ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

බුදු සමයෙන් අනාවරණය වන අපරාධ විද්‍යාත්මක ලක්‌ෂණ


තිස්‌සමහාරාමයේ ධම්මසාර හිමි

බුදුරජාණන් වහන්සේ ගේ ඉගැන්වීමට අනුව, ෙච්තනාව හා ෙච්තනාවේ ස්‌වාභාවය ඕනෑම අපරාධයකට ප්‍රකෘතිය වන බවයි. අත්‍යන්තයෙන්ම බැලූ විට බුදු දහම මනසට ප්‍රමුඛත්වයක්‌ ලබාදෙන අතර උප්පත්තියෙන් මිනිස්‌ සිත ප්‍රභාස්‌වර බවත් බාහිර වටපිටාවෙන් පැමිණෙන ක්‌ලේෂ ධර්ම පදනම් වීමෙන් මනස කිළිටි වේ. ඒ අනුව දූෂිත සිතින් කරනු ලබන ක්‍රියාදාම අපරාධ හෙවත් අකුසල් ලෙස අංගුත්තර නිකායේ එකක නිපාතයේ පබස්‌සර වර්ගයේ දැක්‌වෙන්නේ මේ අයුරිනි.

''පභස්‌සරමිදං භික්‌ඛවේ චිත්තං තංච ඛො ආගන්තුකෙහි උපක්‌ලෙසෙහි උපක්‌ලිට්‌ඨං'' 

යනුවෙනි.

එමෙන්ම, ධම්මපදයෙහිද එම අදහස නිරූපණය වේ. එනම්,

''මනෝ පුබ්බංගමා ධම්මා 

මනෝ සෙට්‌ඨා මනෝමයා'' 

යනාදී නයින් ද ඒ බව තවදුරටත් විග්‍රහ වේ. 

සිත තුළ බලපවත්වන චෛතසිකවල ස්‌වභාවය මත පදනම් ව එය අපරාධකාරී ක්‍රියාවක්‌ ද යහපත් ක්‍රියාවක්‌ ද ලෙස තීරණය කරන්නේ ද සිතිවිලි ප්‍රමුඛ වීමෙනි. ඒ බව මේ අයුරින් විග්‍රහ වේ.

''ෙච්තනාහං භික්‌ඛවේ කම්මං වදාමි. ෙච්තයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා'' යනුවෙනි.

මේ අනුව පෙනෙන්නේ ෙච්තනාව මූලික වීමෙන් සිදුකෙරෙන ක්‍රියා සෙච්තනික ක්‍රියා වන බවයි. පුද්ගල කායික ඉන්ද්‍රියන් මගින් සිදු කෙරෙන ඕනෑම අපරාධයක්‌ උදෙසා මානසික පෙළඹවීමක්‌ තිබිය යුතු බව මේ අනුව පෙනී යයි. බුදු දහම අපරාධ ලෙස සලකනු ලබන්නේ පුද්ගල හා සමාජ සදාචාරයට පටහැනි අධර්මයන් හා සසරට බැඳ තබනු ලබන ක්‍රියාදාමයන් වේ. එමෙන්ම,

1. ලෝකවඡ්ජ - පොදු සමාජය කෙරෙහි බලපෑම් කරන ක්‍රියා 

2. පණ්‌නත්ති වඡ්ජ - බුදුන් වහන්සේ විසින් පනවන ලද විනය ශික්‌ෂා උල්ලංඝනය කිරීම.

යන වර්ගීකරණයෙන් පෙනෙන්නේ බුදු දහම පුද්ගල ස්‌වභාවය මත අපරාධ වර්ග කොට ඇති බවයි.බරපතල වර්ගයට ගැනෙන අපරාධ පහක්‌ පංචානන්තරීය පාපකර්ම ඔස්‌සේ බුදු දහම පෙන්වා දේ. ඒ අනුව, 

1. මව ඝාතනය 

2. පියා ඝාතනය

3. බුද්ධ ශරීරයේ ලේ සෙළවීම 

4. රහතන් වහන්සේලා ඝාතනය 

5. සංඝ භේදය සිදුකිරීම යනාදියයි.

මෙම කර්ම පහ සිදු කළ විට කර්ම විපාක දීමේදී අනිවාර්ය වශයෙන්ම විපාක දෙනු ලබන්නකි. බුදු සසුනෙහි චිරස්‌ථිතිය උදෙසා භික්‌ෂූන් සඳහා පනවන ලද විනය ශික්‌ෂා උල්ලංඝනය කිරීම ද අපරාධ ලෙස සැලකේ. උපසපන් භික්‌ෂුන් පිළිපැදිය යුතු සතර පාරාජිකා නමින් හැඳින්වෙන බරපතල ශික්‍ෂා හතරක්‌ ප්‍රාතිමෝක්‌ෂය තුළ අන්තර්ගත වේ. එනම්,

1. මෛථූන සේවනය

2. මනුෂ්‍ය ඝාතනය

3. සොරකම

4. උත්තරී මනුස්‌සධම්ම 

යනාදිය ප්‍රබල ශික්‌ෂා ලෙස සැලකේ.

මෙම ශික්‌ෂා භික්‌ෂූත්වය සම්පූර්ණයෙන්ම වාගේ ඡේදනය වන බරපතල අපරාධ ලෙස සැලකේ. එපමණක්‌ නොව අපරාධයේ ස්‌වභාවය හා ප්‍රතිඵලය අනුව බුදු සමය 'අපරාධ' නොයෙක්‌ අයුරින් වර්ගීකරණයට ලක්‌කර තිබේ. ඒ අනුව,

1. සතර අගති

2. තුදුස්‌ළාමක කර්ම

3. ධන විනාශ භෝග මුඛ

4. සතර කර්ම ක්‌ලේෂ

5. දස අකුසල්

6. ත්‍රිවිධ අකුසල්

යනාදිය එම වර්ගීකරණය අතර ප්‍රධාන වේ.

බුදුසමයට අනුව, පුද්ගලයා හා සමාජය තුළ ගැටීම් ඇතිවනුයේ සත්වයා අභ්‍යන්තරිකව හා බාහිරව වියවුල් සහගත තත්වයක ජීවත්වන හෙයිනි. ඒ අනුව බොහෝවිට ගැටුම් ඇතිකර ගනිමින්, වරදට යොමුවන්නේ නිර්වාණය පසක්‌ නොකළ පුද්ගලයා වේ.

'සබ්බේ පෘථඡ්ජනා විය උම්මත්තකා''

ඒ අනුව, සියලු පෘථග්ජනයෝ උම්මත්තකයෝ මෙන් කටයුතු කරන බැවින් ඔවුන්ගෙන් බොහෝවිට නොදැනුවත්වම අපරාධ සිදුවේ.

සුත්ත නිපාතාගත මාගන්ධිය සූත්‍රයෙහි මෙසේ දැක්‌වේ. එනම්, 

''සංඥාවත්,දෘෂ්ටියත් යමෙකු විසින් දෘඪව ග්‍රහණය කර ගනිත්ද ඔවුහු නිරතුරුවම ලෝකයෙහි ගැටෙමින් ජීවත් වෙති.'' 

මෙම විග්‍රහයෙන් පෙනෙන්නේ ගැටුම් පැන නැගීමට බොහෝවිට මානසික තත්වයම පදනම වන බවයි. සංඥාව හා දෘෂ්ටිය වැරදි ලෙස ගැනීමත්, දැඩිව ගැනීමත් ගැටුමෙහි ප්‍රභවයයි. සංඥා සහ දෘෂ්ටි යන මානසික අවස්‌ථා ද්විත්වය පුද්ගල පෞරුෂය හා චර්යාව කෙරෙහි සෘජු ලෙසම බලපෑම් කරනු ලබන්නකි. මෙලෙස ගැටුම් ඇතිවීමට සාධක වන සංඥාව හා දෘෂ්ටිය පිළිබඳව නිවැරදිව ඉගැන්වීම තුළින් ගැටුම් අවම කරගත හැකිය.

මනුෂ්‍යයා අයහපතෙහි හෙවත් අපගාමීත්වයෙහි යෙදෙන්නේ තෘෂ්ණාව හේතුවෙනි. එයට හේතුව මිනිසාගේ අතෘප්තිමත් භාවයයි. ඒ බව බුදුන් වහන්සේ මේ අයුරින් පෙන්වා දෙති.

''ඌනො ලොකෙ අතිෙFථා තණ්‌හා දාසො'' යනුවෙනි.

එබැවින් ලෝකයේ වසන මිනිසුන් තෘෂ්ණාවේ දාසයන් මෙන් ක්‍රියා කරන අතර කොපමණ වස්‌තු සම්භාරයක්‌ තිබුණත් එයින් ලෝකයා අතෘප්තියෙන් ජීවත් වන බව පෙනේ. මෙසේ සිදුවන්නේ අවිද්‍යාව හේතුකරගෙනය. ඒ අනුව ප්‍රඥාව මගින් අවිද්‍යාව නැසීමට පුළුවන. මිනිස්‌ සිත අපිරිසිදු වීම කෙරෙහිත්, අපාගාමී පෞරුෂයක්‌ බිහිවීම කෙරෙහිත් අභ්‍යන්තර ප්‍රේරණ ත්‍රිත්වයක්‌ බලපානු ලබයි. ඒවා නම්,

1. දැඩි ආශාව (ලෝභ)

2. ද්වේශය, නොසන්සුන් බව, 

ගැටීමේ නම්‍යතාවය (දෝස)

3. නොදැනීම (මෝහ)

මෙම මානසික තත්වයන් හේතුකොටගෙන අයහපත් ක්‍රියාවන් සඳහා මිනිසා අත්‍යන්තයෙන්ම පෙළඹේ. ඉන්ද්‍රිය දැනීම මගින් ලබන දැනුම හේතුකොටගෙන මෙම ප්‍රේරණ වර්ධනය වේ. මේ අනුව බලන විට මෙහි මූලික බලවේගය තෘෂ්ණාවම වේ.

තෘෂ්ණාව හේතුකොටගෙන මනුෂ්‍යයාගේ මනස අසහනයට මෙන්ම අතෘප්තියට පත්වන අතරම මානසික කැළඹීම ද ඇතිවේ. මේ අයුරින් කැළඹුණු මනස තුළ චිත්තවේග හටගනු ලබයි.

චිත්තවේග පාදක කරගෙන මිනිස්‌ මනස නොසන්සුන් බවට හා ප්‍රචණ්‌ඩත්වයට පත්වේ. ඒ අනුව බෞද්ධ දර්ශනය මනුෂ්‍ය චිත්ත සන්තානය කැළඹීමට පත් කරවන චිත්තවේග කිහිපයක්‌ යෝජනා කරයි. එනම්,

- අභිඡ්ජා - දැඩි ලෝභය

- ව්‍යාපාද - කෝපය

- උපනාහො - දැඩි කෝපය

- මක්‌ඛෝ - ගුණමකු කම

- ප්ලාසො - බද්ධ වෛරය

- ඉස්‌සා - ඊෂ්‍යාව

- මච්ඡරිය - මසුරුකම 

- මායා - චාටු බව 

- සාඨෙයස - කපටි කම

- ථම්භො - තද ගතිය

- මානෝ - මානය

- අතිමානෝ - දැඩි මානය

- මදො - මත්වීම

- පමාදො - ප්‍රමාදය

- කොධො - ක්‍රෝධය

- සාරම්භො - දැඩි ක්‍රෝධය 

මෙම කරුණු හේතුවෙන් මනුෂ්‍යයා අපගාමී පෞරුෂයක්‌ ගොඩනගාගෙන ක්‍රමයෙන් පුද්ගලයා හා සමාජය සමග ගැටීමට උත්සහ කරයි.

ගැටුම් ඇති කරනු ලබන බලවේගයක්‌ ලෙස මිත්‍යා දෘෂ්ටිය හැඳින්විය හැකි වේ. ලොවෙහි බොහෝ තැන්හි විනිවිද පෙනෙනුයේ දෘෂ්ටිය පදනම් කරගනිමින් උද්ගතවූ ගැටුම්ය. ස්‌වකීය දෘෂ්ටියට අනුව, සමාජය තුළ ජීවත් වීමට යැම නිසා ගැටුම් ඇතිවන බව පෙනේ. බොහෝ විට, එවැනි ගැටුම් ඇතිවනුයේ, නොයෙක්‌ සමාජ තත්ත්වයන් පදනම් කරගෙනය. ඒවානම්,

1. උප්පත්තිය

2. ජාතිය

3. ආගම

4. ප්‍රදේශය

5. කුලය

6. භාෂාව

7. අධ්‍යාපන මට්‌ටම

ආදී සමාජ තත්ත්ව පදනම් කරගෙන ස්‌වකීය දෘෂ්ටිය බලාත්මක කිරීමට යැම නිසා මානව සමාජයේ නිරතුරුවම ගැටුම් ඇතිවන බව පෙනේ. නූතන ලෝකය දෙස බැලූවිට ද ප්‍රතීයමාන වන්නේ බොහෝ අපරාධවලට හා දේශපාලනික ගැටුම්වලට හේතුවී ඇත්තේ එම මතවාදය සමාජය තුළ වැපිරීමට ක්‍රියා කිරීමයි. එම නිසා බුදු සමය අපරාධ නිවාරණයට උපදෙස්‌ දෙනු ලබන්නේ, මේ අයුරිනි.

''දිට්‌ඨිං ච අනුපගම්ම සීලවා - දස්‌සනේන සම්පන්නෝ'' යනුවෙනි.

ඉහත දැක්‌වෙන කරණීය මෙත්ත සුත්‍රානු පාඨයෙන් පැහැදිළි වන්නේ, ''දෘෂ්ටීන්ට නොපැමිණ දර්ශනයෙන් හා සීලයෙන් යුක්‌ත වන ලෙසටයි''. එසේ සිදුකිරීම නිසා එය සමාජ ප්‍රගමනයට ද හේතු වේ.

තවද මසුරුකම, ඊර්ෂ්‍යාව, අන් සැපත නො ඉවසීම, මුදිතාවෙන් තොරවීම යන කාරණා මගින් ගැටුම් ඇතිවන බව බොහෝ සූත්‍ර දේශනා වලින් පෙනෙයි. පංචකාමයන් කෙරෙහි ඇතිවන කාමය හේතුවෙන් ගැටුම් ඇතිවන බවත් මනස ඉන්ද්‍රියක්‌ ලෙස සැලකූ විට මනිJද්‍රියට අරමුණු වන සංකල්ප 'දෘෂ්ටි' මතවාද ආදිය නිසා උද්ගතවන ගැටුම් සමාජයෙහි ආකාර දෙකකින් විග්‍රහ වේ. ඒ අනුව, 

''පාලකයන් විසින් දුප්පතුන්ට ජීවත්වීමට ධනය නොදීම නිසාවෙන් දරිද්‍රතාවය වර්ධනය වන අතර දිළිඳුකම නිසගා සොරකමද, එම නිසා අවි ආයුධ හා ප්‍රාණඝාත, කලකෝලහාල වැනි සංකීර්ණ සමාජ ගැටුම් ද ඇතිවන බව දීඝ නිකායේ චක්‌කවත්තී සීහනාද සුත්‍රය තුළින් විෂදෘශ වේ.''

