවසනවා, දණ්‌ඩක්‌ ගෙන දියෙහි ඉරක්‌ ඇන්ද විට වහාම ඉර නොපෙනී යන්නේද චිරස්‌ථායි නොවන්නේද, එසේ (උදකෙ දණ්‌ඩ රාජූපමං ජීවිතං) දියෙහි ඇඳි ඉරක්‌ වගේ සීග්‍රයෙන් ජීවිතයත් කෙළවර වෙනවා. ඊළඟට කියනවා පර්වතයකින් ගලා බසින නදිය ක්‍ෂණයක්‌ ලයක්‌ මොහොතක්‌ නොනැවතී ගලන්නේ යම්සේද. (නදී පබ්බ තෙය්‍යුපමං ජීවිතං) ඒ නදිය මෙන් මනුෂ්‍ය ජීවිතයත් ක්‍ෂණයක්‌ ලයක්‌ නොනැවතී මරණය කරා ගමන් කරන්නේය. පස්‌ වැනියට කියනවා (බලවා පුරිසො) බලවත් පුරුෂයෙක්‌ දිව අගට කෙළ පිඬක්‌ ගෙන එය වහා බැහැරට දමන්නා සේ (චෙලපිණ්‌ඬුපමං ජීවිතං) මනුෂ්‍ය ජීවිතයත් ඒ බැහැරට හෙළන කෙළ පිඬු වගේ අල්පයි. කෙටියි කියලා. ඊළඟට කියනවා දවසක්‌ තිස්‌සේ රත් වෙච්ච යකඩ කබලකට මස්‌ කැබැල්ලක්‌ දැම්මොත් ඒක වහා දැවී නොපෙනී යන්නා වගේ ජීවිතයත් වහා විනාශ වී යන බව. අර ශෘස්‌තෲවරයා හත්වැනියට ගත්ත උපමාව තමයි වධයට ගෙනයන දෙනක්‌ පාදයක්‌ ඔසවන ගානේ මරණයටම ළං වෙන්නා සේ මනුෂ්‍ය ජීවිතයත් මොහොතින් මොහොත මරණයට ළං වෙනවාය කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 'මහණෙනි මේ ලෙසින් උපමා කිය කිය එදා අර ශාස්‌තෘවරයා තම ගෝලයන් කුසලයට උනන්දු කළ බව.

ඊළඟට දේශනා කරනවා 'මහණෙනි' අරක ශාස්‌තෲවරයා අර විදියට තම ගෝලයන් බ්‍රහ්මචරියාවට යොමු කළ මිනිසුන්ගේ ආයුෂය අවුරුදු හැට දහසක්‌ බව. (සට්‌ඨිවස්‌ස සහස්‌සානි ආයුප්පමාණං අහොසි) ඒ කාලේ ආයුෂය වසර හැට දහසක්‌ලු. ඒ කාලේ ගැහැනු ළමයෙක්‌ පතිකුලයට ගියේ අවුරුදු පන්සීයෙදී කීවා. 'මහණෙනි ඒ සමයෙහි මිනිසුන්ට ආබාධයෝ සයක්‌ පමණක්‌ම ඇතිවූහ. මිනිසුන්ට හැදුණේ ලෙඩ හයයි බව පැවසුවා. (සීතං, උණ්‌හං, ජිගච්ඡා, පිපාසා, උච්චාරො, පස්‌සාවො) ශීතල, උණ්‌ෂ, කුසගින්න, පිපාසය හා මළ මුත්‍රා බැහැර කිරීමයි. ඒ ලෙඩ හය. අර ශාස්‌තෘවරයා හැට දහසක්‌ අවුරුදු ආයුෂ තිබ්බ ලෙඩ හයක්‌ විතරක්‌ තිබ්බ කාලෙක තමයි ජීවිතය කෙටියි, කුසල් කරන්න යනුවෙන් තම ගෝලයන් උනන්දු කළේ. 

උන්වහන්සේ ඊළඟට දේශනා කරනවා මහණෙනි, එකල වගේ නොවෙයි මෙකල මිනිසුන්ගේ ජීවිතය (අප්පකං ලහුකං) අල්පයි, ලඝූයි, කෙටියි කීවා. එකලට වඩා මෙකල (බහු දුක්‌ඛං) දුක්‌ උපායාස බහුලයි කීවා. ප්‍රඥවෙන් මේ බව දැන කුසල් කරන්න. බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න යෑයි පැවසූහ. (නත්ථි ජාතස්‌ස අමරණන්ති) ඉපදුණා නම් නොමැරී සිටිය නොහැකි බව වදාළා. මහණෙනි මේ කාලේ යමක්‌ (චිරං ජීවති) බොහෝ කලක්‌ ජීවත් වෙනවාය යනු නැත්නම් මිනිසුන්ගේ පරමායුෂය (වස්‌සසතං අප්පං වා භීය්‍යොවා) අවුරුදු සීයක්‌ හෝ ඕනනම් ඊට ටිකක්‌ වැඩිවෙයි. නැත්නම් ඊට ටිකක්‌ අඩු යෑයි පැවසුවා. ඉන් පස්‌සේ ජීවිතය කෙළවර වෙනවාමයි. එම බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ මීට අවුරුදු දෙදහස්‌ හයසීයකට විතර කලින්. ඒ කාලයේ තිබ්බ ආයුෂ ප්‍රමාණය තමයි ඔය අවුරුදු සීයක්‌ කියලා වදාළේ. අද වෙනකොට ඒක අවුරුදු හැට හැත්තෑවට බැහැලා. අද තිබෙන ලෙඩ රෝග ප්‍රමාණය, වසංගත රෝග ප්‍රමාණය ගණන් කරන්න බැරි තරම්. දවසින් දවස අලුත් අලුත් රෝග. ඒ අතරිනුත් බොහෝ ඒවා හඳුනා නොගත් රෝග. අද කොච්චර අනතුරු සිදු වෙනවද? යුද කෝලාහල, විවිධ සාමාජීය අර්බුද මේවායිනුත් කීදෙනෙක්‌ මරණයට පත් වෙනවාද? හිතල බලන්න එහෙනම් අපි ඉන්නේ කොයිතරම් අවිනිශ්චිත තැනකද කියලා. එහෙම හිතලා කුමක්‌ද කළ යුත්තේ? ලැබී තිබෙන කෙටි කාලය ප්‍රයෝජනයට ගෙන (කත්තබ්බං කුසලං) කුසල් කිරීමයි. (චරිතබ්බං බ්‍රහ්මචරියං) බ්‍රහ්මචරියාවේ හැසිරීමයි.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 'මහණෙනි අවුරුදු සීයක්‌ ජීවත් වෙන කෙනෙක්‌ අවුරුද්දට සෘතු තුන ගානේ ගත්තොත් ජීවත් වෙන්නේ සෘතු තුන්සීයක්‌ බව. අවුරුදු සීයක්‌ ජීවත්වන අයකු මාස වශයෙන් ගත්තොත් ජීවත් වන්නේ මාස එක්‌ දහස්‌ දෙසීයයි. අර්ධ මාස දෙදහස්‌ හාරසීයයි. වසර සීයක්‌ ජීවත් වන අයෙක්‌ රාත්‍රි වශයෙන් ගත්තොත් ජීවත් වන්නේ රාත්‍රි තිස්‌ හය දාහයි. දවසකට බත් වේල් දෙක ගානේ ගත්තොත් අවුරුදු සීයක්‌ ජීවත් වන කෙනෙක්‌ (ද්වෙ සත්තකිං එවං භත්ත සහස්‌සානි භුඤ්ඡති) බත් වේල් හැත්තෑ දෙදහක්‌ ගන්නවා. ඒ බත්වේල් හැත්තෑ දෙදහෙන් අඩු කරන්න, මවුකිරි බිව්ව කාලෙට වේල් ගණනක්‌. ඒ වගේම මෙතනදී දක්‌වනවා කෙනකුට බත්වේල් වරදින අවස්‌ථා පහක්‌ ගැන. එයින් එකක්‌ තමයි කෝපය. කෝප වුණාම ඔන්න කෑම කන්නේ නැතිව නිදියනවා. ලොකු දුකක්‌ ඇති වුණාම, දරුණු ලෙඩක්‌ හැදුණාමත් කන්නේ නැහැ. සිල් ගත්තාම, අලාභයක්‌ වුණාම බත් කන්නේ නැහැ. දැන් බත් වේල් හැත්තෑ දෙදාහෙන් මේ බත්වේල් වැරදුණු අවස්‌ථා අඩු කරන්න යෑයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ විදියට බුදුරජාණන් වහන්සේ අවුරුදු සීයක්‌ ජීවත් වන අයකු සම්බන්ධයෙන් තමයි, මේ විස්‌තරය කරන්නේ. මේ සංඛ්‍යා ලේඛනය අද පවතින ආයුෂ ප්‍රමාණයට සම්බන්ධ කර බැලුවොත් පෙනෙයි, අපි ජීවත් වන්නේ මාස, අර්ධ මාස කීයද? රාත්‍රින් කීයද? කන්නේ ආහාර වේල් කීයද? දැන් එයින් කොච්චරක්‌ ඉවරද? තව ඉතිරි වෙලා තියෙන්නේ කීයද? කියලා. නුවණැති ඔබ ඒ ටික කාලය කළ යුත්තේ කුසල් කිරීමයි. බ්‍රහ්මචරියාවේ හැසිරීමයි.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 'මහණෙනි මම නුඹලාට අවුරුදු සීයක්‌ ආයු ඇති මනුෂ්‍යයකු ගත කරන සෘතු ගණන කීවා. මාස, අර්ධ මාස රාත්‍රීන් ගණන පැවසුවා. බත්වේල් ගණන, බත් වරදින අවස්‌ථා පහ පැවසුවා. (සාවකානං හිතෙසිනා අනුකම්පකෙන) ශ්‍රාවකයන්ට හිතෛෂී භාවයෙන් අනුකම්පාවෙන් යුතු ශාස්‌තෲවරයකු වශයෙන් නුඹලාට යම් අනුශාසනාවක්‌ කළ යුතුද, නුඹලා වෙනුවෙන් මා එය කර තියෙනවා. (රුක්‌ඛමූලානි ඒතානි සුඤ්ඤාගාරානි) ගස්‌ මුල සෙනසුන් තිබෙනවා. (ක්‌ධායථ භික්‌ඛවේ) සමථ විදර්ශනා භාවනා කරන්න. ධ්‍යාන වඩන්න (මා පමාදත්ථ) ප්‍රමාද වෙන්න එපා. (මා පච්ඡා විප්පටි සාරිනො) පස්‌සේ විපිළිසර වෙන්න දුක්‌ වෙන්න එපා. (අයං වො අම්හාකං අනුසාසන්තී) මේ තොපට අපගේ අනුශාසනය වන්නේය.

මනුෂ්‍ය ජීවිතයේ ඇති අල්ප බව කෙටි බව, කරදරකාරී බව නුවණින් දැන ලද ක්‍ෂණ සම්පත්තිය තුළ කුසල් කරමින් බ්‍රහ්මචරියාවේ හැසිරී වහ වහා සසර දුකින් මිදීම සඳහා ඔබ සැමට මෙම දහම් කරුණු උපකාරයක්‌ම වේවා.

ආර්. තිලකධර්ම හිමි,
සිරි/නිකේතාරාමය, හලාදිවෙල, පිළිමතලාව

බුද්ධ පූජාවේ ආනිසංස


ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් විසින් කරනු ලබන පූජාවන්ගෙන් උසස්‌ම පූජාව බුද්ධ පූජාවය. බුදු දහම අනුව බුද්ධ පූජාව ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා වශයෙන් කොටස්‌ දෙකකින් යුක්‌තය. මේ කොටස්‌ දෙකකින් යුක්‌ත බුද්ධ පූජාවේදී බොහෝ දෙනකු පවසන්නේ ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වැදගත් බවය. බුද්ධ දේශනාවේද එය සඳහන් වේ. එහෙත් බුදුරජාණන් වහන්සේ ආමිෂ පූජාව ප්‍රතික්‌ෂේප කර නැත. එහිදී යම් වැදගත්කමක්‌ ඇත. එහි ඇති වැදගත්කම අප මැනවින් වටහාගත යුතුය.

පූජාවක්‌ පැවැත්වීම නිර්වාණ මාර්ගයේ අංගයක්‌ නොවේ. එහෙත් මෙලොව යහපත හා පරලොව සුගතිගාමී වීම සඳහා ආමිෂ පූජාව බෙහෙවින් උපකාරවේ. බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වනු ලබන මෙම බුද්ධ පූජාව විවිධ නාමයන් ලබා ඇත. විහාර පූජා, බෝධි පූජා හා දළදා පූජා යන නාමයන්ගෙන් හඳුන්වා ඇත්තේ එකම බුද්ධ පූජාවක විවිධ වූ අංගයෝය.

"පූජා" යන වචනයෙන් ගෞරව දැක්‌වීම, සත්කාරය, වන්දනාව හා පරිත්‍යාගය අදහස්‌ කර ඇත. ඒ අනුව බුදුරජාණන් වහන්සේට කරනු ලබන වන්දනාව, ගෞරවය, සත්කාරය හා පරිත්‍යාගය "බුද්ධපූජා" යන්නෙන් අදහස්‌ කෙරේ. මෙසේ කරනු ලබන පූජාවන් බුදුන්වහන්සේ ජීවමාන සමයේ සිටම පවත්වා ඇති අතර ඒ පූජා විධීන් වඩා වර්ධනය වී ඇත්තේ බුද්ධ පරිනිර්වානයෙන් පසුව බව ද පෙනෙන්නට තිබේ.
"පූජා" පිළිබඳව සොයා බැලීමේදී බුද්ධත්වයෙන් පසුව බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්‌ෂු සංඝයාට කරන ලද ප්‍රථම පූජාවක්‌ ලෙස සඳහන් වන්නේ බිම්බිසාර රජතුමා විසින් කරනු ලැබූ වේළුවනාරාම පූජාවයි. මහාවග්ගපාලියෙහි සඳහන් වන එම පූජාව සඳහා "පූජා" යන වචනය සඳහන්ව ඇත. ඒ ගැන සඳහන්ව ඇත්තේ "මම වේළුවනොද්‍යානය බුදු පාමොක්‌ බික්‌සඟනට දෙන්නෙම් නම් යෙහෙකැයි ඉක්‌බිති මගධෙශ්වර වූ සේනා ඇති බිම්සර රජතෙමේ ස්‌වර්ණමය වූ කෙණ්‌ඩිය ගෙන ස්‌වාමීනි, මම වේළුවන නම් උයන බුදුපාමොක්‌ බික්‌සඟනට දෙමියි බුදුන් ඉදිරියෙහි පැන් වක්‌කළේය. මෙහි "පූජා කරමි" යන අදහස හඟවන වචනය ලෙස දක්‌වා ඇත්තේ "දෙමි" යන වචනයයි. "දීම" පූජාර්ථයෙන් සිදුවන විට එය පූජාවක්‌ වන බවට නිදසුනක්‌ ලෙස දක්‌ණ විභංග සූත්‍රයේ සඳහන් වන මහා ප්‍රජාපතී ගෞතමිය බුදුරදුන්ට පූජා කරන ලද සඟල සිවුර පිළිබඳ බුදුන්වහන්සේ කරන ලද ප්‍රකාශය උපුටා දැක්‌විය හැකිය.

