ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

තෘෂ්ණාව දුරු කිරීම


දුදහමේ උගන්වන පොදු හා ප‍්‍රථමික සීලය පංචශීලයයි. සමාජයක් රටක් යහපත් ගුණගරුක සමාජයක් බවට පත් කිරීමට අදාළ සියලු කාරණා ඊට අන්තර්ගතය.
සසර අවුලට මෙහා ඇති බොහෝ අවුල් මගහරවා ගැනීමට පංචශීලය සාම්ප‍්‍රදායික වතාවතක් පමණක් බවට පත් වී ඇත. තම පැවැත්ම උදෙසා පරපණ නැසීම, සොරකම, පරපුරුෂ සේවනය, බොරු කීම හා මත්ද්‍රව්‍ය භාවිතය යන මේ කරුණු අද මුළු මහත් ලෝකයටම සාපයක් වී තිබේ.
ලොව කොතනක හෝ අසාධාරණ, කලකෝලාහල මෙන්ම යුද්ධ ආදිය තිබේනම් ඒ සෑම තැනම එකී නරක සිරිත් ඊට මුල් වී ඇත. මේ අනුව බලන කළ මේ පැණවීම් පසෙහි වටිනාකම කෙතෙක්ද යන්න මනාව අවබෝධ වේ. කිසියම් සමාජයක් මෙම ධර්මතා පසට ගරුකරමින් තමා ගැන සේම අනුන් ගැනද සිතයි නම් එය ශ්‍රේෂ්ඨ වූ සංකල්පයකි.
සීලයන් අතර වඩාත් වැදගත් සීලයක් ලෙස ඉන්ද්‍රීය සංවර සීලය පෙන්වා දිය හැකිය. ගැඹුරින් සළකා බැලුවහොත් ඉඳුරන් සංව කර ගැනීම ලෞකික ;ල¤කෝත්තර දෙපක්ෂයේම සුභසිද්ධියට හේතු වේ. භික්ෂූන් වහන්සේලාට වැදගත් වූ ප‍්‍රාතිමෝක්ෂ සංවර සීලය රැක ගැනීමට පවා ඉන්ද්‍රීය සංවර සීලය පිටිවහල් වේ. මෙහිදී ඉන්ද්‍රීය යනුවෙන් සළකන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසයි.
එම ඉඳුරන් සමග ගැටෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු නිසා බොහෝ විට සිත කිලිටිවේ. ඇසට ලැබෙන පි‍්‍රය අපි‍්‍රය රූප මගින් රාගය හෝ ක්‍රෝධය පහළ වී වර්ධනය වේ. කනට ඇසෙන පි‍්‍රය හෝ අපි‍්‍රය ශබ්ද නිසා සිතෙහි ආශාව හෝ තරහව ඇතිවේ. මේ අයුරින් පසිඳුරන් හරහා ලබන අරමුණු වල එල්බ ගැනීම නිසා කෙළෙස් දහම් වර්ධනය වේ.
මෙලෙස වර්ධනය වන කෙළෙස් වල කි‍්‍රයාකාරකම් කලඑළි දක්වන්නේ කය වචන මගිනි. කය වචන මගින් කරනු ලබන කි‍්‍රයාකාරකම් තුළින් ඉඳුරන් තුළින් ලබාගත් අරමුණු වල වර්ධනය කෙතෙක්ද යන්න දත හැකිය. විවිධ වර්ගීකරණයන් යටතේ විවිධාකාර වූ ශික්ෂාපද බුදුරදුන් පණවා තිබුණද ඒවායින් බලාපොරොත්තු වූයේ ප‍්‍රධාන වූ එක් අරමුණකි.

එනම් සිත ආරක්ෂා කර ගැනීමයි. එක් අවස්ථාවක කෝටියක් සංවර ශීලය පිළිබඳව විමසූ භික්ෂුවක් එහි සංඛ්‍යාත්මක විශාලත්වය දැක උපසම්පදා ශීලය රැකීමට නොහැකි දෙයක් යැයි සිතීය.
එම අවස්ථාවේ බුදුරදුන් වදාළේ කෝටියක් සංවර සීලය පසෙකින් තබා එකක් රැක ගන්නා ලෙසයි. එම එක නම් සිතයි. බුදුදහම සිත මුල් කරගත් දහමකි. පුද්ගලයාගේ සසර පැවැත්ම හෝ නැවැත්ම තීරණය කරනු ලබන්නේ කිසියම් නිර්මාපකයෙකු දෙවියෙකු විසින් නොව තමාගේ සිත විසිනි. එනිසා පුද්ගලයාව සසර දුක් නිවාලන මාර්ගයට යොමු කරන්නේද උත්සාහයෙන් හික්මවා ගන්නා මනස පමණි.
සියුම් දෘෂ්ටියකින් සමාජයේ දුක්විඳින ප‍්‍රජාව දෙස බලන විට පෙනී යන කරුණ වන්නේ බොහෝ දෙනෙකු දුක්විඳින්නේ මානසිකව බවයි. ඇතැමෙක් ලබා ගැනීමට නොහැකි වූ අරමුණු මුල්කරගෙන පසු තැවෙති.
තවත් අයෙක් තවත් අරමුණු අපේක්ෂාවෙන් දුක් විඳිති. ලද දෙයින් තෘප්තිමත් වීමට මිනිස් සිත සූදානම් නැත. කහවණු වැස්සක් වැස්සද මිනිස් සිත තෘප්තිමත් නොවන බව බුදුරදුන් වදාළේ එහෙයිනි.
අපි කෙතරම් අරමුණු මගින් ඉඳුරන් පිනවීම සිදුකළත් ඉන් සෑහීමකට පත් නොවෙයි නම් නිමා නොවන අතෘප්තිකර ආශාවන් පසුපස හඹායාමෙන් පලක් ඇතිදැයි සිතා බැලිය යුතුය.
මෙම විෂම ලෝකය තුළ ඉඳුරන් සංවර කරගෙන ජීවත්වීම අසීරු බව ඇතැමෙකුගේ මතයයි. එය සැබෑවකි. නමුත් ආශාව, වෛරය ආදී කෙළෙස් පවතින්නේ සිත තුළ මිස අරමුණු තුළ නොවන බව පිළිගත යුතුය.
එනිසා අරමුණු නිසා සිත අපිරිසිදු වේයැයි බියෙන් ඇස් කන් වසා සිටීම සිල්රැකීමක් නොවේ. ඉඳුරන් වසා සිටීම සිල්වත් කමක් නම් බුදුන්වහන්සේ දේශනා කළ ආකාරයට ලොව උසස්ම සිල්වතුන් වන්නේ ඳයගිය අයයි.
මෘත ශරීරවල සියලු ඉඳුරන් පවතී. නමුත් අරමුණු ලබා ගැනීමක් නැත. එහෙයින් ඉඳුරන් සංවර කර ගැනීම කරගත යුත්තේ විවිධ අරමුණු සහිත මේ ලෝකයේ සිිටිමින්මය. බෞද්ධ විමුක්ති මාර්ගය තුළ පළමු පියවර වශයෙන් සීලය හඳුන්වා දී ඇත්තේ ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන පුද්ගලයා සන්සුන් කරවන නිසාය. මනස සන්සුන් වීමට තිදොර සංවරය ඉතා වැදගත්ය.
තමන් රකින පන්සිල් ආරක්ෂා කර ගැනීමේ ක‍්‍රම දෙකක් ද බුදුදහම තුළ දැක්වේ. ඉන් එකක් නම් සිල් බිඳීමෙහි දොස් දැකීමයි. සිල් බිඳුණු විට ලෝකයාගෙනුත් ධර්මයෙනුත් පමණක් නොව තම හදවතෙනුත් තමන්ට නැගෙන අපවාද ගැන සිහි කොට සිල් ආරක්ෂා කොට ගැනීම පළමුවැන්නයි. දෙවැන්න නම් සිල් රැකීමේ ආනිසංශ දැක සිල් රක්ෂා කිරීමයි.
සිල්වත් පුද්ගලයා මෙලොවදීම ඊට විපාක වශයෙන් දෙව් මිනිසුන්ගෙන් බුහුමන් ලබයි. සීලය මගින් තිදොර සංවර කරගත් පුද්ගලයාට ඊළඟට සිත සමාධිගත කර ගැනීම පහසුය.
සසර අවුල ලිහාදමන්නා එළඹෙන දෙවන පියවර සමාධියයි. චිත්තං භාවයං යනුවෙන් ගාථාව තුළ දැක්වූයේ එයයි. තුන්දොර සංවර කරගත් පුද්ගලයා අනතුරුව සමාධිය වඩයි. කුසල සිත්හි එකඟතාවය සමාධියයි. එනම් සිත තුළ ඇති චෛතසික එක් අරමුණක පවත්වා ගැනීමයි. සමාධිගත වූ සිත විසිර නොයයි. සිත සමාධි ගත කිරීම අසීරු කටයුත්තකි.
දියෙන් ගොඩගත් මසෙකු සේ නිතර සැලෙන සිත එක් අරමුණක තබා ගැනීම ඉතා අසීරුය. විශේෂයෙන් සිත දමනය කර ගැනීම සඳහා එක් අරමුණකට ගැනීම වඩාත් අසීරුය. උදාහරණයක් ලෙස නෙත් සිත් පිනවන දසුනක් නරඹන විට එකම ඉරියව්වකින් එක් මනසකින් එය නැරඹීමට අපහසු නැත. එහෙත් කුශල අරමුණක සිත යෙදවීම තත්පර කීපයකට පවා අසීරු වෙයි.
සමාධිය පිණිස බුදුදහම විවිධ ක‍්‍රම උපයෝගී කර ගනී. කසිණ නම් වූ පඨවි, ආපෝ, තෙජෝ, වායෝ යන වස්තුන් මුල් කරගත් භාවනා ක‍්‍රමය, මළසිරුරක් මුල් කරගත් අසුභ භාවනාව, අනුස්සති භාවනාව ආදිය උදාහරණ වේ.
මෙහි දක්නට ඇති විශේෂත්වය නම් විවිධ අරමුණුවලට ඇස හුරු කොට ඒ තුළින් සිත සමාධිගත කිරීමයි. මෙම භාවනා රූපවචර භාවනා නම් වේ. ඉන් ලබන ධ්‍යාන නම් වේ. අනතුරුව ඔහුට අරූපාවචර ධ්‍යාන වැඩිය හැකිය. එහි විශේෂත්වය වන්නේ කිසිදු රූපයක් අරමුණු නොකිරීමයි. එසේ අරූපාවචර ධ්‍යාන වඩා අරූපාවචරධ්‍යාන හතරක් ලබාගත හැකිය.
සමාධි භාවනාව තුළින් බලාපොරොත්තු වන ඒකායන අරමුණ නම් සිත සමාධිගත කිරීමයි. නමුත් මෙයින් විවිධ ඥාන මට්ටම වලට පත්විය හැකිය. ඒ සමෘද්ධි ප‍්‍රාතිහාර්ය කළ හැකි සෘද්ධිවිධ ඥානය, දිබ්බසෝත, පුබ්බේනිවාසානුස්සති, චුතුපපාත ආදී ඥානයන්ය. බුදුරදුන් ධරමාන අවදියේ ඇතැම් අන්‍යාගමිකයෝ පවා සිත සමාධිගත කිරීම මගින් ඉහත කී ධ්‍යාන මට්ටම්වලට පැමිණ සිටියහ. ඔවුන් ඒවා ඛ්ැඳින්වූයේ නිවන ලෙසය. තවත් විමුක්තියක් පිළිබඳව විශ්වාසයක් නොතිබීය.
එහෙත් එම ධ්‍යානයන්හි ස්වභාවය වන්නේ කාමය රාගය ආදී සිතුවිලි පහළ වූ විට ධ්‍යාන ශක්තීන් නැති වී යාමයි. මෙම අස්ථාවභාවය බුදුරදුන් පෙන්වා දුන්හ. එම සමාධි වැඩිම මගින් සිත එක් අරමුණකට පත්වීම පමණක් නොව ඇතැම් කෙළෙස්වල බලය හීනවීමද සිදුවේ. සිත සමාධිගත කිරීමේ වැදගත්කම වන්නේ එය ප‍්‍රඥාව වැඩීමට මග පෑදීමයි.
බුදුදහම තුළ උගන්වනු ලබන ප‍්‍රධාන භාවනා මාර්ග දෙක වන්නේ සමථ සහ විදර්ශනා යන දෙකයි. සමථ භාවනාව චිත්ත භාවනාව, සමාධි භාවනාව යන නම් වලින්ද හැඳින්වේ. විදර්ශනා භාවනාව ප‍්‍රඥා භාවනාව නම් වේ. විදර්ශනා යන්නෙහි අරුත විශේෂයෙන් දැකීම යන්නයි. එනම් ප‍්‍රඥාවයි. අටුවාවල සඳහන් වන අන්දමට ප‍්‍රඥාව තෙවැදෑරුම් වේ.
උදාහරණයක් ලෙස රන් කාසියක් බාල දරුවෙකුට ලැබුණු විට ඔහු එහි වටිනාකමක් නොදනී. ඔහුට එය සෙල්ලම් කිරීමට උපකරණයක් පමණක් ද විය හැකිය. නමුත් එය සාමාන්‍ය මිනිසෙකුට ලැබුණු විට එහි වටිනාකමක් ඇති බව ඔහු දනී. එහෙත් එහි නිවැරදි වටිනාකම දැනගන්නේ එය රන්කරුවෙකුට ලැබුණු විටය. තිදෙනාටම ලැබුණු වස්තුව එකක් වුවත් තිදෙනා ඒ දෙස බලාගත් තීරණ වෙනස්ය. ප‍්‍රඥාවද එලෙසය. එය පිළිවෙළින් සඤ්ඤා, විඤ්ඤාණ, පඤ්ඤා යනුවෙන් හැඳින්විය හැකිය.
විදර්ශනා ප‍්‍රඥාව යනු ලොව ඇති සියලු සංස්කාර ධර්මයන්ගේ යථාස්වරූපය අවබෝධවීමයි. සත්වයා පුද්ගලයා සහිත ලෝකය ජීව අජීව සෑම ධර්මයක්ම හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගත් බවත් හේතු ප‍්‍රත්‍යයන් නිරෝධ වීමෙන් එම ධර්ම නිරෝධ වන බවත් අවබෝධ කර ගැනීම එම ප‍්‍රඥාවයි. මෙය සරල ලෙසින් දිස්වුවද අසීරුය.
එමෙන්ම එය හිටිවනම අවබෝධ කර ගැනීමද කළ නොහැක. ඒ සඳහා පූව¢කෘත කුසල බලයක්ද කෙළෙස් තැවීමේ වීර්යයක්ද සසර දුක අවබෝධවීමේ නුවණක්ද අවශ්‍යය. සත්වයා සසරට බැඳ තබන අවුලෙන් අවුලට පත්කරන මේ තෘෂ්ණාජාලය බිඳ දැමිය හැක්කේ කවරෙකුටද යන්න එදා දේවතාවා ඇසූ ප‍්‍රශ්නයට බුදුරදුන් දුන් පිළිතුර ඉතා සැකෙවින් මෙසේ විස්තර විය.
වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් අවුල් විසඳීමට උත්සාහ කරති. නමුත් ඒ සත්ත්වයා සසරට බැඳ තබන අවුල් නොව එදිනෙදා ජීවිතයේ ඇති අවුල්ය. මෙලොව ජීවතයත් සංසාර ගමනත් අවුල් ජාලාවක් බවට පත් කරන්නේ ආශාවන් පසුපස ලුහුබඳුන අපේ සිත බව අප සිහිතබා ගත යුතුය. එය හික්මවා ගන්නා පුද්ගලයා මෙලොම අවුල්ද සසර බැඳුම්ද සිඳ දමා සියලු අවුල් ලිහා සසර ගමන කෙළවර කරන්නේය.
කැළණිය විශ්ව විද්‍යාලයේ 
ගෞරව උපාධි අපේක්ෂක, උණලීයේ සිරිනන්ද හිමි

දුක සැප නිති පෙරළේ රිය සක ලෙස ලෝකේ


අද සමාජය තුළ දැකිය හැකි ලක්‍ෂණයක් ලෙස සුලු දෙයකට පවා කම්පා වීමේ ලක්‍ෂණය පෙන්වා දිය හැකිය. බුදුරජාණන් වහන්සේ අපට අභියෝග බාධක ජය අරගෙන ජීවිතයක් පිළිවෙලට ඔපවත් කර ගන්නා ආකාරය ධර්මය තුළින් උගන්වා ඇත. ඒ අනුව එම අභියෝග පැමිණෙන විටදී එයට නොසැළී මුහුණ දී ජීවිතය ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳ මෙම මාතෘකාවෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
ඒ සඳහා ත්‍රිපිටකය තුළ ඇති වැදගත්ම සූත්‍ර 2 ක් ලෙස අංගුත්තර නිකායේ පඨම පණ්ණාසකයට අයත් පඨමලෝක ධම්ම හා දුතිය ලෝක ධම්ම සූත්‍ර දෙක පෙන්වා දීමට පුළුවන. එම සූත්‍රයන්ට අනුව ලොව ජීවත්වන සියලු සත්වයන්ට පොදුවේ බලපාන අෂ්ඨලෝක ධර්මය ගැන කරුණු අනාවරණය වේ. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා ප්‍රමුඛ කොටගත් ඕනෑම තරාතිරමක ජීවත්වන කෙනෙකුට වුවද මෙම අෂ්ඨලෝක ධර්මය පොදුවේ බලපාන බව සනාථ වේ.
පඨම ලෝක ධම්ම සූත්‍රය තුළින් අටලෝ දහම පිළිබඳ පැහැදිලි විවරණයක් කර තිබේ. එම සියලු කරුණු අනිත්‍ය ස්වභාවයෙන් යුක්තය.