''ඉති ඛො භික්‌ඛවෙ අධනානං ධනෙ අනනුප්පදීයමානෙ දාළිද්දියං වේපුල්ලමගමාසී, දාළිද්දියං වේපුල්ලංගතෙ අදින්නාදානං වේපුල්ලමගමාසී, අදින්නාදානෙ වේපුල්ලංගතෙ සFථං වේපුල්ල මගමාසි, සත්ථෙ වේපුල්ලං ගතෙ පානාතිපාතො වේපුල්ලමගමාසී'' 

යනාදී වශයෙන් සඳහන් වන පරිදි රටක පවතින භෞතික සම්පත් සමාන්තරව බෙදී නොයැම හේතුවෙන් සමාජයේ ගැටුම් ඇතිවන බවත්, හේතුවට ප්‍රතිකාර කළ යුතුව තිබියදී ඵලයට ප්‍රතිකාර කිරීමෙන් ඵලක්‌ නොවන බව බුදුසමය උගන්වනු ලබයි. පශ්චාත් කාලීන සමාජවාදීන්ගේ අදහස වන්නේද, නිර්ධන පන්තිය නොසලකා හැරීම නිසා ගැටුම් උද්ගත වූ සමාජයක්‌ උදාවන බවත් සැමටම සම ලෙස වරප්‍රසාද හිමිවන සාමය රජයන සමාජයක්‌ බිහිකිරීම සැම 

සමාජයකම මූලික අවශ්‍යතාවය බව මාක්‌ස්‌වාදීන්ගේ අදහසයි. 

අපරාධ පාලනය හා නිර්වාණය උදෙසා අනුගමනය කළයුතු පිළිවෙත

බුදුන් වහන්සේ මෙලොව, පරලොව උභයපාර්ශවයම සාර්ථක කරගැනීමට මග පෙන්වන පුද්ගල දිවිය මෙන්ම සමාජ දිවියද අර්ථාන්විත කරගැනීමට මග පෙන්වන උතුමන් වහන්සේ කෙනෙකු ලෙස සැලකේ. අපරාධ නිවාරණය හා පාලනය විෂයෙහි වඩාත් ප්‍රායෝගික හා ෙත්‍රෙකාලික ඉගැන්වීම් සමුදායක්‌ බුදු දහමින් උගන්වා ඇත. ඒ සඳහා ක්‍රමඋපායන්ද නිර්දේශ කොට තිබේ. සියලු බුදුවරුන්ගේ උපදේශය ඒ සඳහා භාවිත කළ හැකි උත්තරීතර ක්‍රමවේදය වශයෙන් සඳහන් කළ හැකිය. එම ක්‍රමවේදය නම්, 

''සබ්බ පාපස්‌ස අකරණං - කුසලස්‌ස උපසම්පදා

සචිත්ත පරියොදපනං - ඒතං බුද්ධානසාසනං'' යන්නයි.

ඒ අනුව සියලු පාප ධර්මයන් නොකිරීමත්, තිදොරින් වන සියලු අපරාධ නොකර සිටීමත්, කුසල් දහම් වැඩීමත් යනාදිය අපරාධ වළක්‌වන අර්ථාන්විත සදාචාර ධර්මය වේ. තම සිත පිරිසිදු කර ගැනීම මේ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ බව අවසාන වශයෙන් ස`දහන් කිරීමට පිළිවන. මෙය බුදුවරුන්ගේ අනුශාසනාව වේ.

අපරාධ පාලනය හා නිවාරණය විෂයෙහි පාලි සඟි සාහිත්‍යය තුළ එන ඉගැන්වීම් හා බුද්ධ දේශනා තුළ විද්‍යමාන ක්‍රමඋපායන් රාශියක්‌ පෙනේ.ඒවා නම්,

- අපරාධ හා අපරාධකරාවන් නිසි රිදි හඳුනාගැනීම

- වරදකරුවන්ට දඬුවම් පැමිණවීම

- විශ්ව මෛත්‍රී සංකල්පය ක්‍රියාත්මක කිරීම

- වරදකරුවන් පුනරුත්ථාපනය කිරීම

- අත්තූපනායික ධර්ම පරියාය ක්‍රියාත්මක කිරීම

- පාපොච්චාරණ ක්‍රමවේදය

- මුලික බෞද්ධ ඉගැන්වීම් වලට අනුව අපරාධ නිවාරණය

- ශීල ප්‍රතිපදාව ක්‍රියාත්මක කිරීම යනාදියයි.

මෙහිදී අපරාධ පාලනය යන්නෙහි අර්ථය ගත් විටදී බොහෝ විට සිදුවන්නේ යම්කිසි දුරකට පවතින තත්ත්වය වර්ධනය වීමට ඇති අවකාස දුරු කිරීමයි. එය බුදු දහමට අනුව ''තදංග ප්‍රහාණය'' ලෙස අරුත් ගැන්වේ. තදංග යනු, තාවකාලික පැලැස්‌තර යෙදීමයි. නිදසුනක්‌ ලෙස රබර් පන්දුවක්‌ ජලයෙහි බහාගෙන සිටියහොත් එසේ කරන කාලය දක්‌වා ජලය යට එය තිබෙන අතර හස්‌තය ඉන් මුදාගත් විට දී නැවත පන්දුව ජලය මත තිබෙනු පෙනේ. ඒ අනුව පාලනය තුළින් සියලු තත්ත්වයන් ඉවත්වයාමක්‌ සිදුනොවේ. නමුත් නිවාරණය යනුවෙන් හැෙ`ගන්නේ පවතින අපරාධ තත්ත්වය සම්පූර්ණයෙන්ම වාගේ මුලිනුපුටා දැමීමයි. එසේම ඉවත් කර දැමීමයි. නැවත මතු වීමට ඇති ඉඩකඩද අහුරාලීමයි. බුදුසමය මෙම ක්‍රියාමාර්ග ද්විත්වයම අනුගමනය කරන ආකාරය පෙනේ.

පුද්ගල චෛතසික කෙළෙස්‌ මලෙන් පිරිඇති තාක්‌ මුළු සමාජතලය තුළම අපරාධ සිදුවේ. හුදෙක්‌ පුද්ගලයා අපරාධකාරී චර්යාවන්හි යුහුසුලූව යෙදෙන්නේ ද වේ. නම් ඔහු මෙන්ම ඔහු වසන සමාජයද ක්‍රමයෙන් පරිහානිය කරා ගමන් කරනු පෙනේ. ඒ බව පරාභව, වසල ආදී සූත්‍ර තුළින්ද උද්දීප්තය

ඉත්ථ,s ධුත්තෝ සුරා ධුත්තෝ 

අක්‌ඛ ධුත්තෝච යො නරො

ලද්ධං ලද්ධං විනාසෙති 

තං පරාභවතො මුඛං'' 

යන්නෙහි අර්ථයනම් ''ස්‌ත්‍රීන් ධූර්ත වීම, සුරාවට ලොල් වීම, සූදුවට ලොල්වීම'' ලැබෙන ලැබෙන ධනය විනාශ කිරීම මෙහිදී සිදුවේ. මෙම කාරණා තුළින් පෙනෙන්නේ බුදු දහමෙහි අපරාධ විද්‍යාත්මක ලක්‌ෂණ කෙතේ දුරට ගම්‍යමාන වන්නේද යන්නයි.

ලෝකය සමග කටයුතු කිරීමේදීද ''ජීවත් වීමේදී ද පුද්ගලයෝ නොයෙක්‌ අයුරින් රැකියාවන්හි නිරත වෙති. සමහරක්‌ විට එම නිරත වන රැකියාවන්හි නිරවද්‍යතාවය පිළිබඳ සෑහීමකට පත්විය නෙහැකිය. එසේ වන්නේ බොහෝමයක්‌ අපරාධකාරී ජීවිකාවන් නිසාවෙනි.

බුදු සමය නොකළ යුතු වෙළඳාම් පසක්‌ යෝජනා කරනුයේ මේ තුළින් සමාජයේ පැවැත්මේ අපරාධකාරී ස්‌වභාවය වටහා ගත් හෙයිනි. 'මහණෙනි උපාසකයෙකු විසින් නොකළ යුතු වෙළඳාම් පසක්‌ ඇත්.ඒවා නම්, ආයුධ වෙළඳාම, වහල් වෙළඳම, මස්‌ වෙළ¹ම, මත්පැන් වෙළඳාම, විෂ වෙළ¹ම යන පස වේ.''

මෙම වෙළ¹ම් සමාජය තුළ පුද්ගලයා අපරාධකාරීත්වයට යොමු කරන මූලික කාරණා වේ. යම් පුද්ගලයෙකු මෙම අකටයුතු වෙළÔදාම් කරත්ද, හෙතෙම සමාජය තුළ අපරාධී චර්යා ධර්මයක්‌ ගත කරන්නෙකු ලෙස සැලකේ. එසේම බුදු දහම ඉදිරිපත් කරන වෙළඳාම් රටාව ධාර්මික පදනමක්‌ මත සමන්විත වී තිබේ. තුලා කූට, මානකූට, කංස කූට වැනි වංචනික මිනුම් ක්‍රම මෙන්ම කුහනා, ලපනා නේමිත්තිකතා ආදී කූට කුහක උපක්‍රම භාවිතය අපරාධකාරී ස්‌වභාවය මනාව පෙන්නුම් කරන්නකි. මේ අනුව කෙනෙකු සමාජ සම්මත, පොදු නීති සම්මතයන් උල්ලංඝනය කරමින් කොතෙකුත් සාරවත් සුඛෝපභෝගී ජීවිතයක්‌ අපේක්‌ෂා කළද ඔහු වටා අයුක්‌තියේ හා අසාධාරණයේ බලවේග සංචරණය වීම කිසිවෙකුටත් වැළැක්‌විය නොහැකිය.

අනාගතයේදී අපරාධකරුවෙකු බවට පත්වෙන්නට උප්පත්තියක්‌ බලාපොරොත්තු වන කුමාරයෙකු ගැන ථුස ජාතකයෙහි (අංක 334 ) ගම්‍යමානය. බොහෝ ජාතක කතාවකම පාහේ විෂද වන පරිදි පැරණි ඉන්දීය 

සමාජයේ මවකට දරුවෙකු ඉපදීමට සිටින විට මවට ඇතිවන දොළදුක මෙහිදී ද විස්‌තර වේ. ඒ අනුව ථුස ජාතකයේ වර්තමාන කතාවේ එන්නේ රජුගේ දකුණු උරය පලා ලේ බොන්නට මවට දොළක්‌ හටගනු ලබන අතර ඒ තුළින් උපදින්නට සිටින දරුවාද අපරාධකරුවෙකු ලෙස නිගමනය කළ හැකි බවයි. ගර්භණී අවධියේ දී ඇතිවන්නාවූ යම් යම් අවශ්‍යතා තුළින් උපතින්ම බිහිවනු ලබන තැනැත්තා අපරාධකරුවෙකු බවට පූර්ව නිගමන වලට එළඹීම ජාතක සමාජයේ පැවති සංකල්පනාවකි. එමෙන්ම අජාසත්ත සිය පියා මරා අපරාධකරුවෙකු වන බව උප්පත්තියේදීම තීරණය වේ. එසේ තීරණය වන්නේද අජාසත්තුගේ මවට ඇතිවූ දොළෙහි ස්‌වභාවයයි. සැබවින්ම 'අජාසත්ත' එනම් නූපන් සතුරා යන්න අජාසත්ත යන්නෙහි විග්‍රහයයි 

(ජයවීර 2007,21 පිටුව).

එසේම චර්යාත්මක බෙලහීනතාවයන් කෙරෙහි පෝෂණයේ බලපෑම පුද්ගලයා මත ක්‍රියාත්මක වන ආකාරය ජාතක කතා වලින් ඉස්‌මතුව පෙනේ. එවැනි අවස්‌ථාවකි තිත්තිර ජාතකය. 

'එසමයෙහි පාඬුq රෝග ඇති තාපස කෙනෙක්‌ ගිනි තපින පිණිස පොරොවක්‌ අරගෙන ගොස්‌ දර පලන්නාහ. එතනට එන අනෙක්‌ තාපස කෙනෙකුත් මෙතන පලවයි, මෙතන පලවයි යනාදියෙන් නොයෙක්‌ පරිද්දෙන් කියන්නා කිපී, දර පැලුම් ආචාර්ය කෙනෙකුන් දැයි කියා තියුණු මුවහත් පොරොවෙන් පලා එක පහරින්ම ජීවිතක්‌ෂයට පැමිණවූහ 

(තිත්තිර ජාතකය, අංක 116 , 391 පිටුව ).'' 

මෙය සංක්‌ෂිප්ත කතා පුවතක්‌ වුවද, ජාතක සමාජයේද විවිධ පුද්ගලයන් පෝෂණ ඌණතාවයෙන් පෙලූන බවත් එකී පෝෂණ ඌණතා පුද්ගලයා ප්‍රචණ්‌ඩ කරවීමෙහි සමත් වූ බවටත් මනා නිදර්ශනයක්‌ ලෙස සැලකේ

(ජයවීර, 2007,24 පිටුව ).

යථෝක්‌ත නිදර්ශන ඇසුරෙන් ජාතක කතා මගින් පිළිබිඹුවන අපරාධකාරී ස්‌වභාවයන් මනාව විවරණය වේ.

අපරාධ පාලනය හා නිවාරණය ගැන අවධානය යොමුකිරීමේදී බෞද්ධ අධිකරණ ක්‍රියාවලිය පෙන්වා දිය හැකිවේ. ඒවා නම්,

- විවාදාධිකරණය

- අනුවාදාධිකරණය 

- ආපත්තාධිකරණය

- කිච්ඡාධිකරණය යනුවෙනි.

