පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි
මේ චතුරාර්ය සත්‍යය, නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම, බුදුරජාණන් වහන්සේ ගෙ වත් දෙයක් නො වෙයි. අදහසක් නො වෙයි. ලෝකය තුළ පවතින ඇත්තක්. එහෙනම් අපට චතුරාර්ය සත්‍යය කියලා හම්බ වෙන්න ඕන වෙන මොකවත් නො වෙයි, අපට නො පෙනුණ, අපේ ම ජීවිතයක ඇත්ත අපට හම්බ වෙන්න ඕන. අප ඒ ගැන බලමු. ඊට ඉස්‌සෙල්ලා මම උපමාවක් කියන්නම්. උපමාවත් ගැඹුරුයි. උපමාව අනුසාරයෙන් උපමේය මම පෙන්නන්නම්. මේ උපමාව දිහා හොඳට දක්‍ෂව බලන්න.
උපමාව තමයි මං හැම දා ම දේශනාවල දී මතක් කරන පළඟැටියෙක්. අහලා ඇති නේ ද?
පළඟැටියා වගේ සතෙක් ගත්තහ ම, පළඟැටියා පහන් දැල්ලට ගොඩක් කැමැතියි නේ ද? දැන් පහනක් පත්තු කෙරුවොත්, මේ පහන් දැල්ලට පළඟැටියා වගේ සත්තු කැමැති නැද්ද? කැමැතියි. මොකද පහන් දැල්ල හරි ම ලස්‌සනට ආලෝකවත්ව දීප්තිමත්ව බබළනවා. හරි ලස්‌සන රූපයක් මෙයාට ඇහැට, දැන් මේ පෙනෙන ලස්‌සන දේ ලබාගන්න තමයි මේ සතා ගේ කැමැත්ත.
හැබැයි හොඳට මතක තබාගන්න ඕන පළඟැටියා පහන් දැල්ලට කැමැතියි, නමුත් පළඟැටියා ද දුකට කැමැති නෑ. කිසි කෙනෙක් දුකට කැමැති නෑ. හැබැයි සියලු දෙනා ම සැපට කැමැතියි. "මෙච්චර දීප්තිමත් හොඳ ආලෝකවත් දේ ලබා ගත්තොත් සැපයි"Êකියන දේ ගැන තමයි එයා ගේ අදහස තියෙන්නේ.
ඔන්න දැන් පළඟැටියා දිහා බලන්න හොඳට( පළඟැටියා කැමැති නෑ දුකට. නමුත් පළඟැටියා කැමැතියි සැපට. දැන් කැමැතියි පහන් දැල්ලට. ඔන්න දැන් තමන් කැමැති දේ, ආස දේ ලබා නො ගෙන හිටියොත් ඒකත් දුකක් නේ. ඒ දුකෙන් මිදෙන්න, තමන් කැමැති දේ, ආස දේ ලබාගන්න යනවා. පහන් දැල්ලට තමන් කැමැතියි. පහන් දැල්ලට පනිනවා. පැන්නහම මොකද වෙන්නේ පිච්චෙනවා. පිච්චුණහ ම සැප ද, දුක ද? දුකයි. දැන් පළඟැටියාට පිච්චෙන්න ඕනෑකමක් තියෙනව ද? දුක් වෙන්න ඕනෑකමක් තියෙනව ද? එයා පිච්චෙන්න කැමැතිත් නෑ. දුක් වෙන්න කැමැතිත් නෑ. හැබැයි පහන් දැල්ලට කැමැතියි. දැන් එතන හරි ප්‍රශ්නයක් තියෙන්නේ. එයාට පිච්චෙන්ඩත් බෑ, දුක එන්ඩත් බෑ. පිච්චෙන්න නැති වෙන්නත් ඕන. දුක එන්නෙ නැති වෙන්නත් ඕන. හැබැයි පහන් දැල්ලත් ඕන. තමන් කැමැතියි පහන් දැල්ලට. හැබැයි පිච්චෙනනවට, දුක එනවට කැමැතිත් නෑ.