“ ලාභො අලාභො අයසො යසොච
නින්දා පසංසා ච සුඛංච දුක්ඛං
එතෙ අනිච්චා මනුජේසු ධම්මා
අස සසතා විපරිනාම ධම්මා”

ලාභය,අලාභය, අයසය, යසස, නින්දාය, පසංසාය, සුඛය, දුක්ඛය වන අනිත්‍ය වූ අසාස්වත වූ මේ ධර්මයෝ මනුෂ්‍යයන් කෙරෙහි පෙරැළෙන ස්වභාවයෙන් යුක්තය.
මෙම ධර්ම අට හරියට චක්‍රයක් මෙන් ලෝක සත්වයා වෙත සුබ අසුබ දෙඅංශයෙන්ම විපාක දෙන්නේය. එයින් පැන යෑමට කිසිවෙකුටත් පුළුවන්කම නැත. ලාභයක් ලැබෙන තැන අලාභයද ඇත. ඒ ආකාරයෙන් සැප ළඟ දුක ද යස ලඟ අයස ද ප්‍රසංසාව ලඟ නින්දාව ද පවතී. එසේ වුවද සමහර අයට මෙහි යථාර්ථය අවබෝධ කර ගැනීමට අපහසු වීම නිමිතිකොට ගෙන ජීවිතය කම්පාවට පත් කරගෙන නොයෙක් ප්‍රශ්න ගැටලු පමණක් නොව ජීවිතය ද අහිමි කර ගන්නා අවස්ථා නැතිවාම නොවේ.

“එතෙ ච ඤත්වා සතිමා සුමේධො
අවෙක්‍ඛති විපරිනාමධමෙම,
ඉට ඨස්ස ධම්මා න මථෙනති චිත්තං
අනිට්ඨතො නො පටිඝාතමෙති”

සිහිනුවණින් යුක්ත පණ්ඩිත තෙමේ වෙනසට බඳුන් වන මෙම අටලෝ දහම ගැන නුවණින් දැක, එතුළින් කම්පාවට පත් නොවේ. එම දහම් තුළින් පණ්ඩිතයාගේ සිත නො කැළඹෙන අතර සුබවාදීව දැක ඒ කෙරෙහි ඇලීමටද පත් නොවේ.
සියලු දෙනාටම කම්පා නොවී සිටීම අපහසු කාර්යයකි. බොහෝ දෙනා එතුළින් කම්පාවට පත් වේ. එයයි නියම ස්වභාවය වන්නේ, මොහොතකට පසුගිය කාල වකවානුවල අප රටේ සිදු වූ විපත් සිහියට නගා ගැනීම වැදගත් වනු ඇත. ගංවතුර තුළින් කෝටිපතියන්, ලක්‍ෂපතියන් මොහොතකින් සිඟන්නන් බවට පත්වූහ. සුනාමිය තුළින්ද එලෙසම සිදුවිය. තව ද සුළි සුළං මහ වැසි, නියගය ආදී ස්වභාවික විපත් තුළින් ලාභ ලබපු අය අලාභ ලබන තත්ත්වයට පත් විය.සැප ලබපු අය දුකට පත් විය. සිනා නගන අය කඳුළු සලන තත්ත්වයට පත් විය.
එක වෙලාවක කීර්ති ප්‍රශංසා ලබන අය තව මොහොතක අපහාස අපකීර්ති ලබයි. මේ ආදී වශයෙන් මෙම දහම් අට චක්‍රීයව ලෝක සත්වයා වෙත ලඟා වෙනු ඇත. අද බොහෝ දුරට මිනිසුන් හිතන්නේ ධන පැත්ත පමණය. ඍණ පැත්ත ගැන හිතන්නේ සීමිත පිරිසකි. ලාභයක්, කීර්තියක්, සැපක් ලැබුණ තැන එයින් උදම් වී එය තමයි ජීවිතය කියා සිතන්නට මිනිසුන් පුරුදු වී සිටිති. ඒවා ලැබෙනවාත් සමඟම එහි ඍණ පැත්තත් එන්නට පුළුවන් බව සිතන්නේ පණ්ඩිතයින්ය. කන්දක් නැග්ගොත් පල්ලමක්ද ඇත කියා ව්‍යවහාරයේ කියමනක් තිබේ. නමුත් කඳු නැගීම කෙසේ වුවද පල්ලන් බැසීම අනිවාර්ය වී තිබේ.

තස සානුරොධා අථවා විරොධා
විධූපිතා අත්‍ථගතා න සන ති
පදඤච ඤත්වා විරජං අසොකං
සම මපපජානානි භවස්ස පාරගුති

පණ්ඩිතයාගේ කිසිම මොහොතක අටලෝදම් කෙරෙහි විරෝධයක් නූපදී. ඔහු නිවැරදි ලෙස එහි ඇති ස්වභාවය දැකීමට සමර්ථයහ. කෙලෙස් නැතිකොට,ශෝක නැතිකොට නිර්වාණය පිළිබඳවද අවබෝධයෙන් ජීවත්වීමට ඔහු උත්සාහ කරයි.මේ ආකාරයෙන් බලන කල අටලෝ දහම ලෝක ධර්මතාවයක් බවත් අපි කැමති වුව ද,අකමැති වුව ද එයට මුහුණ දීමට සිදු වන බවත් පැහැදිලිය.
එම දහම් අට බුදුරජාණන් වහන්සේ උදෙසා ද එක සමාන අයුරින් බලපාන ලදී. වේරංජාවේ වස් විසීම, චිංචිමානවිකාව දරමිටියක් බැඳගෙන ඒම, තීර්ථකයන්ගේ නොමනා හැසිරීම,දේවදත්තගේ තර්ජන, ගර්ජන තාඩන පීඩන ආදි නොයකේ දේ තුළින් බුදුරඳුන්ට ද අටලෝ දහමට මුහුණ දීමට සිදු විය.
නමුදු කිසිදු තැනකදී බුදුරදුන් කම්පා වූ බවක් දක්නට හෝ උදම් වූ බවක් දක්නට නොලැබේ.
එය මුළු බුද්ධ චරිතය පුරාම දැකිය හැකි සුවිශේෂි කරුණකි. එය මහ රහතුන් ඇතුලු ශ්‍රාවකයින් තුළද දක්නට ලැබේ.
දුතියලෝක ධම්ම සූත්‍රය තුළින් සුවිශේෂි කරුණු සමුදායක් දැක ගන්නට ලැබේ. ඒ අනුව එම සූත්‍රය තුළ “අසසුතවතො භික්ඛවේ. පුථූජ ජනස්ස උපපජ්ජති ලාභොපි අලාභොපි යසොපි අයසොපි නින්දාපි පසසොජි සුඛම්පි, දුක්ඛම්පි” (මහණෙනි, ශ්‍රැතවත් පෘථග්ජනයාහට ලාභයත්, උපදියි. අලාභයත්, උපදියි, අයසත් උපදියි. යසස උපදි යි. නින්දාත්, උපදි යි. ප්‍රසංසාත් උපදි යි. සුඛත් උපදි යි, දුක්ඛත් උපදි යි)
මේ ආකාරයෙන් ශ්‍රැතවත් පුද්ගලයාට ද මෙම දහමට මුහුණ දීමට සිදුවේ. එහි දී වෙනසකට පවතින්නේ හොඳින් අහපු කෙනා බුද්ධිමතෙකු වශයෙන් තීරණය කිරීමට පුලුවන් අතරම ඔහු හිතන පතන හා දකින ආකාරය ඉතා උසස් ය. දුතියලෝකධම්ම සූත්‍රය තුළින් ඒ බව පැහැදිලි කොට ඇත්තේ මෙසේය.
“භගවමමූලකා නො භනෙත ධම්මා, භගවනෙත තතිකා භගවමපටිසරණා සාධු වත භනෙත, භගවනතංයෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්‍ථ, භගවතො සුත්වා ධාරෙස්සන්තීති” (වහන්ස, ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට පවත්නාහ. භාග්‍යවතුන් වහන්සේ නේක්තෘ කොට ගෙන පවත්නාහ.
භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොටගෙන පවත්නාහ. එකැතින් තෙල භාෂිතයාගේ අත්‍ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහේ නම් මැනවි)
මේ ආකාරයෙන් දැකීමට පුළුවන්නම් ඔහු බුද්ධිමතෙකි. පණ්ඩිතයෙකි. ඔවුනට අටලෝ දහම ජීවිතයට සවියක් මිස අවියක් නොවනු ඇත.
කම්පා නොවී ජීවිතයක් ජය ගත හැක්කේ කෙසේ ද? අපට මුහුණ දීමට සිදු වන්නේ අටලෝ දහම ට ය. ඉන් එහා කිසිවක් නැත. බුදුරජාණන් වහන්සේ ජීවිතයකට හසුවන සියලුදේම (සුබ අසුබ දෙඅංශයම) සම්පිණ්ඩය කොට අටලෝ දහම තුළින් දක්වා ඇත. එහිදී අපට දෙඅංශයටම මුහුණ දීමට සිදුවේ. එක පැත්තක් පමණක් නො සිතිය යුතුය. එවිට වැල්පාලමක යන්නා සේ කුමන පැත්තකට හෝ වැටී එතුළින් විනාශය නොහොත් කම්පාව ඇතිවේ. එබැවින් අටලෝ දහමට සමානව මුහුණ දී දෙපැත්තටම නොවැටී සමබරව සිටිය යුතුය.

“කොපමණ ගල් බොරළු තිබුණත් අතර මඟ
යායුතු තැනට යනවාමයි ගලන ගඟ”

ඒ ආකාරයෙන් ජීවිතය වෙත ද එළඹෙන සියලු ප්‍රශ්න ගැටලු බාධක, දුක් කම්කටොලු ඉවසීමෙන් යුක්තව ජයගත යුතුය. “ ඉවසීමෙන් සැනසීම ලැබේ” යන්න තුළ ද විශාල අර්ථයක් ගැබ් වී ඇත.
ජීවිතය අතැහැර යෑම හෝ ජීවිතයෙන් පලා යෑම නියම පුද්ගලයෙකුගේ ස්වභාවය නොවේ. බුද්ධිමතාගේ පණ්ඩිතයාගේ ස්වභාවය වන්නේ අටලෝ දහමට සමබරව මුහුණ දී ජීවිතය ජය ගැනීමය. “ මා නිවත්ත අභික්කම “ නොනැවතී ඉදිරියටම යන්න. ඒ බුදු වදනද සිත් දරාගෙන අලුත් වර්ෂය තුළ ජීවිතය ජය ගැනීමට අපි කවුරුත් අධිෂ්ඨාන කර ගනිමු.

කොබෙයිගනේ පුබ්බිලිය 
ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි 
ආචාර්ය ගලගෙදර රතනවංශ හිමි

මුළාවට පත් නොවී නිවන් මගට පිවිසෙමු

පොල්පිටිමූකලානේ 
පඤ්ඤාසිරි හිමි

මේ දේශනාව අප භාග්‍යවතුන් වහන්සේ සිදු කළේ රජගහනුවර වේළුවනාරාමයේ කලන්දක නිවාපයේ දී ය. එදින උන්වහන්සේ පින්වත් භික්‍ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කොට මෙසේ යැයි වදාළ සේක. “සබ්බ භික්ඛවේ අන්ධභූතං “ එයින් අදහස් කරන්නේ සෑම දෙයක්ම මුළාවෙන් මුළාවට පත් වී තිබේ “කිඤ්ච භික්ඛවේ සබ්බං අන්ධභූතං “ මුළාවෙන් මුළාවට පත් වී ඇති සැම දෙය කුමක්ද? යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබේ.ඇස මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළවීම නිසා අපට යතාර්ථය අවබෝධ කර ගත හැකිවේ. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයා නිරතුරුවම මුළාවෙන් මුළාවට පත් වූ ජීවිතයක් ගත කරයි .මේ පිළිබඳව ඉතා පුළුල් විග්‍රහයක් සංයුක්ත නිකායේ සලායතන සංයුක්තයට අයත් අන්ධභූත සූත්‍රයෙන් අපට ඉතාමත් පැහැදිලිව අවබෝධ කරගත හැකිය.
මේ දේශනාව අප භාග්‍යවතුන් වහන්සේ සිදු කළේ රජගහනුවර වේළුවනාරාමයේ කලන්දක නිවාපයේ දී ය. එදින උන්වහන්සේ පින්වත් භික්‍ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කොට මෙසේ යැයි වදාළ සේක. “සබ්බ භික්ඛවේ අන්ධභූතං “ එයින් අදහස් කරන්නේ සෑම දෙයක්ම මුළාවෙන් මුළාවට පත් වී තිබේ “කිඤ්ච භික්ඛවේ සබ්බං අන්ධභූතං “ මුළාවෙන් මුළාවට පත් වී ඇති සැම දෙය කුමක්ද? යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබේ. ඇස මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ( චක්ඛුං භික්ඛවේ අන්ධභූතං) රූප මුළාවෙන් මුළාවට පත් වී තිබේ .(රූපා අන්ධභූතා) ඇසේ විඤ්ඤාණය විඤ්ඤාණ අන්ධභූතං) එනම් ඇසේ පවතින සිතයි ඇසේ ස්පර්ශය මුළාවෙන් මුළාවට පත්ව තිබේ. (චක්ඛු සම්ඵස්සෝ අන්ධභූතෝ) ඇසේ ස්පර්ශය යනු ඇසත්, රූපත් ඇසේ විඤ්ඤාණයත් එකට එකතුවීමයි.එමෙන්ම ඇසේ ස්පර්ශයෙන් උපදින සැප, දුක් හෝ දුක් සැප රහිත යම් විඳීමක් තිබේ නම් එය මුළාවෙන් මුළාවට පත් වී තිබේ ( යම් පිදං චක්ඛු සම්ඵස්ස පච්චයා උප්ජ්ජති සුඛං දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම් පි අන්ධභූත) මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? (තේන අන්ධභූතං) ඉපදීමෙන් ජරා මරණයෙන් මුළාවට පත් වී තිබේ.

(අන්ධභූතං ජාතියා, ජරා මරණේන) එමෙන්ම සෝකයෙන්, වැළැපීමෙන් දුක් දොම්නස්වලින් , සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. (සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි )
මේ ආකාරයෙන්ම කනෙන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කනට ඇසෙන ශබ්දත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කනේ ඇතිවන විඤ්ඤාණයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කනේ ස්පර්ශය, ඒ කනත් , ශබ්දත්, විඤ්ඤාණයත් එකට එකතුවීමත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. එමෙන්ම කනේ ස්පර්ශයෙන් උපදින සැප, දුක් හෝ දුක් සැප රහිත වේදනාවන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත්වී තිබෙන්නේ මොන දෙයකින්ද? ඉපදීමෙන් , ජරා මරණයෙන් මුළාවට පත් වී තිබේ. ශෝක, වැළැපීම් වලින් දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
ඉන් අනතුරුව අප භාග්‍යවතුන් වහන්සේ නාසය මුළාවෙන් මුළාවට පත් වී තිබෙන ආකාරය විස්තර කරයි. නාසයට දැනෙන ගඳ සුවඳ මුළාවෙන් මුළාවට පත්වී තිබේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. නාසයයි ගඳ සුවදයි විඤ්ඤාණයයි එකතුවීම හෙවත් නාසයේ ස්පර්ශය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හෝ දුක් සැප රහිත වේදනාවක් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ඉපදීමෙන්, ජරා ,මරණයෙන් මුළාවෙන් මුළාවට පත්වී තිබේ. ශෝක වළැපීම්වලින් දුක්, දොම්නස් වලින් සුසුම් හෙළීම්වලින්, මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන්ම දිව පිළිබඳව විග්‍රහ කරනු ලැබේ. ඒ අනුව දිවත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවට දැනෙන රසත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවේ ඇතිවන විඤ්ඤාණයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවේ ඇතිවන ස්පර්ශයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හා දුක් සැප රහිත වේදනාවත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ජරාවෙන් , මරණයෙන්, මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ශෝකවලින් , වැළැපීම්වලින් දුක්, දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
එමෙන්ම මේ කයත් මුළාවෙන් මුළාවට පත් වී තිබෙන ආකාරය තවදුරටත් විස්තරවේ. කයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයට දැනෙන පහසත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයේ ඇතිවන විඤ්ඤාණයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතුවීම හෙවත් කයේ ස්පර්ශය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හා දුක් සැප රහිත විඳීම් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ජරාවෙන්, මරණයෙන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ශෝකවලින්, වැළැපීම්වලින්, දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින්, මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
එමෙන්ම මේ මනසත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනසට ඇතිවන අරමුණුත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනසේ ඇතිවන විඤ්ඤාණය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනස අරමුණුයි. විඤ්ඤාණයයි එකට එකතුවීම මනසේ ස්පර්ශයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හා දුක් සැප රහිත වේදනා මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ජරාවෙන්, මරණයෙන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ශෝකවලින්, වැළැපීම්වලින්, දුක් වේදනාවලින් , සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
මේ ආකාරයෙන් පුද්ගලයා ඇස , කන, නාසය, දිව, කය හා මනස මුල් කරගෙන මුළාවෙන් මුළාවට පත් වී සිටින ආකාරය අපට ඉතාමත් මැනවින් අවබෝධ කරගත හැකිවේ. මේ ආයතන දෙස පෘතග්ජන මනසකින් බැලූ විට මේ අවබෝධය ඇති නොවේ. මේ මුළාවෙන් මුළාවට පත්වීම නැති කරගත හැකි වන්නේ ආර්ය ශ්‍රාවකයෙකුට පමණි. සාමාන්‍ය මනස මුළාවීම දකින ආකාරයත් භාග්‍යවතුන් වහන්සේගේ තියුණූ ප්‍රඥාවට මේ මුළාව හසුවන ආකාරයත් කොතරම් වෙනස්ද? මුළාවීම සිදු වන්නේ ඉපදීමෙනුයි. එමෙන්ම වයසට යාම තුළිනුයි. මරණයට පත්වීමෙනුයි. ශෝක වැළැපීම්,දුක්, දොම්නස් හා සුසුම් හෙළීමෙනුයි. මේ මුළාවීම නම් ලෙහෙසි පහසු කෙනෙකුට හඳුනා ගන්නට නොහැකි බව දැන් අපට පසක් කරගත හැකි වනවාට කිසිදු සැකයක් නැත.
මේ අයුරින් මේ ආයතන හා තිබෙන මුළාවෙන් මුළාවට පත්වීම දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇස කෙරෙහි කලකිරීමට පත්වේ.රූප කෙරෙහිත් කලකිරීමට පත්වේ.ඇසේ විඤ්ඤාණය කෙරෙහිත් කලකිරීමට පත්වේ. ඇසේ ස්පර්ශය නිසා උපදින සැප, දුක් හා දුක් සැප රහිත විඳීම ගැනත් කලකිරීමට පත්වේ. මේ අයුරින් කන සම්බන්ධයෙන්ද, නාසය සම්බන්ධයෙන්ද දිව සම්බන්ධයෙන්ද කය සම්බන්ධයෙන්ද මනස සම්බන්ධයෙන්ද කලකිරීමට පත්වේ. කලකිරීම නිසා ඒ ආයතනවලට ඇති ඇල්ම දුරු වී යයි.ඇල්ම නැති වීම නිසා ආයතන හයෙන් නිදහස් වී යයි. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඥානය ඇතිවේ. ඉපදීම නැති විය. බඹසර වාසය සම්පූර්ණ කරන ලදී. නිවන අවබෝධය පිණිස කළයුතු සියල්ල සිදු කරන ලදී. එවිට ඒ ආර්ය ශ්‍රාවකයාට නැවත ඉපදීමක් නැති බව අවබෝධ වේ. එබැවින් අප සියලු දෙනාද මේ ආයතන හයේ යථා ස්වභාවය තේරුම් ගෙන ආයතන ගැන කලකිරී උතුම් නිවන් මග සාක්ෂාත් කර ගනිමු.