ඒ අනුව භික්‌ෂු සංඝයා අතර මතුවන වාද විවාද ගැටුම් නිසාවෙන් සිදුවිය හැකි භේදභින්නවීම විස¹ලීම විවාදාධිකරණය වේ. භික්‌ෂූන්ට එරෙහිව මතුවන විවිධ චෝදනා විමසා විසඳීම සඳහා අනුවාදාධිකරණය ද, ශීලය පිළිබඳ මතුවන ආපත්තිමය චෝදනා විසඳීමට ආපත්තාධිකරණය ද, සංඝයා විසින් ඉටුකළ යුතු කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා කිච්ඡාධිකරණය ද කිs්‍රයා කරනු ලබයි. ඒ අනුව කිසියම් පුද්ගලයෙකුට වරද කරුවෙකු සේ පිළිගැනීම විෂයෙහි කෙරෙන අධිකරණ ක්‍රියාවලියේදී ඒ සඳහා කරුණු රාශියක්‌ පරිපූර්ණ විය යුතු වේ.

මෙම බෞද්ධ අධිකරණ ක්‍රමවේදය අපරාධ පාලනය විෂයෙහි ගිහි පැවිදි උභය පාර්ශවයටම ප්‍රජාතාන්ත්‍රික, සත්‍යවාදී ක්‍රියාවලියක්‌ ලෙස සැලකේ.

බෞද්ධ විශ්ව මෛත්‍රීය සංකල්පයේ භාවිතය ගැන සලකා බැලීමේදී ඒ තුළින්ද අපරාධ නිවාරණය සඳහා සුවිශේෂි මග පෙන්වීමක්‌ සිදුකරනු ලබයි. මෛත්‍රී සහගත කාය වාග් වචී කර්මයෙන් යුක්‌තව සියලු සත්ත්වයන් කෙරෙහි සමසිත් පැතිරවීම මගින් බිහිවන පරමාදර්ශී සමාජය කිසිවිටෙකත් අපරාධවලට තෝතැන්නක්‌ නොවනු ඇත. මේ අනුව බලන විට, සර්ව කාලීනව අපරාධ නිවාරණය කළ හැක්‌කේ සියලූ කෙලෙස්‌ නැසීමෙනි. කෙලෙස්‌ නැසූ කල අපරාධ සිදුවීමට උපකාරවන සියල්ලම සම්පූර්ණයෙන්ම ක්‌ෂය වනු නොඅනුමානය, යන්න බුදු සමය ඉදිරිපත් කරනු ලබන අපරාධ නිවාරණ ක්‍රමවේදයයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කෑලගසේ උපමාව - කිංසූකෝපම සුත්‍රය


පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය, කන්නිමහර-වතුරුගම. 

ධර්මය අවබෝධකර නො ගත් එක්‌තරා භික්‌ෂුවක්‌, රහතන් වහන්සේලා සතර නමක්‌ වෙත පිවිස, 'මහණහුගේ දර්ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ ද?' යන ප්‍රශ්නය විමසූ කල්හි, දුන් පරස්‌පර පිළිතුරු කෙරෙහි සතුටු නොවූ හෙයින්, භාග්‍යවතුන් වහන්සේ වෙත පිවිස, එම කාරණය සැලකරන ලදී. එවිට සර්වඥයන් වහන්සේ කෑල ගසක්‌ (එරබදු ගසක්‌) උපමා කොට, එම රහතන් වහන්සේලා දුන් පිළිතුරු නිවැරදි බව සනාතකර කළ දේශනය, කිංසූකෝපම සූත්‍රයේ (සං.නි-බු.ජ4-368) සඳහන් ව ඇත. 

කෑල ගසක්‌ (ඉන්දියාවේ ඇති එරබදු විශේෂයකි) නොදුටූ පුද්ගලයෙක්‌, කෑල ගස දැක ඇති පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් කෑල ගස කෙසේ ද? කියා විමසූ විට තමන් කෑල ගස දැක ඇති ආකාරය විස්‌තර කරයි. කෑල ගස කලින් කලට වෙනස්‌ ස්‌වරූපයන් ගනී. එසේ හෙයින් පළමු පුද්ගලයා Ñකෑලගස දාගිය කණුවක්‌ මෙන් කලුය. ලෙස විස්‌තර කරයි. සමහර කාල වලදී කොළ හැලී පිලිස්‌සුන කළුපාට දණ්‌ඩක්‌ මෙන් කෑල ගස දිස්‌ වේ. දෙවන පුද්ගලයා 'කෑලගස මස්‌ වැදැල්ලක්‌ මෙන් ලේ පාටය' ලෙස විස්‌තර කරයි. රතුපාට මලින් පිරීගිය කාල වලදී කෑල ගස ලේ පාට වන්නේය. තෙවන පුද්ගලයා 'කෑල ගස මහරී ගසක්‌ මෙන් පැලුණු කරල් ඇත්තේ ය, ගැලවුණු පොතු ඇත්තේය' ලෙස විස්‌තර කරයි. සමහර කාලවලදී කෑල ගස අසිපත් වල කොපු මෙන් පැලුණු කරල් සහ පොතු ගැලවී පවතී. සිව්වන පුද්ගලයා 'කෑල ගස නුගරුකක්‌ මෙන් ගනසෙවණ ඇත්තේ ය' ලෙස විස්‌තර කරයි. සමහර කාල වලදී කෑල ගස කොළවලින් පිරී පවතින බැවින් නුගරුකක්‌ වැනිය. 

එසේ ඒ ඒ මොහොතේ කෑල ගස දුටු පුද්ගලයා විස්‌තර කරනුයේ ඒ අවස්‌ථාවේ දුටු අයුරිනි. නමුත් පිළිතුරු වැරදි නැත. මන්ද? ඒ ඒ පුද්ගලයා කෑල ගස දකින අවස්‌ථාවේ පැවති ස්‌වභාවය ම ඔහු විස්‌තර කර ඇති බැවිනි. මෙලෙස ධර්මය අවබෝධ කරගත් රහතන් වහන්සේලා තමතමන්ගේ අවබෝධය විවිධ 

ආකාරයෙන් ප්‍රකාශ කර ඇත.

සිත පිරිසිදු කිරීමට නම් සියල්ල අවබෝධ කළ යුතුය. සර්වඥතා ඤාණයෙන් අවබෝධවන සියල්ල රහතන් වහන්සේ නමකට අවබෝධ කළ නොහැක. නමුත් අවිද්‍යාව සහ තණ්‌හාව දුරු කිරීමට අවශ්‍ය සියල්ල අවබෝධ කළ යුතුය. මෙසේ පෙර කී රහතන් වහන්සේලා තමතමන්ගේ අවබෝධය පිළිවෙලින් මෙසේ වදාරන ලදී.

භික්‌ඛු ඡන්නං ඵස්‌සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති - පිරිසිදුවීමට නම්, යම් භික්‌ෂුවක්‌ ස්‌පර්ෂ ආයතන සයෙ හි සමුදය-අස්‌තôගමය තතුසේ දත යුතුය.

පළමු රහතන් වහන්සේ ස්‌පර්ෂ ආයතන සයෙ හි සමුදය-අස්‌තôගමය කමටහන වඩා සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ග ඵල වලට පත් වූ බැවින් තමන් පිරිසිදු වූ ක්‍රමය දේශනා කර ඇත. ඇස, කන, නාසය, දිව, කය සහ මන ආධ්‍යාත්මික ෂඩායතනයි. මේවා ඇතිවී (සමුදය) ඇත්තේ වර්ණ, ශබ්ද, ගන්ධ ආදී බාහිර අරමුණු ගෙන විඳීමට ඇති කැමැත්ත හෙවත් තෘෂ්ණාව නිසාත්, ඇස ආදී ආයතන ජරා-මරණ කරා යන බව නොදන්නා අවිද්‍යාව නිසාත්ය. වර්තමානයේ නැවත එසේ තෘෂ්ණාවත්, අවිද්‍යාවත් ඇතිකර නොගත්තා නම්, නැවත සළායතන හටනොගනී .එනම් අස්‌තôගමය හෙවත් නිරෝධය සිදු වේ. 

භික්‌ඛු පඤ්චන්නං උපාදානක්‌ඛන්ධානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති - පිරිසිදුවීමට නම්, යම් භික්‌ෂුවක්‌ පඤ්ච උපාදානස්‌කන්ධයාගේ සමුදය-අස්‌තôගමය තතුසේ දත යුතුය.

දෙවන රහතන් වහන්සේ රූප, වේදනා, සංඥා, සංඛාර සහ විඤ්ඤාණය යන පංච උපාදානස්‌කන්ධයාගේ ඇතිවීම සහ නැතිවීම හෙවත් උදය-ව්‍යය දැකීමෙන් නිවනට පත් වූ උත්තමයෙකි. එනම් රූපයේ ඇතිවීම අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, ආහාර, උත්පාද ලක්‌ෂණය ලෙස ප්‍රත්‍ය පස්‌ ආකාරයකින්, වේදනා, සංඥා, සංඛාරවල ඇතිවීම අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, උත්පාද ලක්‌ෂණය, ස්‌පර්ෂය ලෙස ප්‍රත්‍ය ආකාර පහ බැගින් සහ විඤ්ඤාණයේ ඇතිවීමට අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, නාමරූප, උත්පාද ලක්‌ෂණය ලෙස පස්‌ ආකාර බැගින් පංච උපාදානස්‌කන්ධයේ ඇතිවීමේ ප්‍රත්‍ය 

විසිපහක අවබෝධයෙන් සහ ඉහත ඇතිවීමේ ප්‍රත්‍ය විසිපස්‌ ආකාරය නිරෝධයෙන් වන පනස්‌ ආකාරයක උදය-ව්‍යය අවබෝධ කරගෙන නිවන සාක්‌ෂාත් කළ බව දැක්‌වේ.

භික්‌ඛු චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති - පිරිසිදුවීමට නම්, යම් භික්‌ෂුවක්‌ සතර මහාභූතයන්ගේ 

සමුදය-අස්‌තôගමය තතුසේ දත යුතුය.

තුන්වන රහතන් වහන්සේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භූත රූපයන් සතරේ ඇතිවීම-නැතිවීම අවබෝධයෙන් නිවන සාක්‌ෂාත් කළ බව දැක්‌වේ. මෙම ස්‌වභාව ධර්මයේ පවතින ශක්‌තීන් සතර වේගයෙන් වෙනස්‌ වේ. එකිනෙක අතර ඇති සංකලනය සෑම මොහොතක දී ම වෙනස්‌ වේ. එබැවින් මේවායින් සෑදී ඇති සියලුම රූප වෙනස්‌ වේ. එනම් රූප එක්‌ ස්‌වභාවයක සිට තව ස්‌වභාවයකට පත්වන බැවින් එනම් විපරිණාමයට පත්වන බැවින්, තමන්ගේ යෑයි ගැනීමට යෝග්‍ය නොවේ. එනම් සියලු ම රූප අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම බව අවබෝධයෙන් විශුද්ධිය ලැබිය හැකි බව දැක්‌වේ. 

භික්‌ඛු 'යං කිඤ්චි සමුදය ධම්මං සරීබන්තං නිරෝධධම්මන්ති යථාභූතං පජානාති - පිරිසිදුවීමට නම්, යම් භික්‌ෂුවක්‌ යම් ධර්මයක්‌ හටගැනීමේ ස්‌වභාවය ඇත්තේ නම් ඒ සියල්ල ම නැසීයාමේ ස්‌වභාවය ඇති බව' තතුසේ දත යුතුය.

සිව්වන රහතන් වහන්සේ සියලු ධර්මයන් හේතු-ප්‍රත්‍ය නිසා හටගන්නා බවත් හේතු-ප්‍රත්‍ය නිරුද්ධවීම නිසා නැසීම සිදුවන බවත් යථාභූතව අවබෝධ කරගෙන නිර්වාණය සාක්‌ෂාත් කළ උත්තමයෙකි. එනම් පටිච්චසමුප්පාදය අවබෝධයෙන් උන්වහන්සේ යථාර්ථය අවබෝධ කරගෙන ඇත. පෙර අවිද්‍යාව නිසා සකස්‌කළ සංස්‌කාරය ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ, නාම-රූප, සළායතන, ඵස්‌ස, වේදනා යන ඵලය හෙවත් විපාකය ඇතිවී ඇති බවත්, එම ඵලය නැවත දැන් අවිද්‍යාවෙන් ප්‍රත්‍යක්‌ෂ නොකර ගතහොත් නැවත ඵලයක්‌(විපාකයක්‌) ඇති නොවන බවත්, අවබෝධයෙන් ඇතිවන තැනම නැතිවන බව දන්නා යථාභූත ඥානය ඇති වී නිවන වන බව දැක්‌වේ.

භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න අසන භික්‌ෂුවට තවදුරටත් ධර්මය අවබෝධ වන පරිදි උපමා උපමේය ඇසුරින් ධර්මය දේශනා කළ සේක. අවසානයේ භික්‌ෂුව සෝතාපන්න විය. 

ප්‍රධාන රාජධානියේ සිටින චක්‍රවර්ති රජතුමා, හොඳින් පවුරු බැඳි දොරටු හයක්‌ ඇති ප්‍රත්‍යන්ත නුවරක රජ වූ, පාප මිත්‍රයන් සමඟ එක්‌ වී සුරාවට ලොල් වූ, තමන්ගේ පුත් කුමාරයා ඉන් මුදවා ගැනීමට, බලසම්පන්න යෝධයෙකු සහ පණ්‌ඩිත ඇමතියෙකු එම ප්‍රත්‍යන්ත නුවරට යවයි. නුවර දොරටුවේ සිටින නුවණැති දොරටුපල්ලා විසින් හඳුනන අය පමණක්‌ නුවරට ඇතුළු කර ගනී. නාඳුනන අය ඇතුල්කර නොගනී. යෝධයා සහ ඇමති දොරටුපල්ලාගෙන් නුවර කුමාරයා 

කොහේදැයි අසා, ඇතුලේ සතර මං සන්ධියේ බව දැනගෙන, ඇතුලු නුවරට පිවිසෙති. ඇමති, පාප මිත්‍රයන් සමඟ සුරා බොමින් සිටින කුමාරයාට ඉන් මිදී යහපත් ලෙස රාජ්‍ය පාලනය කරන ලෙස 

දැන්වුවත්, නො ඇසුණා මෙන් සිටි නිසා, යෝධයා කඩුව රැගෙන, කුමාරයාගේ හිසෙන් අල්ලාගෙන 'චක්‍රවර්ති රජතුමාගේ කැමැත්ත ඉටුකරනු, නැතිනම් තගේ හිස කපා දමන බව' කියා තර්ජනය කළේය. එවිට පාප මිත්‍රයෝ පලාගියහ. කුමාරයා ද බියට පත් වී අවවාදය පිළිගත්තේය. ඉන් පසු කුමාරයාව අභිෂේක කොට 'හොඳින් රාජ්‍ය පාලනය කරන ලෙස දන්වා' දෙදෙනා ම පැමිණි මගට පිළිපන්හ.