"සංඝෙ ගෞතමී දෙහී, සංඝෙ දිනේන අහංෙච්ච පූජිතො හචිස්‌සාමී සංඝොවාති" (ගෞතමිය, සංඝයාට දෙන්න. සංඝයාට දුන් විට මටද පූජා කළා වන්නේය.) "දානය" හෙවත් දීම පූජා බුද්ධියෙන් හා "අනුග්‍රහ බුද්ධියෙන්" යන දෙආකාරව සිදුවිය හැකි බවට පසුකාලීනව කර ඇති බෙදීම අනුවද "දීම" එක්‌තරා අවස්‌ථාවකදී පූජාවක්‌ වන බව පෙන්වා ඇත. ශ්‍රී ලංකාවෙහිද සෙල්ලිපිවල සංඝයාට කරන ලද පූජාවලදී "සගස දිනෙ (දිති) යනුවෙන් "දිනෙ" යන වචනය යොදා ඇත.

උදාන පාලියෙහිදී හා ජාතක අට්‌ඨකථා විස්‌තරවලදී දක්‌නට ලැබෙන පරිදි බුදුන්වහන්සේ බැහැදැකීමට යන අය මල් සහ සුවඳ වර්ග රැගෙන ගිය බව සඳහන් වේ. එහෙත් ප්‍රධාන නිකාය ග්‍රන්ථවලදී එබන්දක්‌ ගැන සඳහන් නොවේ. දීඝ නිකායෙහි මහා පරිනිර්වාණ සූත්‍රයේ අම්බපාලී ගණිකාව බුදුන් වහන්සේ හමුවන්නට පැමිණි අවස්‌ථාවේදීත්, එසේම එම සූත්‍රයෙහිම ලිච්ඡවි රජවරුන් බුදුන්වහන්සේ බැහැදැකීමට පැමිණිවිටදී ද මේ අය පැමිණ ඇත්තේ පසුවදා දානය සඳහා බුදුන් ප්‍රමුඛ සංඝයාට ආරාධනය කිරීම සඳහා වුවත්. මල් ගඳ විලවුන් රැගෙන පැමිණි බවක්‌ සඳහන් නොවේ. මඡ්ක්‌ධිම නිකායේ කන්දරක සූත්‍රයේ ඇත්ගොව්වාගේ පුත්‍රයා වන පෙස්‌ස, සෙඛ සූත්‍රයෙහි කිඹුල්වත්පුර ශාඛ්‍යයෝද බුදුන් වහන්සේ හමුවීමට පැමිණි අවස්‌ථාවලදී මල් ගඳ විලවුන් රැගෙන පැමිණි බවක්‌ සඳහන් නොවේ. එහෙත් ජාතක කතාවල දී බුදුවහන්සේ හමුවීමට පැමිණෙන අය මල් රැගෙන පැමිණි බව සඳහන් වේ. 

එසේම බුදුන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් නිධන් කළ චෛත්‍යයට මල් සුවඳ වර්ග පුදන්නේ නම් එය බොහෝ දෙනාට හිතසුව පිණිස වන බව මහා පරිනිර්වාණ සූත්‍රයෙහිදී සඳහන් කර ඇත. මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුන් වහන්සේ මෙසේ සඳහන් කර ඇත්තේ ආනන්ද හිමියන් විසින් තථාගතයන් වහන්සේගේ ශරීරයට කෙසේ පිළිපැදිය යුතු දැයි නගන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි. මෙහිදී ද පූජා යන වචනය භාවිත කර නැත. "පටිපඡ්ජාම" යන වචනය එහිදී යොදා ඇත. එහෙත් අට්‌ඨ කතාවෙහි තථාගතයන් වහන්සේ ගේ ශාරීරික ධාතු තැන්පත් කරන ලද චෛත්‍යයට වැඳීම "ෙච්තිය පූජා" යන නාමයෙන් හඳුන්වා ඇත. මහා පරිනිර්වාණ සූත්‍රයේදී මෙසේ සඳහන් කර ඇති තථාගතයන් වහන්සේගේ ශාරීරික ධාතු නිධන් කරන ලද චෛත්‍යයනට වැඳීම වැදගත් බව සඳහන් කර ඇත. එයට හේතු වී ඇත්තේ එකල සමාජයේද චෛත්‍ය වන්දනාව තිබුණ නිසාය. මහා පරිනිර්වාණ සූත්‍රයෙහිම උදෙන ෙච්තිය, ගෞතමය ෙච්තිය, සත්තම්බක ෙච්තිය, බහුපුත්ත ෙච්තිය, සාරානන්ද ෙච්තිය සහ චාපාල ෙච්තිය ආදී වශයෙන් චෛත්‍යස්‌ථාන තිබුණ බව පෙනේ. මේ සඳහා වැදගත් සාධකයක්‌ ලෙස පෙන්නුම් කිරීමට හැකිවන්නේ කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයක්‌ ධර්මාශෝක රජු විසින් ප්‍රතිසංස්‌කරණය කොට එයට වන්දනා මාන කළ බව නිගලීසාගර් නම් ශිලා ලේඛනයෙහි සඳහන් වීමයි. අශෝක කාලය වන විටත් කෝණාගමන බුදුන්වහන්සේගේ චෙත්‍යයට වන්දනාමාන පැවැත්වීමේ සිරිත තිබුණා නම් ගෞතම බුදුන්වහන්සේගේ කාලයේදී එම චෛත්‍යය තිබුණේ යෑයි පිළිගැනීම යුක්‌ති යුක්‌තය.

බුද්ධ පූජාවට විශේෂයෙන්ම පාදක වන්නට ඇත්තේ මහාපරි නිර්වාණ සූත්‍රයේදී භික්‌ෂු, භික්‌ෂුණී, උපාසක උපාසිකාවන්ගේ සිත් පහදවා ගැනීමත්. සංවේගය උපදවා ගැනීමත් කළයුතු ස්‌ථාන හතරක්‌ ලෙස තථාගතයන් වහන්සේගේ උත්පත්ති ස්‌ථානය, බුද්ධත්වය ලැබූ ස්‌ථානය, ධම්මචක්‌කය පැවැත්වූ ස්‌ථානය සහ අනුප දිශේෂ නිර්වාණ ධාතුවෙන් පරිනිර්වාණයට පත් වූ ස්‌ථානය යන ස්‌ථාන සතර ඉදිරිපත් කිරීම නිසා විය යුතුය. මෙම ස්‌ථාන සතර මෙසේ සිත් පහදවා ගත යුත්තේ, සංවේග කළ යුත්තේ කුමන කරුණක්‌ නිසාදැයි පෙන්වන අටුවාව මෙම ස්‌ථාන සතර බුදුගුණ අරමුණු කර ගැනීමට විශේෂයෙන් අදාළ වන ස්‌ථාන සතරක්‌ ලෙස දක්‌වා ඇත. මෙසේ බුදුගුණ අරමුණු කිරීම කුසල සහගත ෙච්තනා උපදවන එම කුසලයෙන් දෙව්ලොව උප්පත්තිය සඳහා හේතු වන බවත් වැඩිදුරටත් අට්‌ඨකතාවෙහි සඳහන් කර ඇත.

මහාපරිනිර්වාන සූත්‍රයෙහි, මෙම ස්‌ථානවල ඇවිද සිත් පසන් කරගෙන කලුරිය කරන තැනැත්තා ඒකාන්තයෙන්ම දෙව්ලොව උපදින බව සඳහන් කර ඇත. මේ නිසා බුද්ධ පූජාව විශේෂ වැදගත්කමක්‌ ඇති පූජාවක්‌ බවට පත්විය. මෙසේ වූ බව තවත් තහවුරු වන කාරණයක්‌ වන්නේ තථාගත ශරීරයට පිළිපැදිය යුතු අන්දම කෙසේදැයි බුදුන් වහන්සේගෙන් ආනන්ද හිමියන් විමසූ අවස්‌ථාවේදී "ආනන්දය ඔබලා තථාගත ශරීරයට පූජා පැවැත්වීම සඳහා උනන්දු නොවන්න" යනුවෙන් සඳහන් කර ඒ සඳහා ක්‍ෂත්‍රියත්. බ්‍රාහ්මණයන් සහ ගෘහපතියන්ද සිටින බව සඳහන් කිරීමෙන්ය. මෙයින් සඳහන් වන්නේ ප්‍රතිපත්තිය සඳහා කාලය යොමු කිරීමට අපහසු ගිහි ජනතාව සඳහා විශේෂයෙන් මෙවැනි ධාතු චෛත්‍යය වන්දනය අනුදැන වදාරා ඇති බවකි. ප්‍රතිපත්තිය සඳහා යොමුවූ ශ්‍රාවකයන් වහන්සේලා නිර්වාණ සම්පත්තිය ලැබීමට උත්සුක වූ අතර ගිහි ජනතාව මෙබඳු වන්දනාමාන ආදියෙන් හා පූජා පැවැත්වීමෙන් තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් ස්‌වර්ග සම්පත්තිය ලබන බවකි. මේ බව විමානවත්ථුවෙහි "පූජෙථ නං පූජනීයස්‌ස ධාතුං

ඒවං කරා සග්ගම්තො ගම්ස්‌සථ" යනුවෙන් පූජනීය වූ ධාතුන්ට පූජා කරන්න මෙසේ කරන්නාවූ අය ස්‌වර්ගයට යන්නේය) සඳහන් වන්නේය.

බුදුන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසුකලෙක බුද්ධ පූජාව විශේෂයෙන්ම වර්ධනය වීම සඳහා මෙබඳු කරුණු හේතුවිය.

බුදුගුණ සිහිකිරීම ඉතාමත් වැගත් භාවනාවක්‌ බව පිළිගන්නා ලද්දකි. බුද්ධානුස්‌සතිය, අනුස්‌සති භාවනා කර්මස්‌ථාන සය අතුරෙන් එකක්‌ බව දීඝ නිකාය සංගීති සූත්‍රයේ දක්‌වා ඇත. 

"ඉතිපිසෝ භගවා අරහං" ආදී වශයෙන් බුදුගුණ සිහිකිරීම බුද්ධානුස්‌සතිය ලෙස විශුද්ධි මාර්ගයෙහි දක්‌වා ඇත. නව අරහාදී බුදුගුණ, දසබල, චතුර් වෛශරද්‍යාඥාන හා අට පිරිසෙහි අකම්ප්‍ය ඥාන යන බුදුගුණ පිළිබඳ විශාල විස්‌තරයක්‌ මහාසීහනාද සූත්‍රයෙහි සඳහන් වේ. මෙම බුද්ධානුස්‌සති ක්‍රියාදාමය අරමුණ කරගනිමින් චෛත්‍ය වන්දනය හෙවත් ෙච්තිය චාරිකාව " සිදුවන බව අට්‌ඨකතාවෙහි සඳහන් වේ.

බුදුගුණ සිහිකිරීම සඳහා ශාරීරික ධාතු අඩංගු චෛත්‍යයක්‌ වන්දනා කිරීමට අමතරව බෝධිය පූජ්‍යත්වයට පත්වූ ආකාරය "කාලිවග බෝධි ජාතක අට්‌ඨකතාවේ දැක්‌වේ" එහි සඳහන් වන ආකාරයට සැවැත් නුවර වැසියන් බුදුන් වහන්සේ පිදීම සඳහා සුවඳ වර්ග සහ මල්ද රැගෙන විහාරයට ගිය වේලෙහි උන්වහන්සේ ජනපද චාරිකාවේ නියුක්‌තව සිටි නිසා වෙනත් පූජනීය ස්‌ථානයක්‌ නොමැතිකමින් ගෙන ගිය දෑ ගන්ධකුටි ද්වාරයෙහි දමා ගිය බවක්‌ සඳහන් වේ. මේ නිසා බුදුන් වහන්සේ නොමැති අවස්‌ථාවල වැඳුම් පිදුම් කිරීම සඳහා යමක්‌ අනුමත කළ යුතු බව බුදුරජාණන් වහන්සේට දක්‌වා බුදුන් වහන්සේ ජීවත්ව සිටියදී ම චෛත්‍යයක්‌ අනුමත කළ හැකිදැයි බුදුන් වහන්සේගෙන් ආනන්ද හිමියන් විචාර ඇත. ඒ අවස්‌ථාවේදී බුදුන් වහන්සේ ශාරීරික, උද්දේසික හා පාරිභෝගික වශයෙන් චෛත්‍ය තුනක්‌ ඇති බවත් එයින් ශාරීරික චෛත්‍යය බුදුන් වහන්සේ පරිනිර්වානයට පත්වන තුරු ඇති නොවන බවත්, උද්දේසික යනුවෙන් කිසිවක්‌ දැකිවිය නොහැකි නිසාත්, පාරිභෝගික වශයෙන් බුදුන් වහන්සේ පරිභෝග කරන ලද බෝධිය චෛත්‍යයක්‌ වශයෙන් ගත හැකි බව ප්‍රකාශ කර ඇත.

මෙය ඉතා වැදගත් ස්‌ථානයක්‌ ලෙස ගත හැක්‌කේ ජාතක අටුවා ග්‍රන්ථ පිළියෙළ වන කාලය වන විට වර්තමානයෙහිද සඳහන් කරනු ලබන ශාරීරික, පාරිභෝගික, උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යයන් පිළිගෙන තිබුණ බව සඳහන් වීමයි. 

බුදුන් වහන්සේගෙන් අනුමැතිය ලබා ආනන්ද හිමියන් මුගලන් මහ රහතන් වහන්සේ ලවා ශ්‍රී මහා බෝධියෙන් ඵලයක්‌ ගෙන්වා අනේපිඬු සිටුතුමා ලවා ඡේතවනාරාම ද්වාරයෙහි සිටුවා බෝධියක්‌ රෝපණය කළ බව කාලිංග බෝධි ජාතක අටුවාවෙහි සඳහන් වේ. එය ආනන්ද බෝධිය නමින් ප්‍රකට විය. මෙම බෝධියට කරනු ලබන පූජාව බුදුන් වහන්සේට කරනු ලබන පූජාවක්‌ හා සමානත්වයෙන් සලකා ඇත. එය බුදුන් වහන්සේ ද අනුමත කර ඇත. මෙසේ සලකා බලන විට බුද්ධ පූජාව ඵල රහිත දෙයක්‌ බව වර්තමානයේ ඇතැමුන් නගන අදහස්‌ එතරම්ම සාධාරණ නොවන බව පෙනේ. බුද්ධ පූජාව ඵල රහිත දෙයක්‌ බව අතීතයේදී ද සාකච්ඡා වෙමින් තිබුණු බව මිලින්ද ප්‍රශ්නයේ "පූජා අප්‍රතිග්‍රහණ" ප්‍රශ්නයෙන් පැහැදිලි වේ. මේ පිළිබඳව මිළිඳු රජ නාගසේන හිමියන්ගෙන් විමසා ඇති ප්‍රශ්නය ඉතා වැදගත් ප්‍රශ්නයකි. එනම් ඉදින් සර්වඥයන් වහන්සේ ලෝකයා කරන පූජාව ඉවසන්නේ නම් උන්වහන්සේගේ කෙළෙස්‌ නිවී නැත. නික්‌ලේශී නොවූ පුද්ගලයකුට කරනු ලබන පූජාව නිශ්ඵලය. ඉදින් උන්වහන්සේ නිර්වාණය ලබා ඇත්නම් පිරිනිවන් පා වදාළ සර්වඥයන් වහන්සේ පූජාවන් නොඉවසන නිසා එබඳු පුද්ගලයකුට කරනු ලබන පූජාවද නිශ්ඵල වන්නේය" යනුයි.