විශ්වයේ බලවන්තයා සම්මා දිට්‌ඨිය


සම්බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව හෙවත් චතුරාර්ය සත්‍යයේ සතරවැන්න වන දුක නැති කිරීමේ මාර්ගය හෙවත් නිර්වාන මාර්ගයේ ප්‍රථමය මුලු ආර්ය අෂ්ඨාංගික මාර්ගයේම මගපෙන්වන්නා සැටියට සම්මා දිට්‌ඨිය යනුවෙන් හඳුන්වන මහා බලවන්තයාගේ ක්‍රියාපටිපාටිය නම් යහපත් සම්මා දැකීමෙන්ම විමසා බලමු.

සම්මා දිට්‌ඨ§ය හෙවත් යහපත් දැකීම තුළ මුලු අරියඅටමගම ගොඩනැගී ඇත. නිවනේ එකම ප්‍රතිපදාව වන මුලු මධ්‍යම ප්‍රතිපදාව යහපත් දැකීම මත ගොඩනැගී ඇත. අපි කෙටියෙන් මෙම සම්මා ප්‍රතිපදාව එකින්එක විග්‍රහකොට ගතහොත් හදවත් තුළින් සම්මා දැකීම කෙතරම් සහනයක්‌ දැයි කෙතරම් වැදගත් දැයි අප ඔබට වචනයේ පරිසමාප්තියෙන්ම තේරුම් යාවි.

සම්මා සංකප්ප - සිත්සතන් තුළ ඇතිවන යහපත් වූ සංකල්පයන් යහපත් ෙච්තනාවන් මෙයින් ගම්‍යමාන වේ. යහපත් ෙච්තනාවන්ට සම්බුද්ධ දේශනා අනුව පෙරදැරි වන්නේ මෛත්‍රියෙන්, දයාවෙන් ශාන්තියෙන් අහිංසාවෙන්, අනුකම්පාවෙන් පිරි චිත්ත සන්තානයකි. මෙවන් මෛත්‍රී සංකල්පනාවන් යමෙකුගේ හදවතෙහි පහලවේද එය අපට විග්‍රහ කළ හැක්‌කේ සම්මා දිට්‌ඨ§යක්‌ වශයෙනි. මේ අනුව බලන විටද සම්මා දිට්‌ඨ§යෙන් තොරවූ සම්මා සංකප්පයක්‌ නොමැත. සම්මා දිට්‌ඨ§ය හේතුපාදක කොටගෙනම දෙවන සම්මා මාර්ගය විවෘත වී ඇති සෙයකි. එය එසේ නොවේද සුධනනි·

මීළඟට අප විග්‍රහයට නතුවන්නේ සම්මා වාචා හෙවත් යහපත් වචනයයි. යහපත් වාචා යනු සැරපරුෂ හෝ බොරු කේලාම් හෝ නිෂ්ඵල වචන නොවේමය. එවැනි දැ හැඳින්විය හැක්‌කේ මිච්ඡා නැතිනම් අසම්මා වාචා වශයෙනි. එවැනි වචන අන්තගාමීව හදවත් කම්පනයට පත්කරන වාචා (වචන) වන අතර මධ්‍යම ප්‍රතිපදාවට කිසිසේත්ම නොගැලපෙනු ඇත. මිච්ඡා වාචා නිවන් මගට නීවරණ වන අතර නිවන දුරින් දුරටම ඈත්කරවන මාර්ගයකි. එවැනි අසම්මත වචන පාවිච්චි කරන්නන්ට අප පවසනුයේ උත්සහවන්ත වී අරිය අට මගේ ප්‍රථමය වන සම්මා දිට්‌ඨ§ය පහළකරගෙන සිය වරද අවබෝධ වී තමන්ගේ වරද නිවරද කරගත හැකිය කියායි.

එවිට අවම වශයෙන් ලෞකිකත්වය තුළ හෝ සම්මා වාචා තුළින් මධ්‍යම ප්‍රතිපදාව අනුව ගමන්ගත හැකිය.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සතරවැන්න සම්මා කම්මන්තයි. එනම් යහපත් කර්මාන්තයි. යහපත්ව තවත් කෙනෙකුගේ ගැරහුමට ලක්‌නොවන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සාධාරණ කර්මාන්ත හෙවත් ජීවනෝපායයි. අයහපත් ජීවනෝපායක්‌, නොකළ යුතු වෙළ¹ම් වශයෙන්ද සම්බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාරා ඇත. මාංශ සතුන් අවි ආයුධ, වසවිෂ සහ මත්පැන් මත්ද්‍රව්‍ය කිසිසේත් සම්මා කම්මන්තයන් නොවේ. මිනිස්‌ සහ සත්ව ජීවිත හානියට පත්කරන තව තවත් සම්මා නොවන කම්මන්ත ලොව කොතෙකුත් ඇත. ඒ බව සිහිනුවණින් වටහාගෙන යහපත් දැ තෝරාගෙන අයහපත් දැ පිළිකෙව් කරන පිළිවෙතකට ළඟාවීමට ඔබ අපට අවශ්‍ය වන්නේ නැවත නැවතත් සම්මා දිට්‌ඨ§යයි. යහපත් දැකීමයි.

යහපත් දැකීමක්‌ තුළින් යහපත් කර්මාන්තවල යෙදීමෙන් ඔබ හදවත සමඟ මොළය සමතුලිත තත්ත්වයකට එළඹෙනු නියතය.

මීළඟට අප යොමුවිය යුත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පස්‌වැන්න හෙවත් සම්මා ආජීව වෙතය. මෙලොව වසන ඕනෑම පුහුදුන් පුද්ගලයකු ලෝක නීතිය අනුවද, ආගම් නීති අනුවද, යහපත් දිවිපෙවෙතක්‌ ගතකිරීමට බැඳී සිටී. අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ නිශ්චිතව පෙන්වාදුන් මධ්‍යම ප්‍රතිපදාවේදී ඉතාමත් වැදගත් සිද්ධාන්තයක්‌ වන්නේ සම්මා ආජීවයි. සම්මා දිට්‌ඨ§යක්‌ තුළින් යහපත් සංකප්පයක්‌ ඇතිවී යහපත් වචන මාර්ගයෙන් සහ යහපත් කර්මාන්ත ආශ්‍රයෙන් යහපත් දිවිපෙවෙතක්‌ ගතකිරීම සම්මා ආජීව වේ.

පස්‌පව්වලින් තොරව පංචා ඉන්ද්‍රියයන්ට වහල් නොවී දැහැමිව සාධාරණ දිවියක්‌ ගත කිරීම සම්මා ආජීව වඩාත්ම තේරුම් යන ආකාරයෙන් හැඳින්විය හැකිය. මෙකී සම්මා ආජීවයද අසම්මා හෝ මිච්ඡා ආජීවයෙන් වෙනස්‌ කොට දැකිය හැකි සම්මා දිට්‌ඨ§ය ඔබ අප තුළින් පහළකර ගත හොත් එය නිවනට අදාළ බව කිව හැකිය.

මීළඟට අපගේ විග්‍රහයට යොමුවන්නේ සම්මා වායාමයි. සත්‍ය වශයෙන්ම ඉහත සියලු සම්මාකාරණා මෙහෙය වීමට ඔබ අපට අවශ්‍ය සයවෙනි මාර්ගය වන්නේ සම්මා වායාමයයි. අසම්මා හෝ මිච්ඡා වායාම (වෑයම) තුළින් සියලු දෙනා අඳුරින් අඳුරට යනවා විනා ගොඩ ඒමක්‌ නැත. මේ අනුව බලන කල ආර්ය අෂ්ඨාංගික මාර්ගය කෙසේ වෙතත් කටු පඳුරු මාර්ගයට නොවැළැක්‌විය හැකිව අවතීර්ණ විය හැකිය. ලෞකික හෝ ලෝකොත්තර වශයෙන් ගත් කල වුවද සම්මා වායාම යහපත් ලෙස ඇතිකරගත හැක්‌කේ පෙර කී සම්මා දිට්‌ඨිගත වීමෙන්ම පමණි.

මීළඟට අප කෙලින්ම අවතීර්ණ වන්නේ ලෞකික තත්ත්වයන් මඳකට පසෙක තබා ලෝකෝත්තර පසුබිමක්‌ පිළිබඳව විමසිලිමත් වන්නටය. ඉහත සියලු සම්මා කාරණා පසුබිම් කොට යහපත්ව විසීම හෙවත් සිහියෙන් වාසය කිරීම නිරතුරුව සිහියෙන්ම කටයුතු කිරීම හා එමගින් ද කරුණු කාරනාවලට ප්‍රවිෂ්ඨවීම සම්මා සතියෙන්ම කළ යුතු වන්නේය. ඒ සඳහා ද සිත්සතන් තුළ මූලිකව පහළවන්නේ සම්මා දිට්‌ඨ§යයි.

සම්මා සතියට දාන, ශීල, භාවනා මාර්ගයෙන් පිළිපන් වීමට සම්මා දිට්‌ඨ§යෙහි පිහිටීම ගසට පොත්ත මෙන්වීම ස්‌වභාවයයි. සම්මා දිට්‌ඨ§යෙන් තොර සම්මා සතියක්‌ ගොඩනැගිය නොහැක. එසේම සම්මා සතියෙන් තොර සම්මා දිට්‌ඨ§යක්‌ ද ගොඩනැගිය නොහැක. ඒ බව තේරුම් ගැනීම මනාය. සම්මා සතියෙන් යුතුව කිසිවකුට සතෙකු මරණයට පත් කළ හැකිද? ආහාරයට ගන්නා සතකු නම් එවන් මාංශයක්‌ එකී මරණයට අනුබල දෙමින් එකී මරණය අනුමත කරමින් වැළඳිය හැකිද? අනුභව කළ හැකිද?

මනා දැක්‌මක්‌ දිට්‌ඨ§යක්‌ ඇතියකු එසේ කරාවිද? මෙවන් දැ අසම්මා බාල මිච්ඡා ක්‍රියා නොවේද? නිර්වානයට අවතීර්ණ විය හැකිද?

අරිය අට මගේ අවසන් වටය වන සම්මා සමාධි තත්ත්වය විශේෂයෙන්ම ලෝකොත්තර පිවිසුමකි. සම්මා සතිය නිශ්චය වශයෙන්ම පියවරෙන් පියවර දියුණුවත්ම ඒ තුළින් සම්මා සමාධියට පත්වීම නොවැළැක්‌විය හැකිය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ප්‍රථමය වන සම්මා දිට්‌ඨ§ය නිසාවෙන්ම අවසන සම්මා සමාධියට පත්වීම සිදුවන බව මේ සියලු විස්‌තරාත්මක විග්‍රහ තුළින් ඔබට දැන් සහසුද්දයෙන්ම පෙනී යන්නට ඇත.

අප විසින් සයවන සම්මා කරුණ දක්‌වාම ලෞකික තත්ත්වයන්සේම ලෝකෝත්තර තත්ත්වයන් විග්‍රහකොට දැක්‌වුවා වුවද ලෝකෝත්තර තත්ත්වයට පැමිණීමට අනිවාර්යෙන්ම එම සම්මා කරුණු සය තුළ ජීවත් විය යුතුය. එමනිසා එහි වටිනාකමට මිනුම් දණ්‌ඩක්‌ නොමැත. මිනුම් දණ්‌ඩක්‌ වනුයේ යම් කරුණක්‌ ද එය සම්මා දිට්‌ඨ§යයි.

මේ අනුව සුධනනි· සම්බුදුරදුන්ගේ උතුම් නිවන් මාර්ගයේ ප්‍රථමය වන සම්මා දිට්‌ඨ§යට කෙතරම් වැදගත් ස්‌ථානයක්‌ හිමිවී ඇත්දැයි සලකා බලනු වටී. එසේම දුකින්ම, දුකින්ම මියයන තිරිසන් අපායේ ගැලවීමක්‌ නොමැතිව නිරතුරු බියෙන් මරණ වේදනාවෙන් කුසගින්දරෙන් දිවිගෙවන සරණ විය යුතු අසරණ සතුන් දෙස නිරන්තර සෙනෙහසින්, මෛත්‍රියෙන්, දයාවෙන්, කරුණාවෙන්, අනුකම්පාවෙන් බැලීම හදවත මෛත්‍රියෙන් පුරවා ගැනීම කෙතරම් වටිනා සම්මා දිට්‌ඨ§යක්‌ද විමසුම් බුද්ධියෙන් සලකා බලනු මැනවි.

මිච්ඡා දිට්‌ඨ§ය හිංසාවාදයකි. නිවන අවබෝධය ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමකි. කාම තණ්‌හාව උග්‍ර තත්ත්වයට පත්ව භවයෙන් භවයට යාම ප්‍රාර්ථනා කිරීම එසේත් නැතහොත් මේ භවය පමණයි නිති කා බී සැනසෙමු උපරිම පංච කාම වින්දනය රිසිසේ ලබාගනිමු. යෑයි සිතීම සහ ඇතැමුන්ගේ දෙව් මිනිස්‌ සැප කෙළවර නිවන ප්‍රාර්ථනය ද මිච්ඡා දෘෂ්ඨ§යකි. නිවන කෙසේ වෙතත් දුක්‌ඛ සත්‍යය යන්තමින් හෝ අවබෝධ නොවීම භයන්කර මිච්ඡා දෘෂ්ඨ§යකි.

මිච්ඡා දෘෂ්ඨ§යේ දැඩිසේ එල්බගත්තවුන් පංචානන්තරීය අකුසල කර්ම ගෙවන්නට අවීචි මහ නරකයට යන්නන්ටත් වඩා අති භයන්කර පව්කාරයන්ය. අවීචි නරකයේ කවදා හෝ ආයු කාලය ගෙවා කෙළවර වී මිනිස්‌ භව ලැබිය හැකි වුවත් (උදාහරණ මුගලන් රහතන් වහන්සේ) මිච්ඡා දෘෂ්ඨිකයිනට නැවත මිනිස්‌ භව ලැබීම ඇතැම්විට කිසිසේත් ඉටුනොවන සිහිනයකි. හේතුව මිනිස්‌ භවයකට අවතීර්ණව මිථ්‍යා දෘෂ්ඨ§යෙන් මිදීමට අනාගතයේදීවත් ඔවුනට සිත් නොදෙන නිසාය. මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදීම කළ හැක්‌කේ මෙම දුකකින් ලබාගත් මිනිස්‌ භවය තුළ පමණක්‌ම වන නිසාය. මෙතැනදී වුවත් සම්මා දිට්‌ඨ§යේ ඇති බලවන්තකම කෙතරම් දැයි නුවණින් වටහා ගැනීම යෙහෙකි.

තවද සම්මා දිට්‌ඨ§යට පත් අයකු ප්‍රථමයෙන්ම තමන්ගේ මරණයේ යථා ස්‌වරූපය යථානුරූපව වටහා ගන්නෙකි. හෙතෙම අවම වශයෙන් සෝවාන් මාර්ගයේ ගමන් කර සෝවාන් ඵලයට පත්වන්නෙකි. එසේම හෙතෙම තවත් ප්‍රාණියකුගේ මරණය කිසිසේත් භුක්‌ති නොවිඳින්නෙකි.

එසේම අවසානයේදී මෙයත් සිහි තබාගන්න. මාංශ පළඟනක, මස්‌ මාංශ වෙළෙඳ පොළක, මාංශ උයන ස්‌ථානයක ස්‌වභාවයෙන්ම ඇත්තේ සම්මා දැක්‌මක්‌ ද නැද්ද තේරුම් ගැනීම බාර ඔබටය. සම්මා දිට්‌ඨ§යට අනුගතවී මාංශ බඳුනක්‌ දෙස දෙනෙත් යොමා කරුණා සමාපත්තියට සමවැදීම කළ නොහැකි ක්‍රියාවකි. එසේම එවැනි දැ වලින් දිවි ගෙවීම යහපත් සංකල්පයක්‌, යහපත් කර්මාන්තයක්‌ අසම්මා දැට අනුබල දීම සම්මා ආජීව (දිවි පැවැත්මක්‌) දැයි ඔබම තේරුම් ගන්න. තවද මෙම අරිය අටමගෙන් ඔබ කොපමණ මාර්ග සාක්‌ෂාත් කරගෙන ඇද්දැයි ඔබගෙන්ම අසා දැනගැනීම ඔබටම බාර කරමින් අපගේ දහම් ලිපිය අවසන් කරමු. 
තෙරුවන් සරණයි!

ආචාර්ය, පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි

සසර අනතුරේ හෙළන මසුරුබව


මසුරුබවේ තිබෙන අනතුරයක බව අපි තේරුම් ගන්ට ඕනෙ. එහෙම නැති වුණොත් අපේ සිතත් මසුරුකමින් යටවෙන්න පුලුවන්. මසුරුකම තිබෙන කෙනාට තමන්ට සැප විඳින්ට සිතෙන්නෙත් නැහැ. අන් අයගේ සැපය පිණිස කටයුතු කරන්න හිතෙන්නෙත් නැහැ. එහෙම කළොත් අපිට බඩගින්නෙ ඉන්න වෙයි, පිපාසෙන් ඉන්ට වෙයි' කියල එයාට බය ඇතිවෙනවා. 