මෙහි චක්‍රවර්ති රජතුමා යනු සර්වඥයන් වහන්සේය. ප්‍රත්‍යන්ත රාජ්‍ය යනු අපගේ ශරීරයයි. දොරටු සය යනු සළායතනයි. සුරාවට ලොල් වූ කුමාරයා යනු අපිරිසිදු සිතයි. දොරටුපල්ලා යනු සතියයි. පාප මිත්‍රයන් යනු පංච නීවරණයි. යෝධයා යනු සමථය යි. පණ්‌ඩිත ඇමති යනු විදර්ශනාව යි. සතර මං සන්ධිය යනු වස්‌තු රූපය යි. අවවාදය යනු නිවන යි. ආ මග යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය වන්නේ නිවන් අවබෝධ කරන ලෙසයි. නමුත් අප ශරීරය නැමති නුවර පංච නීවරණයන් නැමති පාප මිත්‍රයන් සිටින නිසා, සිතේ යථාභූත ඤාණය ඇති නොවේ. එබැවින් සමථය වඩා නීවරණ පහ කරමින් පළමු, දෙවන, තෙවන, සිව්වන ආදී ධ්‍යාන ඇතිකරගෙන, ඒ තුළින් විදර්ශනාව වඩවා යථාර්ථය අවබෝධ කළ යුතුය. මේ සඳහා සිහිය පැවතිය යුතු අතර, ආර්ය අෂ්ටාංගික මාර්ගය ම භාවිත කළ යුතු වේ. නිවන අවබෝධයේ දී සමථයත්, විදර්ශනාවත් දෙකම අතහැරේ. අතහැරිය යුතු නැත. අවබෝධයෙන් ම අතහැරේ. 

මේ අනුව බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මය අවබෝධ කරගැනීමේ ක්‍රම බොහොමයක්‌ ඇත. ඒ අනුව ගමන් කරමින් නිර්වාණය ම සාක්‌ෂාත් කරගැනීමට වීර්ය කරමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ප්‍රසන්න සිත පිරිසිදු ජලාශයකි

පූජ්‍ය පණ්‌ඩිත ගම්පහ සිරිසීවලී හිමි

පැහැදිලි සිත පිරිසිදු ජලාශයක්‌ වගේ. පිරිසිදු ජලාශය විනිවිද දැකිය හැක. චංචල බවෙන් තොරවිය යුතුය. කුණු දූවිලිවලින් තොරවීමයි, පිරිසිදු බවේ සංකේතය. නීවරණතා ධර්ම හිත තුළ හටගත්තාම පිරිසිදු සිත අපිරිසිදු වන බව යෝගාවචරයා අත්දැකීමෙන්ම වටහා ගනී.

චතුර්වේදයේ පාරප්‍රාප්ත සංගාර නම් බ්‍රාහ්මණයෙක්‌ දිනක්‌ භාග්‍යවතුන් වහන්සේ හමුවී තමන් බොහෝ කාලයක්‌ වේද වේදාන්තයන්හි ඉතා හොඳ මතකයක්‌ තිබූ බවත් දැන් අමතකවීමේ ස්‌වභාවයට පත්වී ඇති බවත් ඊට හේතුවත් විමසීය. එවිට භාග්‍යවතුන් වහන්සේ නිතර නිතර කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම හිත තුළ ජනිතවීමත් දැනගත් දේ දිගුකල් හැදැරීම නවතාලීමත් මතකය මැකී යැමට හේතුවන බවත් වදාළහ.

'යෝගාවේ ජායති භූරි අයෝගා භූරි සංඛයෝ'

යෝගාවචර ජීවිතය ප්‍රඥව වැඩීමට හේතු වේ. යෝගී ජීවිතය පිරිහීමෙන් ප්‍රඥව ද පිරිහීමට හේතු වේ.

ආධ්‍යාත්මික ගුණ වගාවේදී මානසික දියුණුව ඇතිකර ගැනීම සඳහා පංචනීවරණ ධර්ම ගැන දැන ගැනීමත් නැතිකර ගැනීම සඳහා සුදුසු පසුබිමක්‌ දහමට අනුව සකසාගත යුතුය. නීවරණ යනු නවන වසාලන, සැනසිල්ල සතුට දියුණුව සැපය නැති කරන ධර්මතාය.

'කත්ථ කතමානි පංච නීවරණානි,

කාමච්ඡන්ද නීවරණං

ව්‍යාපාද නීවරණං

උද්ධච්ච කුක්‌කුච්ච නීවරණං

විචිකිච්ඡා නීවරණං

ඉමානි පංච නීවරණාතී'

(විභංග ප්‍රකරණය - ඛුද්දක වත්ථු විභංගය)

ඉහත පාලි පාඨයෙන් ප්‍රකාශිත නීවරණ ධර්ම හිත තුළ ජනිත වීමෙන්ම කුසල් සිත් හටගැනීම දුරු වේ. සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු එක හිතකින් පහසුවෙන් කර ගැනීමටත් යෝගාවචරයාට ධ්‍යානාංග වඩා රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන බල ඇති කර ගැනීමටත් බාධා ඇතිකරයි. 

1. කාමච්ඡන්දය - කාම ගුණයට ඇලීමයි. පංචකාම සම්පත්වලට රුචිකත්වයයි. පස්‌කම් සුවය නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ විඳීමයි. ඇස, කණ, නාසය, දිව, කය සම්බන්ධ ප්‍රසාද රූපයේ ඔපවත් ස්‌වභාවයට අරමුණු සම්බන්ධ වීමේදී ඵස්‌සය මගින් සිදුවන ධර්මතාවයේදී සිත හටගනී. සුභ හෝ අසුභ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය නිසා ඇලීම හෝ ගැටීම නිසා තණ්‌හාව උපදී. දැඩිව ගැනීම උපාදානය වේ. සායම් පෙවූ භාජනයකින් තම මුහුණ දැකීම හා සමාන වේ.

සුභ නිමිත්තං භික්‌ඛවේ අයොනිසෝ මනසි

කරොන්තො අනුප්පන්නෝච කාමච්ඡන්දො උප්පජ්ජති

උප්පන්නෝ ච කාමච්ඡන්දො භියේ‍යාභාවාය වේපුල්ලාය සංවත්තති''

නිමිත්ත සුඛ හෙවත් සුබ වශයෙන් ගැනීම නිසා කාමච්ඡන්දය හටගනී. සුබ වශයෙන් ගන්නේ අයෝනිසෝ මනසිකාරය නිසාය. සුබ සංඥව නැතිකිරීමට අසුබ සංඥව වඩන්න නිර්දේශ කළේ ඒ නිසාය. කායගතාසති භාවනාවේ අසුභය මෙන්ම පටික්‌කූල මනසිකාරය එකට යෙදී ඇත්තේ ඒ නිසාය.

මේ සිත අරමුණෙන් අරමුණට සම්බන්ධ වන්නේ අත්තක්‌ හැර තවත් අත්තක්‌ අල්ලා ගැනීමට පනින වඳුරකු මෙනි. වඳුරා කිසිවිටකත් තමා සිටින අත්ත අතහරින්නේ නැහැ. එහි සුව පහසු බව ඉතා හොඳ නම්ෘ තවත් අත්තකට පනින්නේ ඊටත් වඩා සුව පහසු බවක්‌ විඳීමේ කැමැත්ත ඇතිවය. සිතත් ඒ හා සමානය. පංචකාම ගුණයට සිත දැඩිව වසඟ කරයි. එහිම කි¹ බසී. ලොල්බවට පත්කරයි. කෑදරකමට බඩයි. නමුත් එහි ආදීනව බොහෝය. 'අප්පස්‌සාද බහු දුක්‌ඛා' කුරුම්බා ගෙඩියට අත දැමූ වඳුරාට වූ දේ පංචකාම ගුණ කෑදරකමින් සිටින්නාටද සිදුවේ.

ලොඳ ඇති කුරුම්බා ගෙඩියකට ලොඳ කෑමේ කෑදරකමෙන් වඳුරෙක්‌ කුඩා සිදුරක්‌ පාදාගෙන අමාරුවෙන් අත දමා හොඳට ලොඳ හූරා මිට මොලවා ගනී. මිට මොලවා ගත් අත එළියට ගැනීමට උත්සාහ කරයි. මිට මොලවාගත් අත කුඩා සිදුරෙන් එළියට ගත නොහැක. අමාරුවෙන් හූරාගත් ලොඳ අතහරින්නේද නැත. ඒ නිසාම වඳුරාට මරණයට හෝ මාරාන්තික ව්‍යසනයකට පත්වීමට සිදුවේ. එමෙන්ම පංචකාම ගුණයේ ආදීනව නොදකින පුහුදුන් අයටද සාංසාරික වශයෙන් දුගතිගාමී වී බොහෝ කාලයක්‌ මහා දුකට පත්වී දුක්‌විඳීමට සිදුවීම නොවැළැක්‌විය හැක.

ව්‍යාපාදය - තරහව, ක්‍රෝධය, පටිඝය ආදී චෛතසික සමූහයක ක්‍රියාකාරිත්වයයි. සිත රත්වූ නටන ජල බඳුන බඳුය. ක්‍රෝධය මෙලොව පරලොව මෙන්ම නිවන් සැපය නසන බරපතළ අකුසල චෛතසිකයකි. 

නත්ථි දොස සමො ඛලී

ද්වේෂය හා සමාන අපරාධයක්‌ නැත.

කුද්ධො ධම්මං න පස්‌සති

කිපුණ තැනැත්තාට හොඳ නරක නොපෙනේ.

කුද්ධෝ අත්ථං නජානාති

කිපුණ අයට තමාගේ අභිවෘද්ධිය නොසැලසේ.

අනFථ ජනනො කොධො

කිපුණ අය නිතර අනර්ථයම කරයි.

වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ගුණමකු බව, ව්‍යාපාදයට පරිබද්ධව හටගනී. මෛත්‍රී භාවනාව ව්‍යාපාදය නැති කිරීමට නිර්දේශිතය. යෝනිසෝ මනසිකාරය හෙවත් එළඹ සිටි සිහියෙන් විසීම නිසාම පටිඝය අරමුණක්‌ වශයෙන් ගෙන ව්‍යාපාදය හට නොගනී.

පටිඝ නිමිත්තං භික්‌ඛවේ අයොනිසෝ

මනසිකාරොන්තො අනුප්පන්නෝෙච්ව 

ව්‍යාපාදො උප්ප-ජති උප්පන්නො ච 

ව්‍යාපාදො භියේ‍යාභාවාය වේපුල්ලාය සංවත්තති'.

මහණෙනි, ගැටෙන නිමිත්ත, 

අයෝනිසෝමනසිකාරයෙන් ගැනීම නිසා නූපන් ව්‍යාපාදය හටගනී. උපන් ව්‍යාපාදය බොහෝ සේ වැඩේ. වර්ධනය වේ.

'ඛන්ති පරමං තපො තිථික්‌ඛා'

ක්‌ෂාන්තිය උසස්‌ම පැවැත්මයි. කාමච්ඡන්දය යනු රාගයයි. ව්‍යාපාදය යනු ගැටීමයි. ඇලීම ගැටීම යනු තණ්‌හාවයි. ඒනිසා පටික්‌කූල මනසිකාරය සහිත කායගතාසති භාවනාවෙන් රාග ගිනි නිවාලීම කළ හැක. මෛත්‍රිය භාවනාවෙන් ද්වේෂය හෙවත් ගැටීම යටපත් කර ගත හැක. මේ භාවනා දෙකම එකවිට වඩා නීවරණ ධර්ම යටපත් කර ධ්‍යාන මට්‌ටමට සිත දියුණු කරගත හැක.

ථින මිද්ධය යනු සිතේ හැකිළුණු බව, ඔතෑනි බව, අලස බව, නොපිපුණු බව, පසුබෑම, උදාසීන ගතිය, කම්මැලි බව, අකර්මණ්‍ය බව වේ. දිය සෙවෙලින් වැසී ගිය ජල බඳුනක්‌ බඳුය. එවිට ජලය ප්‍රසන්න පිරිසිදු බව දුරුවී යයි. ථීන මිද්ධය සමථ හා විදර්ශනා භාවනාවට ප්‍රධාන බාධකයකි. කුසල් දහම්හි නොඇලේ. අලස බව කම්මැලිබව ලෞකික, ලෝකෝත්තර දියුණුවට බාධක මෙන්ම පිරිහීමටද හේතු වේ.

1. ආරම්භක ධාතු 2. නෙක්‌ඛම්ම ධාතු

පරක්‌කම ධාතු වශයෙන් ථීන මිද්ධය නැතිකිරීමට සම්‍යක්‌ ප්‍රයෝග වශයෙන් භාවිත කර ඇත. යමක ආරම්භය වීර්යයෙන් කළ යුතුය. ඒ සඳහා පූර්ව කෘත්‍ය වශයෙන් පරිසරය උචිත පරිදි සකසා ගැනීම අනිවාර්ය වේ. ආරම්භ කළ භාවනාව හෝ කටයුත්ත සම්බන්ධයෙන් වහවහා ප්‍රතිඵල බලාපොරොත්තු නොවිය යුතුය. ළිඳක්‌ හාරන්නා වහා වතුර ලැබේවායි ප්‍රාර්ථනාවක්‌ නැත. ප්‍රාර්ථනා කළ තරමට ලැබෙන්නේ නැත. ඉදිරියට උනන්දුවෙන් කිරීමත් වෙර වීර්යයෙන් ඒ සඳහා කැපවීමත් නොඅඩුව සිදුවිය යුතුය. අප්‍රතිහත ධෛර්යයෙන් කැමැත්තෙන් සතුටෙන් කාර්යයෙහි යෙදීමෙන් අභිමතාර්ථය සමෘද්ධිය සිදුවනු ඇත. නෙක්‌ඛම්ම ධාතුව හා පරක්‌කම ධාතුව යනු නොපසුබස්‌නා වීර්යයි.