මෙයට පිළිතුරු දෙන නාගසේන හිමියන් ප්‍රථම බෝධිමූලයෙහිම තථාගතයන් වහන්සේ ආසාවන් ප්‍රහීණකොට ඇත. අනුපදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ උන්වහන්සේ පූජාවන් නොඉවසන බව කියනුම කවරේද? එසේ වෙතත් උන්වහන්සේගේ ධාතුන් ප්‍රතිෂ්ඨාකොට ඤාණරත්නය අරමුණකොට මනාකොට ප්‍රතිපත්ති සේවනය කරන්නෝ කුසල රැස්‌කරති යනුවෙන් ප්‍රකාශ කර ඇත.

ඉහත සඳහන් කරුණුම නොව "පූජාච පූජානීයානං එතං මංගලමුත්තමං" යනුවෙන් මහා මංගල සූත්‍රයෙහි පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණක්‌ බව පෙන්වා ඇත. එසේම මහා පරිනිර්වාණ සූත්‍රයේ තථාගතයන් වහන්සේගේ ධාතු තැන්පත්කර ඇති චෛත්‍යයනට වැඳීමෙන් සිත් පහදවා ගැනීමෙන් මරණින් මතු ස්‌වර්ගයෙහි උපදින බව දක්‌වා ඇත. මිලින්ද ප්‍රශ්නයෙහි දක්‌වන පරිදි තථාගත ධාතු රත්නයට පූජා කරන අය මනුෂ්‍ය දිව්‍ය හා නිර්වාණ යන ත්‍රිවග_ සම්පත්තිය ලබන බව දක්‌වා ඇත. එසේම මේ කරුණුවලට වඩා වැදගත් වන්නේ බුද්ධ පූජාව කරනු ලබන අවස්‌ථාවේදී බුද්ධානුස්‌සති භාවනාව සිදුවන නිසා එය භාවනාමය කුසල කර්මයක්‌ වීමෙන් එහි අනිසංස තවදුරටත් වර්ධනය වීමය.

ශාස්‌ත්‍රපති කොත්මලේ 
රංජිත් එස්‌. කේ. සූරියආරච්චි

තෘෂ්ණාව දුරු කිරීම


දුදහමේ උගන්වන පොදු හා ප‍්‍රථමික සීලය පංචශීලයයි. සමාජයක් රටක් යහපත් ගුණගරුක සමාජයක් බවට පත් කිරීමට අදාළ සියලු කාරණා ඊට අන්තර්ගතය.
සසර අවුලට මෙහා ඇති බොහෝ අවුල් මගහරවා ගැනීමට පංචශීලය සාම්ප‍්‍රදායික වතාවතක් පමණක් බවට පත් වී ඇත. තම පැවැත්ම උදෙසා පරපණ නැසීම, සොරකම, පරපුරුෂ සේවනය, බොරු කීම හා මත්ද්‍රව්‍ය භාවිතය යන මේ කරුණු අද මුළු මහත් ලෝකයටම සාපයක් වී තිබේ.
ලොව කොතනක හෝ අසාධාරණ, කලකෝලාහල මෙන්ම යුද්ධ ආදිය තිබේනම් ඒ සෑම තැනම එකී නරක සිරිත් ඊට මුල් වී ඇත. මේ අනුව බලන කළ මේ පැණවීම් පසෙහි වටිනාකම කෙතෙක්ද යන්න මනාව අවබෝධ වේ. කිසියම් සමාජයක් මෙම ධර්මතා පසට ගරුකරමින් තමා ගැන සේම අනුන් ගැනද සිතයි නම් එය ශ්‍රේෂ්ඨ වූ සංකල්පයකි.
සීලයන් අතර වඩාත් වැදගත් සීලයක් ලෙස ඉන්ද්‍රීය සංවර සීලය පෙන්වා දිය හැකිය. ගැඹුරින් සළකා බැලුවහොත් ඉඳුරන් සංව කර ගැනීම ලෞකික ;ල¤කෝත්තර දෙපක්ෂයේම සුභසිද්ධියට හේතු වේ. භික්ෂූන් වහන්සේලාට වැදගත් වූ ප‍්‍රාතිමෝක්ෂ සංවර සීලය රැක ගැනීමට පවා ඉන්ද්‍රීය සංවර සීලය පිටිවහල් වේ. මෙහිදී ඉන්ද්‍රීය යනුවෙන් සළකන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසයි.
එම ඉඳුරන් සමග ගැටෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු නිසා බොහෝ විට සිත කිලිටිවේ. ඇසට ලැබෙන පි‍්‍රය අපි‍්‍රය රූප මගින් රාගය හෝ ක්‍රෝධය පහළ වී වර්ධනය වේ. කනට ඇසෙන පි‍්‍රය හෝ අපි‍්‍රය ශබ්ද නිසා සිතෙහි ආශාව හෝ තරහව ඇතිවේ. මේ අයුරින් පසිඳුරන් හරහා ලබන අරමුණු වල එල්බ ගැනීම නිසා කෙළෙස් දහම් වර්ධනය වේ.
මෙලෙස වර්ධනය වන කෙළෙස් වල කි‍්‍රයාකාරකම් කලඑළි දක්වන්නේ කය වචන මගිනි. කය වචන මගින් කරනු ලබන කි‍්‍රයාකාරකම් තුළින් ඉඳුරන් තුළින් ලබාගත් අරමුණු වල වර්ධනය කෙතෙක්ද යන්න දත හැකිය. විවිධ වර්ගීකරණයන් යටතේ විවිධාකාර වූ ශික්ෂාපද බුදුරදුන් පණවා තිබුණද ඒවායින් බලාපොරොත්තු වූයේ ප‍්‍රධාන වූ එක් අරමුණකි.

එනම් සිත ආරක්ෂා කර ගැනීමයි. එක් අවස්ථාවක කෝටියක් සංවර ශීලය පිළිබඳව විමසූ භික්ෂුවක් එහි සංඛ්‍යාත්මක විශාලත්වය දැක උපසම්පදා ශීලය රැකීමට නොහැකි දෙයක් යැයි සිතීය.
එම අවස්ථාවේ බුදුරදුන් වදාළේ කෝටියක් සංවර සීලය පසෙකින් තබා එකක් රැක ගන්නා ලෙසයි. එම එක නම් සිතයි. බුදුදහම සිත මුල් කරගත් දහමකි. පුද්ගලයාගේ සසර පැවැත්ම හෝ නැවැත්ම තීරණය කරනු ලබන්නේ කිසියම් නිර්මාපකයෙකු දෙවියෙකු විසින් නොව තමාගේ සිත විසිනි. එනිසා පුද්ගලයාව සසර දුක් නිවාලන මාර්ගයට යොමු කරන්නේද උත්සාහයෙන් හික්මවා ගන්නා මනස පමණි.
සියුම් දෘෂ්ටියකින් සමාජයේ දුක්විඳින ප‍්‍රජාව දෙස බලන විට පෙනී යන කරුණ වන්නේ බොහෝ දෙනෙකු දුක්විඳින්නේ මානසිකව බවයි. ඇතැමෙක් ලබා ගැනීමට නොහැකි වූ අරමුණු මුල්කරගෙන පසු තැවෙති.
තවත් අයෙක් තවත් අරමුණු අපේක්ෂාවෙන් දුක් විඳිති. ලද දෙයින් තෘප්තිමත් වීමට මිනිස් සිත සූදානම් නැත. කහවණු වැස්සක් වැස්සද මිනිස් සිත තෘප්තිමත් නොවන බව බුදුරදුන් වදාළේ එහෙයිනි.
අපි කෙතරම් අරමුණු මගින් ඉඳුරන් පිනවීම සිදුකළත් ඉන් සෑහීමකට පත් නොවෙයි නම් නිමා නොවන අතෘප්තිකර ආශාවන් පසුපස හඹායාමෙන් පලක් ඇතිදැයි සිතා බැලිය යුතුය.
මෙම විෂම ලෝකය තුළ ඉඳුරන් සංවර කරගෙන ජීවත්වීම අසීරු බව ඇතැමෙකුගේ මතයයි. එය සැබෑවකි. නමුත් ආශාව, වෛරය ආදී කෙළෙස් පවතින්නේ සිත තුළ මිස අරමුණු තුළ නොවන බව පිළිගත යුතුය.
එනිසා අරමුණු නිසා සිත අපිරිසිදු වේයැයි බියෙන් ඇස් කන් වසා සිටීම සිල්රැකීමක් නොවේ. ඉඳුරන් වසා සිටීම සිල්වත් කමක් නම් බුදුන්වහන්සේ දේශනා කළ ආකාරයට ලොව උසස්ම සිල්වතුන් වන්නේ ඳයගිය අයයි.
මෘත ශරීරවල සියලු ඉඳුරන් පවතී. නමුත් අරමුණු ලබා ගැනීමක් නැත. එහෙයින් ඉඳුරන් සංවර කර ගැනීම කරගත යුත්තේ විවිධ අරමුණු සහිත මේ ලෝකයේ සිිටිමින්මය. බෞද්ධ විමුක්ති මාර්ගය තුළ පළමු පියවර වශයෙන් සීලය හඳුන්වා දී ඇත්තේ ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන පුද්ගලයා සන්සුන් කරවන නිසාය. මනස සන්සුන් වීමට තිදොර සංවරය ඉතා වැදගත්ය.
තමන් රකින පන්සිල් ආරක්ෂා කර ගැනීමේ ක‍්‍රම දෙකක් ද බුදුදහම තුළ දැක්වේ. ඉන් එකක් නම් සිල් බිඳීමෙහි දොස් දැකීමයි. සිල් බිඳුණු විට ලෝකයාගෙනුත් ධර්මයෙනුත් පමණක් නොව තම හදවතෙනුත් තමන්ට නැගෙන අපවාද ගැන සිහි කොට සිල් ආරක්ෂා කොට ගැනීම පළමුවැන්නයි. දෙවැන්න නම් සිල් රැකීමේ ආනිසංශ දැක සිල් රක්ෂා කිරීමයි.
සිල්වත් පුද්ගලයා මෙලොවදීම ඊට විපාක වශයෙන් දෙව් මිනිසුන්ගෙන් බුහුමන් ලබයි. සීලය මගින් තිදොර සංවර කරගත් පුද්ගලයාට ඊළඟට සිත සමාධිගත කර ගැනීම පහසුය.
සසර අවුල ලිහාදමන්නා එළඹෙන දෙවන පියවර සමාධියයි. චිත්තං භාවයං යනුවෙන් ගාථාව තුළ දැක්වූයේ එයයි. තුන්දොර සංවර කරගත් පුද්ගලයා අනතුරුව සමාධිය වඩයි. කුසල සිත්හි එකඟතාවය සමාධියයි. එනම් සිත තුළ ඇති චෛතසික එක් අරමුණක පවත්වා ගැනීමයි. සමාධිගත වූ සිත විසිර නොයයි. සිත සමාධි ගත කිරීම අසීරු කටයුත්තකි.
දියෙන් ගොඩගත් මසෙකු සේ නිතර සැලෙන සිත එක් අරමුණක තබා ගැනීම ඉතා අසීරුය. විශේෂයෙන් සිත දමනය කර ගැනීම සඳහා එක් අරමුණකට ගැනීම වඩාත් අසීරුය. උදාහරණයක් ලෙස නෙත් සිත් පිනවන දසුනක් නරඹන විට එකම ඉරියව්වකින් එක් මනසකින් එය නැරඹීමට අපහසු නැත. එහෙත් කුශල අරමුණක සිත යෙදවීම තත්පර කීපයකට පවා අසීරු වෙයි.
සමාධිය පිණිස බුදුදහම විවිධ ක‍්‍රම උපයෝගී කර ගනී. කසිණ නම් වූ පඨවි, ආපෝ, තෙජෝ, වායෝ යන වස්තුන් මුල් කරගත් භාවනා ක‍්‍රමය, මළසිරුරක් මුල් කරගත් අසුභ භාවනාව, අනුස්සති භාවනාව ආදිය උදාහරණ වේ.
මෙහි දක්නට ඇති විශේෂත්වය නම් විවිධ අරමුණුවලට ඇස හුරු කොට ඒ තුළින් සිත සමාධිගත කිරීමයි. මෙම භාවනා රූපවචර භාවනා නම් වේ. ඉන් ලබන ධ්‍යාන නම් වේ. අනතුරුව ඔහුට අරූපාවචර ධ්‍යාන වැඩිය හැකිය. එහි විශේෂත්වය වන්නේ කිසිදු රූපයක් අරමුණු නොකිරීමයි. එසේ අරූපාවචර ධ්‍යාන වඩා අරූපාවචරධ්‍යාන හතරක් ලබාගත හැකිය.
සමාධි භාවනාව තුළින් බලාපොරොත්තු වන ඒකායන අරමුණ නම් සිත සමාධිගත කිරීමයි. නමුත් මෙයින් විවිධ ඥාන මට්ටම වලට පත්විය හැකිය. ඒ සමෘද්ධි ප‍්‍රාතිහාර්ය කළ හැකි සෘද්ධිවිධ ඥානය, දිබ්බසෝත, පුබ්බේනිවාසානුස්සති, චුතුපපාත ආදී ඥානයන්ය. බුදුරදුන් ධරමාන අවදියේ ඇතැම් අන්‍යාගමිකයෝ පවා සිත සමාධිගත කිරීම මගින් ඉහත කී ධ්‍යාන මට්ටම්වලට පැමිණ සිටියහ. ඔවුන් ඒවා ඛ්ැඳින්වූයේ නිවන ලෙසය. තවත් විමුක්තියක් පිළිබඳව විශ්වාසයක් නොතිබීය.
එහෙත් එම ධ්‍යානයන්හි ස්වභාවය වන්නේ කාමය රාගය ආදී සිතුවිලි පහළ වූ විට ධ්‍යාන ශක්තීන් නැති වී යාමයි. මෙම අස්ථාවභාවය බුදුරදුන් පෙන්වා දුන්හ. එම සමාධි වැඩිම මගින් සිත එක් අරමුණකට පත්වීම පමණක් නොව ඇතැම් කෙළෙස්වල බලය හීනවීමද සිදුවේ. සිත සමාධිගත කිරීමේ වැදගත්කම වන්නේ එය ප‍්‍රඥාව වැඩීමට මග පෑදීමයි.
බුදුදහම තුළ උගන්වනු ලබන ප‍්‍රධාන භාවනා මාර්ග දෙක වන්නේ සමථ සහ විදර්ශනා යන දෙකයි. සමථ භාවනාව චිත්ත භාවනාව, සමාධි භාවනාව යන නම් වලින්ද හැඳින්වේ. විදර්ශනා භාවනාව ප‍්‍රඥා භාවනාව නම් වේ. විදර්ශනා යන්නෙහි අරුත විශේෂයෙන් දැකීම යන්නයි. එනම් ප‍්‍රඥාවයි. අටුවාවල සඳහන් වන අන්දමට ප‍්‍රඥාව තෙවැදෑරුම් වේ.
උදාහරණයක් ලෙස රන් කාසියක් බාල දරුවෙකුට ලැබුණු විට ඔහු එහි වටිනාකමක් නොදනී. ඔහුට එය සෙල්ලම් කිරීමට උපකරණයක් පමණක් ද විය හැකිය. නමුත් එය සාමාන්‍ය මිනිසෙකුට ලැබුණු විට එහි වටිනාකමක් ඇති බව ඔහු දනී. එහෙත් එහි නිවැරදි වටිනාකම දැනගන්නේ එය රන්කරුවෙකුට ලැබුණු විටය. තිදෙනාටම ලැබුණු වස්තුව එකක් වුවත් තිදෙනා ඒ දෙස බලාගත් තීරණ වෙනස්ය. ප‍්‍රඥාවද එලෙසය. එය පිළිවෙළින් සඤ්ඤා, විඤ්ඤාණ, පඤ්ඤා යනුවෙන් හැඳින්විය හැකිය.
විදර්ශනා ප‍්‍රඥාව යනු ලොව ඇති සියලු සංස්කාර ධර්මයන්ගේ යථාස්වරූපය අවබෝධවීමයි. සත්වයා පුද්ගලයා සහිත ලෝකය ජීව අජීව සෑම ධර්මයක්ම හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගත් බවත් හේතු ප‍්‍රත්‍යයන් නිරෝධ වීමෙන් එම ධර්ම නිරෝධ වන බවත් අවබෝධ කර ගැනීම එම ප‍්‍රඥාවයි. මෙය සරල ලෙසින් දිස්වුවද අසීරුය.
එමෙන්ම එය හිටිවනම අවබෝධ කර ගැනීමද කළ නොහැක. ඒ සඳහා පූව¢කෘත කුසල බලයක්ද කෙළෙස් තැවීමේ වීර්යයක්ද සසර දුක අවබෝධවීමේ නුවණක්ද අවශ්‍යය. සත්වයා සසරට බැඳ තබන අවුලෙන් අවුලට පත්කරන මේ තෘෂ්ණාජාලය බිඳ දැමිය හැක්කේ කවරෙකුටද යන්න එදා දේවතාවා ඇසූ ප‍්‍රශ්නයට බුදුරදුන් දුන් පිළිතුර ඉතා සැකෙවින් මෙසේ විස්තර විය.
වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් අවුල් විසඳීමට උත්සාහ කරති. නමුත් ඒ සත්ත්වයා සසරට බැඳ තබන අවුල් නොව එදිනෙදා ජීවිතයේ ඇති අවුල්ය. මෙලොව ජීවතයත් සංසාර ගමනත් අවුල් ජාලාවක් බවට පත් කරන්නේ ආශාවන් පසුපස ලුහුබඳුන අපේ සිත බව අප සිහිතබා ගත යුතුය. එය හික්මවා ගන්නා පුද්ගලයා මෙලොම අවුල්ද සසර බැඳුම්ද සිඳ දමා සියලු අවුල් ලිහා සසර ගමන කෙළවර කරන්නේය.
කැළණිය විශ්ව විද්‍යාලයේ 
ගෞරව උපාධි අපේක්ෂක, උණලීයේ සිරිනන්ද හිමි