බැලු බැල්මට නම් ඒ මසුරු කමෙන් තමන්ට ආරක්‌ෂාව සැලසෙනවා වගේ පේනවා. නමුත් අභ්‍යයන්තරයේ තිබෙන මසුරුකම හිත තවන හිත කෙලෙසන අකුසලයක්‌. එලෙස තිබෙද්දි එයා ලඟ තිබෙන භව භෝග තමාටවත් අනුභව කරන්න හිතෙන්නේ නැහැ. පස්‌සේ ප්‍රයෝජනයට ගන්නවා යෑයි හිතනවා. පසුවට උවමනා වෙන්ට පුළුවන් යෑයි හිතනවා. බැලු බැල්මට නිවැරදි ක්‍රියාවක්‌ වගෙයි පේන්නේ. නමුත් අභ්‍යන්තරයේ ක්‍රියාකරන අකුසලය මසුරුබවයි. ඒ මසුරුකම නිසා තමාගේ ධනය තමා පරිභෝග කරන්නෙත් නැහැ, අන් අයට දෙන්නෙත් නැහැ.. 

ඊළඟ දේ මසුරුකම තිබෙන කෙනා යමක්‌ දන් දුන්නත් ඊට පස්‌සේ ඒ ගැනත් පසුතැවෙනවා. එය නොකර හිටියානම් හොඳයි කියා පසුතැවෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නෙ? දන්දීම නිසා උපදින යම් පිනක්‌ ඇද්ද ඒ පිනත් මහත්ඵල වෙන්නෙ නැතිව යනවා. ඒ වගේ ම එයාගේ හිත තවත් කිළිටිවෙනවා. මේ නිසා අපි මසුරුකම ගැන භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන් කාරණා ඉගෙන ගත යුතුයි. ඒ කාරණා තේරුම් ගන්ට ඕනෙ. ඒ වගේ ම මසුරුකම අපේ ජීවිතයෙන් බැහැර කරන්ට කටයුතු කළ යුතුයි.

දවසක්‌ භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන්ට කොසොල් රඡ්ජුරුවො පැමිණියා. එවිට භාග්‍යවතුන් වහන්සේ අසා සිටියා 'පින්වත් මහරජ මේ දහවල් කාලෙ කොහෙ සිටද මේ පැමිණෙන්නෙ' කියලා. කොසොල් රඡ්ජුරුවො ප්‍රකාශ කළා, භාග්‍යවතුන් වහන්ස, මේ කොසොල් ජනපදයේ හිටිය ඉතාම ධනවත් සිටුවරයෙක්‌. ඒ සිටුවරයා කළුරිය කළා. නමුත් ඔහුට දරු මල්ලො හිටියෙ නැහැ. ඉතින් කළුරිය කළායින් පස්‌සෙ එයාගේ ධනයට අයිතිකාරයෙක්‌ හිටියෙ නැහැ. මම මේ ගිහින් ඒ ධනය මගේ භාණ්‌ඩාගාරයට, රජයට පවරගෙන එන ගමන්. ස්‌වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හරිම පුදුමයි ඒ සිටුවරයා හරිම ධනවතෙක්‌. එයාගෙ භාන්ඩාගාරයේ තුළ රන් කාසි විතරක්‌ කෝටියක්‌ තිබුණා. රිදී කාසි ගැන කවර කතාද?' කියල කොසොල් රජ තුමා භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කළා. 

ඊට පස්‌සේ කොසොල් රජතුමා ප්‍රකාශ කරනවා ස්‌වාමීනී භාග්‍යවතුන් වහන්ස ඒ සිටුවරය මෙතරම් ධනවත් උනාට එයා දුක්‌ වින්දා. හරියට කෑමක්‌ බීමක්‌ කෑවෙ නැහැ. එයා කෑවේ නිවුඩු හාලේ බතයි කාඩි හොද්දයි. හරියට ඇඳුමක්‌ ඇන්ඳේ නැහැ. එයා ඇන්ඳෙ කෑලි තුනක්‌ මූට්‌ටු කරපු හණ වැහැරියක්‌. යාන වාහනයකට පාවිච්චි කර තිබුණේ කබල් කුඩයක්‌ ඔසවල තිබුණු පොඩි කරත්තයක්‌. සිටුවරයෙක්‌ වුණත් එයා සැප විඳපු කෙනෙක්‌ නොවෙයි. නමුත් එයා ලඟ මහා ධනයක්‌ තිබුණා' යෑයි කෙසොල් රඡ්ජුරුවො භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කළා. 

ඒ වෙලාවෙදි භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා පින්වත් මහරජ, ඒක එහෙම ම තමයි. පින්වත් මහරජ, ඒක එහෙම ම තමයි. ඒ පුද්ගලය ඒ විදිහටයි ජීවත් වුණේ. ඒකට හේතුවක්‌ තිබෙනවා. ඒ සිටුවරය අතීත ජීවිතයක මේ නගරයේ වාසය කළා. ඒ කාලයේ තගරසි‚ කියල පසේ බුදුරජාණන් වහන්සේ නමක්‌ ඒ ප්‍රදේශයේ හිටිය. ඒ සිටුවරය ඒ කාලෙත් මහා ධනවත් කෙනෙක්‌. ඒ පසේ බුදුරජාණන් වහන්සේ එයාගේ මන්දිරයට පිණ්‌ඩපාතෙ වැඩියා. එවිට මේ සිටුවරය දුටුවා මේ පින්ඩපාතෙ වඩින ශ්‍රමනයන් වහන්සේව දැක සේවකයන්ට පවසනවා අන්න අර ශ්‍රමනයන්ට දානෙ ටිකක්‌ දෙන්න' යෑයි පවසා යන්න ගියා. දන් පැන් දුන්නෙ නෑ. දෙන්න කියල කිව්ව විතරයි. ඊට පස්‌සෙ සේවකයින් දන් පැන් දුන්නට පස්‌සේ අර සිටුවරයට හිතුන අපරාදෙ මේ දානය ටික දුන්නෙ. මේ දානය නොදී සිටියා නම් මගේ මේ සේවකයෙකුට හරි කන්න දෙන්න තිබුණා. අපරාදෙ මේ නිකන් කෙනෙකුට දුන්නෙ යෑයි හිතුණා. මසුරුකම හිතේ තිබුණාම වෙන දේ තමයි ඒ. එයාට දන් දෙන්ට හිතුනෙ නැහැ. දෙන්න යෑයිනියම කළා, නමුත් එහෙම නියම කර පසුව පසුතැවුණ. 

ඉන් පසුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහරජ, ඒ සිටුවරයා පසේබුදුරජාණන් වහන්සේට දන් දෙන්න කියල නියම කළ පිනේ ආනිසංස විදිහට එයා සත් වතාවක්‌ සුගතියේ දෙවියන් අතර ඉපදුණා. ඒ කර්මයේ ඉතිරි විපාකයෙන් මේ සැවැත් නුවර ම සත් වතාවක්‌ සිටු තනතුර ලැබුණා. නමුත් පින්වත් මහරජ ඒ පුද්ගලය දානය දුන්නට පස්‌සෙ, ආපරාදෙ ඒ දානෙ ටික දුන්නෙ. ඒක සේවකයෙකුට හරි අනුභව කරන්න තිබුනනෙ කියන මසුරුකම ඉස්‌මතු වී අකුසල සිතුවිල්ලක්‌ ඇතිකරගත් නිසා එහි විපාක ලෙස ඒ නුවර සිටුවරයෙක්‌ වෙලා ඉපදෙන්ට ලැබුණට එයාගෙ ධනය පරිහරණය කරන්ට හිත නැමුණෙ නැහැ. මිහිරි ආහාරයක්‌ අනුභව කරන්ට හිත නැමුණෙ නැහැ. ලස්‌සන ඇඳුමක්‌ අඳින්ට හිත නැමුණෙ නැහැ. හොඳ වාහනයක්‌ පාවිච්චි කරන්ට හිත නැමුණෙ නැහැ. ඒ ධනය තමාගේ පහසුවට පාවිච්චි කරන්ට හිත නැමුණෙ aනැහැ යෑයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.

මසුරුකම නිසා සිද්ධවෙච්ච දේ. යම් කෙනෙකුට කුසල් අකුසල් පිළිබඳව වැටහීමක්‌ නැති නම් එයා අතින් අකුසල් කෙරෙනවා කුසල් මඟහැරෙනවා. පින් කරන එකත් මඟහැරෙනව. පාපී ක්‍රියා කෙරෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ස්‌වාක්‌ඛාත ධර්මය යම් කෙනෙක්‌ පිළිඅරගෙන, ඒ ධර්මය අසා තේරුම්ගෙන, ඒ ධර්මය පිළිගත්තොත්, එසේ ධර්මය පිළිගත් කෙනාට, තමාට දුක පිණිස පවතින මසුරුකම වැනි පාපී අකුසල් බැහැර කර කුසල් උපදවාගැනීමට හැකියාව ලැබෙනවා.

අර පුද්ගලයා දානය ටිකක්‌ දෙන්න කියල කිව්වා. නමුත් ඒ උපදවා ගත්ත පින මහත්ඵල කරගන්ට බැරිවුණා. නැවත නරක සිතුවිල්ලක්‌ ආවා. එයාට ඒක තේරුණේ නැහැ සිතට නරක සිතිවිල්ලක්‌ ආ බව. එය තේරුම් අරගත්ත නම් Ñමේක අකුසලයක්‌, මේ සිතුවිල්ල මට හොඳ නැති බව ඒ මසුරු සිතුවිල්ලට, ඒ ලෝභී බවට ඉඩ දෙන්නේ නැහැ. එය බැහැර කරනවා.

කරපු ක්‍රියාව පුංචියි. එයාට හිතුනේ මොකක්‌ද? අපරාදෙ මේ දානය දුන්නෙ කියල. සිතේ ඇතිවුනේ සිතුවිලි කීපය යි. නමුත් ඒකේ විපාකය බලන්න. ඒ විපාකයට මහා ධනවත් සිටුවරයෙක්‌ වෙලා ඉපදුණා. නමුත් එයාට ඒ ලැබුණ ධනය තමාගේ සැපය පිණිස පාවිච්චි කරන්ට බැරිවුණා. තමාගේ සැප පිණිස ධනය පාවිච්චි කරන්ට හිත නැවෙන්නේ නැත්නම් එයා අන් අයගේ සැප පිණිස ධනය යොදවන්නේ නැහැ. ඒකත් එයාට බැරි වුණා. කොසොල් රඡ්ජුරුවො පැවැසුවානේ කෝටියක්‌ ධනය තිබුණ බව. එච්චර ධනයක්‌ තිබුණ කෙනාට මිහිරි කෑමක්‌ කන්න හිත නැමුණෙ නැහැ. හරියට වස්‌ත්‍රයක්‌ අඳින්ට හිත නැමුණෙ නැහැ. ඒ සිතුවිල්ලක්‌ මගින් ම ඉපදුණ අකුසලයේ විපාක, සිතුවිල්ලක්‌ මගින් ම විපාක දෙනවා. සිතේමයි මේ අකුසලය හටගත්තේ. සිතෙන්මයි එහි විපාක ඇතිකරන්නෙත්. සමහර අය ඉන්නවා ධනය තිබෙනව, ඒ වගේ ම ධනය පරිහරණය කරන්ට හිතෙනවා. සමහර අයට ධනය තිබෙනව, නමුත් පරිහරණය කරන්න හිතෙන්නේ නැහැ. මොකක්‌ද හේතුව? ඒ එයා රැස්‌ කරගත්ත ආකාරය. 

නමුත් මේ ධර්මය කෙරෙහි පැහැදීම තිබෙන කෙනා අකුසලය ගැනත් අකුසලයේ විපාක ගැනත් කුසලය ගැනත් කුසලයේ විපාක ගැනත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට යම් විදිහකින් වැටහීමක්‌ තිබෙනවා. එයා මසුරුකම වගේ පාපී සිතුවිලි සිතේ ඇතිවෙනකොට සිහිකරනවා මේක අකුසලයක්‌ මේ අකුසලයේ මෙබඳු විපාක තිබෙනවා බව. ඒ නිසා එයාට අකුසලය ගැනත් අකුසලයේ විපාකය ගැනත් ලැඡ්ජාව බය උපදිනවා. එවිට ඒ වගේ අකුසලයට ලැඡ්ජා බය ඉපදුණ කෙනා තු=ළ අකුසල් සිතුවිල්ලක්‌ ඉපදුණොත් ඒ සිතුවිල්ල බැහැර කිරීම ගැන කලින් ම එයා තුළ කැමැත්තක්‌ තියෙනව. ඇයි ඒ ? එයා දන්නව මේක අකුසලයක්‌ බව. අකුසලය අකුසලය විදිහට දන්න කෙනා අකුසලය බැහැර කරන්න කැමැත්තෙන් ඉන්නේ. 

අකුසලය බැහැර කරන්න කැමැත්තක්‌ නැත්නම් මොකක්‌ද ඒකට හේතුව? මේක අකුසලය කියල අපි දන්නේ නැහැ. මේ අකුසලය දුක්‌ සහිත විපාක තිබෙන බව අපි දන්නෙ නැහැ. අකුසලයත් දන්නවා අකුසලයේ විපාකයත් දන්නවා නම් එසේ දන්න කෙනා අකුසලයට අකුසලයේ විපාකයට කැමතිවෙන්නේ නැහැ. එයා දන්නවා ඒක දුක්‌ විපාක සහිතයි, කිසිම සැපක්‌ ඒකෙන් උපදවන්නේ නැති බව. ධර්මය දන්නා බව අපට මොන තරම් සැප උපදවනවාද? ඒ නිසයි භාග්‍යවතුන් වදාළ අතිශයින් පිරිසිදු අතිශයින් බලවත් මේ ධර්මය අපි ඉගෙන ගෙන ඒ ධර්මය දරාගත යුත්තේ. 

ඒ නිසා තේරුම් ගන්න මසුරුබව කියන එක අපේ ජීවිතයට මහා අනතුරක්‌. මෙලොවටත් අනතුරක්‌ පරලොවටත් අනතුරක්‌. සසරේ බොහෝ දුක්‌ විඳින්ට සිදුවන අතිශය භයංකාර අනතුරු ඇතිකරන අකුසලයක්‌. ඒ නිසා ඒ අකුසලය ගැන අකමැත්ත ඇතිවන විදිහට, ඒ වගේ ම කුසලය ගැන කුසලයට කැමැත්ත ඇතිවන විදිහට අකුසලය ගැනත්, කුසලය ගැනත්, අකුසලයේ විපාක ගැනත් කුසලයේ ආනිසංස ගැනත් අපි වැටහීමක්‌ ඇතිකරගත යුතුයි. ඒ සඳහා අපට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය උපකාර වෙනවා. ඒ නිසා ඒ ධර්මයේ තිබෙන ඒ කාරණා ඉගෙනගෙන තම තමාගේ ජීවිත තුළ පුරුදු පුහුණු ගැනීමට උත්සාහ ගත යුතුයි. 
පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි

පුබ්බන්තෙ ඥානය සහ අපරන්තෙ ඥානය

නිවැරැදිව අර්ථ නිරූපණය කරගත යුතුය

ප්‍රතිවේදය පමණක්‌ ශේෂ ව පවතින එහෙත් ප්‍රතිපදාව උපදවා ගැනීමට අසමත් මෙකල ශාසනයෙහි ප්‍රතිපදාව උපදවාගත යුතු නිවැරැදි ම`ග පැහැදිලි කර දෙන අගනා ධර්ම දේශනයක්‌ මෑතක දී ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන ස්‌වාමීන්වහන්සේ විසින් පවත්වන්නට යෙදිණි. වර්තමාන ශාසනයේ නිවන් ම`ග ඇහිරී තිබෙන්නේ මක්‌නිසා ද යන කරුණ පටිච්ච සමුප්පාද විවරණය ඇසුරින් පහදා දෙන එම ධර්ම දේශනය අද පටන් බුදුම`ග පාඨක පින්වත් ඔබට කියවන්නට ලැබෙයි. මේ ධර්ම දේශනයට සවන් දී මේ අයුරින් විශාල පිරිසක්‌ වෙත කියවීමට සැලැස්‌වීම සඳහා අවස්‌ථාව උදා කර දුන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්‌ෂ මහේෂ යහම්පත් මහතාට පුණ්‍යානුමෝදනාවෙන් යුතු ව ස්‌තුතිය පුද කර සිටිමු. 

පටිච්ච සමුප්පාදය අද තිබෙන විදියට අර්ථ දැක්‌වීමේ ඊළ`ග දෝෂය තමයි නිවන් ම`ග එතන නැති වීම. ඇයි ඒ?

අවිද්‍යාව, සංඛාරය (කර්මය) පෙරයි. විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන්නෙ මේ පංච උපාදානස්‌කන්ධය හටගත්ත (වර්තමාන) තැනයි කියලයි මෙතන විස්‌තර කරන්නෙ. 

පෙර ජීවිතයෙ කර්මයට තමයි මේ (වර්තමාන) පංච උපාදානස්‌කන්ධය හටගන්නෙ කිව්වම, අද තණ්‌හාව විතරයි නැති කරන්න පුළුවන්, රහත් වුණත් පංච උපාදානස්‌කන්ධයක්‌ තමයි පරිහරණය කරන්න වෙන්නෙ, එහෙම වුණොත් ජරා මරණ දුකෙන් අද මිදෙන්න බෑ, මිදෙන්න වෙන්නෙ පස්‌සෙයි (ඊළ`ග ජීවිතයෙ) කියන උත්තරයකට එනව. 

ඒ කියන්නෙ අද ජරා මරණයෙන් මිදෙන එක අතහැරිල කියන එකයි.

ඒ කියන්නෙ වර්තමානය පංච උපාදානස්‌කන්ධ වුණොත් තණ්‌හාව නැති කළ හැකියි. නමුත් ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්‌ඛ, දෝමනස්‌ස, උපායාස, සංකිත්තෙන පංච උපාදානක්‌ඛන්ධා දුක්‌ඛා කිව්ව එකෙන් මිදෙන්න පුළුවන් ද? බැහැ. 

ඒ හින්ද අද ශාසනයේ උත්තරය තියෙන්නෙ කොහොම ද දන්නව ද? අද තණ්‌හාව නැති කරන්න පුළුවන්. තණ්‌හාව නැති කළොත් අනාගතේ දි ජරා මරණ දුකින් මිදෙන්න පුළුවන් කියන තැනකයි අද ශාසනේ තියෙන්නෙ.