ථීන මිද්ධය නැති කිරීම සඳහා අවට පරිසරය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. ප්‍රසන්න බව, පිරිසිදු බව, ආලෝකය බොහෝ දැ ළංකර නොගැනීම, වීර්යයෙන් යුතු උසස්‌ උතුමන් ඇසුරු ඉරියව් විටින් විට වෙනස්‌කිරීම, එළිමහනේ සිටීම, අධික භෝජන නොගැනීම, ලැබුවාවූ මිනිස්‌ බවේ, බුද්ධෝත්පාද කාලයේ, සද්ධර්මයේ වටිනාකම මෙනෙහි කිරීම, කිසියම් හෝ ආර්ය ඵලලාභීත්වයක්‌ තවම නොලබා සිටී නම් වහාම ඒ සඳහා කටයුතු කිරීම, සසරෙහි බිය දැකීම, කල්‍යාණ මිත්‍ර ඇසුර, උතුමන්ගේ චරිතාපදානයන් නිතර සිහිකිරීම, බෝධී පාක්‌ෂික ධර් වඩාගෙන ඉදිරියට යාමයි.

උද්ධච්ච කුක්‌කුච්චය - සත සෙලවෙන, චංචල ජලාශයක ස්‌වභාවය පෙන්නුම් කරයි. චචංල සිතක සමාධිය නොවැඩේ. අලු ගොඩකට ගලකින් ගැසූ විට හැම තැනම විසිරුණු සිතුවිලිවල ස්‌වභාවය ගනී. අරමුණු හමුවේ ඒකාග්‍ර බවක්‌ නැත. උද්ධච්චය කුක්‌කුච්චය විශේෂයෙන් තමාගේ චරිතය හා සම්බන්ධව හට ගන්නා බැවින් පළමුව සීලයක පිහිටා සමාධිය වැඩීම කළ යුතුය. මෙහිදී පාරමිතා සීලය හෙවත් ලෝකෝත්තර සීලය වටවා ගැනීම නිවනට හේතුකාරක වේ.

සීලෙහි පතිට්‌ඨාය නරො සපඤ්ෙඤා්

චිත්තං පඤ්ඤංච භාවයං

ආතාපි නිපකො භික්‌ඛු

සෝ ඉමං විජටයේ ජටං

ඇතුළත ගැට, පිට ගැට නැති කර රහත් බව ලැබීමට නිර්දේශිත ක්‍රමය ඉහත ගාථා රත්නයෙහි පැහැදිලි කරයි. පළමුව සීලයෙහි පිහිටා උද්ධච්ච කුක්‌කුච්චය නැතිකරගන්න. චිත්ත භාවනාවෙන් ලෞකික සමාධිය වඩා මන ශක්‌තිමත් කර ගන්න. ඉන්පසු විදර්ශනා භාවනාවෙන් හෙවත් ප්‍රඥාවෙන් ලෝකයෙන් එතෙරවීමට කෙලෙස්‌ මුලින් උපුටා දමන්න.

විචිකිච්චාව යනු බුද්ධ, ධම්ම, සංඝ, සික්‌ඛා, පුබ්බන්ත, අපරන්ත, පුබ්බාපරන්ත, පටිච්චසමුප්පන්න ධර්ම ගැන සැකයයි. අඳුරේ ඇති දිය බඳුනක්‌ හා සමානයි. ස්‌ථිර නිගමනයකට එක අරමුණකට සිත නන්වා ගත නොහැකි බව. බුද්ධ, ධම්ම, සංඝ ත්‍රිවිධ රත්නයේ ගුණ වැඩීම මේ නීවරණය නැති කිරීමට හේතු වේ. බුද්ධ යනු චතුරාර්ය සත්‍යයි. 

බෝධිං වුච්චති චතුසු අරිය සච්ෙච්සු ඤාණං

බුද්ධ යනු බෝධිය අවබෝධයයි. එනම් දුක්‌ඛ සමුදය, නිරෝධය, මාර්ගය, චතුරාර්ය සත්‍ය දැකීමයි. ලෝකය පදනම් කරගෙන පළමු සත්‍ය දැකීම, එනම් දුක අවබෝධයයි. ලෝකය දුක මත පිහිටා ඇත. ජරා මරණ, සෝක පරිදේව ආදී චෛතසික මාන සිත, කායික දුක්‌වලින් නිරන්තරයෙන්ම සත්වයා වෙලී පැටලී සිටින බව දැකීම, දුකට හේතුවූ තණ්‌හාව, සමුදය වේ. තණ්‌හාව සිත තුළින් නැතිකර ගතහොත් දුක නැතිවන බව දැන ගැනීම. ඒ සඳහා මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළුවීමයි. එමගින් මිච්ඡාදිට්‌ඨිය නැතිවී සම්මා දිට්‌ඨිය හෙවත් ලෝකයේ යථාර්ථය හරිහැටි දැකීම වේ. බුදුගුණ වැඩීමෙන් දහම්ගුණ සඟ ගුණද වැඩේ. මේ ගුණ වගාවෙන් විචිකිච්ඡාව දුරුවී සමථ සමාධිය වැඩිදියුණු කර විදර්ශනා සමාධිය වඩා දස සංයෝජන මුලින් උපුටා දමා නිවන් දැකිය හැකි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සද්ධර්මය දෙසීම සහ ඇසීම කෙසේ විය යුතුද?

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

නමෝතස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස
''ඇවැත් ශාරිපුත්තයනි, භික්‌ෂුව කෙතෙක්‌ කරුණින් නොඇසූ දහමුත් අසාද? ඔහු විසින් ඇසූ දහමුත් අමතකව නොයේද? ඔහු විසින් නම් ධර්මයෙක්‌ සිතින් ස්‌පර්ශකොට ගන්නා ලද්දේ නම් ඒ දහම්ද, මනෝද්වාරයෙහි හැසිරෙත්ද? නොදත් කරුණුත් දැනගන්නේද''
ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ ධම්මික වර්ගයට අයත් ආනන්ද සූත්‍රයේ අඩංගු ධර්ම කොට්‌ඨාසයකුයි. ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉහත සඳහන් කළ ධර්ම කොට්‌ඨාසයේ ඇතුළත් දහම් පැණ සැරියුත් මහතෙරුන් වහන්සේ විචාරන ලද්දේය. සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් පිළිවදන් දෙන ලද්දේ ආනන්ද තෙරුන් බහුශ්‍රැත බැවින් ආනන්ද තෙරුන් විසින්ම පිළිතුරු දිය යුතු බවයි. ඒ අනතුරුව ආනන්ද තෙරුන් වහන්සේට මෙසේ පැහැදිළි කරති. 
සාරිපුත්ත තෙරුණුවනි, මේ ශාසනයෙහි භික්‌ෂුවක්‌ සූත්‍ර (සූත්‍ර දේසනා), ගෙයH (සඡ්Cධායනා කටයුතු ගාථා), වෙයHd කරණ (සංග්‍රහ නොකළ බුද්ධ වචන), ගාථා (ධම්පද, ථෙර ථෙරි ගාථා ආදිය), උදාන (ප්‍රීති වාක්‍ය), ඉතිවුත්තක (මෙසේ යෑයි දක්‌වන ලද ධර්ම), ජාතක (ජාතක කතා), අබ්භූත ධර්ම (ආශ්චර්ය, අද්භූත ධර්මයන්ගේ එකතුව), වේදල්ල (නුවණින් සතුටින් විමසන ලද දේසනා) ඉගෙන ගනියි. පුහුණු කරයි. ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි ධර්මය විස්‌තර වශයෙන් අන් අයට දේශනා කරයි. ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි ධර්මය විස්‌තර වශයෙන් අන් අයට කියවයි. ඇසූ පරිදි ඉගෙනගත් පරිදි විස්‌තර වශයෙන් අන් අයට සඡ්Cධායනා කරයි. ඇසූ පරිදි ඉගෙනගත් පරිදි ධර්මය සිතින් තර්කණය කරයි. ඒ අනුව විචාරකොට විමසා බලයි. සිතින් විමසා බලයි. මේ ආවාසයන්හි බහුශ්‍රැත වූ ප්‍රාතිමෝක්‌ෂධර වූ ථෙර භික්‌ෂුවක්‌ වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස්‌ එළඹෙයි. කලින් කල ඔවුන් කරා එළැඹ ''වහන්ස, මෙසේ කියා ඇත. මේ ප්‍රකාශයෙහි අර්ථය කුමක්‌දැයි ප්‍රශ්න කරයි. ගළපා බලයි. එසේ ප්‍රශ්න කරන ඔහුට ඒ ආයුෂ්මතුන් වහන්සේ වැසී තිබෙන දහම් කරුණු විවෘත කොට දෙත්. ප්‍රකට නොවූ දේ ප්‍රකට කොට දෙත්. සැකයට හේතු වූ නන්වැදැරුම් ධර්මයෙහි සැක දුරු කෙරෙත්.
ඉහත සඳහන් දහම් කොටස විවරණය කොට ගනිමු. මේ සම්බුද්ධ ශාසනයෙහි යම් වූද භික්‌ෂුවක්‌, භික්‌ෂුණියක්‌ හෝ උපාසකයෙක්‌, උපාසිකාවක්‌ විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ඒ සද්ධර්මය මැනවින් හැදැරිය යුතුය. එය නවාංග ශාස්‌තෘ ශාසනය ලෙස ඉහත සඳහන් කළෙමු. තමා විසින් මැනවින් හදාරා අන් අය ඉදිරියේ ආචාර්යවරයෙක්‌ හෝ කල්‍යාණ සත්පුරුෂයෙක්‌ ඉදිරියේ කියවීම අවශ්‍යය. කොපමණ දැන සිටියත් යම් තැනක දුර්වල තැනක්‌ මතුවිය හැකි බැවිනි. සම්බුදුරජාණන්වහන්සේ නමක්‌ විසින් අනන්ත බුද්ධ ඤාණයන්ගෙන් යුතුව දෙසූ දහම් පෙළ, එසේ සම්මා සම්බුද්ධ නොවූ අයෙක්‌ විසින් මෙය මෙසේමයි කියා පැවසීම සිදුකළ හැකි යමක්‌ නොවේ. රහත් උතුමන් පවා නැවත නැවතත් ධර්ම සාකච්ඡා කළේ එබැවිනි. එමෙන්ම ඉගෙනගත් ධර්මය සඡ්Cධායනා කරමින් සිතින් නැවත නැවතත් විමසා බැලීම අවශ්‍යය. එතැනින්ද නොනැවතී, බහුශ්‍රැත වූ ධර්මධර විනයධර වූ ප්‍රාතිමෝක්‌ෂය මැනවින් අනුගමනය කරන්නාවූ මහ තෙරුන් වහන්සේ නමක්‌ වෙතට ගොස්‌, උන්වහන්සේ ඇසුරු කරමින් උන්වහන්සේ වස්‌සාන කාලයේ වස්‌ එළඹිය යුතුය. උන්වහන්සේ වෙත වෙසෙමින් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ දහම්හි අර්ථය විමසීම කළ යුතුය. ධර්ම විනයට ගළපා බැලිය යුතුය. මෙහිදී ඒ මහ තෙරුන් වහන්සේ විසින් තමා සතු ධර්මධර හා විනයධර බවින්ද ශාසනයෙහි බොහෝ කල් වැඩ වසමින් ලද පරිණත බවද උපකාර කොටගෙන, මේ ප්‍රශ්න කළ ආයුෂ්මතුන් වහන්සේට නොපෙනෙනු, නොහැඟුණු තැන් විවෘත කොට දෙති. ප්‍රකට නොවූ සියයුම් ධර්ම කොටස්‌ ප්‍රකට කොට දෙති. සැකයට හේතුවූ නන්වැදැරුම් ධර්ම කොටස්‌වල සැක දුරුකොට හරිති. බොහෝ මහතෙරවරු ඒ මහාථෙර බවට පත්වූයේ සාමණේර භාවයේ සිට වත් පිළිවෙත් මැනවින් පුරුදු කොට ධර්ම විනය ආචාර්ය උපාධ්‍යාය යටතේ බොහෝ කලක්‌ පුරුදු කිරීමෙන් අනතුරුවමය. උපසම්පදා වීමෙන් aඅනතුරුවද ආචාර්යවරයාගේ අනුමැතිය ලැබෙන තෙක්‌ අවුරුදු පහක්‌ දක්‌වා කාලයක්‌ වුවද වත් පිළිවෙත් සම්පූර්ණ කරමින් ධර්ම විනයෙහි ශික්‌ෂණය ලැබීමට සිදු විය. ලෞකික විෂයන් කෙරෙහි කොපමණ දැනුමක්‌ පැවැතියද කාලයක්‌ පුරා ධර්ම විනයෙහි හික්‌නොවුණු අයකුට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරමාර්ථ ධර්මය පිළිබඳ නිසි අවබෝධයකට පැමිණිය නොහැකි වීමට අවස්‌ථා ඇත්තේය. මේ නිසා ධර්ම විනය පිළිබඳ තම පෞද්ගලික අදහස්‌ ප්‍රකාශ කිරීමේදී සාකච්ඡාකොට විමසා බැලීම ධර්ම විනයට අනුගතවම ප්‍රකාශ කළ යුතුය. 
ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරති. සාරිපුත්ත තෙරුණුවනි, මේ සඳහන් කළ කරුණින් යම් භික්‌ෂුවක්‌ නොඅසන ලද ධර්ම අසයි. අසන ලද ධර්ම අමතකව නොයයි. එනම් සතියෙන් බැහැර නොයයි. එමෙන්ම පෙර සිතින් දරාගත් ධර්මයෝද ඔහුගේ මනෝද්වාරයෙහි පවතිත්. හැසිරෙත්. නොදත් කරුණුද දැනගන්නේය.
සාරිපුත්ත තෙරුණුවන් වහන්සේ මෙසේ සඳහන් කරති. ඇවැත්නි, ආශ්චර්යයි. මහත්සේ ගෞරව කළ යුතුය. ආනන්ද තෙරුන් වහන්සේ විසින් මෙය මනාකොට ප්‍රකාශ කරන ලද්දේය. අප විසින් ආනන්ද තෙරුන් වහන්සේ සද්ධර්මයෙන් සමන්වාගත අයෙක්‌ කොට සළකන්නේ වෙමු. 
1. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ සූත්‍රය, ගෙය්‍ය, වෙය්‍යාකරණ ගාථා, උදාන ඉතිවුත්තක, ජාතක අද්භූධර්ම, වේදල්ල යන ධර්ම මැනවින් පුහුණු කරත්. 2. ආයුෂ්මත් ආනන්ද තෙරුණුවෝ ඇසූ පරිදි පුහුණු කළ පරිදි විස්‌තර විභාගකොට අන් අයට දේශනා කළත්, 3. ආයුෂ්මත් ආනන්ද තෙරුණුවෝ ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්මය විස්‌තර වශයෙන් අන් අයට කියවත්. 4. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි ඉගෙනගත් පරිදි සඡ්ජායනා කෙරෙත්. 5. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්මය සිතින් තර්කනයට ගෙනෙත්. නැවත විවරණ බලත්. මනසින් මනාව විමසා බලත්. 6. ආයුෂ්මත් ආනන්ද තෙරුණුවෝ යම් ආවාසයෙක බහුශ්‍රැත විශිෂ්ට ලෙස ධර්මයට පැමිණි ධර්මධර හා විනයධර ප්‍රාතිමෝක්‌ෂයෙන් පිරිපුන් මහතෙර නමක්‌ වෙසෙත් නම් කලින් කල ඔවුන් වෙත එළැඹ ධර්ම විමසත්, නැවත නැවත ප්‍රශ්න කරත්. 'වහන්ස, මෙසේ සඳහන් කොට ඇත්තේය. මේ භාෂණයේ එනම් මෙම බුද්ධ වචනයේ අර්ථය කවරේද? යනුවෙනි. ඒ මහතෙරහු ආනන්ද තෙරණුවන්ට වැසී තිබූ ධර්ම විවෘත කොට පෙන්වත්. ප්‍රකට නොවූ සියුම් ධර්ම පවා ප්‍රකට කොට දක්‌වත්. සැකයට කරුණු වූ නන්වැදැරුම් ධර්මයන්හි සැක ද දුරු කෙරෙත් යනුවෙනි.
පින්වත් වූ ඔබත් කවර නම් අයෙක්‌ විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ඒ සද්ධර්මය ප්‍රකාශ කරන්නේද, රාග, දෝස, මෝහ බැහැර කරගෙන කෙලෙස්‌ 'සන්සිඳුවමියි' යන අදහසින්ම භාග්‍යවතුන් වහන්සේ ශාස්‌තෘත්වයෙහි පිහිටුවාගෙන ශ්‍රවණය කරන්න. ධර්මය කියවන්න. සාකච්ඡා කරන්න. විමසා බලන්න. ධර්මධර විනයධර නවාංග ශFථු ශාසනයෙහි (සුත්ත, ගෙය්‍ය, පුහුණු වූ තෙර නමක්‌ හා සමඟ සාකච්ඡා කොට සැක දුරුකර ගන්න. මම මේ අය පමණක්‌ම පවසන දේ මිස අන් අයට ඇහුම්කන් නොදෙමියි දෘෂ්ටිගත නොවන්න. ඒ අය ධර්මය තමාටම වසා ගැනීමකි. නිතොරම අඡ්Cධත්ත (තමා කෙරෙන්ම) බහිද්ධ (බාහිර ආරම්මණයන්හි) ලෙසින්ද ගළපා බලන්න. තණ්‌හා, මද, මාන, දිට්‌ඨින්හි සිත පිහිටුවා ගත් අයෙක්‌ නොවීමට සතර සතිපට්‌ඨානයෙන් යුතු සිහියම පවත්වන්නට අදිටන් කරගන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