දුක සැප නිති පෙරළේ රිය සක ලෙස ලෝකේ


අද සමාජය තුළ දැකිය හැකි ලක්‍ෂණයක් ලෙස සුලු දෙයකට පවා කම්පා වීමේ ලක්‍ෂණය පෙන්වා දිය හැකිය. බුදුරජාණන් වහන්සේ අපට අභියෝග බාධක ජය අරගෙන ජීවිතයක් පිළිවෙලට ඔපවත් කර ගන්නා ආකාරය ධර්මය තුළින් උගන්වා ඇත. ඒ අනුව එම අභියෝග පැමිණෙන විටදී එයට නොසැළී මුහුණ දී ජීවිතය ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳ මෙම මාතෘකාවෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
ඒ සඳහා ත්‍රිපිටකය තුළ ඇති වැදගත්ම සූත්‍ර 2 ක් ලෙස අංගුත්තර නිකායේ පඨම පණ්ණාසකයට අයත් පඨමලෝක ධම්ම හා දුතිය ලෝක ධම්ම සූත්‍ර දෙක පෙන්වා දීමට පුළුවන. එම සූත්‍රයන්ට අනුව ලොව ජීවත්වන සියලු සත්වයන්ට පොදුවේ බලපාන අෂ්ඨලෝක ධර්මය ගැන කරුණු අනාවරණය වේ. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා ප්‍රමුඛ කොටගත් ඕනෑම තරාතිරමක ජීවත්වන කෙනෙකුට වුවද මෙම අෂ්ඨලෝක ධර්මය පොදුවේ බලපාන බව සනාථ වේ.
පඨම ලෝක ධම්ම සූත්‍රය තුළින් අටලෝ දහම පිළිබඳ පැහැදිලි විවරණයක් කර තිබේ. එම සියලු කරුණු අනිත්‍ය ස්වභාවයෙන් යුක්තය.

“ ලාභො අලාභො අයසො යසොච
නින්දා පසංසා ච සුඛංච දුක්ඛං
එතෙ අනිච්චා මනුජේසු ධම්මා
අස සසතා විපරිනාම ධම්මා”

ලාභය,අලාභය, අයසය, යසස, නින්දාය, පසංසාය, සුඛය, දුක්ඛය වන අනිත්‍ය වූ අසාස්වත වූ මේ ධර්මයෝ මනුෂ්‍යයන් කෙරෙහි පෙරැළෙන ස්වභාවයෙන් යුක්තය.
මෙම ධර්ම අට හරියට චක්‍රයක් මෙන් ලෝක සත්වයා වෙත සුබ අසුබ දෙඅංශයෙන්ම විපාක දෙන්නේය. එයින් පැන යෑමට කිසිවෙකුටත් පුළුවන්කම නැත. ලාභයක් ලැබෙන තැන අලාභයද ඇත. ඒ ආකාරයෙන් සැප ළඟ දුක ද යස ලඟ අයස ද ප්‍රසංසාව ලඟ නින්දාව ද පවතී. එසේ වුවද සමහර අයට මෙහි යථාර්ථය අවබෝධ කර ගැනීමට අපහසු වීම නිමිතිකොට ගෙන ජීවිතය කම්පාවට පත් කරගෙන නොයෙක් ප්‍රශ්න ගැටලු පමණක් නොව ජීවිතය ද අහිමි කර ගන්නා අවස්ථා නැතිවාම නොවේ.

“එතෙ ච ඤත්වා සතිමා සුමේධො
අවෙක්‍ඛති විපරිනාමධමෙම,
ඉට ඨස්ස ධම්මා න මථෙනති චිත්තං
අනිට්ඨතො නො පටිඝාතමෙති”

සිහිනුවණින් යුක්ත පණ්ඩිත තෙමේ වෙනසට බඳුන් වන මෙම අටලෝ දහම ගැන නුවණින් දැක, එතුළින් කම්පාවට පත් නොවේ. එම දහම් තුළින් පණ්ඩිතයාගේ සිත නො කැළඹෙන අතර සුබවාදීව දැක ඒ කෙරෙහි ඇලීමටද පත් නොවේ.
සියලු දෙනාටම කම්පා නොවී සිටීම අපහසු කාර්යයකි. බොහෝ දෙනා එතුළින් කම්පාවට පත් වේ. එයයි නියම ස්වභාවය වන්නේ, මොහොතකට පසුගිය කාල වකවානුවල අප රටේ සිදු වූ විපත් සිහියට නගා ගැනීම වැදගත් වනු ඇත. ගංවතුර තුළින් කෝටිපතියන්, ලක්‍ෂපතියන් මොහොතකින් සිඟන්නන් බවට පත්වූහ. සුනාමිය තුළින්ද එලෙසම සිදුවිය. තව ද සුළි සුළං මහ වැසි, නියගය ආදී ස්වභාවික විපත් තුළින් ලාභ ලබපු අය අලාභ ලබන තත්ත්වයට පත් විය.සැප ලබපු අය දුකට පත් විය. සිනා නගන අය කඳුළු සලන තත්ත්වයට පත් විය.
එක වෙලාවක කීර්ති ප්‍රශංසා ලබන අය තව මොහොතක අපහාස අපකීර්ති ලබයි. මේ ආදී වශයෙන් මෙම දහම් අට චක්‍රීයව ලෝක සත්වයා වෙත ලඟා වෙනු ඇත. අද බොහෝ දුරට මිනිසුන් හිතන්නේ ධන පැත්ත පමණය. ඍණ පැත්ත ගැන හිතන්නේ සීමිත පිරිසකි. ලාභයක්, කීර්තියක්, සැපක් ලැබුණ තැන එයින් උදම් වී එය තමයි ජීවිතය කියා සිතන්නට මිනිසුන් පුරුදු වී සිටිති. ඒවා ලැබෙනවාත් සමඟම එහි ඍණ පැත්තත් එන්නට පුළුවන් බව සිතන්නේ පණ්ඩිතයින්ය. කන්දක් නැග්ගොත් පල්ලමක්ද ඇත කියා ව්‍යවහාරයේ කියමනක් තිබේ. නමුත් කඳු නැගීම කෙසේ වුවද පල්ලන් බැසීම අනිවාර්ය වී තිබේ.

තස සානුරොධා අථවා විරොධා
විධූපිතා අත්‍ථගතා න සන ති
පදඤච ඤත්වා විරජං අසොකං
සම මපපජානානි භවස්ස පාරගුති

පණ්ඩිතයාගේ කිසිම මොහොතක අටලෝදම් කෙරෙහි විරෝධයක් නූපදී. ඔහු නිවැරදි ලෙස එහි ඇති ස්වභාවය දැකීමට සමර්ථයහ. කෙලෙස් නැතිකොට,ශෝක නැතිකොට නිර්වාණය පිළිබඳවද අවබෝධයෙන් ජීවත්වීමට ඔහු උත්සාහ කරයි.මේ ආකාරයෙන් බලන කල අටලෝ දහම ලෝක ධර්මතාවයක් බවත් අපි කැමති වුව ද,අකමැති වුව ද එයට මුහුණ දීමට සිදු වන බවත් පැහැදිලිය.
එම දහම් අට බුදුරජාණන් වහන්සේ උදෙසා ද එක සමාන අයුරින් බලපාන ලදී. වේරංජාවේ වස් විසීම, චිංචිමානවිකාව දරමිටියක් බැඳගෙන ඒම, තීර්ථකයන්ගේ නොමනා හැසිරීම,දේවදත්තගේ තර්ජන, ගර්ජන තාඩන පීඩන ආදි නොයකේ දේ තුළින් බුදුරඳුන්ට ද අටලෝ දහමට මුහුණ දීමට සිදු විය.
නමුදු කිසිදු තැනකදී බුදුරදුන් කම්පා වූ බවක් දක්නට හෝ උදම් වූ බවක් දක්නට නොලැබේ.
එය මුළු බුද්ධ චරිතය පුරාම දැකිය හැකි සුවිශේෂි කරුණකි. එය මහ රහතුන් ඇතුලු ශ්‍රාවකයින් තුළද දක්නට ලැබේ.
දුතියලෝක ධම්ම සූත්‍රය තුළින් සුවිශේෂි කරුණු සමුදායක් දැක ගන්නට ලැබේ. ඒ අනුව එම සූත්‍රය තුළ “අසසුතවතො භික්ඛවේ. පුථූජ ජනස්ස උපපජ්ජති ලාභොපි අලාභොපි යසොපි අයසොපි නින්දාපි පසසොජි සුඛම්පි, දුක්ඛම්පි” (මහණෙනි, ශ්‍රැතවත් පෘථග්ජනයාහට ලාභයත්, උපදියි. අලාභයත්, උපදියි, අයසත් උපදියි. යසස උපදි යි. නින්දාත්, උපදි යි. ප්‍රසංසාත් උපදි යි. සුඛත් උපදි යි, දුක්ඛත් උපදි යි)
මේ ආකාරයෙන් ශ්‍රැතවත් පුද්ගලයාට ද මෙම දහමට මුහුණ දීමට සිදුවේ. එහි දී වෙනසකට පවතින්නේ හොඳින් අහපු කෙනා බුද්ධිමතෙකු වශයෙන් තීරණය කිරීමට පුලුවන් අතරම ඔහු හිතන පතන හා දකින ආකාරය ඉතා උසස් ය. දුතියලෝකධම්ම සූත්‍රය තුළින් ඒ බව පැහැදිලි කොට ඇත්තේ මෙසේය.
“භගවමමූලකා නො භනෙත ධම්මා, භගවනෙත තතිකා භගවමපටිසරණා සාධු වත භනෙත, භගවනතංයෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්‍ථ, භගවතො සුත්වා ධාරෙස්සන්තීති” (වහන්ස, ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට පවත්නාහ. භාග්‍යවතුන් වහන්සේ නේක්තෘ කොට ගෙන පවත්නාහ.
භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොටගෙන පවත්නාහ. එකැතින් තෙල භාෂිතයාගේ අත්‍ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහේ නම් මැනවි)
මේ ආකාරයෙන් දැකීමට පුළුවන්නම් ඔහු බුද්ධිමතෙකි. පණ්ඩිතයෙකි. ඔවුනට අටලෝ දහම ජීවිතයට සවියක් මිස අවියක් නොවනු ඇත.
කම්පා නොවී ජීවිතයක් ජය ගත හැක්කේ කෙසේ ද? අපට මුහුණ දීමට සිදු වන්නේ අටලෝ දහම ට ය. ඉන් එහා කිසිවක් නැත. බුදුරජාණන් වහන්සේ ජීවිතයකට හසුවන සියලුදේම (සුබ අසුබ දෙඅංශයම) සම්පිණ්ඩය කොට අටලෝ දහම තුළින් දක්වා ඇත. එහිදී අපට දෙඅංශයටම මුහුණ දීමට සිදුවේ. එක පැත්තක් පමණක් නො සිතිය යුතුය. එවිට වැල්පාලමක යන්නා සේ කුමන පැත්තකට හෝ වැටී එතුළින් විනාශය නොහොත් කම්පාව ඇතිවේ. එබැවින් අටලෝ දහමට සමානව මුහුණ දී දෙපැත්තටම නොවැටී සමබරව සිටිය යුතුය.

“කොපමණ ගල් බොරළු තිබුණත් අතර මඟ
යායුතු තැනට යනවාමයි ගලන ගඟ”

ඒ ආකාරයෙන් ජීවිතය වෙත ද එළඹෙන සියලු ප්‍රශ්න ගැටලු බාධක, දුක් කම්කටොලු ඉවසීමෙන් යුක්තව ජයගත යුතුය. “ ඉවසීමෙන් සැනසීම ලැබේ” යන්න තුළ ද විශාල අර්ථයක් ගැබ් වී ඇත.
ජීවිතය අතැහැර යෑම හෝ ජීවිතයෙන් පලා යෑම නියම පුද්ගලයෙකුගේ ස්වභාවය නොවේ. බුද්ධිමතාගේ පණ්ඩිතයාගේ ස්වභාවය වන්නේ අටලෝ දහමට සමබරව මුහුණ දී ජීවිතය ජය ගැනීමය. “ මා නිවත්ත අභික්කම “ නොනැවතී ඉදිරියටම යන්න. ඒ බුදු වදනද සිත් දරාගෙන අලුත් වර්ෂය තුළ ජීවිතය ජය ගැනීමට අපි කවුරුත් අධිෂ්ඨාන කර ගනිමු.