අපේ ජීවිතය ම පංච උපාදානස්‌කන්ධය නම්, පංච උපාදානස්‌කන්ධය ජාති, ජරා, මරණ, සෝක, පරිදේව දුක්‌ඛ දෝමනස්‌ස උපායාසයක්‌ නම්, කෙලෙස්‌ ටික නැති කෙරුවහැකි. පංච උපාදාන ස්‌කන්ධයෙන් මිදෙන්න පුළුවන් ද? ඒ කියන්නෙ අද දුකින් මිදෙන්න පුළුවන් ද? බැහැ. අද හේතුව නැති කරල අනාගතයෙ දියි ඵලය ලැබෙන්නෙ.

එහෙම වුණොත් මේ ශාසනයට කියන්න පුළුවන් ද සන්දිට්‌ඨ§කයි, අකාලිකයි, ඒහිපස්‌සිකයි කියල? බැහැ.

මේක ලොකු වරදක්‌. හැබැයි වැරැද්ද පෙළේ (අභිධර්ම පිටකයේ) නෙමෙයි. පෙළ හරි. ගිනි පුපුර හරි. අපි අරගෙන තියෙන අර්ථයයි වැරැදි. ඒ වැරැද්ද තිබුණොත් මාර්ගඵල ලැබුවා නම් තමයි පුදුමය. පරියත්තිය වැරැදිලා ප්‍රතිපත්තිය හරි ගියොත් තමයි පුදුමය.

පරියත්තිය හරි ගියොත් තමයි ප්‍රතිපත්තිය හරියන්නෙ. ප්‍රතිපත්තිය හරි ගියොත් තමයි ප්‍රතිවේදය නැත්නම් ඵලය ලැබෙන්නෙ.

එක එක්‌කෙනා එක එක විදියට හාල් ගරල, බත් උයල, මුට්‌ටි මාරු කර කර, හාල් මාරු කර කර බත් උයන්න හදනව වගේ ක්‍රමයක්‌ අද ශාසනේ තියෙන්නෙ. වැරැද්ද මුට්‌ටියේ, හාල් ටිකේ නෙමෙයි. ගින්දර නැති එකයි. ප්‍රතිපත්තිය නැති එකයි. මේ ගිනි පුපුරට ම පිඹල උපදව ගත්තොත් මිසක ඊට මෙහා කිසි විදියකට බැහැ. එහෙම නම් සම්මා සම්බුද්ධයි වෙන්න ඕන. නැත්නම් පච්චෙක බුද්ධ වෙන්න ඕන.

මේ ගිනි පුපුරට ම පිඹල ගන්න කෙනෙක්‌ සම්මා සම්බුද්ධ හරි පච්චෙක බුද්ධ හරි වෙන්නෙ නෑ. විශේෂ ඥානයක්‌ විතරයි. හැබැයි එය ද බුදු වදන්මයි. බුද්ධ ශාසනය මයි.

දැන් අපි බලමු මෙතන ඇත්තට ම තියෙන ධර්මතාව මොකක්‌ ද කියල. මම මේ කියන කාරණාව හොඳට බලන්න.

විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන තැන තමයි අපේ ජීවිතය. ඒ කියන්නෙ විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් මවු කුසට බැසගත්තට පස්‌සෙ නාම රූප කියන්නෙ මහා භුතයන් ගෙන් යුත් මේ කය සවිඥානික වෙච්ච හැටි. ඒ නිසා ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ආයතන ටික හැදිච්ච හැටි. ආයතන නිසා ස්‌පර්ශ ඇති වන හැටි - චක්‌ඛු සම්පස්‌ස, සෝත සම්පස්‌ස, ඝාන සම්පස්‌ස...ඒ නිසා වේදනාව එන හැටි - චක්‌ඛු සම්පස්‌සජා වේදනා, සෝත සම්පස්‌සජා වේදනා... 

කෙටියෙන් සැලකුවොත්, ඇහැට රූපයක්‌ පෙනෙනව කියන තැන විතරක්‌ ගන්න. ඔන්න ඕක තමයි ජීවිතය. 

බුදුරජාණන් වහන්සෙ අවිද්‍යා සංඛාර පෙරයි කිව්වෙ මේකට හේතු පෙන්නන්න නෙමෙයි. මහණෙනි, පෙර අවිද්‍යාවෙන් කර්ම රැස්‌ කරගත්ත නිසයි තණ්‌හා උපාදාන වෙලා නුඹලට මෙතෙන්ට එන්න වුණේ කියල සඳහනක්‌ බුදුරජාණන් වහන්සෙ කරනව. (පුබ්බන්තෙ ඥානය)

එහෙම කියල, අදත් මේ විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන ටික තියෙන තැනක අවිද්‍යාවෙන් කර්ම 

රැස්‌ කරගත්තොත් නුඹලට අනාගතය කියල තැනකට යන්න වෙනවා කියල එක පෙන්නනව. (අපරන්තෙ ඥානය).

අතීත හේතු පෙන්නන එකක්‌ නෙමෙයි මෙතන තියෙන්නෙ. මෙන්න මේ කාරණාව හොඳට ගන්න.

පෙර ජීවිතයෙ දිත් විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන ටික නුඹලට හම්බ වෙද්දි එතැන ඇත්ත නො දැන, කර්ම හදාගෙන ඒකෙ තණ්‌හා උපාදාන වෙච්ච නිසයි නුඹලට මෙතෙන්ට එන්න වුණේ කියල කියන්නයි මේක පෙන්නන්නෙ මිසක, පුබ්බන්තෙ ඥානං කියන එකෙන් කියන්නෙ පෙර අවිද්‍යා කර්ම නිසා වර්තමානය හටගත්තා කියන එක නෙමෙයි. 

පුබ්බන්තෙ ඥානය එහෙම පෙන්නල අදත් මේ ඇහැට රූපයක්‌ පෙනිල, කණට ශබ්දයක්‌ ඇහෙන තැනක අදත් ඇත්ත නො දැන අවිද්‍යාවෙන් කර්ම රැස්‌ කර ගත්තොත් ආයෙත් තණ්‌හා උපාදාන වෙලා නුඹල අනාගතේට යනවා කියල අපරන්තෙ ඥානය පෙන්නනව.

පෙර වැරැද්ද නිසයි වර්තමානය. වර්තමානය වරද්දගත්තොත් අනාගතයට යනව කියන දෙපැත්ත පෙන්නල වර්තමානයක අවිද්‍යා සංඛාරය වෙන හැටි, ඒකට විපාක හදාගන්න හැටි, ඒකට තණ්‌හා උපාදාන වෙන හැටි, මතු භවය හදාගන්න හැටි පෙන්නන්නයි මේ ටික කියන්නෙ.

මේ චක්‍රයෙ අවිද්‍යා සංඛාර අතීත හේතුයි කියල පෙන්නපු එක වැරැදි නැහැ. ඒක වර්තමානයට හේතුව ලෙස සෘජු ව ගත්ත එකයි වැරැදි. ඒකෙන් පෙන්නුවෙ මේ වගේ විපාකයක්‌ නුඹලට පෙර හම්බ වෙද්දිත් අවිද්‍යාවෙන් කර්ම රැස්‌ කරගත්ත නිසයි මෙතෙන්ට එන්න වුණේ කියල මෙතෙන්ට එන්න මුල් හේතුව පෙන්නුව. ඒක කළේ වර්තමානය හදාගන්න ඇහැ යොමු කරන්නයි.

ඒ කාරණාව පැහැදිලියි නෙ.

හැම වෙලේ ම ප්‍රතිසන්ධිය ලබා දෙන තැන තියෙන්නෙ තණ්‌හා, උපාදාන, භව. තෘෂ්ණාව නමැති වඩුවයි මේ ගේ හැදුවෙ. කර්මය නෙමෙයි.

මෙතෙන් දි පළමුවැනි අදියර විදියට මට ඕන කළේ අවිද්‍යා සංඛාරය අතීතයට දමන වැරැද්ද අතහරවන්නයි.

දැන් ආපහු හොඳට මනස යොමු කරන්න. මේ විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන තැන මම කිව්ව අපේ වර්තමාන ජීවිතය කියල. ඔතන තියෙනව පොඩි ගැටලුවක්‌. මේ ලෝකෙට හොයාගන්න බැරි ඔන්න ඔය සිද්ධියයි. ඔය ටික පෙර කර්මයන්ට උපාදාන වෙල තණ්‌හාවෙන් හටගත්ත ස්‌කන්ධ ටිකක්‌ කියල දෙයකුත් තියෙනව. ඕක ම කර්ම වෙන න්‍යායකුත් තියෙනව. 

උදාහරණයකට මේ ජංගම දුරකථනයක්‌ ගත්තොත් මේකට ඇමතුම් එන පැත්තකුත් තියෙනව ඇමතුම් ගන්න පැත්තකුත් තියෙනව. ඉන්කමින් අවුට්‌ගොයින් කියල දෙකක්‌ තියෙනව. මේ ස්‌කන්ධ පංචකයෙත් ඔය ටික තියෙනව. අපි ඉස්‌සරවෙලා බලමු ''ඉන්කමින්'' එක. (අද බණ කියන්න වෙලා තියෙන්නෙත් ඩිජිටල් ක්‍රමයටෘ වෙන ක්‍රමයකට කිව්වොත් තේරෙන්නෙ නැහැ නෙ).

ඇහැට රූපයක්‌ පෙනෙන අවස්‌ථාව ගන්න. ඇහැට රූපයක්‌ පෙනෙනව කියන තැන තියෙනව විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා කියල. 

චක්‌ඛු සම්පස්‌සයත් චක්‌ඛු සම්පස්‌සයෙන් උපන් වේදනාවත්. මෙතන තියෙන්නෙ පිරිසිදු ස්‌කන්ධ ටිකක්‌. අනාත්ම වූ ස්‌කන්ධ ටිකක්‌. මේ ටික හේතූන් ගෙන් හටගත්ත, ආහාරයෙන් හටගත්ත, ප්‍රත්‍යයන් ගෙන් හටගත්ත ධර්මතා ටිකක්‌.

ඇහැ ද කන බොන ආහාරය නිසා. මේ පෙනෙන රූපය ද කන බොන ආහාරය නිසා. මෙතන තියෙන්නෙ සතර මහා ධාතූන් ගෙ උපාදාය රූපයක්‌. ඒක ධර්මතාවක්‌.

මේ ඇහැත් රූපයත් කියන තැනක හිත උපන්නා. ඒ ස්‌පර්ශය නිසා වේදනා සංඥා පහළ වුණා කියන ටික ගත්තහම මෙතන තියෙන්නෙ හොඳට බලන්න ඇහැට පෙනෙනව කියන තැනක, දකින්න පෙර නො තිබුණු දැක්‌කට පස්‌සෙ නො තිබෙන ඒ අවස්‌ථාවටත් නො තිබෙන ඒ වෙලාවට විතරක්‌ හේතු නිසා හදාගත්ත දර්ශනයක්‌ අපට මේ පෙනෙන්නෙ. 

මේ රූපෙ නිසයි ඇහැ හැදෙන්නෙ. ඇහැ නිසයි රූපෙ හැදෙන්නෙ. මේ දෙන්න ම නිසයි චක්‌ඛු විඤ්ඤාණය හැදෙන්නෙ. ඔවුනොවුන්ට උපකාරීවයි තියෙන්නෙ. මිරි`ගුව කියෙන තැනක ඇහැ නිසයි ජලය වගේ සටහන පෙනෙන්නෙ. ජලය වගේ සටහන නිසයි ඇහැ කියල එකක්‌ උපදින්නෙ. ඒ දෙන්න නිසයි චක්‌ඛු විඤ්ඤාණය කියල එකක්‌ උපදින්නෙ. ඔය ටිකේ එකතුව තමයි වතුර වගේ පෙනෙන එක.

අපි අහකට යනකොට ම වතුර වගේ පෙනෙන රූපයත් අතහැරෙනව. ඒ රූප දැක්‌ක ඇහැත් බිඳෙනව. ඒ රූපය දැකපු හිතත් නිරුද්ධ වෙනව.

අපිට පෙනෙනව කියන තැනක මෙහෙම හේතූන් ගෙන් හටගත්ත දෙයක්‌ තමයි ඇත්තට තියෙන්නෙ. නමුත් දකින්න පෙර තිබුණ, දැක්‌කයින් පස්‌සෙත් තියෙනව කියන මේ කිසි ම දෙයක්‌ නො දැන ඇහැට රූපයක්‌ පෙනෙනව කියන තැන එකක්‌. මෙතන ඇත්ත නො දන්නාකම නිසා මේ පෙනෙන රූපය හොඳට අල්ලගෙන අපි විඳිනව. විස්‌තර ඇති ව හිතනව.

මෙහෙම අල්ලගෙන වින්දහම තියෙන දෝෂය තමයි මේ ඇහැත් රූපයත් චක්‌ඛු විඤ්ඤානයත් ඉතුරු නැති ව ම නිරුද්ධ වෙලත් මේ සටහන එහෙම ම අපේ මනසෙ හිටිනව. අන්න එහෙම සටහන මනසෙ හිටින එක තමයි අවිඡ්C`ධා පච්චයා සංඛාරා.

ඒa කියන්නෙ ඇහැ ගැන දන්නෙ නෑ. රූපය ගැන දන්නෙ නෑ. චක්‌ඛු විඤ්ඤාණය ගැන දන්නේ නෑ. චක්‌ඛු සම්පස්‌සය ගැන දන්නෙ නෑ. ප්‍රත්‍ය නිසා හටගන්න ධර්මයෝ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනව කියන ධර්මතාව සාක්‌ෂාත් කරගෙන නැහැ. අවිද්‍යාසහගත මනසකින් අපි වින්දෙ. ඇති දෙයක්‌ හැටියට අල්ලගෙනයි අපි වින්දෙ. එහෙම වින්දම තියෙන දෝෂය තමයි වින්ද අරමුණේ විඤ්ඤාණය පිහිටනව. ඒ කියන්නෙ ඒ ටික හටගෙන නිරුද්ධ වුණත් ඇති හැටියට මනසෙ හිටිනව. දැන් අපේ මනසෙ හැඩ සටහනක්‌ තියෙනව. මේක ඇති තතු නො දන්නාකම නිසා හටගත්ත කර්ම නිමිත්තක්‌.

දෙවනුවට අනුබන්ධන චිත්ත වීථි කියල ඔය නිමිත්ත ම අරගෙන හිතෙනුත් යනව. "එයා හරි ම හොඳ කෙනෙක්‌, මගේ අප්පච්චි" කියල ආදරේ හෝ තරහ හෝ ඇති වෙන විදියට හිතේ ම තියෙන නිමිත්ත අරභයා ආපහුත් අපි හිතනව. 

ඔන්න ඔය ඇහැට පෙනුණු එක කෝල් එක ආපු එක වගේ (ඉන්කමින්). ඒකෙ දෝෂයක්‌ නැහැ. ඒ සිද්ධියේ ඇත්ත නො දන්නාකම නිසා ඒක අල්ලගෙන විඳින්න ගියා ම තියෙන දෝසය තමයි ඒ ධර්මය නිරුද්ධ වෙලත් එය ඇති බවට මනසෙ හිටිය.

දැන් මේකෙ අවුට්‌ගොයින් එකකුත් තියෙනව. ඒ කිව්වෙ දැක්‌ක රූපය බලන්න කියල යනකොට සංඛාර පච්චයා විඤ්ඤාණං. 

අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තක්‌ සිහි කරල යැම තමයි සංඛාර පච්චයා විඤ්ඤාණං. ආපහු විඤ්ඤාණය වෙලා, නාමරූප වෙලා, ආයතන හැදිල, ආයෙත් මේ රූපය හදාගන්නව අපි. හැබැයි දැන් සංඛාරා පච්චයා විඤ්ඤාණං. 

සැබෑ ලෙසම කළකිරිය යුතු කරුණු මෙන්න


අප පුදුමාකාර භාග්‍යවන්ත පිරිසක්‌ බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නැහැ. ඒ අප ඉපදී සිටින්නේ ඒ ගෞතම තථාගතයන් වහන්සේ ලෝකයේ පහළවී තිබෙන කාලයකදී. භාග්‍යවතුන් වහන්සේ තමයි අපිට දේශනා කළේ ජීවිතයේ සැබෑම අර්ථය ජීවිතයේ සැබෑම ස්‌වරූපය අනිත්‍ය, දුක්‌ඛ හා අනාත්ම යන ත්‍රිලක්‌ෂණය බව. 

අද දින ඔබට ත්‍රිලක්‌ෂණය පිළිබඳව තවදුරටත් ඉතා මනාකොට ඉගෙනගන්න ලැබෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාළ තවත් සුන්දර දේශනාවක්‌ තුළින්. ඒ දේශනාවේ නම දුතිය බාහිරනිච්ච සූත්‍රය. අප මීට පෙර ඉගෙන ගත්ත 'බාහිරානිච්ච' සූත්‍රය. එහිදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ හා අරමුණු පිළිබඳව අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් අපි ඉගෙන ගත්තා. එහිදී වැටහුණා අප දකින රූප, ඇසෙන ශබ්ද, ආඝ්‍රාණය කරන ගඳ සුවඳ, දිවට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු සියල්ලම අනිත්‍ය බව. ඒ කියන්නේ වෙනස්‌වන බව. ඒ වගේම ඒ නිසා දුක්‌ බව. ඒ වගේම අපේ වසඟයේ පවත්වන්න බැරි බව.