දැන් ක්‍රමයක් තියනව ද මෙතන? තමන් කැමති දේ ලබා ගන්නත් ඕන( පහන් දැල්ලට පනින්නත් ඕන. පහන් දැල්ලත් ඕන. පිච්චෙන්නෙ නැති වෙන්ඩත් ඕන. පුළුවන් ද මේක? බැහැ.
දැන් මේ දෙක වෙන් කරගන්න පුළුවන් ද කියලා පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ පහන් දැන්ලට පැනලා පහන් දැල්ල ගන්නවා. පිච්චෙන්න දුක් වෙන්න නැතුවන් ඉන්නවා කියලා යමක් කරන්න පුළුවන් ද? කවදා වත් ඒක කරන්න බැහැ. කවදා වත් වෙන්නෙ නැහැ. ඒක පහනට පනින කොට අනිවාර්යයෙන් ම පිච්චෙනවා නො පිච්චුණොත් තමයි පුදුම. පිච්චුණොත් පුදුම නෑ. නො පිච්චුණොත් පුදුමයි. නමුත් ලෝකයේ හැම වෙලාවෙ ම ඇත්තට ම සිද්ධ වෙන දේ තමයි මේ. දැන් පිච්චෙන දෙයින් නො පිච්චි ඉන්න තමයි කැමැත්ත. පහන් දැල්ලත් ඕන. නමුත් පිච්චෙන්නත් බැහැ. දුක එන්ඩත් බැහැ. දුක එන්නෙත්, පිච්චෙන්නෙත් නැති ව ඉන්ඩ පහන් දැල්ලත් ගන්න කියලා ක්‍රම දෙකක් නැහැ. ක්‍රම දෙකක් තියනවා එකක් තමයි මේ පිච්චෙනවට දුක එනවට කැමැති නැතිනම් පහන් දැල්ලට පනිනේනෙ නැතුව ම ඉන්න ඕනෑ. පහන් දැල්ලට නො පැන හිටියොත් පිච්චෙන එකේ දුක එන එකෙන් නතර වෙන්න පුළුවන් ඕනෑ නම්.
තව ක්‍රමයක් තියනවා. පහන් දැල්ල ඕන නම් ගත හැකියි. හැබැයි පිච්චෙන බවට, දුක එන බවට කැමැති වෙන්න ඕනෑ. හැබැයි එතකොටත් පිච්චෙන්න වෙනවා. දුක් වෙන්න වෙනවා. පහන් දැල්ල තබාගෙන පිචිච් පිච්චි දුක් වෙ වී ඉන්නව ද, නැත්නම් පිච්චිලා දුක එන එකෙන්a වෙන් වීම සඳහා පහන් දැල්ල ම අයින් කරනව ද කියන ක්‍රම දෙක මිසක පහන් දැල්ලත් අරගෙන, පිච්චෙන්නෙත් නැති ව, දුක් වෙන්නේත් නැතිව ඉන්නවා කියන කාරණයක් නෑ. එහෙම වෙන්න හේතු නෑ නේ ද?
මේ අම්මලා ඔක්‌කොම මතක තියාගන්න ඕන ඔය උපමාව. මම අම්මලා ගෙන් ඒ වචනය ම අහනවා. මොකද ඔය පළඟැටියා කරපු දේ ම කරනවා නේ ද දැන්, ඒ නිසා පළ`ගැටියා ගැන නම් චණ්‌ඩිකමෙන් වගේ උත්තර දෙනවා. දන්නෙ නෑ අපිත් ඒ ටික ම දැන් කරනවා නේ ද කියලා.