කොබෙයිගනේ පුබ්බිලිය 
ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි 
ආචාර්ය ගලගෙදර රතනවංශ හිමි

මුළාවට පත් නොවී නිවන් මගට පිවිසෙමු

පොල්පිටිමූකලානේ 
පඤ්ඤාසිරි හිමි

මේ දේශනාව අප භාග්‍යවතුන් වහන්සේ සිදු කළේ රජගහනුවර වේළුවනාරාමයේ කලන්දක නිවාපයේ දී ය. එදින උන්වහන්සේ පින්වත් භික්‍ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කොට මෙසේ යැයි වදාළ සේක. “සබ්බ භික්ඛවේ අන්ධභූතං “ එයින් අදහස් කරන්නේ සෑම දෙයක්ම මුළාවෙන් මුළාවට පත් වී තිබේ “කිඤ්ච භික්ඛවේ සබ්බං අන්ධභූතං “ මුළාවෙන් මුළාවට පත් වී ඇති සැම දෙය කුමක්ද? යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබේ.ඇස මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළවීම නිසා අපට යතාර්ථය අවබෝධ කර ගත හැකිවේ. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයා නිරතුරුවම මුළාවෙන් මුළාවට පත් වූ ජීවිතයක් ගත කරයි .මේ පිළිබඳව ඉතා පුළුල් විග්‍රහයක් සංයුක්ත නිකායේ සලායතන සංයුක්තයට අයත් අන්ධභූත සූත්‍රයෙන් අපට ඉතාමත් පැහැදිලිව අවබෝධ කරගත හැකිය.
මේ දේශනාව අප භාග්‍යවතුන් වහන්සේ සිදු කළේ රජගහනුවර වේළුවනාරාමයේ කලන්දක නිවාපයේ දී ය. එදින උන්වහන්සේ පින්වත් භික්‍ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කොට මෙසේ යැයි වදාළ සේක. “සබ්බ භික්ඛවේ අන්ධභූතං “ එයින් අදහස් කරන්නේ සෑම දෙයක්ම මුළාවෙන් මුළාවට පත් වී තිබේ “කිඤ්ච භික්ඛවේ සබ්බං අන්ධභූතං “ මුළාවෙන් මුළාවට පත් වී ඇති සැම දෙය කුමක්ද? යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබේ. ඇස මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ( චක්ඛුං භික්ඛවේ අන්ධභූතං) රූප මුළාවෙන් මුළාවට පත් වී තිබේ .(රූපා අන්ධභූතා) ඇසේ විඤ්ඤාණය විඤ්ඤාණ අන්ධභූතං) එනම් ඇසේ පවතින සිතයි ඇසේ ස්පර්ශය මුළාවෙන් මුළාවට පත්ව තිබේ. (චක්ඛු සම්ඵස්සෝ අන්ධභූතෝ) ඇසේ ස්පර්ශය යනු ඇසත්, රූපත් ඇසේ විඤ්ඤාණයත් එකට එකතුවීමයි.එමෙන්ම ඇසේ ස්පර්ශයෙන් උපදින සැප, දුක් හෝ දුක් සැප රහිත යම් විඳීමක් තිබේ නම් එය මුළාවෙන් මුළාවට පත් වී තිබේ ( යම් පිදං චක්ඛු සම්ඵස්ස පච්චයා උප්ජ්ජති සුඛං දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම් පි අන්ධභූත) මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? (තේන අන්ධභූතං) ඉපදීමෙන් ජරා මරණයෙන් මුළාවට පත් වී තිබේ.

(අන්ධභූතං ජාතියා, ජරා මරණේන) එමෙන්ම සෝකයෙන්, වැළැපීමෙන් දුක් දොම්නස්වලින් , සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. (සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි )
මේ ආකාරයෙන්ම කනෙන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කනට ඇසෙන ශබ්දත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කනේ ඇතිවන විඤ්ඤාණයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කනේ ස්පර්ශය, ඒ කනත් , ශබ්දත්, විඤ්ඤාණයත් එකට එකතුවීමත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. එමෙන්ම කනේ ස්පර්ශයෙන් උපදින සැප, දුක් හෝ දුක් සැප රහිත වේදනාවන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත්වී තිබෙන්නේ මොන දෙයකින්ද? ඉපදීමෙන් , ජරා මරණයෙන් මුළාවට පත් වී තිබේ. ශෝක, වැළැපීම් වලින් දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
ඉන් අනතුරුව අප භාග්‍යවතුන් වහන්සේ නාසය මුළාවෙන් මුළාවට පත් වී තිබෙන ආකාරය විස්තර කරයි. නාසයට දැනෙන ගඳ සුවඳ මුළාවෙන් මුළාවට පත්වී තිබේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. නාසයයි ගඳ සුවදයි විඤ්ඤාණයයි එකතුවීම හෙවත් නාසයේ ස්පර්ශය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හෝ දුක් සැප රහිත වේදනාවක් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ඉපදීමෙන්, ජරා ,මරණයෙන් මුළාවෙන් මුළාවට පත්වී තිබේ. ශෝක වළැපීම්වලින් දුක්, දොම්නස් වලින් සුසුම් හෙළීම්වලින්, මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන්ම දිව පිළිබඳව විග්‍රහ කරනු ලැබේ. ඒ අනුව දිවත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවට දැනෙන රසත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවේ ඇතිවන විඤ්ඤාණයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවේ ඇතිවන ස්පර්ශයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හා දුක් සැප රහිත වේදනාවත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ජරාවෙන් , මරණයෙන්, මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ශෝකවලින් , වැළැපීම්වලින් දුක්, දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
එමෙන්ම මේ කයත් මුළාවෙන් මුළාවට පත් වී තිබෙන ආකාරය තවදුරටත් විස්තරවේ. කයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයට දැනෙන පහසත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයේ ඇතිවන විඤ්ඤාණයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතුවීම හෙවත් කයේ ස්පර්ශය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හා දුක් සැප රහිත විඳීම් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ජරාවෙන්, මරණයෙන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ශෝකවලින්, වැළැපීම්වලින්, දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින්, මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
එමෙන්ම මේ මනසත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනසට ඇතිවන අරමුණුත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනසේ ඇතිවන විඤ්ඤාණය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනස අරමුණුයි. විඤ්ඤාණයයි එකට එකතුවීම මනසේ ස්පර්ශයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හා දුක් සැප රහිත වේදනා මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ජරාවෙන්, මරණයෙන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ශෝකවලින්, වැළැපීම්වලින්, දුක් වේදනාවලින් , සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
මේ ආකාරයෙන් පුද්ගලයා ඇස , කන, නාසය, දිව, කය හා මනස මුල් කරගෙන මුළාවෙන් මුළාවට පත් වී සිටින ආකාරය අපට ඉතාමත් මැනවින් අවබෝධ කරගත හැකිවේ. මේ ආයතන දෙස පෘතග්ජන මනසකින් බැලූ විට මේ අවබෝධය ඇති නොවේ. මේ මුළාවෙන් මුළාවට පත්වීම නැති කරගත හැකි වන්නේ ආර්ය ශ්‍රාවකයෙකුට පමණි. සාමාන්‍ය මනස මුළාවීම දකින ආකාරයත් භාග්‍යවතුන් වහන්සේගේ තියුණූ ප්‍රඥාවට මේ මුළාව හසුවන ආකාරයත් කොතරම් වෙනස්ද? මුළාවීම සිදු වන්නේ ඉපදීමෙනුයි. එමෙන්ම වයසට යාම තුළිනුයි. මරණයට පත්වීමෙනුයි. ශෝක වැළැපීම්,දුක්, දොම්නස් හා සුසුම් හෙළීමෙනුයි. මේ මුළාවීම නම් ලෙහෙසි පහසු කෙනෙකුට හඳුනා ගන්නට නොහැකි බව දැන් අපට පසක් කරගත හැකි වනවාට කිසිදු සැකයක් නැත.
මේ අයුරින් මේ ආයතන හා තිබෙන මුළාවෙන් මුළාවට පත්වීම දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇස කෙරෙහි කලකිරීමට පත්වේ.රූප කෙරෙහිත් කලකිරීමට පත්වේ.ඇසේ විඤ්ඤාණය කෙරෙහිත් කලකිරීමට පත්වේ. ඇසේ ස්පර්ශය නිසා උපදින සැප, දුක් හා දුක් සැප රහිත විඳීම ගැනත් කලකිරීමට පත්වේ. මේ අයුරින් කන සම්බන්ධයෙන්ද, නාසය සම්බන්ධයෙන්ද දිව සම්බන්ධයෙන්ද කය සම්බන්ධයෙන්ද මනස සම්බන්ධයෙන්ද කලකිරීමට පත්වේ. කලකිරීම නිසා ඒ ආයතනවලට ඇති ඇල්ම දුරු වී යයි.ඇල්ම නැති වීම නිසා ආයතන හයෙන් නිදහස් වී යයි. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඥානය ඇතිවේ. ඉපදීම නැති විය. බඹසර වාසය සම්පූර්ණ කරන ලදී. නිවන අවබෝධය පිණිස කළයුතු සියල්ල සිදු කරන ලදී. එවිට ඒ ආර්ය ශ්‍රාවකයාට නැවත ඉපදීමක් නැති බව අවබෝධ වේ. එබැවින් අප සියලු දෙනාද මේ ආයතන හයේ යථා ස්වභාවය තේරුම් ගෙන ආයතන ගැන කලකිරී උතුම් නිවන් මග සාක්ෂාත් කර ගනිමු.

විශ්වයේ බලවන්තයා සම්මා දිට්‌ඨිය


සම්බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව හෙවත් චතුරාර්ය සත්‍යයේ සතරවැන්න වන දුක නැති කිරීමේ මාර්ගය හෙවත් නිර්වාන මාර්ගයේ ප්‍රථමය මුලු ආර්ය අෂ්ඨාංගික මාර්ගයේම මගපෙන්වන්නා සැටියට සම්මා දිට්‌ඨිය යනුවෙන් හඳුන්වන මහා බලවන්තයාගේ ක්‍රියාපටිපාටිය නම් යහපත් සම්මා දැකීමෙන්ම විමසා බලමු.

සම්මා දිට්‌ඨ§ය හෙවත් යහපත් දැකීම තුළ මුලු අරියඅටමගම ගොඩනැගී ඇත. නිවනේ එකම ප්‍රතිපදාව වන මුලු මධ්‍යම ප්‍රතිපදාව යහපත් දැකීම මත ගොඩනැගී ඇත. අපි කෙටියෙන් මෙම සම්මා ප්‍රතිපදාව එකින්එක විග්‍රහකොට ගතහොත් හදවත් තුළින් සම්මා දැකීම කෙතරම් සහනයක්‌ දැයි කෙතරම් වැදගත් දැයි අප ඔබට වචනයේ පරිසමාප්තියෙන්ම තේරුම් යාවි.

සම්මා සංකප්ප - සිත්සතන් තුළ ඇතිවන යහපත් වූ සංකල්පයන් යහපත් ෙච්තනාවන් මෙයින් ගම්‍යමාන වේ. යහපත් ෙච්තනාවන්ට සම්බුද්ධ දේශනා අනුව පෙරදැරි වන්නේ මෛත්‍රියෙන්, දයාවෙන් ශාන්තියෙන් අහිංසාවෙන්, අනුකම්පාවෙන් පිරි චිත්ත සන්තානයකි. මෙවන් මෛත්‍රී සංකල්පනාවන් යමෙකුගේ හදවතෙහි පහලවේද එය අපට විග්‍රහ කළ හැක්‌කේ සම්මා දිට්‌ඨ§යක්‌ වශයෙනි. මේ අනුව බලන විටද සම්මා දිට්‌ඨ§යෙන් තොරවූ සම්මා සංකප්පයක්‌ නොමැත. සම්මා දිට්‌ඨ§ය හේතුපාදක කොටගෙනම දෙවන සම්මා මාර්ගය විවෘත වී ඇති සෙයකි. එය එසේ නොවේද සුධනනි·

මීළඟට අප විග්‍රහයට නතුවන්නේ සම්මා වාචා හෙවත් යහපත් වචනයයි. යහපත් වාචා යනු සැරපරුෂ හෝ බොරු කේලාම් හෝ නිෂ්ඵල වචන නොවේමය. එවැනි දැ හැඳින්විය හැක්‌කේ මිච්ඡා නැතිනම් අසම්මා වාචා වශයෙනි. එවැනි වචන අන්තගාමීව හදවත් කම්පනයට පත්කරන වාචා (වචන) වන අතර මධ්‍යම ප්‍රතිපදාවට කිසිසේත්ම නොගැලපෙනු ඇත. මිච්ඡා වාචා නිවන් මගට නීවරණ වන අතර නිවන දුරින් දුරටම ඈත්කරවන මාර්ගයකි. එවැනි අසම්මත වචන පාවිච්චි කරන්නන්ට අප පවසනුයේ උත්සහවන්ත වී අරිය අට මගේ ප්‍රථමය වන සම්මා දිට්‌ඨ§ය පහළකරගෙන සිය වරද අවබෝධ වී තමන්ගේ වරද නිවරද කරගත හැකිය කියායි.

එවිට අවම වශයෙන් ලෞකිකත්වය තුළ හෝ සම්මා වාචා තුළින් මධ්‍යම ප්‍රතිපදාව අනුව ගමන්ගත හැකිය.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සතරවැන්න සම්මා කම්මන්තයි. එනම් යහපත් කර්මාන්තයි. යහපත්ව තවත් කෙනෙකුගේ ගැරහුමට ලක්‌නොවන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සාධාරණ කර්මාන්ත හෙවත් ජීවනෝපායයි. අයහපත් ජීවනෝපායක්‌, නොකළ යුතු වෙළ¹ම් වශයෙන්ද සම්බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාරා ඇත. මාංශ සතුන් අවි ආයුධ, වසවිෂ සහ මත්පැන් මත්ද්‍රව්‍ය කිසිසේත් සම්මා කම්මන්තයන් නොවේ. මිනිස්‌ සහ සත්ව ජීවිත හානියට පත්කරන තව තවත් සම්මා නොවන කම්මන්ත ලොව කොතෙකුත් ඇත. ඒ බව සිහිනුවණින් වටහාගෙන යහපත් දැ තෝරාගෙන අයහපත් දැ පිළිකෙව් කරන පිළිවෙතකට ළඟාවීමට ඔබ අපට අවශ්‍ය වන්නේ නැවත නැවතත් සම්මා දිට්‌ඨ§යයි. යහපත් දැකීමයි.

යහපත් දැකීමක්‌ තුළින් යහපත් කර්මාන්තවල යෙදීමෙන් ඔබ හදවත සමඟ මොළය සමතුලිත තත්ත්වයකට එළඹෙනු නියතය.