මේ දුතිය බාහිරානිච්ච සූත්‍රයේදී අපේ භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් විස්‌තර කරනවා මේ බාහිර ආයතනවල තිබෙන අනිත්‍ය, දුක්‌ඛ හා අනාත්ම ස්‌වභාවය ගැන. උන්වහන්මේ මේ ආකාරයෙන් දේශනා කරනවා. 'රූපා භික්‌ඛවේ අනිච්චා අතීතානාගතා' යනුවෙන්. ඒ කියන්නේ අතීත වූත්, අනාගත වූත් රූප අනිත්‍යයි කියන එක. වර්තමාන රූපවල ඇති අනිත්‍ය ස්‌වභාවය ගැන කවර කතාද? (කෝ පනවාදොa පච්චුපන්නානං) මේ ආකාරයෙන් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සැබෑලෙස දකින විට අතීතයට ගිය රූප පිළිබඳව අපේක්‌ෂා රහිත වෙනවා. (ඒවා පස්‌සං භික්‌ඛවේ සුතවා අරියසාවකෝ අතීතේසු රූපේසු අනෙපෙඛෝ හෝති) . ඒ වගේම අනාගත රූප පිළිගන්නේ නැහැ. (අනාගතේ රූපේ නාභිනන්දනි). වර්තමාන රූප පිළිබඳව කලකිරීම පිණිස (නිබ්බිදාය), නොඇල්ම පිණිස (විරාගාය), තෘෂ්ණාව නැති කිරීම පිණිස (නිරෝධාය) පිලිපන් කෙනෙක්‌ බවට පත්වෙනවා. (පටිපන්නෝ හෝති)

සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයාගේ ස්‌වභාවය නිරන්තරයෙන්ම ලස්‌සන, ලස්‌සන රූපවලට ඇලී ගැලී වාසය කිරීමයි. රූපයේ අනිත්‍ය ස්‌වභාවය ඒ කියන්නේ වෙනස්‌වන ස්‌වභාවය ඔහු දකින්නේ නැහැ. ඔහු ඒ ලස්‌සන ලස්‌සන රූප පතමින් ඒවා තමාගේ යෑයි මුලාවෙන් රැවටී ඉන්නවා. ඒවාට සුභවාදී ප්‍රතිචාර දක්‌වමින් කාලය ගත කරනවා. එපමණක්‌ නොවෙයි. අතීතයේ දුටු රූප ගැනත් නැවත නැවත හිතමින් කාලය ගත කරනවා. ඒවා ගැන මධ්‍යස්‌ථ වෙන්නේ නැහැ. අනාගතයේ රූප ගැනත් ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. එවිට තමන්ගේ සිහි මුලාවීම සිදුවෙනවා. ඒ නිසා තමන් වර්තමානයේ දකින රූප ගැන යථාර්ථය දැකගන්න සමත් වෙන්නේ නැහැ. නමුත් අපි කළ යුතු වෙන්නේ මේ අනිත්‍ය වූ දුක්‌ වූ, අනාත්ම වූ රූප ගැන කළකිරීම පිණිස කටයුතු කිරීමයි. ඇලීම්, නැතිවීම පිණිස කටයුතු කිරීමයි. තෘෂ්ණාව දුරු කිරීම පිණිස කටයුතු කිරීමයි.

පින්වතුනි, ශබ්ද වුණත් අතීත වශයෙන්ද, අනාගත වශයෙන්ද අනිත්‍යයි. වර්තමාන ශබ්දවල අනිත්‍ය ගැන කියන්න දෙයක්‌ නැහැ. ඒවාත් අනිත්‍යය යි. ගන්ධ ගැනත් ඒ විදියට තමයි. අතීතයට ගිය ගඳ-සුවඳ අනාගත ගඳ-සුවඳ සියල්ලම අනිත්‍යයයි. වර්තමාන ගඳ-සුවඳත් එහෙමයි. රසයන් අතීත වශයෙනුත්, අනාගත වශයෙනුත් අනිත්‍යයයි. වර්තමාන රසයෙහි අනිත්‍ය ගැන අමුතුවෙන් කිවයුතු දෙයක්‌ නැහැ. එයත් අනිත්‍යය යි. ඒ වගේමයි පහසත් අතීත වශයෙනුත්, අනාගත වශයෙනුත් අනිත්‍යය යි. වර්තමානයේ තිබෙන පහසත් ඒ ආකාරයෙන්ම අනිත්‍යයයි. ඒ වගේමයි මේ අරමුණු. ඒවා අතීත, අනාගත වශයෙන් අනිත්‍යයි. වර්තමාන අරමුණුවල තිබෙන අනිත්‍ය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

එනිසා පින්වතුනි, මේ යථා ස්‌වභාවය අපි ඉතා ඉක්‌මනින් තේරුම් ගත යුතුයි. අපි සංසාරයේ මේ තාක්‌ කල් දිගින් දිගට ආවේ මේ රූපවලට ඇලී ගිය නිසා. ශබ්දවලට ඇලී ගිය නිසා. ගඳ-සුවඳවලට ඇලී ගිය නිසා. රසයට ඇලී ගිය නිසා. අරමුණුවලට ඇලී ගිය නිසා. එවිට අපි අතීතයට ගිය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ, අරමුණුවලට ඇලෙන්නේ නැතිව කටයුතු කරන්නේ මොන ආකාරයෙන් ද මේ සූත්‍රයෙන් මනාව වටහාගත හැකියි. ඒ වගේම වර්තමානයේ මේ බාහිරායතන ගැන කටයුතු කළ යුතු ආකාරය ගැනත් මැනවින් ඉගෙන ගන්න ලැබෙනවා.

ඒ නිසා ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් ලෙස අපි කළ යුත්තේ පැහැදිලිව මේ කරුණු ඉගෙනගෙන අති දීර්ඝ වූ සංසාර ගමන නිමා කිරීමට ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ උතුම් දහම් මඟට පැමිණීමයි. අප නිරන්තරයෙන්ම රැටවී සිටින මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ අරමුණුවල සැබෑ ස්‌වරූපය තේරුම්ගෙන කටයුතු කළ යුතුයි. සියලුදෙනාටම මේ බාහිර ආයතන පිළිබඳව සැබෑ ලෙසම කළකිරීම ඇති කරගෙන, නොඇලීම ඇතිකරගෙන තෘෂ්ණාව දුරුකර ගැනීම පිණිසම මේ උතුම් දේශනාව උපකාර වේවා!
පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

බෞද්ධ දර්ශනය යනු විශ්ව යථාර්ථයයි

‘මහණෙනි බුදුවීමට පෙරම බුදු නොවූ බෝසත් වූ මට මේ සිත පහළ විය. ඒකාන්තයෙන් ම මේ ලෝකයා දුකට පැමිණියේ ය. .....කවර කලෙක ජරා මරණ සංඛ්‍යාත දුකින් ඉවත් වීමක් වේ ද?” (බුද්ධ වග්ගය - ගෝතම සූත්‍රය)
බුද්ධත්වයට පෙර බෝසත් වූ එතුමා යථාභූත ඥානයෙන් යුක්ත ව යථාභූත පරිඥානයෙන් යුක්ත ව ඒ පදනමෙන් බුද්ධත්වය ට පත් වූ බවත්, බුද්ධත්වයේ දී ඥානය ඉක්මවා ප්‍රඥාව සමාධිය වූ විමුක්ති ඥාන දර්ශනය උදා වූ බවත් මෙහි දී පැහැදිලි ය. ලෝකෝත්තර ප්‍රඥාව, සමාධිය, යථාභූත ඥානය නොමැතිව සමාධිය යැයි වරදවා තේරුම් ගෙන ඇති බව කමටහන් සහිත සංස්කාර භාවනා තුළ සමාධිය වැඩීම, විදර්ශනා කිරීම භාවනා කිරීම අරුත් සුන් කෞශල්‍යය නොමැති ආධානග්‍රාහී පාරභෞතික අනුගතයක් පමණක් බව ප්‍රථමයෙන් ප්‍රකාශ කර සිටිමි. මේ පිළිබඳ ව බුද්ධ වචනයේ ප්‍රකාශනය මෙසේ ය.
“ප්‍රභාශ්වර මිදං භික්ඛ වේ .....අස්සුතවා ප්‍රථුජ්ජනො යථාභූතං නප්පජානාති තස්මා අස්සුතවතො ප්‍රථුජ්ජනස්ස චිත්ත භාවනා නත්ථිති වදාමි” (අශ්‍රැතවත් ප්‍රථග්ජනයාට - යථාභූත ඥානයක් නැති ප්‍රථග්ජනයාට චිත්ත භාවනාවක් අනුමත නොකරමි) ප්‍රභාශ්වර වග්ගය.
යථාභූත පරිඥානය අනුත්තර තථාගත ධර්මයෙන් උකහා ගෙන එයින් පරිඥානය ලබාගත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මහා බෝධියේ ප්‍රබල ධර්මය කෙරෙහි සම්මා සතියෙන් සමාධියට භාවනාවක් ඇති අතර කෙළවරක් නොමැති හින්දු යෝග කමටහන් භාවනා, සංස්කාර භාවනා, හිත නිදන්ගත කරන වශීක්‍රම තථාගතයාණන් වහන්සේ අනුමත කොට නොමැති බව මේ අනුව පැහැදිලි ය. කිසිවක් නොදැන භාවනා කිරීම යනු නන්නත්තාර වී මංමුලා වීමකි. භාවනා ඇත්තේ මහා බෝධියේ අවකාශ සම අචින්ත්‍ය ධර්මයට ප්‍රඥා සමාධියට එක්වීම තුළ පමණි. මේ අනුව බුද්ධත්වයට පෙර බෝසතුන් වහන්සේ අවබෝධ කරගත් යථාභූත ඥානය කෙසේ වන්නේ දැයි සොයා බැලීම ඉතා වැදගත්ය.
යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන් ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි (ඇත) නොවන, නස්ථි (නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස ප්‍රතිපදාව සූත්‍ර රාශිය දක්වා ඇත. පරමානුත්තර සුඤ්ඤාතාවය අනු ඉක්මවා ගිය අනුත්තර ධර්මය, අනුත්තර ධම්මචක්ඛං පවත්තිතං අප්පති වත්තියං තථාගතේන යන යෙදුම් වලින් මෙය පැහැදිලි වන්නේය.
යථාභූතය සැකැසෙන ධර්මය, රූප ස්කන්ධ වස්තු ඉන්ද්‍රිය අරමුණු චෛතසික සංකල්ප, ධර්මය නොවන්නේය. රූප සංඥා කොටගත් පඨවි ආපෝ තේජෝ වායෝ, විඥාන හෝ රූප වේදනා සංඥා සංස්කාර විඥාන හෝ කේසා ලෝමා නඛා දන්තා ධර්මය නොවන්නේය. සංඥා කොට ගත්, රූප වස්තු කොට ගත් අරමුණු විෂය කොට ගත්, සංකල්ප කොට ගත්, මාතෘකා කොට ගත්, ධර්මය, අනුත්තර ධර්මය නොවන්නේය. අනු ඉක්මවා ගිය ධර්මයේ “අනිස්සිතෝව විහරති” ලෙස තථාගතේන අභිසම්බුද්ධා ලෙස අර්ථ නිරූපිතය.