ඔන්න දැන් මේ කාරණාව තේරුම්ගන්න ඕන. පළඟැටියාට තියෙන්නේ දුක්‌ඛෙ අඥානං. එයා දන්නේ නැහැ මේ දිළිසි දිළිසි ආලෝකවත් ව තියන මේ පහන් දැල්ල නේ ද දුක කියන එක. එයාට තේරෙන්නෙ නැහැ. මේ පෙනෙන දේ ගන්ඩ ගියොත් දුක එනවා නේ ද, දුක් විඳින්නට වෙනවා නේ ද, දුක නේ ද මේ මෙතන පෙනෙන්නට තියෙන්නේ කියන එක එයා දන්නේ නැහැ. එයා දුක හැටියට නො වෙයි දකින්නේ. එයා මේක පහන් දැල්ලක් හැටියටයි දකින්නේ. දුක කියන එක වක්‍රවයි තියෙන්න- සෘජුව නෑ. පෙනෙන්නේ පහන් දැල්ල - ඒක ගන්ඩ ගියහ ම විඳින්න වෙන්නේ දුකයි.
එහෙනම් මං කැමැති වෙලා තියෙන්නේ දුකට නේ ද කියන කාරණාව හිතන්න ඕන නුවණින්. නුවණ නැති වුණොත් පෙනෙන දේ ගන්ඩ ගිහිල්ලා ආයෙත් වැටෙන්නේ දුකේ. පෙනෙන දේට ඔබ්බෙන් තියෙන දුක, නුවණින් දැකලා මිදෙන්න වෙන්නෙ නුවණින්. නුවණින් මිදෙනව ද, පේන දේට අහු වෙලා දුකේ බැඳෙනව ද? විඤ්ඤාණයෙන් පරිහරණය කරන්නට ගිහිල්ලා දුකේ බැඳෙනව ද, ප්‍රඥාවෙන් දුකෙන් මිදෙනව ද කියන එක තමන් ගාවයි තියෙන්නේ.
අපි මේ ටික බලමු. දැන් පළඟැටියා පහන් දැල්ලට කැමැතියි. නමුත් දුකට කමැති නෑ. පහන් දැල්ල ගන්න කියල පැන්නාත් දුක ලැබෙන්නේ ඉබේ මයි. ක්‍රම දෙකයි තියෙන්නේ පළඟැටියා බලාපොරොත්තු වෙන ක්‍රමය ලැබෙන්නේ නැහැ. පළඟැටියා බලාපොරාත්තු වෙන ක්‍රමය මොකක් ද? පහන් දැල්ලත් ඕන පිච්චෙන්නේ බෑ. දුක එන්නත් බෑ. එහෙම ක්‍රමයක් නෑ.
ඔන්න දැන් ඒ උපමාව පැත්තකින් තබමු.
දැන් පළගැටියා කැමැති නෑ නේ පිච්චෙන්න, දුක එන්න, එහෙම නේ ද?
ඔයගොල්ලන් කැමැති ද ලෙඩ වෙන්න? මහලු වෙන්න, මැරෙන්න, නැසෙන්න, විනාස වෙන්න, අප්‍රියයන් හා එක් වන්න, ප්‍රියයන් ගෙන් වෙන් වෙන්න? මේවට කැමැති නෑ නේ ද?
ඔයගොල්ලන් කැමැති ද දරුවන්ට? තමන් ගෙ දරුවන්ට කැමැතිද නැද්ද? කැමැතියි මුණුපුරන්ට? කැමැතියි. ගෙවල් දොරවලට? කැමැතියි. ඉඩකඩම් මිල මුදල් කණ කර බඩුවලට කැමැතියි.