මීළඟට අප යොමුවිය යුත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පස්‌වැන්න හෙවත් සම්මා ආජීව වෙතය. මෙලොව වසන ඕනෑම පුහුදුන් පුද්ගලයකු ලෝක නීතිය අනුවද, ආගම් නීති අනුවද, යහපත් දිවිපෙවෙතක්‌ ගතකිරීමට බැඳී සිටී. අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ නිශ්චිතව පෙන්වාදුන් මධ්‍යම ප්‍රතිපදාවේදී ඉතාමත් වැදගත් සිද්ධාන්තයක්‌ වන්නේ සම්මා ආජීවයි. සම්මා දිට්‌ඨ§යක්‌ තුළින් යහපත් සංකප්පයක්‌ ඇතිවී යහපත් වචන මාර්ගයෙන් සහ යහපත් කර්මාන්ත ආශ්‍රයෙන් යහපත් දිවිපෙවෙතක්‌ ගතකිරීම සම්මා ආජීව වේ.

පස්‌පව්වලින් තොරව පංචා ඉන්ද්‍රියයන්ට වහල් නොවී දැහැමිව සාධාරණ දිවියක්‌ ගත කිරීම සම්මා ආජීව වඩාත්ම තේරුම් යන ආකාරයෙන් හැඳින්විය හැකිය. මෙකී සම්මා ආජීවයද අසම්මා හෝ මිච්ඡා ආජීවයෙන් වෙනස්‌ කොට දැකිය හැකි සම්මා දිට්‌ඨ§ය ඔබ අප තුළින් පහළකර ගත හොත් එය නිවනට අදාළ බව කිව හැකිය.

මීළඟට අපගේ විග්‍රහයට යොමුවන්නේ සම්මා වායාමයි. සත්‍ය වශයෙන්ම ඉහත සියලු සම්මාකාරණා මෙහෙය වීමට ඔබ අපට අවශ්‍ය සයවෙනි මාර්ගය වන්නේ සම්මා වායාමයයි. අසම්මා හෝ මිච්ඡා වායාම (වෑයම) තුළින් සියලු දෙනා අඳුරින් අඳුරට යනවා විනා ගොඩ ඒමක්‌ නැත. මේ අනුව බලන කල ආර්ය අෂ්ඨාංගික මාර්ගය කෙසේ වෙතත් කටු පඳුරු මාර්ගයට නොවැළැක්‌විය හැකිව අවතීර්ණ විය හැකිය. ලෞකික හෝ ලෝකොත්තර වශයෙන් ගත් කල වුවද සම්මා වායාම යහපත් ලෙස ඇතිකරගත හැක්‌කේ පෙර කී සම්මා දිට්‌ඨිගත වීමෙන්ම පමණි.

මීළඟට අප කෙලින්ම අවතීර්ණ වන්නේ ලෞකික තත්ත්වයන් මඳකට පසෙක තබා ලෝකෝත්තර පසුබිමක්‌ පිළිබඳව විමසිලිමත් වන්නටය. ඉහත සියලු සම්මා කාරණා පසුබිම් කොට යහපත්ව විසීම හෙවත් සිහියෙන් වාසය කිරීම නිරතුරුව සිහියෙන්ම කටයුතු කිරීම හා එමගින් ද කරුණු කාරනාවලට ප්‍රවිෂ්ඨවීම සම්මා සතියෙන්ම කළ යුතු වන්නේය. ඒ සඳහා ද සිත්සතන් තුළ මූලිකව පහළවන්නේ සම්මා දිට්‌ඨ§යයි.

සම්මා සතියට දාන, ශීල, භාවනා මාර්ගයෙන් පිළිපන් වීමට සම්මා දිට්‌ඨ§යෙහි පිහිටීම ගසට පොත්ත මෙන්වීම ස්‌වභාවයයි. සම්මා දිට්‌ඨ§යෙන් තොර සම්මා සතියක්‌ ගොඩනැගිය නොහැක. එසේම සම්මා සතියෙන් තොර සම්මා දිට්‌ඨ§යක්‌ ද ගොඩනැගිය නොහැක. ඒ බව තේරුම් ගැනීම මනාය. සම්මා සතියෙන් යුතුව කිසිවකුට සතෙකු මරණයට පත් කළ හැකිද? ආහාරයට ගන්නා සතකු නම් එවන් මාංශයක්‌ එකී මරණයට අනුබල දෙමින් එකී මරණය අනුමත කරමින් වැළඳිය හැකිද? අනුභව කළ හැකිද?

මනා දැක්‌මක්‌ දිට්‌ඨ§යක්‌ ඇතියකු එසේ කරාවිද? මෙවන් දැ අසම්මා බාල මිච්ඡා ක්‍රියා නොවේද? නිර්වානයට අවතීර්ණ විය හැකිද?

අරිය අට මගේ අවසන් වටය වන සම්මා සමාධි තත්ත්වය විශේෂයෙන්ම ලෝකොත්තර පිවිසුමකි. සම්මා සතිය නිශ්චය වශයෙන්ම පියවරෙන් පියවර දියුණුවත්ම ඒ තුළින් සම්මා සමාධියට පත්වීම නොවැළැක්‌විය හැකිය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ප්‍රථමය වන සම්මා දිට්‌ඨ§ය නිසාවෙන්ම අවසන සම්මා සමාධියට පත්වීම සිදුවන බව මේ සියලු විස්‌තරාත්මක විග්‍රහ තුළින් ඔබට දැන් සහසුද්දයෙන්ම පෙනී යන්නට ඇත.

අප විසින් සයවන සම්මා කරුණ දක්‌වාම ලෞකික තත්ත්වයන්සේම ලෝකෝත්තර තත්ත්වයන් විග්‍රහකොට දැක්‌වුවා වුවද ලෝකෝත්තර තත්ත්වයට පැමිණීමට අනිවාර්යෙන්ම එම සම්මා කරුණු සය තුළ ජීවත් විය යුතුය. එමනිසා එහි වටිනාකමට මිනුම් දණ්‌ඩක්‌ නොමැත. මිනුම් දණ්‌ඩක්‌ වනුයේ යම් කරුණක්‌ ද එය සම්මා දිට්‌ඨ§යයි.

මේ අනුව සුධනනි· සම්බුදුරදුන්ගේ උතුම් නිවන් මාර්ගයේ ප්‍රථමය වන සම්මා දිට්‌ඨ§යට කෙතරම් වැදගත් ස්‌ථානයක්‌ හිමිවී ඇත්දැයි සලකා බලනු වටී. එසේම දුකින්ම, දුකින්ම මියයන තිරිසන් අපායේ ගැලවීමක්‌ නොමැතිව නිරතුරු බියෙන් මරණ වේදනාවෙන් කුසගින්දරෙන් දිවිගෙවන සරණ විය යුතු අසරණ සතුන් දෙස නිරන්තර සෙනෙහසින්, මෛත්‍රියෙන්, දයාවෙන්, කරුණාවෙන්, අනුකම්පාවෙන් බැලීම හදවත මෛත්‍රියෙන් පුරවා ගැනීම කෙතරම් වටිනා සම්මා දිට්‌ඨ§යක්‌ද විමසුම් බුද්ධියෙන් සලකා බලනු මැනවි.

මිච්ඡා දිට්‌ඨ§ය හිංසාවාදයකි. නිවන අවබෝධය ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමකි. කාම තණ්‌හාව උග්‍ර තත්ත්වයට පත්ව භවයෙන් භවයට යාම ප්‍රාර්ථනා කිරීම එසේත් නැතහොත් මේ භවය පමණයි නිති කා බී සැනසෙමු උපරිම පංච කාම වින්දනය රිසිසේ ලබාගනිමු. යෑයි සිතීම සහ ඇතැමුන්ගේ දෙව් මිනිස්‌ සැප කෙළවර නිවන ප්‍රාර්ථනය ද මිච්ඡා දෘෂ්ඨ§යකි. නිවන කෙසේ වෙතත් දුක්‌ඛ සත්‍යය යන්තමින් හෝ අවබෝධ නොවීම භයන්කර මිච්ඡා දෘෂ්ඨ§යකි.

මිච්ඡා දෘෂ්ඨ§යේ දැඩිසේ එල්බගත්තවුන් පංචානන්තරීය අකුසල කර්ම ගෙවන්නට අවීචි මහ නරකයට යන්නන්ටත් වඩා අති භයන්කර පව්කාරයන්ය. අවීචි නරකයේ කවදා හෝ ආයු කාලය ගෙවා කෙළවර වී මිනිස්‌ භව ලැබිය හැකි වුවත් (උදාහරණ මුගලන් රහතන් වහන්සේ) මිච්ඡා දෘෂ්ඨිකයිනට නැවත මිනිස්‌ භව ලැබීම ඇතැම්විට කිසිසේත් ඉටුනොවන සිහිනයකි. හේතුව මිනිස්‌ භවයකට අවතීර්ණව මිථ්‍යා දෘෂ්ඨ§යෙන් මිදීමට අනාගතයේදීවත් ඔවුනට සිත් නොදෙන නිසාය. මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදීම කළ හැක්‌කේ මෙම දුකකින් ලබාගත් මිනිස්‌ භවය තුළ පමණක්‌ම වන නිසාය. මෙතැනදී වුවත් සම්මා දිට්‌ඨ§යේ ඇති බලවන්තකම කෙතරම් දැයි නුවණින් වටහා ගැනීම යෙහෙකි.

තවද සම්මා දිට්‌ඨ§යට පත් අයකු ප්‍රථමයෙන්ම තමන්ගේ මරණයේ යථා ස්‌වරූපය යථානුරූපව වටහා ගන්නෙකි. හෙතෙම අවම වශයෙන් සෝවාන් මාර්ගයේ ගමන් කර සෝවාන් ඵලයට පත්වන්නෙකි. එසේම හෙතෙම තවත් ප්‍රාණියකුගේ මරණය කිසිසේත් භුක්‌ති නොවිඳින්නෙකි.

එසේම අවසානයේදී මෙයත් සිහි තබාගන්න. මාංශ පළඟනක, මස්‌ මාංශ වෙළෙඳ පොළක, මාංශ උයන ස්‌ථානයක ස්‌වභාවයෙන්ම ඇත්තේ සම්මා දැක්‌මක්‌ ද නැද්ද තේරුම් ගැනීම බාර ඔබටය. සම්මා දිට්‌ඨ§යට අනුගතවී මාංශ බඳුනක්‌ දෙස දෙනෙත් යොමා කරුණා සමාපත්තියට සමවැදීම කළ නොහැකි ක්‍රියාවකි. එසේම එවැනි දැ වලින් දිවි ගෙවීම යහපත් සංකල්පයක්‌, යහපත් කර්මාන්තයක්‌ අසම්මා දැට අනුබල දීම සම්මා ආජීව (දිවි පැවැත්මක්‌) දැයි ඔබම තේරුම් ගන්න. තවද මෙම අරිය අටමගෙන් ඔබ කොපමණ මාර්ග සාක්‌ෂාත් කරගෙන ඇද්දැයි ඔබගෙන්ම අසා දැනගැනීම ඔබටම බාර කරමින් අපගේ දහම් ලිපිය අවසන් කරමු. 
තෙරුවන් සරණයි!

ආචාර්ය, පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි

සසර අනතුරේ හෙළන මසුරුබව


මසුරුබවේ තිබෙන අනතුරයක බව අපි තේරුම් ගන්ට ඕනෙ. එහෙම නැති වුණොත් අපේ සිතත් මසුරුකමින් යටවෙන්න පුලුවන්. මසුරුකම තිබෙන කෙනාට තමන්ට සැප විඳින්ට සිතෙන්නෙත් නැහැ. අන් අයගේ සැපය පිණිස කටයුතු කරන්න හිතෙන්නෙත් නැහැ. එහෙම කළොත් අපිට බඩගින්නෙ ඉන්න වෙයි, පිපාසෙන් ඉන්ට වෙයි' කියල එයාට බය ඇතිවෙනවා. 

බැලු බැල්මට නම් ඒ මසුරු කමෙන් තමන්ට ආරක්‌ෂාව සැලසෙනවා වගේ පේනවා. නමුත් අභ්‍යයන්තරයේ තිබෙන මසුරුකම හිත තවන හිත කෙලෙසන අකුසලයක්‌. එලෙස තිබෙද්දි එයා ලඟ තිබෙන භව භෝග තමාටවත් අනුභව කරන්න හිතෙන්නේ නැහැ. පස්‌සේ ප්‍රයෝජනයට ගන්නවා යෑයි හිතනවා. පසුවට උවමනා වෙන්ට පුළුවන් යෑයි හිතනවා. බැලු බැල්මට නිවැරදි ක්‍රියාවක්‌ වගෙයි පේන්නේ. නමුත් අභ්‍යන්තරයේ ක්‍රියාකරන අකුසලය මසුරුබවයි. ඒ මසුරුකම නිසා තමාගේ ධනය තමා පරිභෝග කරන්නෙත් නැහැ, අන් අයට දෙන්නෙත් නැහැ.. 

ඊළඟ දේ මසුරුකම තිබෙන කෙනා යමක්‌ දන් දුන්නත් ඊට පස්‌සේ ඒ ගැනත් පසුතැවෙනවා. එය නොකර හිටියානම් හොඳයි කියා පසුතැවෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නෙ? දන්දීම නිසා උපදින යම් පිනක්‌ ඇද්ද ඒ පිනත් මහත්ඵල වෙන්නෙ නැතිව යනවා. ඒ වගේ ම එයාගේ හිත තවත් කිළිටිවෙනවා. මේ නිසා අපි මසුරුකම ගැන භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන් කාරණා ඉගෙන ගත යුතුයි. ඒ කාරණා තේරුම් ගන්ට ඕනෙ. ඒ වගේ ම මසුරුකම අපේ ජීවිතයෙන් බැහැර කරන්ට කටයුතු කළ යුතුයි.

දවසක්‌ භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන්ට කොසොල් රඡ්ජුරුවො පැමිණියා. එවිට භාග්‍යවතුන් වහන්සේ අසා සිටියා 'පින්වත් මහරජ මේ දහවල් කාලෙ කොහෙ සිටද මේ පැමිණෙන්නෙ' කියලා. කොසොල් රඡ්ජුරුවො ප්‍රකාශ කළා, භාග්‍යවතුන් වහන්ස, මේ කොසොල් ජනපදයේ හිටිය ඉතාම ධනවත් සිටුවරයෙක්‌. ඒ සිටුවරයා කළුරිය කළා. නමුත් ඔහුට දරු මල්ලො හිටියෙ නැහැ. ඉතින් කළුරිය කළායින් පස්‌සෙ එයාගේ ධනයට අයිතිකාරයෙක්‌ හිටියෙ නැහැ. මම මේ ගිහින් ඒ ධනය මගේ භාණ්‌ඩාගාරයට, රජයට පවරගෙන එන ගමන්. ස්‌වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හරිම පුදුමයි ඒ සිටුවරයා හරිම ධනවතෙක්‌. එයාගෙ භාන්ඩාගාරයේ තුළ රන් කාසි විතරක්‌ කෝටියක්‌ තිබුණා. රිදී කාසි ගැන කවර කතාද?' කියල කොසොල් රජ තුමා භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කළා. 