යම් කිසිවක නිශ්චිත වීම මනස ඉක්මවා යන්නේ ද එය අනිස්සිචෝත විහරති වේ. එය යථාභූත ධර්මයයි. අපගේ මනස පරිසරය ලෝකය විශ්වය සාධාරණව අනිශ්චිත වන්නේ කොහි ද? අවකාශයේ අනු අංශු ඉක්මවා ගිය විට මිස වෙන කොතන දී ද? අණු රාශිභූතය තුළ නිමිති සංඥාවේ රාශි භූතය භෞතික වේ. ස්කන්ධ රූප වේ. අනුත්තර ධර්මය වන්නේ අණු තුළ නොවේ. අණු ඉක්මවා ගිය අවකාශය සම සංඥා විරහිත යථාර්ථය තුළ ය. මෙයින් යථාභූත ඥානය සැකසෙන්නේ වේ. මෙය පාරභෞතිකයක් හෝ ආධානග්‍රාහී ආගමික ආනතයක් නොවේ. යථාභූතයේ අණු ඉක්මවා ගිය ධර්මයේ ‘ආගමික සිද්ධියක් නැත.
අණු ඉක්මවා ගිය යථාර්ථය මෙසේ පෙළ ගසමු.
ස්කන්ධය > රූපය > වස්තුව > පඨවි ආපෝ තේජෝ වායෝ > අණු > අවකාශ භූමිය > ශක්ති ව්‍යාප්තිය > අවකාශ සම > විඥාන වූ චේතනය නොවීම > (චේතෝ විමුක්තිය) පැරැණි විග්‍රහය. ස්කන්ධය > රූපය > මහා භෞතිකයෝ > මූල ද්‍රව්‍ය > (තඹ ඊයම් ගෙන්දගම් ඇලුමිනියම් යකඩ ආදී) පරමාණු ස්කන්ධ > බන්ධන > පරමාණු > පරමාණු අණු > (ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යුටෝන ආදී අණු) ශක්ති කවච > ක්වොම්ටොම් ක්ෂේත්‍ර> අවකාශය > ව්‍යාප්තිය > අවකාශය සම අචින්ත්‍ය චේතෝ විමුක්තිය සංඥා නිරෝධය මෙය නවීන විග්‍රහයයි.
මෙහිදී යථාභූත අණු ඉක්මවා යන විට, අවකාශය සම වන ශක්ති මට්ටම් ඉක්මවා යන විට, සංඥා විරහිතව මනස සම්බන්ධ ව චේතනය නොවී විශ්ව ප්‍රකෘතිය හා එක් වන්නේ ය. චේතනය නොවීම, චේතෝ විමුක්තිය, සංඥා නිරෝධය විඥාන නිරෝධය, විමුක්තිය, විමුක්ති ප්‍රඥා දර්ශනය, නාම රූප නිරෝධය, ආදී ලෝකෝත්තර අර්ථය හා එක්වීමෙන් විශ්ව ප්‍රකෘතිය යන අචින්ත්‍ය වූ මනස බුද්ධ නම් වන්නේ ය. මේ බුද්ධ මනස නැතහොත් ඇත යන අර්ථයෙන් චේතනය කිරීමට හෝ සංකල්ප ගත කිරීමට නොහැක්කේ ය.
අවකාශ සම යන අර්ථය මුණ ගැසෙන්නේ සංඥා නිරෝධ දිගක් පළලක් නොමැති, මායිමක් නොමැති, චින්තනය නොවන සිතුවිල්ලේ සිටියදීම, සිතුවිල්ල නොවන උදාවන දාර්ශනික මනසෙහි ය. එය බුද්ධ මනස වේ. මෙය කරා යන යථාභූත අණු ඉක්මවා යන අවකාශය සම ශක්ති යථාර්ථය කෙරේ. බුද්ධිමත් ඥානය සියුම් බුද්ධියෙන් අනුත්තර ධර්මයෙන් ලබා ගත යුත්තේ ය. මේ පිළිබඳ අටුවාවන් අනන්ත ය. කෙටියෙන් එය මෙසේ පෙළ නඟමු.
අප්‍රමාණ වශයෙන් බොහෝ බලසම්පන්න බුද්ධියෙන්, ඉතා සියුම් ඥානයෙන්, අණු ඉක්මවා ගිය අනුත්තර ධර්මයෙන්, පරමාණු බිඳින්නට හැකි ඥානයෙන්, මේ යථාභූතයට මනස එල්ල කරමින්, අවධානය සහ ඒකාග්‍රතාවය ඇති කරමින්, බුද්ධත්වයේ, බුදුවරුන්ගේ නිවස වෙත පැණිය හැකිය. එක් අණුවක් තුළ නිදහස් ක්‍රියාකාරිත්වය ඇත්තේ යම් සේද සැම පරමාණු ගර්භයක් තුළම අණු ශක්ති ක්‍රියාකාරිත්වය ද එසේම වන්නේය. විරාමයකින් තොරව අවකාශ මධ්‍යයේ සකස් වීම් කැඩී බිඳී යාම්, චක්‍රාකාරව නැවත නැවත සිදුවන්නේය. ශක්ති අවකාශයේ ව්‍යාප්තිය තුළ සියල්ල චේතනයෙන් තොරව විවේකී වන්නේය. මේ සියල්ල මහා ශක්තිය තුළ අචින්ත්‍ය වශයෙන් චේතෝ විමුක්ති නම් වේ.
සියලු පරමාණු තුළ මතුවන ගූඪ ශක්තීන් ඒ සියල්ල මූලික ප්‍රණිධානයේ ගූඪ ශක්තිය වන්නේය. මනසේ ඇති නිර්මාණ නම්‍යතාවයට අනුව, අවකාශ මධ්‍යයේ ඒ සියල්ල නිර්මාණය වන්නේය. සෑම අණුවක් තුළම ජීවී සත්ත්වයන් සඳහා ප්‍රාතිහාර්යයක් සේ වන මේ චින්තනය වන නාමය ද රූපයක් වන මේ ශරීරය ද දැඩි ආශාවෙන් වන විඥානයෙන් මාතෘ ගර්භයේ පිහිටීම මේරීම විග්‍රහ කරන්නේය. අපගේ දැඩි ආශාවෝ හිරු එළියේ මෝරමින් පෙණත් දූවිලිත් තුළ කැටි ගැසී නාම රූප මිශි‍්‍රතය තුළ ගැබ තුළ මෝරන්නේ කෙසේ ද? යන්න බුද්ධ ක්ෂේත්‍රය අවබෝධ කරන්නේය. මෙය යථාභූත ඥානයේ අවබෝධ යයි.
මේ මහා විශ්වය ආලෝකය විහිදුවන කිරණයන්ගෙන්, විවිධ වර්ණයන්ගෙන් යුත් ප්‍රභා මණ්ඩලයන් යුත්, පරමාණුන්ගෙන් නිර්මාණය වී ඇත්තේය. ආලෝක කදම්බයන්ගෙන් යුක්තව විටෙක දූලි පටලයන්ගෙන් යුක්තව, ආර්ද්‍රථාවයන්ගෙන් යුක්තව, ආලෝඹ් තරංග මත, ශබ්ද තරංග මත, පරාවර්තනයක් වන ක්‍රියා සන්තතිය ග්‍රහණය කරන්නට නොහැක්කේය. ගිනිදැල්, වලාකුළු මත පරමාණු සංඝගාත වේ. විශ්වය අවකාශ මධ්‍යයේ කෘතකත්වය අචින්ත්‍ය වන්නේය. එම යථාභූතය අචින්ත්‍ය ශුන්‍යතාවය අස්ති නස්ති නොවන අවකාශ යථාර්ථය සත්‍යයය. එය වෙතින් බුද්ධත්වයට වැඩම කරන ලද අතර, එයින් නික්මෙන අනුත්තර ධර්මයෙන් බුද්ධත්වය අවබෝධ කරන ලද්දේ ය.
මෙම පරමාණු ගර්භයේ ශක්ති අචින්ත්‍ය යථාර්ථයේ බුදුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය නචේතනා කරණි නිබ්බානං වන්නේ මෙම යෙදුමෙන්ය.
මෙම පරමාණු ගර්භයේ ශක්තීන්ගේ අවකාශ මධ්‍යයේ අසම සම අචින්ත්‍ය වූ සංඥා නිරෝධය ප්‍රදානය කරමින් අවකාශය කරන උතුම් යථාභූත ප්‍රදර්ශකත්වයට කෘත වේදිත්වය පළ කළ යුතුය. පරමාණුත්තර ධර්මයෙන් ඥානය වර්ධනය කරණ විශ්වීය ක්‍රියාකාරි තත්ත්වය වන බුද්ධ ක්ෂේත්‍ර හරහා ඥානය වර්ධනය කරමින් එම යථාභූත ඥානය මත බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බුද්ධත්වයේ බෝධි මණ්ඩලයේ ධර්මයට පිහිටා ගනිමින් ප්‍රඥාවට අභ්‍යාස කිරීම හැරෙන්නට ලෞකික සමත කමටහන් භාවනා සහ ආධාන ග්‍රාහී ආගමික අනුගතය අර්ථ විරහිත වන්නේය.
නිස්සිතං චලිතං - අනිස්සිතං චලිතං නස්ථි - යමක නිශ්චිත වූ මනස චලිත වේ විඥානවත් වේ. චේතනය වේ. අනිස්සිත වූ විට චලිත නොවේ. විඥාන නොවේ. විඥාන නොවන විට නාම රූප නොවේ. නාම රූප නොවන විට විඥාන නොවේ. නාම නොවන විට ජාති ජරා මරණ නොවේ. එම නිසා යථාභූත ඥානයෙන් අනිස්සිතය වෙත පැමිණිය යුතුය. යථාභූතය තුළ අනිස්සිතය වන්නේ පරම අණු ඉක්මවා ගිය ශක්ති අවකාශ මධ්‍යයේ සංඥා විරහිතව ශුන්‍යතාවයට ලක්වන චේතනය නොවන ද්වතාවයෙන් රූපමය මනස නොවන විටය. එම නිසා අනුත්තර ධර්මය සතිපට්ඨාන ධර්මයයි.
සති යනු සිහියයි. සිහිය වැඩියෙන් පිහිටන ස්ථානය පට්ඨනයයි. සිහිය වැඩියෙන් හැසිරෙන ස්ථානයෙහි පරමාණු යථාර්ථයෙහි අවකාශ මධ්‍යයේ නාම රූප සංඥා නොවීම සති පට්ඨානයයි. එම සතිපට්ඨානය අනිස්සිතෝච විහරති එහි යථාර්ථය නච කිඤීචි ලෝකේ උපාදියති යන්නයි. එහි යථාර්ථය සම් බෝධියේ අවබෝධ ප්‍රත්‍යක්ෂය වන චේතෝ විමුක්ති දර්ශන නිබ්බානයයි.
බුදුන් වහන්සේ යථාභූත ඥානයෙන් දර්ශනය වෙත පැමිණීමෙන් විමුක්ති ඥාන වෙත එක්ව අනිමිත්ත අප්පණිහිත සුඤ්ඤාත අර්හත් පල සමාධියෙන් නිරෝධ සමාපත්තියෙන් මහා බෝධි මූලයේ වැඩ සිටි සේක. යනුවෙන් වාර්තාගත කරන ලද්දේ මෙම යථාභූත ඥාන වර්ධනයයි. එම නිසා සියුම් බුද්ධියෙන් උපයා ගන්නා ලද අවකාශ මධ්‍යයේ අණු ඉක්මවා යන ශක්ති යථාර්ථය වන යථාභූත ඥානය වෙත පැමිණීම ඉතාම වැදගත් බව අවධාරණ්‍ය කරමු.
මෙම අණු ඉක්මවා යන අවකාශ මාධ්‍යයේ සංඥා නිරෝධ අර්ථය කෙරේ අපගේ අනුත්තර ධර්මය යෙදීම ආධානග්‍රාහින්ව පරිදි වැරදි සහගත බවත්, අණු ධර්මය ඉතා වැදගත් බවත් කිව යුතුය. විකල්පනයෙන් තොර වූ ලෝකෝත්තර මාර්ගයන් පිළිබඳව විශ්වමය විමුක්තිය පිළිබඳ උපක්‍රමය ඉගැන්වීම, දේශනය, විග්‍රහය පිළිබඳ කේන්ද්‍රය වන බෝධි මණ්ඩලයේ ධර්මයෙන් යෙදුම ඉතා වැදගත්ය.
බුද්ධ ක්‍ෂේත්‍රයක විශ්වීය ක්‍රියාකාරීත්වයක ආලෝක ධාරාවන් තුළ පරමාණු කෘතක බොහෝය. ඒකාලෝක කරන්නා වූ පාෂාණ කෘතක ආලෝක ධාරාවන්, විශ්වය අලංකාර කරන විවිධ ශබ්ද නිර්මාණය කරන්නා වූ විද්‍යුත් කම්පනයන් සහිත ආලෝක ධාරාවන්, ගිනිදැල්වල පැන නඟින ආලෝක ධාරාවන්, තද පෘෂ්ඨ තාරකා මඟින් දිලිසෙන ආලෝක ධාරාවන්, සියුම් කම්පනයන් සහිත ආලෝක ධාරාවන් බුද්ධ ක්‍ෂේත්‍ර හරහා ගමන් කරන තරංග ශක්තීන්, චුම්භක ක්‍ෂේත්‍ර හරහා ගමන් කරන ශක්තීන්, විශ්වමය අවකාශය හා සමව සීමාවකින් තොරව ව්‍යාප්ත වී ගුප්තව සැඟවී යන්නේය. මෙම අණු ඉක්මවා ගිය යථාභූත යථාර්ථය බුද්ධ යන්න අර්ථවත් වන ක්‍ෂේත්‍ර වන්නේය.
මෙම ආලෝක කිරණයන්ගෙන්, ශබ්ද තරංගයන්ගෙන්, ෂඩ් වර්ණයන්ගෙන්, මහා කම්පනයන්ගෙන්, පරාවර්තනයන්ගෙන්, දෝංකාරයන්ගෙන් සම්මා සම්බුද්ධත්වයේ බෝධි වෘක්ෂය සැරසී ඇත්තේය. දහසක් භූමින්වල අසංඛ්‍ය වූ පරමාණුත්තර අවකාශ මාධ්‍යයේ මනස පවත්වමින් බුද්ධ ක්‍ෂේත්‍රවල ගමන් කරමින් මෙම චේතෝ විමුක්ති අචින්ත්‍ය ධර්මය බෝමැඬදී භාග්‍යවතුන් වහන්සේ මස්තකප්‍රාප්ත කළහ. මෙම හැම බුද්ධ ක්‍ෂේත්‍රයන් තුළම අවබෝධයෙන් ලබන ආධ්‍යාත්මික ශක්තිය අතිමහත්ය. පරමාණුව නැමැති විශ්වීය නිර්මිතයේ කුඩා ඒකකයේ ගර්භයේ ක්‍රියාකාරිත්වය සියුම් බුද්ධියෙන් අවබෝධ කරගෙන, අවකාශයේ ව්‍යාප්තිය නැමැති අණු ක්‍රියාකාරිත්වයේ සංඥා නිරෝධය තේරුම්ගෙන, යෝනිසෝ මනසිකාරයෙන් උප්පත්ති මරණ සංඥා අයෝනිසෝ මනසිකාරය ඉක්මවා අචින්ත්‍ය නැමැති ඒක ව්‍යූහ සමාධියට යා ගන්ට මහා බෝධියේ ධර්මය බුද්ධ පුත්‍රයන්ට කෞශල්‍යය ප්‍රදානය කරන්නේය.
මහා බෝධියේ සම්මා සම්බුද්ධත්වයෙන් සැපයෙන ධර්මයේ ප්‍රවිවේකය සපයා දෙන්නා වූ විශ්ව යථාභූතයේ අවකාශයට අපගේ කෘතවේදිත්වය හිමිවිය යුතුය. අමරණීයත්වය මෙම යථාර්ථයයි. මහලු බව, රෝගය පැමිණෙන හැමවිටම බියට පත්වෙන මනස යථාභූතය පරිදි සිතීමේ ආත්ම දෘෂ්ටිය වන අතීත වර්තමාන අනාගත ත්‍රිකාලය හා අරමුණු විෂයෙහි අණුක්‍රමික සිතුවිලි නොවන ෂට ජීවිතයේ, මරණයේ විඥාපතිමය විඥානමය උගුලෙන් මිදී විශ්වීය අමරණීයත්වය අවබෝධ කරන විට ප්‍රකෘති විශ්ව යථාර්ථයේ (“විඥානස්ස නිරෝධෙන නස්ථි දුක්ඛන්ධස්ස සම්භවො”) ප්‍රවිවේකයට පත් විය හැකිය.
විශ්ව යථාභූතයේ සංඥා විරහිත අවකාශයේ උපත මරණය නොවන බැවින් ප්‍රවිවේකයට පත්විය හැක්කේය. සංඥාවේ නිරෝධය තුළ විඥානය ඉලෙක්ට්‍රෝනයේ අගට සාපේක්ෂ වන ශක්ති මාත්‍ර බව දත් විට මෙම ජීවිතය නිශා කාලය පැමිණෙත්ම අලුයම් කාලය පරිණතය වන තෙක්ම ප්‍රවිවේකයම වනු ඇත. පරමාභින්‍ය ආත්ම දෘෂ්ටි අවිද්‍යාව ද, උපත, මරණය පනවන විඥානය ද, යථාභූතය මැනැවින් දත් විට බැහැර කරයි ද එවිට ප්‍රබල ගැඹුරු නිශ්ශබ්ද්ථාවය වූ බෝධි මණ්ඩලයට එක්විය හැක්කේය.
මෙම යථාභූත ඥානය නිසා අපගේ හදවත් වල හා ඇසිපියෙහි ප්‍රමෝදය දිදුලන්නේය. සඳ මෝරා නැඟෙන තාරකා මණ්ඩල දිදුලන මධ්‍යම රාත්‍රියෙහි සම්මාසම්බුද්ධත්වය පරිපූර්ණත්වයට පත්වන්නේය. මෙම විශ්ව ඥානය ප්‍රඥා දර්ශය බවට පත්වූ වෙසඟ පොහොය දින මධ්‍යම රාත්‍රිය මනරම්ය. ප්‍රමෝද්‍යයය. මාධූර්යෙන් පිරීයන්නේය.
අවකාශය සම අචින්ත්‍ය යථාභූත ධර්මයෙන් ඔබගේ මනස සන්නද්ධ වන්නේ නම් අප හා සම්බන්ධ අමරණීයත්වය තේරුම් ගන්නේ නම් මේ සියලු බන්ධනයන්ගෙන් විනිර්මුක්ත වන්නේය. එය කිසිසේත් ආගමික ප්‍රාතිහාර්යක් හෝ කිසිදු ඉන්ද්‍රජාලයක් නොවන්නේය. ආත්ම සෙනෙහසින් තොර පරමානන්දයේ ප්‍රවිවේකය වන්නේය. මෙම ප්‍රවිවේකය විඥානය වූ චින්තනය තුළ නොවේ, චින්තනය තුළ ඇත්තේ මම + උපත + හා මරණයයි. සංඥාව ඉක්ම වූ අවකාශයේ අණු අග ශක්ති පුංජයන් ගේ අවකාශ සමථමයේ සංඥා නිරෝධයේ මේ කිසිවක් නොවන්නේ ය. චින්තනය ද නොවන්නේය. එවිට චින්තනය නොවන ප්‍රකෘතිමය මනස බුද්ධ මනස අමරණීයත්වයයි.
විශ්වයථාභූත අමරණීයත්වය යනු නොමැරී ජීවත්වන මම යන අදහස කිසිම ආකරයකින් ගන්නේ නැත. අමරණීයත්වය හා මරණය යන වචන දෙකම සංකල්ප ද්වයථාවයේ බැසගත් දෘෂ්ටීන්ය. චින්තනය ඉක්ම වූ, සංකල්ප ඉක්ම වූ, විශ්ව අවකාශ සම රූප සංඛාර විරහිත යථාර්ථය අමරණීයත්වය වේ. අමරණීයත්වය සංකල්පයක් හෝ චින්තනයක් නොවේ. එමනිසා චේතනය නොවීම, අමනිසිකාරය, අචින්ත්‍යය, සිතුවිල්ලෙන් තොර බව, විඥාන නොවීම, තණ්හා දිට්ඨි මාන නොවීම අමරණීයත්වය වේ.
මම යනු මම නොව හුදකලාවේ අවකාශයයි. අප සිටින්නේ හුදකලාවේ අවකාශයේ විවේකය තුළය. මෙම ශරීරය අවකාශයේ මීදුමක්, සුළඟක් වලාකුළක් සේ වන්නේය. මීදුම ඝනවී අප රූපවත් වන විට රූපයෙන් මම වී ඝන වන්නේය. ඝන භාවයේ ශරීරයෙන් මම වන්නේය. නමුත් ඝනවූ ශරීරය ධූලි බවට පත්ව, සුළඟේ විසිර යාමෙන් මීදුමෙන් වායු බවට විසිරී යන විට මම නොවී අවකාශය සම වන විට මනස ඒ බව අවබෝධ කරගෙන මනස අවකාශය සම වී අචින්ත්‍යයෙන් අමරණීය වන්නේය.
මෙම ගාම්භීර සනාතන සියුම් අනත්තාවචර මහාභූතයින්ගේ සංඥා විරහිත අප්‍රකාශිත සත්‍ය, අචින්ත්‍යයේ නිශ්ශබ්දථාවය වූ මහා නිරෝධ සමාපත්තියෙන් මහාබෝධිය තුළින් අලංකෘත වේ. දර්ශනයෙන් යුත් මහා බෝධියෝ ප්‍රඥාවම සමාධිය වන්නේය. සමාධියම ප්‍රඥාව වන්නේය. ප්‍රඥා සමාධියම භාවනාව වන්නේය. භාවනාව වෙනමත් ප්‍රඥාව වෙනමත්, සමාධිය වෙනමත් කථාකරන්නේ අවකාශ සම අචින්ත්‍ය ධර්මය වන මහා බෝධියේ ධර්මය නොදන්නා බැවින්ය. එමනිසා අචින්ත්‍ය මුණගස්සවන සෞන්දර්යේ ප්‍රමෝද්‍යයේ නවාතැන වන යථාභූතයේ කල්‍යාණ මිත්‍ර කථනයට දිගටම ශ්‍රවණ ඉන්ද්‍රිය යොමු කරන්න. බුද්ධ ක්‍ෂේත්‍රවලින් යථාභූතය මුණගස්සවන ඥානය අත්පත් කරගෙන අතීත වර්තමාන අනාගත කාලත්‍රයේ ගැටගැසුම හා අනුක්‍රමික සිතුවිල්ල තුළින්ම සිතුවිල්ලෙන් තොර බවට යන උත්කෘෂ්ට ධර්මය වෙතට එන්න.
මහා බෝධියේ මංගල්‍යය මනසේ යථාර්ථය බවට මේ ජීවිතය තුළදීම, ජීවිතය අතික්‍රමණය කිරීමෙන් එළඹෙන්න. මෙය වෙසක් මංගල්‍යයේ පණිවුඩයයි. ප්‍රමෝද්‍යයේ, සෞන්දර්යේ සහ කල්‍යාණ මිත්‍රත්වයේ ශ්‍රී හස්තය බුදුන්වහන්සේ හැම විටම දිගු කොට සිටින්නේ අනුත්තර ධම්ම චක්ක ප්‍රවර්තනයෙන් බුද්ධ ක්‍ෂේත්‍ර හරහා මහා බෝධියේ සන්දර්ශකයෙනි.

විසිතුරු ප්‍රතිභාන උපදවන අංගුත්තර නිකායෙන්


නො සිස් වූ පිණ්ඩපාතය වැළඳීමට නම්....


භික්ෂුව යැපෙන්නේ ගිහි පින්වතුන් දෙන සිවුපසයෙනි. ගිහි පින්වතුන් හා බැඳුණු දිවි පැවැත්මක් ඇති බව පැවිද්දා විසින් නිතර සිහිපත් කළ යුතු කාරණයක් ලෙස දසධම්ම සූත්‍රයේ දී (පරපටිබද්ධා මෙ ජීවිකාති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං) වදාළහ. දුසිල්ව සිට ගිහි පින්වතුන්ගේ ආහාර වැළඳීමට වඩා රත් වූ යගුලියක් ගිලීම මැනවැයි අග්ගික්ඛෙන්‍ධීපම සූත්‍රයේ දී බුදුරදුන් වදාළහ. ගිහියන්ගේ සිවුපස ලාභයට භික්ෂුව සුදුසුවිය යුතුයි. භික්ෂුත්වයට නොගැලපෙන කටයුතු සිදුකරමින්, ශාසනය පිරිහවන දුස්ප්‍රාඥ භික්ෂුව කසාවත දැරීමටවත් සුදුසු නොවන බව ධම්මපදයේ කියැවේ.
අංගුත්තර නිකායේ ඒක නිපාතයේ එන අච්ඡරාසංඝාතවග්ගයේ දී සාර්ථක භික්ෂු ජීවිතයක් ගත කිරීමට නම් අනුගමනය කළයුතු ප්‍රතිපදාව දැක්වේ. යම් භික්ෂුවක් ඇසුරුසණක් ගසන කාලයක්වත් අවම වශයෙන්
1. ප්‍රථම ධ්‍යානය වඩයි නම්
2. ද්විතීය ධ්‍යානය වඩයි නම්
3. තෘතීය ධ්‍යානය වඩයි නම්
4. චතුර්ථ ධ්‍යානය වඩයි නම්
5. මෛත්‍රී චිත්ත විමුක්තිය වඩයි නම්
6. කරුණා චිත්ත විමුක්තිය වඩයි නම්
7. මුදිතා චිත්ත විමුක්තිය වඩයි නම්
8. උපේක්ෂා චිත්ත විමුක්තිය වඩයි නම්


එම භික්ෂුව
1. අරිත්තජිඣතො විහරති - නොසිස් වූ අත් නොහළ ධ්‍යාන ඇතිව වෙසේ.
2. සත්‍ථුසාසනකරො ඔවාදපතිකරො - ශාස්තෘ අවවාදය පිළිගෙන ඊට අනුකූලව හැසිරෙයි. සත්‍ථුශාසනය ඉටු කරයි.
3. අමොසං රට්ඨපිණ්ඩං භුඤ්ජති - රටවැසියාගේ පිණ්ඩපාතය නොසිස්ව (ණය නොවී) අනුභව කරයි.