දැන් ඔන්න පළ`ගැටිය ගෙ වැඩේ මේ අපි කරන්නෙ. හොඳට බලන්න. දැන් අපි දරුවාට කැමැතියි. අපි කැමැති නෑ ලෙඩ වීමට, මහලු බවට, මැරෙන බවට, නැසෙන බවට. දරුවා කියන තැන රූපය දිරනව ද, නැද්ද? දිරනවා. ලෙඩ වෙනව ද නැද්ද? ලෙඩ වෙනවා, මහලු වෙනවද නැද්ද? මහලු වෙනවා. මැරෙනව ද නැද්ද? මැරෙනවා, විනාශ වෙනව ද නැද්ද? විනාස වෙනවා. නැති වෙනව ද නැද්ද? විනාස වෙනවා. දැන් ඒ දරුවට ඇසුරු කරන්නත්, දරුවා කියපු තැන ඒ තියෙන රූපය ලෙඩ වෙන්න මහලු වෙන්න, මැරෙන්න, නැසෙන්න, විනාස වෙන්න නැතිව ඉන්නත් ඕන. දරුවා කියන එක අපට ලැබෙන්නත් ඕන. පළඟැටියාට පහන් දැල්ලත් ඕනේ. පිච්චෙන්නත් බෑ. වගේ දැන අපට රන්මසු මිල මුදල් ඕනේ. ඒවා දිරන්නත් බෑ, විනාශ වෙන්නත් බෑ. මේ කය මම, මේ කය මගේ, මමත් ඕනේ. හැබැයි මේ කය ලෙඩ වෙන්න හෙම බෑ. මේක දිරන්න හෙම බෑ. මේක මැරෙන්ඩ බෑ. මේක නැසෙන්න හෙම බෑ. මේක විනාස වෙන්නත් බැහැ.
දැන් පළඟැටියා වගේ නේ අපි. පළඟැටියාට පහන් දැල්ලත් ඕනේ. හැබැයි පිච්චෙන්න, දුක එන්නත් බෑ. දැන් බලන්න පළඟැටියට මේ දේ කරන්න පුළුවන් ද කියලා. දැන් ඕයගොල්ලන්ට වෙලා තියෙන්නේ මොකක් ද? ඔය පළඟැටිය වගේ චුට්‌ටක් වත් එහාට මෙහාට නැතුව ම කරලා තියෙනව නේ ද? හරියට ම කරලා තියෙනවා වැඩේ. ඒ කියන්නේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මුල මුදල්වලටත් අපි කැමැතියි. හැබැයි අපි මේ දේවල් දිරනවට ලෙඩ වෙනවාට, මැරෙනවට, නැසෙනවට, විනාස වෙනවට කැමැතිත් නෑ.
දැන් බලන්න මේ ධර්මතා පහට පත් නො වී, මේවා ඇසුරු කරන්ඩ පුළුවන් ක්‍රමයක් තියනව ද කියලා. ගෙවල් දොරවල් යාන වාහන, ඉඩකඩම්, මුල මුදල්, දූ දරුවන් ඇසුරු කරන්නත් ඒවා කැඩෙන්නේ බිඳෙන්නේ නැති ව, ලෙඩ වෙන්නේ නැති මැරෙන්නේ නැති නැසෙන්නේ නැති විනාසවෙන්නේ නැති විදියට තබා ගන්නත් ඕන. එහෙම පුළුවන් ක්‍රමයක් තියනවද? නෑ.
ක්‍රම දෙකක් තියනවා.
එකක් තමයි, දැන් ලෙඩ වෙන මහලු වෙන, මැරෙන, නැසෙන, විනාස වෙන - තව පැත්තකින් බැලුවොත්, ජාති ජරා මරණ - කියන ධර්මතාවන් ඕන නම් ගෙවල් දොරවල් යාන වාහන, ඉඩකඩම් මිල මුදල් දූ දරුවන් කියන ටිකත් එක්‌ක ඉන්න. නැත්නම් ජාති ජරා මරණ කියන ධර්මතාවනුත් එක්‌ක ම ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දූ දරුවන් කියන ටික ගන්න.
තව ක්‍රමයක් තියනවා, ජාති ජරා මරණ එපා නම් ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, දූ දරුවන් එක්‌ක අතහරින්න.
හැබැයි මේ දෙක කලවමේ බැහැ. පහන් දැල්ල ගන්නයි, පිච්චෙන්නෙ දුක එන්නෙ නැතුව ඉන්නයි කියල ක්‍රම දෙකක් නැහැ.