ඊට පස්‌සේ කොසොල් රජතුමා ප්‍රකාශ කරනවා ස්‌වාමීනී භාග්‍යවතුන් වහන්ස ඒ සිටුවරය මෙතරම් ධනවත් උනාට එයා දුක්‌ වින්දා. හරියට කෑමක්‌ බීමක්‌ කෑවෙ නැහැ. එයා කෑවේ නිවුඩු හාලේ බතයි කාඩි හොද්දයි. හරියට ඇඳුමක්‌ ඇන්ඳේ නැහැ. එයා ඇන්ඳෙ කෑලි තුනක්‌ මූට්‌ටු කරපු හණ වැහැරියක්‌. යාන වාහනයකට පාවිච්චි කර තිබුණේ කබල් කුඩයක්‌ ඔසවල තිබුණු පොඩි කරත්තයක්‌. සිටුවරයෙක්‌ වුණත් එයා සැප විඳපු කෙනෙක්‌ නොවෙයි. නමුත් එයා ලඟ මහා ධනයක්‌ තිබුණා' යෑයි කෙසොල් රඡ්ජුරුවො භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කළා. 

ඒ වෙලාවෙදි භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා පින්වත් මහරජ, ඒක එහෙම ම තමයි. පින්වත් මහරජ, ඒක එහෙම ම තමයි. ඒ පුද්ගලය ඒ විදිහටයි ජීවත් වුණේ. ඒකට හේතුවක්‌ තිබෙනවා. ඒ සිටුවරය අතීත ජීවිතයක මේ නගරයේ වාසය කළා. ඒ කාලයේ තගරසි‚ කියල පසේ බුදුරජාණන් වහන්සේ නමක්‌ ඒ ප්‍රදේශයේ හිටිය. ඒ සිටුවරය ඒ කාලෙත් මහා ධනවත් කෙනෙක්‌. ඒ පසේ බුදුරජාණන් වහන්සේ එයාගේ මන්දිරයට පිණ්‌ඩපාතෙ වැඩියා. එවිට මේ සිටුවරය දුටුවා මේ පින්ඩපාතෙ වඩින ශ්‍රමනයන් වහන්සේව දැක සේවකයන්ට පවසනවා අන්න අර ශ්‍රමනයන්ට දානෙ ටිකක්‌ දෙන්න' යෑයි පවසා යන්න ගියා. දන් පැන් දුන්නෙ නෑ. දෙන්න කියල කිව්ව විතරයි. ඊට පස්‌සෙ සේවකයින් දන් පැන් දුන්නට පස්‌සේ අර සිටුවරයට හිතුන අපරාදෙ මේ දානය ටික දුන්නෙ. මේ දානය නොදී සිටියා නම් මගේ මේ සේවකයෙකුට හරි කන්න දෙන්න තිබුණා. අපරාදෙ මේ නිකන් කෙනෙකුට දුන්නෙ යෑයි හිතුණා. මසුරුකම හිතේ තිබුණාම වෙන දේ තමයි ඒ. එයාට දන් දෙන්ට හිතුනෙ නැහැ. දෙන්න යෑයිනියම කළා, නමුත් එහෙම නියම කර පසුව පසුතැවුණ. 

ඉන් පසුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහරජ, ඒ සිටුවරයා පසේබුදුරජාණන් වහන්සේට දන් දෙන්න කියල නියම කළ පිනේ ආනිසංස විදිහට එයා සත් වතාවක්‌ සුගතියේ දෙවියන් අතර ඉපදුණා. ඒ කර්මයේ ඉතිරි විපාකයෙන් මේ සැවැත් නුවර ම සත් වතාවක්‌ සිටු තනතුර ලැබුණා. නමුත් පින්වත් මහරජ ඒ පුද්ගලය දානය දුන්නට පස්‌සෙ, ආපරාදෙ ඒ දානෙ ටික දුන්නෙ. ඒක සේවකයෙකුට හරි අනුභව කරන්න තිබුනනෙ කියන මසුරුකම ඉස්‌මතු වී අකුසල සිතුවිල්ලක්‌ ඇතිකරගත් නිසා එහි විපාක ලෙස ඒ නුවර සිටුවරයෙක්‌ වෙලා ඉපදෙන්ට ලැබුණට එයාගෙ ධනය පරිහරණය කරන්ට හිත නැමුණෙ නැහැ. මිහිරි ආහාරයක්‌ අනුභව කරන්ට හිත නැමුණෙ නැහැ. ලස්‌සන ඇඳුමක්‌ අඳින්ට හිත නැමුණෙ නැහැ. හොඳ වාහනයක්‌ පාවිච්චි කරන්ට හිත නැමුණෙ නැහැ. ඒ ධනය තමාගේ පහසුවට පාවිච්චි කරන්ට හිත නැමුණෙ aනැහැ යෑයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.

මසුරුකම නිසා සිද්ධවෙච්ච දේ. යම් කෙනෙකුට කුසල් අකුසල් පිළිබඳව වැටහීමක්‌ නැති නම් එයා අතින් අකුසල් කෙරෙනවා කුසල් මඟහැරෙනවා. පින් කරන එකත් මඟහැරෙනව. පාපී ක්‍රියා කෙරෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ස්‌වාක්‌ඛාත ධර්මය යම් කෙනෙක්‌ පිළිඅරගෙන, ඒ ධර්මය අසා තේරුම්ගෙන, ඒ ධර්මය පිළිගත්තොත්, එසේ ධර්මය පිළිගත් කෙනාට, තමාට දුක පිණිස පවතින මසුරුකම වැනි පාපී අකුසල් බැහැර කර කුසල් උපදවාගැනීමට හැකියාව ලැබෙනවා.

අර පුද්ගලයා දානය ටිකක්‌ දෙන්න කියල කිව්වා. නමුත් ඒ උපදවා ගත්ත පින මහත්ඵල කරගන්ට බැරිවුණා. නැවත නරක සිතුවිල්ලක්‌ ආවා. එයාට ඒක තේරුණේ නැහැ සිතට නරක සිතිවිල්ලක්‌ ආ බව. එය තේරුම් අරගත්ත නම් Ñමේක අකුසලයක්‌, මේ සිතුවිල්ල මට හොඳ නැති බව ඒ මසුරු සිතුවිල්ලට, ඒ ලෝභී බවට ඉඩ දෙන්නේ නැහැ. එය බැහැර කරනවා.

කරපු ක්‍රියාව පුංචියි. එයාට හිතුනේ මොකක්‌ද? අපරාදෙ මේ දානය දුන්නෙ කියල. සිතේ ඇතිවුනේ සිතුවිලි කීපය යි. නමුත් ඒකේ විපාකය බලන්න. ඒ විපාකයට මහා ධනවත් සිටුවරයෙක්‌ වෙලා ඉපදුණා. නමුත් එයාට ඒ ලැබුණ ධනය තමාගේ සැපය පිණිස පාවිච්චි කරන්ට බැරිවුණා. තමාගේ සැප පිණිස ධනය පාවිච්චි කරන්ට හිත නැවෙන්නේ නැත්නම් එයා අන් අයගේ සැප පිණිස ධනය යොදවන්නේ නැහැ. ඒකත් එයාට බැරි වුණා. කොසොල් රඡ්ජුරුවො පැවැසුවානේ කෝටියක්‌ ධනය තිබුණ බව. එච්චර ධනයක්‌ තිබුණ කෙනාට මිහිරි කෑමක්‌ කන්න හිත නැමුණෙ නැහැ. හරියට වස්‌ත්‍රයක්‌ අඳින්ට හිත නැමුණෙ නැහැ. ඒ සිතුවිල්ලක්‌ මගින් ම ඉපදුණ අකුසලයේ විපාක, සිතුවිල්ලක්‌ මගින් ම විපාක දෙනවා. සිතේමයි මේ අකුසලය හටගත්තේ. සිතෙන්මයි එහි විපාක ඇතිකරන්නෙත්. සමහර අය ඉන්නවා ධනය තිබෙනව, ඒ වගේ ම ධනය පරිහරණය කරන්ට හිතෙනවා. සමහර අයට ධනය තිබෙනව, නමුත් පරිහරණය කරන්න හිතෙන්නේ නැහැ. මොකක්‌ද හේතුව? ඒ එයා රැස්‌ කරගත්ත ආකාරය. 

නමුත් මේ ධර්මය කෙරෙහි පැහැදීම තිබෙන කෙනා අකුසලය ගැනත් අකුසලයේ විපාක ගැනත් කුසලය ගැනත් කුසලයේ විපාක ගැනත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට යම් විදිහකින් වැටහීමක්‌ තිබෙනවා. එයා මසුරුකම වගේ පාපී සිතුවිලි සිතේ ඇතිවෙනකොට සිහිකරනවා මේක අකුසලයක්‌ මේ අකුසලයේ මෙබඳු විපාක තිබෙනවා බව. ඒ නිසා එයාට අකුසලය ගැනත් අකුසලයේ විපාකය ගැනත් ලැඡ්ජාව බය උපදිනවා. එවිට ඒ වගේ අකුසලයට ලැඡ්ජා බය ඉපදුණ කෙනා තු=ළ අකුසල් සිතුවිල්ලක්‌ ඉපදුණොත් ඒ සිතුවිල්ල බැහැර කිරීම ගැන කලින් ම එයා තුළ කැමැත්තක්‌ තියෙනව. ඇයි ඒ ? එයා දන්නව මේක අකුසලයක්‌ බව. අකුසලය අකුසලය විදිහට දන්න කෙනා අකුසලය බැහැර කරන්න කැමැත්තෙන් ඉන්නේ. 

අකුසලය බැහැර කරන්න කැමැත්තක්‌ නැත්නම් මොකක්‌ද ඒකට හේතුව? මේක අකුසලය කියල අපි දන්නේ නැහැ. මේ අකුසලය දුක්‌ සහිත විපාක තිබෙන බව අපි දන්නෙ නැහැ. අකුසලයත් දන්නවා අකුසලයේ විපාකයත් දන්නවා නම් එසේ දන්න කෙනා අකුසලයට අකුසලයේ විපාකයට කැමතිවෙන්නේ නැහැ. එයා දන්නවා ඒක දුක්‌ විපාක සහිතයි, කිසිම සැපක්‌ ඒකෙන් උපදවන්නේ නැති බව. ධර්මය දන්නා බව අපට මොන තරම් සැප උපදවනවාද? ඒ නිසයි භාග්‍යවතුන් වදාළ අතිශයින් පිරිසිදු අතිශයින් බලවත් මේ ධර්මය අපි ඉගෙන ගෙන ඒ ධර්මය දරාගත යුත්තේ. 

ඒ නිසා තේරුම් ගන්න මසුරුබව කියන එක අපේ ජීවිතයට මහා අනතුරක්‌. මෙලොවටත් අනතුරක්‌ පරලොවටත් අනතුරක්‌. සසරේ බොහෝ දුක්‌ විඳින්ට සිදුවන අතිශය භයංකාර අනතුරු ඇතිකරන අකුසලයක්‌. ඒ නිසා ඒ අකුසලය ගැන අකමැත්ත ඇතිවන විදිහට, ඒ වගේ ම කුසලය ගැන කුසලයට කැමැත්ත ඇතිවන විදිහට අකුසලය ගැනත්, කුසලය ගැනත්, අකුසලයේ විපාක ගැනත් කුසලයේ ආනිසංස ගැනත් අපි වැටහීමක්‌ ඇතිකරගත යුතුයි. ඒ සඳහා අපට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය උපකාර වෙනවා. ඒ නිසා ඒ ධර්මයේ තිබෙන ඒ කාරණා ඉගෙනගෙන තම තමාගේ ජීවිත තුළ පුරුදු පුහුණු ගැනීමට උත්සාහ ගත යුතුයි. 
පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි

පුබ්බන්තෙ ඥානය සහ අපරන්තෙ ඥානය

නිවැරැදිව අර්ථ නිරූපණය කරගත යුතුය

ප්‍රතිවේදය පමණක්‌ ශේෂ ව පවතින එහෙත් ප්‍රතිපදාව උපදවා ගැනීමට අසමත් මෙකල ශාසනයෙහි ප්‍රතිපදාව උපදවාගත යුතු නිවැරැදි ම`ග පැහැදිලි කර දෙන අගනා ධර්ම දේශනයක්‌ මෑතක දී ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන ස්‌වාමීන්වහන්සේ විසින් පවත්වන්නට යෙදිණි. වර්තමාන ශාසනයේ නිවන් ම`ග ඇහිරී තිබෙන්නේ මක්‌නිසා ද යන කරුණ පටිච්ච සමුප්පාද විවරණය ඇසුරින් පහදා දෙන එම ධර්ම දේශනය අද පටන් බුදුම`ග පාඨක පින්වත් ඔබට කියවන්නට ලැබෙයි. මේ ධර්ම දේශනයට සවන් දී මේ අයුරින් විශාල පිරිසක්‌ වෙත කියවීමට සැලැස්‌වීම සඳහා අවස්‌ථාව උදා කර දුන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්‌ෂ මහේෂ යහම්පත් මහතාට පුණ්‍යානුමෝදනාවෙන් යුතු ව ස්‌තුතිය පුද කර සිටිමු. 

පටිච්ච සමුප්පාදය අද තිබෙන විදියට අර්ථ දැක්‌වීමේ ඊළ`ග දෝෂය තමයි නිවන් ම`ග එතන නැති වීම. ඇයි ඒ?

අවිද්‍යාව, සංඛාරය (කර්මය) පෙරයි. විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන්නෙ මේ පංච උපාදානස්‌කන්ධය හටගත්ත (වර්තමාන) තැනයි කියලයි මෙතන විස්‌තර කරන්නෙ. 

පෙර ජීවිතයෙ කර්මයට තමයි මේ (වර්තමාන) පංච උපාදානස්‌කන්ධය හටගන්නෙ කිව්වම, අද තණ්‌හාව විතරයි නැති කරන්න පුළුවන්, රහත් වුණත් පංච උපාදානස්‌කන්ධයක්‌ තමයි පරිහරණය කරන්න වෙන්නෙ, එහෙම වුණොත් ජරා මරණ දුකෙන් අද මිදෙන්න බෑ, මිදෙන්න වෙන්නෙ පස්‌සෙයි (ඊළ`ග ජීවිතයෙ) කියන උත්තරයකට එනව. 

ඒ කියන්නෙ අද ජරා මරණයෙන් මිදෙන එක අතහැරිල කියන එකයි.

ඒ කියන්නෙ වර්තමානය පංච උපාදානස්‌කන්ධ වුණොත් තණ්‌හාව නැති කළ හැකියි. නමුත් ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්‌ඛ, දෝමනස්‌ස, උපායාස, සංකිත්තෙන පංච උපාදානක්‌ඛන්ධා දුක්‌ඛා කිව්ව එකෙන් මිදෙන්න පුළුවන් ද? බැහැ. 

ඒ හින්ද අද ශාසනයේ උත්තරය තියෙන්නෙ කොහොම ද දන්නව ද? අද තණ්‌හාව නැති කරන්න පුළුවන්. තණ්‌හාව නැති කළොත් අනාගතේ දි ජරා මරණ දුකින් මිදෙන්න පුළුවන් කියන තැනකයි අද ශාසනේ තියෙන්නෙ.

අපේ ජීවිතය ම පංච උපාදානස්‌කන්ධය නම්, පංච උපාදානස්‌කන්ධය ජාති, ජරා, මරණ, සෝක, පරිදේව දුක්‌ඛ දෝමනස්‌ස උපායාසයක්‌ නම්, කෙලෙස්‌ ටික නැති කෙරුවහැකි. පංච උපාදාන ස්‌කන්ධයෙන් මිදෙන්න පුළුවන් ද? ඒ කියන්නෙ අද දුකින් මිදෙන්න පුළුවන් ද? බැහැ. අද හේතුව නැති කරල අනාගතයෙ දියි ඵලය ලැබෙන්නෙ.