දුසිල්ව සාසනානුලෝම නොවන ක්‍රියාවල යෙදෙමින් දායකයන්ගේ සිවුපසය භුක්ති විඳීම ණයට කැමති. ණය ගැනීමකි. ඇසුරුසණක් ගසන කාලයක් ඉහත කී සිත් වඩා මෙපමණ ආනිසංස ලැබේනම් එම සිත් බහුලව වඩන භික්ෂුවට ලැබෙන ආනිසංස පිළිබඳ කවර කතාද? (කොපන වාදො යෙ නං බහුලීකරොන්ති)

වැඩිය යුතු සිත්

අච්ඡරා සංඝාතවග්ගයේ ඉහත කී අනුසස් ලැබීමට ඇසුරුසණක් හෝ වැඩිය යුතු සිත් පිළිබඳව සූත්‍ර 180 කින් කරුණු විග්‍රහ වේ. එම දීර්ඝ විස්තරය ඉතා සංක්‍ෂිප්තව පහත දක්වා ඇත.
1. ධ්‍යාන හතර වැඩීම (ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ)
2. සිවුබඹ විහරණ වැඩීම (මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා)
3. සතර සතිපට්ඨාන වැඩීම (කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා)
4. සතර සම්‍යක් ප්‍රධාන වැඩීම (නූපන් අකුසල් නූපදවීම/ උපන් අකුසල් ප්‍රහාණය කිරීම/ නූපන් කුසල් ඉපදවීම/ උපන් කුසල් වැඩිදියුණු කිරීම)
5. සතර සමාධි වැඩීම (ඡන්ද සමාධි/ විරිය සමාධි/ චිත්ත සමාධි/ වීමංසා සමාධි)
6. පංච ඉන්ද්‍රිය වැඩීම (සද්ධින්‍ද්‍රිය / විරියන්ද්‍රිය/සතින්ද්‍රිය/ සමාධන්ද්‍රිය/ පඤ්ඤින්ද්‍රිය)
7. පංචබල වැඩීම (සද්ධා බල/ විරිය බල/ සති බල/ සමාධි බල/පඤ්ඤාබල
8. සප්ත බොජ්ඣංග වැඩීම (සති/ ධම්මවිචය/ විරිය/ පීති/ පස්සද්ධි/ සමාධි/ උපෙක්ඛා)
9. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම ( සම්මා දිට්ඨි , සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි)
10. අධ්‍යාත්මයෙහි රූප, සංඥා හා අරූප සංඥා ඇතිව ස්වල්ප වූ හෝ බොහෝ වූ සුවර්‍ණ, දුර්වර්‍ණ රූපයත් දැක ඒවා මැඩ (අභිබවා) දනිමි, දකිමි යි යන සිත් වැඩීම (සංඥාව වැඩීම)
11. නීල, පීත, ලෝහිත, ඔදාත (නිල්, කහ, රතු, සුදු) වර්ණයන්ගෙන් යුතු රූප දැක අධ්‍යාත්මයෙහි අරූප සංඥාව වඩා, ඒවා අභිබවා දනිමි දකිමි යන සංඥාව වැඩීම.
12. රූප ධ්‍යාන ඇතිව රූපයත් දකියි, අධ්‍යාත්මයේ අරූප සංඥා ඇතිව බාහිර රූප දකියි, ශුභම යැයි ඇලුණු සියලු රූප සංඥා ඉක්මවා, පටිඝ (ගැටෙන) සංඥාවත් නැතිකර නානත්ව සඤ්ඤා මෙනෙහි නොකර, ආකාශය අනන්ත යැයි සිහි කරමින් ආකාසානඤ්චායතනයට ද විඤ්ඤාණය අනන්තයැයි විඤ්ඤාණඤ්චායතනයට ද කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයටද එය ද ඉක්ම වූ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට ද ඉන්පසු සංඥා වෙදයිත නිරෝධයට ද පැමිණ වෙසේ.

(රූප, අරූප, ධ්‍යාන වැඩීම මෙහිදී අදහස් විය. සමථ භාවනා ක්‍රමයෙන් ලැබිය හැකි ඉහළ ම ආනිසංස නම් රූපාවචර හා අරූපාවචර ධ්‍යාන සමාපත්ති (පංචාභිඤ්ඤා අෂ්ට සමාපත්ති) වලට එළඹ විසීම වේ.
13. දස කසිණ වැඩීම (පඨවි, ආපෝ, තේජෝථ වායෝ, නීල, පීත, ලෝහිත, ඔදාත, ආකාස, විඤ්ඤාණ, ආලෝක)
14. දස සංඥා වැඩීම (අසුභ, මරණ ආහාරෙ පටික්කූ®ල සබ්බලෝකේ අනභිරත අනිත්‍ය, අනිත්‍යයෙහි දුක්ඛ, දුක්ඛයෙහි අනන්ත, පහාණ, විරාග, නිරෝධ යන සංඥාවන් වැඩීම මෙහිදී අදහස් වේ.
15. අනිත්‍ය සංඥාව, අනන්ත සංඥාව, මරණ සංඥාව, ආහාරයෙහි ප්‍රතිකූ®ල සංඥාව (කුසේ පමණට කුසගින්න ඇතිවිට පමණක් එය නිවා ගැනීමට ආහාරයක් ගැනීම, පුත්‍රමාංස උපමාව මේ සඳහා නිර්දේශිතය. රස තෘෂ්ණාවෙන් දුරුව සැහැල්ලු නිරෝගී දිවියට මෙම සංකල්පය නූතන ජන සමාජයට බෙහෙවින් උපකාර වේ) සර්ව ප්‍රකාරයෙන් ලෝකයේ (කාම වස්තුන්හි) නො ඇලෙන සංඥාව ද අට්ඨික සංඥාව, පුලවක (පණුවන් ගැසූ) සංඥාව, විනීලක සංඥාව විච්ෂිද්‍රක සංඥාව, උද්ධ්‍රමාතක සංඥාව වැඩීම.
16. දස අනුස්සති වැඩීම (බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවනානුස්සති, ආනාපානසති, මරණසති, කායගතාසති, උපසමානුස්සති)
මෙම සමථ භාවනාවන් වැඩීමත් සප්ත බොජ්ඣංග ධර්ම පෙරටුකරගත් සත්තිෂ් (37) බෝධිපාක්ෂික ධර්ම වැඩීමත් භික්ෂුවගෙන් සමාජය (දායක පක්ෂය) අපේක්ෂා කරන කරුණකි. මෙමඟින් අධ්‍යාත්මික සංවර්ධනය සිදුකරගත් නිවුණු භික්ෂුවට පමණක් සමාජයට සේවය (නිසිපරිදි)) කළ හැකි වේ. අධ්‍යාත්මික සුවය නොවිඳින කිසිදු භික්ෂුවකට සාර්ථකව ආත්මාර්ථ පරාර්ථ සාධනය වන සමාජ සේවාවක් ඉටුකළ නොහැකිය. වලේ වැටී සිටිමින් අප මෙන් ම වලේ වැටුණු අනිකකු ගොඩගැනීම කොහෙත්ම කළ නොහැක. අප වලෙන් ගොඩ වී වලේ වැටුණු අනිකුත් අය ගොඩගැනීම කළ හැක්කකි.
ඉහතින් දැක් වූ ආකාරයෙන් මොහොතක් හෝ අධ්‍යාත්මික සංවර්ධනය සිදුකරගත් භික්ෂුව ම, අත්නොහළ ධ්‍යාන ඇතිව, ශාස්තෘ අනුශාසනය මැනවින් ඉටුකරන අවවාද අනුගමනය කරන, ණය නොවී දායකයන්ගේ සිවුපසය වළඳන උතුම් පුද්ගලයකු බවට පත් වේ.
ඒකක නිපාතයේ අවසානයට දැක්වෙන කායගතාසති හා අමත යන වග්ගයන්හි කියැවෙනුයේ කායගතාසතිය වැඩීමෙන් ලැබෙන ආනිසංසයන්ය. කායගතා සතියේ වැදගත්කම සූත්‍ර රාශියකින් ප්‍රකාශිත වේ.
සමථ භාවනාවේ කමටහන් සතලිහකි. (40) එහි දස විධ අනුස්සති අතුරින් එකක නාමය ‘කායගතාසති’ නම් වේ. ශරීරයේ එක් එක් කොටස වෙන් වෙන්ව ගෙන අසුභත්වය නිරතුරුව මෙනෙහි කරන මෙම භාවනාව දෙතිස් කුණුප භාවනාව (32 ක් කුණුප කොටස්) ලෙසද ප්‍රකට ය. පිරුවානා පොත්වහන්සේ තුළ ආරම්භයේ දී සාමණේරපඤ්හයට අනතුරුව ද්වත්තිංසාකාරො යනුවෙන් දැක්වෙනුයේ කායගතාසති භාවනාව වැඩීමට උපකාරී වන පාලි පාඨයයි. සතර සතිපට්ඨානයන්ගෙන් කායානුපස්සනා භාවනාව අනුව පවතින සියලු භාවනා ක්‍රම ද මේ යටතට ගැනේ. එම දෙතිස් කුණුප භාවනාව විදර්ශනා භාවනාවට ද මූලාධාර වේ.

මුහුදු උපමාව

1. යමකු විසින් මහමුහුද සිතින් ස්පර්ශකොට මැනවින් දක්නා ලද්දේ නම් ඒ මහමුහුදට ගලා බසින කුඩා නදී - ගංගාවන් ද ඔහුගේ ඒ අවබෝධයට ඇතුලත් වූයේ වේ. එලෙසින්ම යමෙක් කායගතා සති භාවනාව වඩන ලද්දේ නම්, බහුලව භාවිත කරන්නේ නම් අෂ්ට විද්‍යාවන් ඇසුරු කරගත් සියලු කුසල ධර්ම ඔහු තුළ පිහිටියේ වේ. කායගතාසතිය වැඩීමේ පළමු ආනිසංසය මෙසේ දක්වා අනතුරුව ආනිසංස රැසක් කෙටියෙන් විවරණය වේ.
2. කායගතාසති යන එකම ධර්මය බහුලව වඩන්නාට එය මහත් වූ සංවේගය (මහතො සංවෙගාය) මහත් වූ අර්ථය (මහතො අත්‍ථාය) යෝගක්‍ෂේම ය, (යොගක්ඛෙමාය) (යෝගක්‍ෂේම යනු සතර ශ්‍රමණඵල වේ. - සෝවාන් ආදී) සිහිය හා සම්‍යක් ප්‍රඥාව (සතිසම්පඡඤ්ඤාය), ඥාන දර්ශන ප්‍රතිලාභය, දිට්ඨධම්ම සුඛ විහරණය සහ විද්‍යා - විමුක්ති - ඵල ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස උපකාරී වේ.
3. කායගතා සතිය බහුලව පුරුදු කල කල්හි කය (නාම හා කරජකාය) සන්සි‍ෙඳ්. (කායො පස්සම්භති) සිත ද සන්සිෙඳ්. (චිත්තම්පි පස්සම්භති) විතක්ක විචාරයෝ ද සන්සිදෙති. (විතක්ක විචාරාපි වුපසමන්ති) සියලු විද්‍යාභාගීය ධර්ම (විද්‍යා චරණ බුදුගුණ විග්‍රහයේ එන අෂ්ට විද්‍යාවන්) භාවනාවෙන් මුහුකුරා ගියේ වේ. (කෙවලාපි විජ්ජාභාගියා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති)
4. කායගතාසතිය වැඩූ කල්හි, බහුලව පුරුදු කළවිට නූපන් අකුසල් දහම් නුපදීයි. උපන් අකුසල් දහම් ප්‍රහීණ වේ. නූපන් කුශල දහම් උපදියි. උපන් කුසල් දහම් වැඩි දියුණු වේ. විපුලත්වයට පත් වේ. (භීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තති)
5. කායගතාසතිය පුරුදු පුහුණු කිරීමෙන් අවිද්‍යාව (බුද්ධාදී අටතැන්හි සැකය) දුරු වේ. අර්හත්ව මාර්ග ඥානය නම් විද්‍යාව පහළ වේ. අස්මි මානය ප්‍රහීණ වේ. සත් වැදෑරුම් අනුශය ධර්ම සහ දස සංයෝජන ධර්ම ද ප්‍රහීණ වේ. (පහීයන්ති) කායගතාසතිය නිතර පුරුදු පුහුණු කළවිට ( භාවිතෙ බහුලීකතෙ) එය ප්‍රඥා ප්‍රභේදය පිණිස පවතියි. අනුපාදා පරිනිර්වාණය පිණිස හේතු වේ. අටළොස් ධාතුන්ගේ ලක්ෂණ අවබෝධ වෙයි. අටළොස් ධාතූන්හි නානාභාවය වැටහේ. අනේකධාතු පටිසම්භිදාව වේ.
7. කායගතාසතිය පුරුදු පුහුණු කරන්නා සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමී ඵලය, අර්හත්ඵලය (සච්ජිකිරියාය සංවත්තති) සාක්ෂාත් කර ගනියි. එමෙන්ම ඔහු ප්‍රඥාවේ වැඩිදියුණුවට පත් වේ. ඔහුගේ ප්‍රඥාව විපුලත්වයට පත් වේ. මහා ප්‍රාඥා බවට පත්වේ. ස්කන්ධාදී ධර්මවල පැතිරුණු වෙන් වෙන්ව දක්නා ප්‍රඥාව ඇතිවේ. ගැඹුරු ප්‍රඥාව ඇතිවේ. රාගාදී කෙලෙස් මැඩ පවත්වන භුරිප්‍රඥාව ඇතිවේ. මෙසේ ප්‍රඥාවේ නානා ප්‍රභේදයන් ඇතිව අවසන් සියලු සංස්කාරයන්හි කළකිරවන නිර්වේදික ප්‍රඥාව ඉපදවීමටද කායගතාසති භාවනාව උපකාරී වේ.
අමතවග්ගයේ දී - කායගතා සතිය වඩන්නාට, නිතර පුරුදු පුහුණු කරන්නාට ලැබෙන ඇගයුම් විවරණය වේ.
කායගතාසතිය පරිභෝග කරන්නාට අමෘතය නම් නිවන වළදයි. (පරිභුඤ්ජති) ඔහුගේ අමෘතය නොපිරිහිණි. ඔවුන් විසින්ම අමෘතය නිපදවා ගන්නා ලදී. කායගතාසතිය වැඩීම පමාකිරීම යනු අමෘතය ලබාගැනීම පමාකිරීමකි. අමෘතය යනු නිවනට යෙදෙන සමාන වදනකි. මෙම වග්ගයේ සූත්‍ර 24 කින් කායගතාසතිය වැඩීම යනු නිවන ලබා ගැනීමට (අවබෝධ කර ගැනීමට) වෙහෙසීමක් ලෙස දැක්වේ.
මෙම අමත වග්ගයෙන් ඒකක නිපාතයේ සූත්‍ර සියල්ල අවසන් වේ. ඒකක වග්ගයේ සූත්‍ර (ඒකක නිපාතස්ස සුත්තසහස්සං) දහසක් බව කියවුනත් සංඛ්‍යාත්මකව බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව අනුව අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඇත්තේ සූත්‍ර 663 කි. මෙය විමසිය යුතු කරුණකි.

‘දුක’ නිපාතය

අනතුරුව දුක නිපාතය (දෙකක් පිළිබඳව කියැවෙන කරුණු ඇති) ආරම්භ වේ. එහි වග්ග 17 කි. පළමු වග්ගයේ සූත්‍ර දහයට පමණක් පැහැදිලි නාමයක් දක්වා ඇත. සෙසු සූත්‍රයන්ගේ නාමයක් නොදැක් වේ. පළමු සූත්‍රය, දෙවන සූත්‍රය, තෙවන සූත්‍රය යනාදී ක්‍රමයෙන් එම සූත්‍ර නම් කර ඇත. දුක නිපාතයේ පළමු වග්ගයේ එන සූත්‍ර එකිනෙක විමසා බලමු.
1. වජ්ජ සූත්‍රය
සැවැත්නුවර ජේතවනාරාමයේදී භික්ෂූන් ඇමතූ තථාගතයන් වහන්සේ මහණෙනි, මෙහි වද්‍ය (අපරාධ) දෙකකි’ යි වදාළහ. (ද්වෙමානි භික්ඛවෙ වජ්ජානි) එම වජ්ජි දෙක නම්

1. දිට්ඨධම්ම වජ්ජය
2. සම්පරායික වජ්ජය යනුයි.

මෙහිදී දිට්ඨධම්මික වජ්ඡය යටතේ අපරාධ කිරීමෙන් මෙලොවදී විඳීමට සිදුවන දුක් වේදනා විවරණය වේ. වැරදි කළ සොර ආදී සමාජ අපරාධකරුවන්ට අතීතයේ පැමිණ වූ දෙතිස් වධ කවරේදැයි දැන ගැනීමට මෙම විවරණය උපකාරී වේ.
කසවලින් ගැසීම, වේවැලින් ගැසීම, මුගුරින් තැලීම, අත් සිඳීම, පා සිඳීම, අත් පා සතර ම සිඳීම, කණ් සිඳීම, නැහැය සිඳීම, කන් නාසා සිඳීම, බිලංගථාලික නම් වධය, සංඛමුණ්ඩික නම් වධය, රාහුමුඛ නම් වධය, ජෝතිමාලික නම් වධය, හත්ථ පජ්ජෝතික වධය, ඒරකවත්තික නම් වධය, චීරකවාසික නම් වධය, ඵණෙය්‍යක නම් වධය, බලිසමංසික නම් වධය, කහාපණක නම් වධය, ඛාරාපතච්ඡික නම් වධය, පලිසපරිවත්තික නම් වධය, පලාල පිට්ඨිත නම් වධය සිදු කරති. කකියන තෙල් ඉසීම, කීණ බල්ලන් ලවා කැවීම, දිවමත්ව ම හුල තැබීම, අසිපතින් ගෙල සිඳීම, ආදිය සිදුකරති.

බෙලිඅත්තේ නිහිලුව
සිරි ධම්මානන්ද මූලික පිරිවෙන්පති
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
හත්තොටුවේ ඉන්දරතන හිමි