උඩුගං බලා යනවාද? යටිගං බලා යනවාද?

මහාචාර්ය

දේවාලේගම මේධානන්ද හිමි

සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු සත්සතිය ගත කළ බුදුරජාණන් වහන්සේ තුළ තමන් වහන්සේ විසින් ඉමහත් කැපවීමෙන් හා අසීරුවෙන් දැන, දැක පසක් කරන ලද ධර්මය ලෝ වැස්සනට දේශනා කිරීමෙන් පලක් වේ දැයි විමතියක් උපන් බව සඳහන් වෙයි. රාග වශයෙන් ඇලුණු සිත් ඇතිව, මෝහ වශයෙන් මුලාව අවිද්‍යා අන්ධකාරයේ ගිලී සිටින ලෝකයාටම මේ දහම දැකගත නොහැකි වනු ඇතැයි උන්වහන්සේ සිතූහ. එතැනම පෙන්වාදී ඇති පරිදි බුදුදහම පටිසෝතගාමීය. එනම් උඩුගං බලා යන්නේ ය. ලෝක සත්ත්වයා අනුසෝතගාමී ය. යටිගං බලා ම යන්නේ ය. වෙනත් වචනවලින් කිවහොත් බුදුදහම රාගයෙන් විරාගයට මග කියයි. කාමයෙන් නිෂ්කාමයට මග කියයි.
තණ්හාවෙන් වීත තණ්හාවට මග කියයි. ආදාන නම් වූ අල්ලා ගැනීමෙන් මිදී දාන නම් වූ අත්හැරීමට මග කියයි. ලෝභයෙන් අලෝභයට, ද්වේශයෙන් අද්වේශයට, මෝහයෙන් අමෝහයට යාමට උපදෙස් දෙයි. මෙසේ බුදුරජාණන් වහන්සේගේ දහම පටිසෝතගාමීය. ප්‍රතිවිරුද්ධ දිසාවට අප යොමු කරන්නේ ය. චර්යාමය වශයෙන් චින්තනමය වශයෙන් මෙන්ම බුද්ධිමය වශයෙන්ද ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාව ම එනම් බුදුරදුන් වදාළ මුළුමහත් විමුක්ති මාර්ගයම පටිසෝතගාමීය. උඩුගං බලා දිවෙන්නේ ය. සැබෑ සැනසුම උදාකර ගත හැක්කේ එසේ උඩුගං බලා යාමෙනැයි බුදුදහම නැවත නැවතත් උගන්වයි. එය ම ප්‍රඥාගෝචර ය. අර්ථ සම්පන්නය. ලෝකවාසීහු අනුසෝතගාමී වෙති. එනම් යටිගං බලා ම යති. ඔවුහු රාගයෙන් රාගයට ම යති. ආදානයෙන් ආදානයට ම, ලෝභයෙන් ලෝභයට ම, ද්වේශයෙන් ද්වේශයට ම, මෝහයෙන් මෝහයට ම යති. මෙසේ අනුසෝතගාමී වන, යටිගං බලා ම යන රාගයෙන් රත් වූ, අවිද්‍යාවෙන් මුලා වූ ලෝක සත්ත්වයාට දහම් දෙසීමෙන් පලක් විය හැකිදැයි බුදුරදුන්ට විමතියක් උපන්නේ ය.
පසුව තවදුරටත් ලෝකය නමැති මඩ දිය පිරුණු මේ පොකුණෙහි වුව ද විවිධ මට්ටම්වල සත්වයන් වසන බව බුදුරදුන්ට පෙනී ගියේ ය. ඔවුහු පියුම් හා සම වන්නෝ ය. සමහර පියුම් මඩ දියෙහි ම ඉපිද එයින් ම යැපෙමින් එහි ම වැතිර සිටියි. එසේ අවිද්‍යා තෘෂ්ණාදියෙහි ම ගැලී වෙසෙන්නෝ ද සිටිති. සමහර පියුම් ජලය හා සම ව සිටියි. එනම් අවිද්‍යා තෘෂ්ණාදියෙහි ම ගැලී වෙසෙන්නෝ ද සිටිති. සමහර පියුම් ජලය හා සම ව සිටියි. එනම් අවිද්‍යා තෘෂ්ණාදියෙන් මදක් ඉහළට පැමිණි ලෝ වැස්සෝ ද වෙති. අවම සංඛ්‍යාවක් හෝ පියුම් මඩදිය ඉක්මවා ඉහළට ම නැගී සුවඳවත් ව ප්‍රසන්න ව හිරු රැස් පහස විඳිමින් සිටියි. එසේ ප්‍රබුද්ධ සත්වයෝ ද ලොව සිටිති. මේ දහම එකී මධ්‍යම හා උපරිම අවදිකම ඇත්තවුන්ට හෝ ඵලදායක වන්නේ ය. එසේ දැන දැක උන්වහන්සේ පසු ව ධර්මය දේශනා කිරීමට තීරණය කළහ.
අනුසෝතගාමී වූ ලෝ වැස්සන් අල්ලා ගැනීම, අයිතිකර ගැනීම, උපාදාන කර ගැනීම, ග්‍රහණය කර ගැනීම ඔස්සේ ම සැනසුම ද, විසඳුම ද සොයද්දී බුදුරජාණන් වහන්සේ අත්හැරීමට, දන්දීමට, අනුපාදානයට ම අනුශාසනා කරති. දික් සඟිය සාමඤ්ඤඵල සූත්‍රාදියෙහි දැක්වෙන පරිදි අරහං, සම්මා සම්බුද්ධාදි උතුම් ගුණ ඇති සම්මා සම්බුදුවරයකු ලොව ඉපිද මුල, මැද අග යහපත් වූ අර්ථ ව්‍යාංජන සහිත පිරිපුන් පිරිසුදු දහම, ශාසන බ්‍රහ්මචර්යාව වදාරණ කල්හි ගිහියෝ ඒ දහම අසා සියලු සම්පත් හැර පැවිදි ව ත්‍රිවිධ ශික්ෂාවෙහි හැසිරෙති. ‘ගිහිගෙයි විසීම නම් අවහිරයකි. රාගාදී කෙලෙස් වැඩෙන තැනකි. පැවිද්ද සම්බාධ නැත්තේ ය. එළිමහන වැන්න. ගිහිගෙයි වසන්නාට ඒකාන්ත පිරිපුන් පිරිසුදු සංඛ ලිඛිතයක් (හක් ගෙඩියක්) වැනි බ්‍රහ්මචරියාව පිරීම නම් අපහසුය. එබැවින් පැවිදි වීම සුදුසු යැයි සලකා අල්ප වූ හෝ විශාල වූ හෝ සම්පත් අත්හැර කුඩා වූ හෝ විශාල වූ නෑදෑ පිරිවර ද අත්හැර ගිහිගෙය හැර පැවිදි වෙයි. මෙසේ බෞද්ධ පැවිද්ද නිර්මාණය වන්නේම අත්හැරීමෙනි. එපමණක් නොව ගිහි ජීවිතය හා බැඳුණු, මැනවැයි අල්ලාගත් බොහෝ දේ අත්හැරීමෙනි. උරුම කොට ගත් අල්ලා ගත් ඒ සියල්ල බන්ධන සේ සලකා ඒවායින් නිදහස් වීමෙනි. පබ්බාජන යන පාලි ව්‍යවහාරය පැවිදි කිරීම යන අර්ථය මෙන්ම (ගිහි ජීවිතයෙන්) පිටමං කිරීම, නෙරපීම යන අර්ථයද ගෙන එයි. එසේ පිටමං වන්නේ ගිහිකම හා බැඳුණු සියලු සබඳතාවලිනි. එය හැඳින්විය හැක්කේ උඩුගං බලා යාමක් ලෙසය.

බුද්ධානුශාසනයට අනුව යදමින් හෝ දැවයෙන් කරන ලද බන්ධනය දැඩි නොවේය යනු නුවණැත්තවුන්ගේ අදහසයි. මුක්තා මාණික්‍යාදියෙන් කළ අනේකවිධ ආභරණාදිය කෙරෙහි ඇති ඇල්ම වඩාත් දැඩි බන්ධනයෝ ය. එබඳු ධන ධාන්‍යාදිය පිළිබඳව ඇති බැඳීම ඉතා දැඩිය. එසේම පුත්‍ර දාරාදීන් අරබයා ඇත්තේ ද එබඳුම බැඳීමෙකි. එම බන්ධනයන්ට මුල් වන සියල්ල අත්හැරීමෙන් පැවිදි වන්නේය. ඒ සියලු දුක් නැති කොට නිවන් පසක් කරනු පිණිස ය. එසේ අත්හැරීම සැනසුමට මග යැයි සලකා ගිහි බන්ධන ද, ඒ හා බැඳුණු භෝග සම්පත් මෙන්ම ඤාති පිරිවර ද අත්හළ පැවිදි ජීවිතය ගිහියාගේ පරමාදර්ශය විය යුතු ය.
පරියේසන යනු සෙවීම ය. බුදුදහම අනුව එය දෙයාකාර වේ. අනරිය පරියේසනය හා අරිය පරියේසනය යනුවෙනි. තෙමේ ජාති නම් වූ ඉපදීමට ලක් වෙමින් එබඳුම වූ දුක් සහිත උපදින ස්වභාවය ඇති දේ ම සොයයි. තෙමේ දිරායාම, ජරාව උරුම කොට ඇත්තේ එබඳු ම වූ ලෙඩ වන දේ ම සොයයි. තෙමේ මරණය උරුම කොට සිටින්නේ මැරෙන, මියයන දේ ම සොයයි. තෙමේ ශෝකය උරුම කොට ඇති ව එබඳුම වූ ශෝකය ස්වභාව කොට ඇත්තක් ම සොයයි. තෙමේ කෙලෙසෙන බව, කිලිටි බව උරුම කොට සිටිමින් එබඳු ම වූ කෙලෙසෙන දේ මැ සොයයි. මේ අනරිය පරියේසනයයි. මිනිස් වර්ගයා මිහිතලයෙහි උපන් දා පටන් ම මෙසේ ජාති, ජරා, ව්‍යාධි, මරණාදියට ගොදුරු වෙමින් තව තවත් එම දුක් සහිත දේ ම සොයා ගිය බව පැහැදිලි ය. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ මෙකී අනරිය පරියේසනය අත්හළහ. අරිය පරියේසනයට පිවිසියහ. එනම් තෙමේ ජාති, ජරා, ව්‍යාධි, මරණාදියට ගොදුරු ව සිටිමින් ඒ බව තේරුම්ගෙන ඉන් මිදීමේ මග සොයා යාමය. සසර දුකට භාජනය වෙමින් තව තවත් එබඳු දුක් දොම්නස් ම සොයා යාම හැරපියා දුකින් මිදී නිවන් පසක් කිරීමේ මග ගමන් කිරීමය. එහි දී එතුමෝ අත්හැර දැමීමේ පරමාදර්ශය ලොවට පෙන්වා දුන්හ. සියලු රාජකීය සම්පත් අත්හළහ. රම්‍යය, සුරම්‍යය, සුබ යැයි කියන ලද මාලිගාවන්ද, යශෝධරාව මෙන්ම රහල් කුමරු ද, නිමිත්ත පාඨකයන් කී රජ සැප ද මෙකී නොකී බොහෝ දේ ද අත්හළහ, අනුසෝතගාමිත්වයෙන්, යටිගං බලා යාමෙන් මිදී පටිසෝතගාමී වූහ. උඩුගං බලා ගියහ.
නිරුත්තර ශාන්ත පදය නම් වූ නිවන සොයා සියල්ල අත්හළ බෝසතුන්ගේ පරමාදර්ශය අනුව ගිය බොහෝ ගිහි බොදුනුවෝ ද පැවිදිව නිවන සොයා ගියහ. ඒ පිළිබඳ පුවත් පෙළ දහමෙහි නොමඳ ව දක්නා ලැබේ. බුද්ධ දේශනාව අනුව පැවිද්දා නිවනට යන ගමන හංසයාගේ ගමන වැනි ය. එහි ජව වේගය වැඩිය. ඒ ධන ධාන්‍යාදිය ද, ඤාති පිරිවර ද, තවත් බොහෝ දේ ද අත්හැරීමෙන් උපන් සැහැල්ලුව හේතුවෙනි. ගිහියා නිවනට යන ගමන මොණරාගේ ගමන වැනි ය. ඒ ධන ධාන්‍යාදිය ද, ඤාති පිරිවර ද, තවත් බොහෝ දේ ද කර ගසා ගැන්මෙන් උපන් බර නිසා ය. එබැවින් ගමන මන්දගාමී වේ.
කරුණු එසේ වුවද කාමභෝගී ගිහි ජීවිත ගත කරන්නවුන්ටද, අත්හැරීම පුරුදු කළ හැකි ය. ඔවුන්ට අදාළ පිළිවෙත නම් නිති පන්සිල්, පොහොය අටසිල් යන්නයි. උපෝෂථ අෂ්ටාංග ශිලය මසකට සිව් වරක් එනම් සතර පෝයට සමාදන් වන්නකි. එහි එන තෙවන ශික්ෂා පදය අබ්‍රහ්මචරියා වේරමණී යන්නයි. විවාහකයෙකු පස්කම් විඳින්නෙකු වන ගෘහස්ථ තෙමේ එම ශික්ෂාව රැකීමෙන් පවුල් ජීවිතයේ අඹුසැමි සබඳතාව එක් දිනකට අත්හරියි. එහි මැ සවන ශික්ෂාව විකාල භෝජනයෙන් වැළකීමයි. එමගින් හෙතෙම පස්වරුවේ ආහාරවේල අත්හරියි. සත්වන ශික්ෂාව මල්, සුවඳ, විලවුන් දැරීමද, සැරසීම හා මණ්ඩනය ද විසුළු දැකුම් ද අත්හරියි. අටවැන්න අනුව සුව යහන්, සුව අසුන් අතහරියි. මෙසේ ගිහියාට වුවද පොහොය අටසිල් රකිමින් අත්හැරීමට පුරුදු විය හැකි බව උගන්වා තිබේ. දානය ද අත්හැරීමකි. අතින් මෙන්ම සිතින් දන් දෙන ගිහියා තමා සතු සම්පතක උරුමය, අයිතිය, අපේක්ෂාව අත්හරියි. මෙසේ ගිහියාට ද ටික ටික අත්හරිමින් සෙමෙන් සෙමෙන් සැනසුම වෙත යා හැකි ය. එහෙත් ඔහු නිවනට යන ප්‍රගතිවේගය අඩුය. සපුරා අත්හැරීමට ඔහු යොමු වී නැති බැවිනි. මහ බරක් දරාගෙන සසර ගමන් කරන බැවිනි. සියලු දුක් නැති කිරීම අරමුණු කොට පිළිවෙත් නොපුරන බැවිනි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බලවත් සිල් බලය