එහෙම වුණොත් මේ ශාසනයට කියන්න පුළුවන් ද සන්දිට්‌ඨ§කයි, අකාලිකයි, ඒහිපස්‌සිකයි කියල? බැහැ.

මේක ලොකු වරදක්‌. හැබැයි වැරැද්ද පෙළේ (අභිධර්ම පිටකයේ) නෙමෙයි. පෙළ හරි. ගිනි පුපුර හරි. අපි අරගෙන තියෙන අර්ථයයි වැරැදි. ඒ වැරැද්ද තිබුණොත් මාර්ගඵල ලැබුවා නම් තමයි පුදුමය. පරියත්තිය වැරැදිලා ප්‍රතිපත්තිය හරි ගියොත් තමයි පුදුමය.

පරියත්තිය හරි ගියොත් තමයි ප්‍රතිපත්තිය හරියන්නෙ. ප්‍රතිපත්තිය හරි ගියොත් තමයි ප්‍රතිවේදය නැත්නම් ඵලය ලැබෙන්නෙ.

එක එක්‌කෙනා එක එක විදියට හාල් ගරල, බත් උයල, මුට්‌ටි මාරු කර කර, හාල් මාරු කර කර බත් උයන්න හදනව වගේ ක්‍රමයක්‌ අද ශාසනේ තියෙන්නෙ. වැරැද්ද මුට්‌ටියේ, හාල් ටිකේ නෙමෙයි. ගින්දර නැති එකයි. ප්‍රතිපත්තිය නැති එකයි. මේ ගිනි පුපුරට ම පිඹල උපදව ගත්තොත් මිසක ඊට මෙහා කිසි විදියකට බැහැ. එහෙම නම් සම්මා සම්බුද්ධයි වෙන්න ඕන. නැත්නම් පච්චෙක බුද්ධ වෙන්න ඕන.

මේ ගිනි පුපුරට ම පිඹල ගන්න කෙනෙක්‌ සම්මා සම්බුද්ධ හරි පච්චෙක බුද්ධ හරි වෙන්නෙ නෑ. විශේෂ ඥානයක්‌ විතරයි. හැබැයි එය ද බුදු වදන්මයි. බුද්ධ ශාසනය මයි.

දැන් අපි බලමු මෙතන ඇත්තට ම තියෙන ධර්මතාව මොකක්‌ ද කියල. මම මේ කියන කාරණාව හොඳට බලන්න.

විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන තැන තමයි අපේ ජීවිතය. ඒ කියන්නෙ විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් මවු කුසට බැසගත්තට පස්‌සෙ නාම රූප කියන්නෙ මහා භුතයන් ගෙන් යුත් මේ කය සවිඥානික වෙච්ච හැටි. ඒ නිසා ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ආයතන ටික හැදිච්ච හැටි. ආයතන නිසා ස්‌පර්ශ ඇති වන හැටි - චක්‌ඛු සම්පස්‌ස, සෝත සම්පස්‌ස, ඝාන සම්පස්‌ස...ඒ නිසා වේදනාව එන හැටි - චක්‌ඛු සම්පස්‌සජා වේදනා, සෝත සම්පස්‌සජා වේදනා... 

කෙටියෙන් සැලකුවොත්, ඇහැට රූපයක්‌ පෙනෙනව කියන තැන විතරක්‌ ගන්න. ඔන්න ඕක තමයි ජීවිතය. 

බුදුරජාණන් වහන්සෙ අවිද්‍යා සංඛාර පෙරයි කිව්වෙ මේකට හේතු පෙන්නන්න නෙමෙයි. මහණෙනි, පෙර අවිද්‍යාවෙන් කර්ම රැස්‌ කරගත්ත නිසයි තණ්‌හා උපාදාන වෙලා නුඹලට මෙතෙන්ට එන්න වුණේ කියල සඳහනක්‌ බුදුරජාණන් වහන්සෙ කරනව. (පුබ්බන්තෙ ඥානය)

එහෙම කියල, අදත් මේ විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන ටික තියෙන තැනක අවිද්‍යාවෙන් කර්ම 

රැස්‌ කරගත්තොත් නුඹලට අනාගතය කියල තැනකට යන්න වෙනවා කියල එක පෙන්නනව. (අපරන්තෙ ඥානය).

අතීත හේතු පෙන්නන එකක්‌ නෙමෙයි මෙතන තියෙන්නෙ. මෙන්න මේ කාරණාව හොඳට ගන්න.

පෙර ජීවිතයෙ දිත් විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන ටික නුඹලට හම්බ වෙද්දි එතැන ඇත්ත නො දැන, කර්ම හදාගෙන ඒකෙ තණ්‌හා උපාදාන වෙච්ච නිසයි නුඹලට මෙතෙන්ට එන්න වුණේ කියල කියන්නයි මේක පෙන්නන්නෙ මිසක, පුබ්බන්තෙ ඥානං කියන එකෙන් කියන්නෙ පෙර අවිද්‍යා කර්ම නිසා වර්තමානය හටගත්තා කියන එක නෙමෙයි. 

පුබ්බන්තෙ ඥානය එහෙම පෙන්නල අදත් මේ ඇහැට රූපයක්‌ පෙනිල, කණට ශබ්දයක්‌ ඇහෙන තැනක අදත් ඇත්ත නො දැන අවිද්‍යාවෙන් කර්ම රැස්‌ කර ගත්තොත් ආයෙත් තණ්‌හා උපාදාන වෙලා නුඹල අනාගතේට යනවා කියල අපරන්තෙ ඥානය පෙන්නනව.

පෙර වැරැද්ද නිසයි වර්තමානය. වර්තමානය වරද්දගත්තොත් අනාගතයට යනව කියන දෙපැත්ත පෙන්නල වර්තමානයක අවිද්‍යා සංඛාරය වෙන හැටි, ඒකට විපාක හදාගන්න හැටි, ඒකට තණ්‌හා උපාදාන වෙන හැටි, මතු භවය හදාගන්න හැටි පෙන්නන්නයි මේ ටික කියන්නෙ.

මේ චක්‍රයෙ අවිද්‍යා සංඛාර අතීත හේතුයි කියල පෙන්නපු එක වැරැදි නැහැ. ඒක වර්තමානයට හේතුව ලෙස සෘජු ව ගත්ත එකයි වැරැදි. ඒකෙන් පෙන්නුවෙ මේ වගේ විපාකයක්‌ නුඹලට පෙර හම්බ වෙද්දිත් අවිද්‍යාවෙන් කර්ම රැස්‌ කරගත්ත නිසයි මෙතෙන්ට එන්න වුණේ කියල මෙතෙන්ට එන්න මුල් හේතුව පෙන්නුව. ඒක කළේ වර්තමානය හදාගන්න ඇහැ යොමු කරන්නයි.

ඒ කාරණාව පැහැදිලියි නෙ.

හැම වෙලේ ම ප්‍රතිසන්ධිය ලබා දෙන තැන තියෙන්නෙ තණ්‌හා, උපාදාන, භව. තෘෂ්ණාව නමැති වඩුවයි මේ ගේ හැදුවෙ. කර්මය නෙමෙයි.

මෙතෙන් දි පළමුවැනි අදියර විදියට මට ඕන කළේ අවිද්‍යා සංඛාරය අතීතයට දමන වැරැද්ද අතහරවන්නයි.

දැන් ආපහු හොඳට මනස යොමු කරන්න. මේ විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන තැන මම කිව්ව අපේ වර්තමාන ජීවිතය කියල. ඔතන තියෙනව පොඩි ගැටලුවක්‌. මේ ලෝකෙට හොයාගන්න බැරි ඔන්න ඔය සිද්ධියයි. ඔය ටික පෙර කර්මයන්ට උපාදාන වෙල තණ්‌හාවෙන් හටගත්ත ස්‌කන්ධ ටිකක්‌ කියල දෙයකුත් තියෙනව. ඕක ම කර්ම වෙන න්‍යායකුත් තියෙනව. 

උදාහරණයකට මේ ජංගම දුරකථනයක්‌ ගත්තොත් මේකට ඇමතුම් එන පැත්තකුත් තියෙනව ඇමතුම් ගන්න පැත්තකුත් තියෙනව. ඉන්කමින් අවුට්‌ගොයින් කියල දෙකක්‌ තියෙනව. මේ ස්‌කන්ධ පංචකයෙත් ඔය ටික තියෙනව. අපි ඉස්‌සරවෙලා බලමු ''ඉන්කමින්'' එක. (අද බණ කියන්න වෙලා තියෙන්නෙත් ඩිජිටල් ක්‍රමයටෘ වෙන ක්‍රමයකට කිව්වොත් තේරෙන්නෙ නැහැ නෙ).

ඇහැට රූපයක්‌ පෙනෙන අවස්‌ථාව ගන්න. ඇහැට රූපයක්‌ පෙනෙනව කියන තැන තියෙනව විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා කියල. 

චක්‌ඛු සම්පස්‌සයත් චක්‌ඛු සම්පස්‌සයෙන් උපන් වේදනාවත්. මෙතන තියෙන්නෙ පිරිසිදු ස්‌කන්ධ ටිකක්‌. අනාත්ම වූ ස්‌කන්ධ ටිකක්‌. මේ ටික හේතූන් ගෙන් හටගත්ත, ආහාරයෙන් හටගත්ත, ප්‍රත්‍යයන් ගෙන් හටගත්ත ධර්මතා ටිකක්‌.

ඇහැ ද කන බොන ආහාරය නිසා. මේ පෙනෙන රූපය ද කන බොන ආහාරය නිසා. මෙතන තියෙන්නෙ සතර මහා ධාතූන් ගෙ උපාදාය රූපයක්‌. ඒක ධර්මතාවක්‌.

මේ ඇහැත් රූපයත් කියන තැනක හිත උපන්නා. ඒ ස්‌පර්ශය නිසා වේදනා සංඥා පහළ වුණා කියන ටික ගත්තහම මෙතන තියෙන්නෙ හොඳට බලන්න ඇහැට පෙනෙනව කියන තැනක, දකින්න පෙර නො තිබුණු දැක්‌කට පස්‌සෙ නො තිබෙන ඒ අවස්‌ථාවටත් නො තිබෙන ඒ වෙලාවට විතරක්‌ හේතු නිසා හදාගත්ත දර්ශනයක්‌ අපට මේ පෙනෙන්නෙ. 

මේ රූපෙ නිසයි ඇහැ හැදෙන්නෙ. ඇහැ නිසයි රූපෙ හැදෙන්නෙ. මේ දෙන්න ම නිසයි චක්‌ඛු විඤ්ඤාණය හැදෙන්නෙ. ඔවුනොවුන්ට උපකාරීවයි තියෙන්නෙ. මිරි`ගුව කියෙන තැනක ඇහැ නිසයි ජලය වගේ සටහන පෙනෙන්නෙ. ජලය වගේ සටහන නිසයි ඇහැ කියල එකක්‌ උපදින්නෙ. ඒ දෙන්න නිසයි චක්‌ඛු විඤ්ඤාණය කියල එකක්‌ උපදින්නෙ. ඔය ටිකේ එකතුව තමයි වතුර වගේ පෙනෙන එක.

අපි අහකට යනකොට ම වතුර වගේ පෙනෙන රූපයත් අතහැරෙනව. ඒ රූප දැක්‌ක ඇහැත් බිඳෙනව. ඒ රූපය දැකපු හිතත් නිරුද්ධ වෙනව.

අපිට පෙනෙනව කියන තැනක මෙහෙම හේතූන් ගෙන් හටගත්ත දෙයක්‌ තමයි ඇත්තට තියෙන්නෙ. නමුත් දකින්න පෙර තිබුණ, දැක්‌කයින් පස්‌සෙත් තියෙනව කියන මේ කිසි ම දෙයක්‌ නො දැන ඇහැට රූපයක්‌ පෙනෙනව කියන තැන එකක්‌. මෙතන ඇත්ත නො දන්නාකම නිසා මේ පෙනෙන රූපය හොඳට අල්ලගෙන අපි විඳිනව. විස්‌තර ඇති ව හිතනව.

මෙහෙම අල්ලගෙන වින්දහම තියෙන දෝෂය තමයි මේ ඇහැත් රූපයත් චක්‌ඛු විඤ්ඤානයත් ඉතුරු නැති ව ම නිරුද්ධ වෙලත් මේ සටහන එහෙම ම අපේ මනසෙ හිටිනව. අන්න එහෙම සටහන මනසෙ හිටින එක තමයි අවිඡ්C`ධා පච්චයා සංඛාරා.

ඒa කියන්නෙ ඇහැ ගැන දන්නෙ නෑ. රූපය ගැන දන්නෙ නෑ. චක්‌ඛු විඤ්ඤාණය ගැන දන්නේ නෑ. චක්‌ඛු සම්පස්‌සය ගැන දන්නෙ නෑ. ප්‍රත්‍ය නිසා හටගන්න ධර්මයෝ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනව කියන ධර්මතාව සාක්‌ෂාත් කරගෙන නැහැ. අවිද්‍යාසහගත මනසකින් අපි වින්දෙ. ඇති දෙයක්‌ හැටියට අල්ලගෙනයි අපි වින්දෙ. එහෙම වින්දම තියෙන දෝෂය තමයි වින්ද අරමුණේ විඤ්ඤාණය පිහිටනව. ඒ කියන්නෙ ඒ ටික හටගෙන නිරුද්ධ වුණත් ඇති හැටියට මනසෙ හිටිනව. දැන් අපේ මනසෙ හැඩ සටහනක්‌ තියෙනව. මේක ඇති තතු නො දන්නාකම නිසා හටගත්ත කර්ම නිමිත්තක්‌.

දෙවනුවට අනුබන්ධන චිත්ත වීථි කියල ඔය නිමිත්ත ම අරගෙන හිතෙනුත් යනව. "එයා හරි ම හොඳ කෙනෙක්‌, මගේ අප්පච්චි" කියල ආදරේ හෝ තරහ හෝ ඇති වෙන විදියට හිතේ ම තියෙන නිමිත්ත අරභයා ආපහුත් අපි හිතනව. 

ඔන්න ඔය ඇහැට පෙනුණු එක කෝල් එක ආපු එක වගේ (ඉන්කමින්). ඒකෙ දෝෂයක්‌ නැහැ. ඒ සිද්ධියේ ඇත්ත නො දන්නාකම නිසා ඒක අල්ලගෙන විඳින්න ගියා ම තියෙන දෝසය තමයි ඒ ධර්මය නිරුද්ධ වෙලත් එය ඇති බවට මනසෙ හිටිය.

දැන් මේකෙ අවුට්‌ගොයින් එකකුත් තියෙනව. ඒ කිව්වෙ දැක්‌ක රූපය බලන්න කියල යනකොට සංඛාර පච්චයා විඤ්ඤාණං. 

අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තක්‌ සිහි කරල යැම තමයි සංඛාර පච්චයා විඤ්ඤාණං. ආපහු විඤ්ඤාණය වෙලා, නාමරූප වෙලා, ආයතන හැදිල, ආයෙත් මේ රූපය හදාගන්නව අපි. හැබැයි දැන් සංඛාරා පච්චයා විඤ්ඤාණං.