වෙනත් ක්‍රම දෙකක් නම් තියෙනවා. පහන් දැල්ල අතහරින්න, එතකොට පිච්චිලා එන දුක අතහැරිය හැකියි. ඕන නම් පහන් දැල්ල ගන්ඩ, හැබැයි කැමැති වෙන්ඩ මේ දුකට ඉබේ ම. දැන් පහන් දැල්ලත් අරගෙන පහන් දැල්ල ගත්ත කියන්නේ දුක අරගත්තා - දැන් දුකත් අරගෙන ඉවරවෙලා මේ දුක එපා, එපා කියලා බොරුවට කෑගහන්න නම් එපා. ඉස්‌සෙල්ලා දැනගන්ඩ වෙනවා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම්, මුල මුදල්, දූ දරුවන් කියන ටික ගත්තොත්, ඉබේමයි මේ දුක් ටික ගත්තේ. දැන් ඊට පස්‌සේ ප්‍රාර්ථනා කරන්න එපා ලෙඩ වෙන්න එපා, මහලු වෙන්න එපා. මැරෙන්ඩ එපා, කියලා ප්‍රාර්ථනා කරලා දුක් විඳිනවා නම් එය අතුරු විපාකයි. තණ්‌හාව නිසා දුක් විඳින එකක්, මෝඩකම නිසා දුක් විඳින එකක් ඔය තියෙන්නේ.
ඒ නිසා අපට දැන් වෙනවා තෝරාගන්න මේ ක්‍රම දෙකෙන් එකක්. මොකක් ද, මේ දෙකෙන් හොඳ පහන් දැල්ල අතහැරලා පිච්චිලා දුක් විඳින එක අත්හරිනව ද? ඕන එකක් වෙන්න කිලයා පහන් දැල්ල අරගන්නව ද? ඔන්න ඔහේ පිච්චුනාවේ. ඔන්න ඔහේ දුක ආවේවේ කියලා ගන්නව ද? ඒකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ "යෝ කාමං කාමේති, සෝ දුක්‌ඛං කාමෙති, යො දුක්‌ඛං කාමෙති, සො කාමං කාමේති"Êකියලා යමෙක් කාමයට කැමැති වේ නම්, එයා දුකට කැමැති කෙනෙක් යමෙක් දුකට කැමැති වේ නම් එය කාමයට කැමැති කෙනෙක්.
අපි පළඟැටිය ගෙ උපමාවෙන් මෙහෙම කිව්වොත්, කාමය කියල කියන්නේ පහන් දැල්ල කියලා හිතන්න කෝ. පළඟැටියා පහන් දැල්ලට කැමැති වෙනවා නම් එයා දුකට කැමැති කෙනෙක්. එයා ඒක දන්නේ නැති වුණාට පිච්චෙන එයා දුක එන එකට කැමැතියි. යමෙක් දුකට කැමැති කෙනෙක් නම්, එයා පහන් දැල්ලට කැමැති කෙනෙක්.
පිච්චෙනවා, දුක එනවා, කිය කියා, ඉන්න ඕන කියලා කියනව ද යමෙක්, එයා පිච්චෙන දුක එන විදියට ඉන්නවා කියන්නේ "පහන් දැල්ලේ ඉන්නවා" කියන එකයි. යමෙක් පහන් දැල්ලේ ඉන්නවා කියලා කියන්නේ එයා දුකේ ඉන්නවා කියන එකයි. දුක කියන එක පහන් දැල්ලෙනුත් පහන් දැල්ල කියන එක දුකෙනුත් වෙන් කරන්ඩ බැහැ.
ඒ වගේ යමෙක් කාමයට කැමැති වේ නම්, එයා දුකට කැමැති කෙනෙක්. ඒ වාගේ යමෙක් ගෙවල් දොරවල් යාන වාහන, ඉඩකඩම් මිල මුදල්වලට කැමැතියි නම් එයා දුකට කැමැති කෙනෙක්. යමෙක් දුකට කැමැති නම් එයා ගෙවල් දොරවල් මිල මුදල් යාන වාහනවලට කැමැති කෙනෙක්. යමෙක් කාමයට කැමති වෙනවා නම් එයා දුකට කැමැති කෙනෙක්, යමෙක් දුකට කැමැති වෙනවා නම් එයා කාමයට කැමැති කෙනෙක්.