අම්බලම්ගොඩ, කළුවඩුමුල්ල
ශ්‍රී විජයාරාම පුරාණ විහාරයේ
මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි

ජාතක කතාවන් අප ජීවිතයට කර ඇති බලපෑම අති විශාලය. අසරණ ගැමියන්ගේ පටන් මහරජු දක්වාත් නූගතාගේ පටන් උගතා දක්වාත් කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වාත් රටේ සදාචාරයේ හැම අංශයක් කෙරෙහිම ජාතක කතාවෙන් ලැබෙන පිටුවහල අසීමිතය. මුදල් රජකරන සමාජයක මනුෂ්‍යත්වය යටපත්වන අයුරු දවසින් දවස අපි අත්විඳින්නෙමු.
අපේ ළමා පරපුරට අද දක්නට ලැබෙන්නේ මනඞකල්පිත කාටූනයක් හෝ ටෙලිනාට්‍යයකි. දරුවා පමණක් නොව වැඩිහිටියන්ද බොහෝවිට මේවාට ඇබ්බැහිවී සිටිති. ජනමාධ්‍යයන්ගෙන් විකාශනය වන බොහෝ කාටුන්වල කතා වස්තූන්ගෙන් ලැබෙන්නේ මනස දූෂණය කෙරෙන විෂම අදහස්ය. ළමා මනසේ පිළිගන්නේ ඒ කාටුන් කතාවල මනඞකල්පිත වීරයන්ගේ චරිතයන්ය. දරුවන්ගේ පෞරුෂයත් නිර්මාණශීලීත්වයත් මොට කරන මෙබඳු දෙයින් අනාගතයේ බිහිවන්නේ යහපත් ගතිවලින් හීන වූ කෘතිම සමාජයක්ය. වල්මත්වූ අනාගතයක්ය.

සිතුවම - ආර්.එම්.බී. එන්. රත්නමලල
සමාජයේ සදාචාර වර්ධනයට ජාතක කතාවෙන් වූ පිටුවහල සනාථ කරන ඉතා වටිනා ජාතක කතාවකි සීල විමංස ජාතකය. සිල්වත් බව ගුණවත් බව පිළිබඳ වටිනාකම යටපත් කරමින් වත්මන් ජනයා භෞතික සම්පත් ගොඩගසා ගන්නා යුගයක අද අපි ජීවත්වෙමු. මෙබඳු කාලයක සීලවිමංස ජාතකය මතුකර දැක්වීම වැදගත්වනු ඇත. සුසීම නම් පඬිවරයා බරණැස රජතුමාගේ පුරෝහිත බමුණාගේ පුත්‍රයාය. ඒ අපේ බෝසතාණන්ය. ඔහු තම පියාගේ ඇවෑමෙන් පියා දැරු පුරෝහිත ධූරයට පත්විය. සුසිම තම පියාටත් වඩා හොඳින් සාර්ථකව තම පුරෝහිත ධූරයේ වැඩ කරගෙන ගියේ ය. ඔහු සිල්වත්ය. ගුණවත්ය. සැම දෙනාටම කරුණාවන්තය. නිහතමානීය. මේ ගුණයන් නිසා ඔහු රජතුමාටත් වඩා ජනතාවගේ ගෞරවාදරයට පත්වූයේ ය. ඔහුගේ දර්ශනය හැමදෙනාම පි‍්‍රය කළහ. ඔහුට සමාජයේ ප්‍රභූ නෑ හිත පිරිසක් සිටියේ ය. දරුවොද උගත් බුද්ධිමත් අය වශයෙන් රටේ ඉහළ තනතුරු දැරූහ. ඔහුට කොතරම් ජනතාව සැලකුවාදයත් ඔහු මහ මඟ ගමන් කරනවිට නිවසේ අසුන්ගෙන සිටින කෙනෙක් ඔහු දුටුව විට අසුනෙන් නැගිට ගරුකරන කෙනෙකු තරමට ජනතාවගේ ප්‍රසාදයත් ගෞරවයත් ලබා තිබුණි.
සුසීම පුරෝහිත රජුටත් රාජ්‍යයටත් නිතර උපදෙස් දෙමින් කටයුතු කළත් රටේ ජනතාවගේ හැසිරීම ගැන එතුමාගේ පැහැදීමක් නොවීය. සිල්වත්කමට ගුණවත්කමට වඩා ලෞකික ධනය, බලය, සැප සම්පත් ගැන උනන්දුවත්, කෑදරකමත් වැඩිවනු සුසීම පුරෝහිතතුමාට පෙනී ගියේ ය. ඒ ගැන ඔහුගේ කලකිරීම් විශාලය. තමා වැනි කෙනෙක් රාජ්‍යයේ උපදේශකයා බවට පත්ව සිටියදී මෙබඳු සදාචාර පිරිහීමක් නොවිය යුතු දෙයක් බව එතුමා කල්පනා කරමින් සිටියේ ය. මෙයට විසඳුමක් ලබා දීමට ඔහු ඒ සඳහා තීරණාත්මක පියවරක් ගත්තේ ය. ඒ තමා මෙතෙක් රැකගෙන සිටි ආත්ම ගෞරවය පරිත්‍යාග කොට ජනතාවගේ යහපත සඳහා ජනතාවගේ සදාචාරාත්මක දියුණුව සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයක් වශයෙනි.
සුසිම පුරෝහිත තුමා දිනක් රාජ්‍ය සේවයට රජවාසලට ගොස් නිවසට එන ගමනේ දී මාලිගාවේ රාජ්‍ය භාණ්ඩාගාරයට ගියේ ය. එහි කෞතුක භාණ්ඩ තැන්පත් කරන ශාලාවට ගිය ඔහු කිසිවකු නොසිතන දෙයක් කළේ ය. මෙහි ප්‍රධාන ආරක්ෂකයාට පෙනෙන නොපෙනෙන ආකාරයෙන් සුසීම පුරෝහිත තුමා ඉතා වටිනා පෞරාණික රන් කාසියක් සොරකම් කොට එය හිස් වැසුමේ රඳවා ගත්තේ ය. මෙය දුටු ප්‍රධාන ආරක්ෂකයාට මෙය අදහාගැනීමට නොහැකි විය. රජුටත් වඩා රටේ ජනතාව ගරුකරන ප්‍රධාන පුරෝහිත ඇමැතිතුමා මෙබඳු දෙයක් කළවග තමන් කෙසේ කීවත් පිළිනොගන්නා බව ආරක්ෂකයා දනී. ඔහු දෑස් පිසදා බැලීය. එහෙත් හොඳාකාරකවම පුරෝහිතතුමා මේ රන්කාසිය, හොරෙන් ගත් බව ආරක්ෂකයා සැකහැර දැනගත්තත් ඔහු කිසිවකුට මෙය නොකීවේ තමාට විශාල ප්‍රශ්නයකට මුහුණපාන්නට වන නිසා ය.
සූසීම පුරෝහිතතුමා යළිත් දවසක සවස්යාමයේ මාලිගාවට ගොස් එන ගමනේ දී රාජ්‍ය භාණ්ඩාගාරයට ගොඩවිය. ඔහු මෙවර කලින්ටත් වඩා පරීක්ෂාකාරීව සිටි ප්‍රධාන ආරක්ෂකවරයාට පුරෝහිතතුමාගේ තවත් හොරකමක් දක්නට ලැබුණි. ඒ රාජ පරම්පරාවෙන් ආරක්ෂාකරගෙන එන පේරැස් මුදුවකි. මිල නොකළ හැකි මේ මාහැඟි මුදුව කලින් දිනයේ වගේම සුසීම පුරෝහිතතුමා ආරක්ෂකයාට පෙනෙන නොපෙනෙන අයුරින් සොරකම් කොට තම ඉනේ ගසාගත්තේය.
තුන්වෙනි දවසේද සුසීම පුරෝහිතතුමා රාජ්‍ය භාණ්ඩාගාරයට ඇතුල්වී කෞතුකාගාරයේ දැඩි රැකවරණයේ තිබූ චූඩාමාණික්‍ය වැනි වටිනා මැණිකක් සියුම්ලෙස සොරකම් කළේ ආරක්ෂකයා තමාදෙස බලාසිටිනබව නොදන්නා ආකාරයෙනි. මැණික ගන්නවාත් සමඟ ක්ෂණික සංඥාවකින් ආරක්ෂයෝ සුසීම පුරෝහිත ඇමැති බඩුත් සමඟම අල්ලාගත් අතර රාජ්‍ය ද්‍රෝහියකු ලෙස විලංගු දමා පුරෝහිතතුමාගේ මන්දිරය කරාගෙන ගියහ. ඔහුගේ නිවසේ තිබූ රන්කාසිය, පේරැස් මුදුවත් අත්අඩංගුවට ගත් ඔවුහු සොරකම් කළ භාණ්ඩ තැලියක දමා ප්‍රදර්ශනය කරමින් රාජ ද්‍රෝහියකුට දෙන කසපහර දෙමින් නගරය මැදින් රජ මාලිගය කරාගෙනඑමින් සිටියහ. ජනයා කුතුහලයෙන් හා පිළිකුලෙන් යුතුව මඟ දෙපස රැස්වූයේ අප මෙතරම් ගරු බුහුමන් කළ පුරෝහිතතුමා ද මේ? යන කුතුහලයෙන් යුතුව ඔහු බැලීමටයි. ජනතාව ඇස් අදහා ගැනීමට නොහැකිවිය. කෙනෙක් සුසීම පුරෝහිතට නින්දා කළහ. තව කෙනෙක් කැට කැබලිතිවලින් දමා ගැසූහ. නගරය මැද නයි නටවන මිනිසෙකුගේ නයිනැටවීම නැරඹීමට රැස් කකා බලා සිටි සෙනඟ පුරෝහිතතුමා බැලීමට මඟ දෙසට දිවූහ. නයි නටවන්නාටද තම කාර්ය අමතක විය. ඒ අතර පැසෙන් එළියට ආ නයි මිනිසුන්ගේ කකුල් අතරින් ඇදී යන විට පිරිස බියෙන් තැතිගන්වන්ට විය. නයි නටවන්නාට නාගයෙක් ගිහින් අල්ලාගෙන පුරෝහිත වෙත කෑගසමින් මෙසේ බැණ වැදුණේ ය. මේ නාගයා පවා අපි හික්මවලා තිබෙන්නේ ,මූ මිනිසකුට පෑගුණොත් දෂ්ට කරන්නේ නැත. ඒත් පුරෝහිත නුඹ වගේ අශිෂ්ට කෙනෙක් නෙවෙයි. මේ නාගයා කියමින් පුරෝහිත ඉදිරියේ කෙළ ගසා ඔහුට අපහාස කළේ ය.
නින්දා වැහි වසිද්දී කස පහර කමින් සුසීම පුරෝහිත තමන් විසින් සොරාගන්නා ලද භාණ්ඩ සමඟ රජු ඉදිරියට රැගෙන එනු සිංහාසනගතව සිටි රජතුමා දුටුවේ ය. රජතුමා පුරුද්දට මෙන් අසුණින් නැගී සිටියේ පුරෝහිතතුමාට ආචාර කිරීමටය. රජතුමනි, මෙබඳු සොරෙකුට ඔබතුමා අසුනින් නැගිට ගරු කළයුතු නොවේ. අප සියලු දෙනා මොහු මෙතෙක් කලක් මුලා කළා. ඔහු රාජ්‍ය දේපල සොරකම් කළ භයානක සොරෙක්. පුරෝහිතතුමා සොරකම්කළ සොරභාණ්ඩ සමඟ රජුවෙත ඉදිරිපත් කරන ලදී.
රජතුමා සංවේගයෙන් යුතුව පුරෝහිත දෙසට හැරී පුරෝහිතතුමනි, ඔබතුමා මෙබඳු දෙයක් කරාවි කියා මට අදහන්න බැහැ. මේ අයටත් එහෙමයි. ඒත් සොරකම් කළ භාණ්ඩ තිබෙනවා. ඇසින් දුටු සාක්ෂි තිබෙනවා. මම නොකීවාට මටත් වඩා ඔබ නීති ශාස්ත්‍රය දන්නවා මෙබඳු රාජ්‍ය අපරාධයකට ලැබෙන දඬුවමත් දන්නවා. හොඳයි ඔබ මේ ගැන නිදහසට කරුණු කියන්න මම අවස්ථාවක් දෙනවා. ඇයි මෙබඳු දෙයක් ඔබ කළේ?
පුරෝහිත සුසීමයන් නොසැලෙන සිතින් කයින් යුතුව පිරිස ඉදිරියේ මෙසේ පැවසීය. රජතුමනි, මේ හොරකමට මගේ හිස ගසා දමන බව මම හොඳින් දනිමි. මම මෙබඳු දෙයක් කළේ හිතා මතාමයි. මා මේ රටේ ජනතාවගේත්, ඔබතුමාගේත් ගෞරවයට පාත්‍ර වූ කෙනෙක්. මේ සොරකම නිසා මගේ දරු පරපුරටත් ඥාතින්ටත් ඉමහත් අපහාසයක් ලැබෙන බව මම හොඳින් දන්නවා. මට අවශ්‍ය වුණේ ඔබටත් රටවැසියාටත් ධනය, බලය, නිලයට වඩා ගුණවත්බවෙ සිල්වත්බවේ වටිනාකම පෙන්වාදීමටයි. රටේ ජනතාව ක්‍රමයෙන් පිරිහෙන බව මට පෙනීගියා. මම ඔවුන්ට අවබෝධ කිරීමට අවශ්‍ය වුණේ කෙනෙකුට වටින්නේ ධනයට, බලයට, නිලයට වඩා පිරිසුදු සිල්වත් චරිතය උසස් බවයි.
මා සිතන්නේ එය ඔබටත් මේ ජනතාවටත් මනාව පැහැදිලිවෙන්න ඇති. මිනිස්සු මෙතෙක් ගරුකළේ මගේ පුරෝහිත නිලයට හෝ මගේ ධනවත්කමට හෝ මගේ පවුලේ සම්භාවනීයත්වයට නොවේ. මගේ සිල්වත්කමටයි. මගේ ගුණවත් කමටයි. මගේ යහපත් චරිතයටයි. ඒ නිසා ඒ කරුණු අවබෝධ කරවන්නට මේ හොරකම් සිදු කළේ මගේ ආත්ම ගෞරවය පරිත්‍යාග කරලයි. ඒ නිසා දැන් ඔබ සැමටම එය ප්‍රත්‍යක්ෂ වෙන්න ඇති. මම දැන් ඔබගේ දඬුවම් ලැබීමට සූදානම්.
රැස්ව සිටි ජනතාව මේ සියල්ල අසාසිටි අතර සියලුදෙනාම සංවේගයට පත් වූහ. මේ තරම් පරිත්‍යාගශීලී කෙනෙකුට මේ තරම් සිල්වත් කෙනෙකුට අපි සියලුදෙනා නින්දා කළෙමු. රජතුමනි එතුමා නිදොස්ව නිදහස් කරන්නයි කෑ ගසා ඝෝෂා කළහ.සුසීම පුරෝහිත තුමා තමන් සොරකමක් පිළිබඳ චෝදනා ලැබූ කෙනෙක් මිස ජනතාව අතර අප කීර්තිය, තීන්දුවට ලක්වූ කෙනෙක් නිසා තමන් පුරෝහිත ධූරයෙන් ඉවත්වී තවුස් පැවිද්දෙන් පැවිදිවන බව ප්‍රකාශ කළේ ය. එතුමා ලෝකයාට සිල්වත්කමේ උසස් බව ප්‍රත්‍යක්ෂකොට පෙන්වා හිමාලයට ගොස් තවුස් ජීවිතයක් ගත කළහ.
මේ අනුව සමාජයේ ඇතැම් අයට සොරකමේ දුරාචාරයෙන් වැජඹී සිටියත් ජනතාව හෘදය සෘක්ෂියට එකඟව ගරු කරන්නේ ඔවුන්ගේ සදාචාරාත්මක හැසිරීමට බව අප විසින් අවබෝධ කටයුතුය. මෙබඳු සියුම් ජාතක කතාවක් වුවද යහගුණපිරි සමාජයක් සඳහා ඉමහත් පිටුවහලක් සපයයි. ජාතක කතා පොත අප සමාජ සදාචාරය නංවාලීමට කරන ලද බලපෑම විශාලයයි කීවේ මේ නිසා ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දෑස් අන්ධ කරවන විකසිත බවට අතරමං වනු එපා

කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි

නෙළුම් මලක් අප නෙළුම යනුවෙන් හඳුන්වනු ලබයි. එය සඳහාම සංස්කෘත භාෂාව දන්න අයෙක් පදුම ලෙස හඳුන්වයි. එය සඳහාම ඉංග්‍රිසි ජාතිකයෙක් ලෝටස් නමින් හඳුන්වයි. එය සඳහාම තවත් පුද්ගලයෙක් පුන්ඩරීක යනුවෙන් හඳුන්වයි. ලබාදී ඇති නම් එක්කෙනාට එක්කෙනා වෙනස්. අපගේ ශරීර එකකට එකක් වෙනස් වශයෙන් දැක්කාට සත්‍ය වශයෙන්ම සම හැර අන් කිසිවක් වෙනසක් නැහැ. සම පමණක් වෙනස් වෙයි. අප ළඟ තිබෙන කෙස්, ලොම් ඉවත් කළ විට සම සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කළ හොත් අපගේ ශරීරය කාගේද? කියා හඳුනාගන්න බැහැ. එම නිසා ලෝකය තුළ තිබෙන්නාවූ සියලු දේ හුදෙක් නාම මාත්‍ර ලෙස තේරුම් ගැනීම අවශ්‍ය වෙයි.
අප සියලු දෙනා ජීවත් වන සමාජයෙහි අප අපගේ දරුවන්ට නම් යොදා තිබෙනවා. වයස අවුරුදු හැත්තෑ පහක තාත්තා කෙනෙකු සිටිනවා යැයි සිතා එම තාත්තාට අවුරුදු පහළොවක දරුවෙක් සිටිනවා යැයි අපි සිතමු. එම පුතාට වයස අවුරුදු පහළොවක් වෙන දවසට අවුරුදු විස්සකට පෙර පුතා සිටියේ නැහැ. ඒ වකවානුව වන විට තාත්තාගේ වයස පනස් පහක් වෙයි. තාත්තාගේ වයස අවුරුදු පනස් පහේදී එම දරුවා ඉපදී නැහැ. නමුත් එම දරුවා වෙනත් ආත්ම භාවයක සිටී. එම දරුවා මිනිසෙක්ව ශ්‍රී ලාංකිකයෙකු වශයෙන්ම සිටියාම නම්,එම තැනැත්තාගේ වයස සාමාන්‍ය වශයෙන් කෙතරම් ප්‍රමාණයක් ඇතිද?වියපත් පුද්ගලයෙකු ලෙස සිට මිය ගියා නම්, වයස අවුරුදු පනස් පහේදී වයස අවුරුදු අසූවක පමණ පුද්ගලයෙකු මියැදී ගොස් මෙම තාත්තා ළඟ ඉපදුනා විය හැකියි. අප කුඩා දරුවන්ට ලස්සන ල ස්සන නම් යොදයි. අප කුඩා අවධියෙහි එම දරුවන් කුමන වයසක සිටියා විය හැකිද?එම ශරීරයට වෙනත් නමක් . නම යොදා තිබෙන්නේ ශරීරයට පමණයි. ශරීරය මළා නම්,නැවත වෙනත් ශරීරයක් ගත් විට වෙනත් නමක් ලැබෙයි.

හැඩය වෙනස් වීම

අපි කල්පනාකර බලමු. අවුරුදු විසිපහක තිහක දරුවන් සිටින තාත්තා කෙනෙකු ලෙස සිතමු.දරුවාට අවුරුදු විසිපහ වන විට තාත්තාගේ වයස අවුරුදු හැටපහක් නම්,තාත්තා තව අවුරුදු විස්සක් ජිවත් වූවිට තාත්තාගේ වයස අවුරුදු අසූපහක් වෙයි.
තාත්තා අවුරුදු අසූපහ වන විට මිය ගියා නම්, අවුරුදු විසිපහක පුතා තාත්තා මිය යන විට අවුරුදු හතළිස් පහක් වෙයි. පුතාට වයස අවුරුදු පනහ වන විට තාත්තාගේ වයස කීයක් වී ඇතිද?අවුරුදු හතරක වයසක් සම්පූර්ණ කරයි. පුතා අවුරුදු හතළිස් පහ වන විට තාත්තා නැවත පුතෙක් වශයෙන් ඉපදී වෙනත් නමක් ලබාගනී. සැම තැනකම, සැම දෙයකම, සැම ශරීරයකම, සෑම ගොඩනැඟිල්ලකම, සෑම ද්‍රව්‍යයකම ඇත්තේ එයයි. හැඩ පමණක් වෙනස් වෙයි. මේ ලෝකයේ තිබෙන සැම දෙයක්ම ඒ වගේ බව තේරුම් ගත යුතුයි. හැඩයෙන් හැඩය වෙනස් වන නිසා යොදා ඇති නම් වෙනස් වුවත්,සැම දෙයකම පොදු ගුණාකාරයක් වෙයි. එය නම්, උප්පාද වයධම්මිනෝ . උප්පාද වයධම්මිනෝ යනු පුද්ගලයෙකු මරණයට පත්වූ විට බැනරයක දමන වාක්‍යයක් පමණක් නොවෙයි. උප්පාද වයධම්මිනෝ යනු සුදුපාට රෙද්දක කලු අකුරින් ලියන්න පමණක් තිබෙන වාක්‍යයක් නොවෙයි. එහි සත්‍යය තේරුම් ගත යුතුයි. උප්පාද වනවා නම්, ක්ෂයවීම ධර්මතාවයක්. මේ ලෝකය තුළ අවබෝධකර ගැනීමට ඇත්තේ කුඩා කාරණාවක් පමණයි.
ඔබ රත්තරන්වලින් සාදන ලද භාණ්ඩ ඕනෑ තරම් පරිහරණය කර ඇති.රත්තරන් පත්‍රිකාවල ධර්මය පවා ලේඛන ගත කරයි. චෛත්‍ය රාජයාණන් වහන්සේට පලදවන කොත රත්තරන් වලින් සාදයි. රත්තරන් තුළින් කර්ණාභරණයක් නිර්මාණය කළ හැකියි. මුදුවක් සෑදිය හැකියි. මුදුවක හැඩය කරාබුවට වඩා වෙනස් වෙයි. රත්තරනින් පෙණ්ඩනයක් සෑදිය හැකියි. එහි හැඩය අනෙක් සියල්ලටම වඩා වෙනස් . ඇතැමෙක් රත්තරනින් නාසය අලංකාර කරයි. එය සියල්ලටම වඩා වෙනස්.රත්තරනින් කුඩා පිළිමයක් සෑදූ වට සියල්ලටම වඩා වෙනස් ස්වරූපයක් ගනී. සියල්ලෙහිම හැඩය වෙනස් වන අතර එකිනෙකට දමා තිබෙන නම්ද, වෙනස් වෙයි. සියල්ලටම පොදු එකම දෙය නම් රත්තරන්ය.වෙනස් වන්නේ හැඩය සහ නම පමණයි. ඒ සියල්ලම එකම ආකාරයට දිය කළ විට රත්තරන් ලැබෙයි. එකින් එකට වෙනස් නම් දැම්මාට සියල්ලම එකක් වෙයි. සෑම ශරීරයකම කායේ ලෝමා නඛා දන්තා තචෝ පමණක්මයි. ලෝකයෙහි සෑම දෙයකම තිබෙන්නේ පරමාණු පමණයි. පරමාණුවල සංයුතිය වෙනස් . පරමාණුවල සංයුතියේ ඝනත්වය වෙනස්. පරමාණු සංයුති ඝනත්වයට පත්ව අපට පෙන්වන වර්ණය වෙනස්. හැඩය ද වෙනස් වෙයි.
මැටිවලින් වළඳක් සාදා තිබෙනවා යැයි සිතමු. වළඳට වඩා මුට්ටිය වෙනස්. මුට්ටියට වඩා හට්ටිය වෙනස්. හට්ටියට වඩා පෙට්ටිය වෙනස්. ඇතිලියට වඩා නෑඹිලිය වෙනස්. මැටියෙන් නිර්මාණය කර තිබෙන සත්තු ඊට වඩා වෙනස්.හැඩය වෙනස් වුවත්, එකම ඇත්තක් පවතී. බුදුපියාණන් වහන්සේ ලෝකය දෙස බලා එයින් විස්මයට පත්වන්නට එපා කියාද,බලන බැල්මෙන් ආස්වාදයේ උපරිමයෙහි රඳාපවතින්නට එපා යනුවෙන් ද දේශනා කරනු ලැබුවේ එම කාරණාව නිසයි. මේ සැම දෙයක් ඇතුළතින්ම ඇත්ත දකින්න තරම් අපේ ඥානය ගලාගෙන යන තීක්ෂණ භාවයට අප නිදසුන් සෙවිය යුතුයි.

ලෞකික සිතිවිලි

අප ළඟ කඩදාසියක් තිබෙනවා යැයි සිතා එම කඩදාසියට අපගේ චින්තනය ගලාගෙන යාමට ඉඩහැර යම්කිසි ස්ථානයක රඳවා නවතා ගත හැකියි. මේ කඩදාසිය දෙස බලන විට සිතිවිලි ගලාගෙන එයි . කඩදාසිය ලස්සනයි, එය සුදුය, මිල අධිකය, එය ප්‍රයෝජනවත්ය,අලෙවිද කළහැක, යන තැන දක්වා පැමිණ එතෙක් දක්වා ඇවිත් නැවතුන හොත් කඩදාසි කොළය පිළිබඳ පැමිණි සිතිවිල්ලෙහි ලෞකිකත්වයයි. ඉන් එහාටත් ඇතුළට කිඳා බස්නා සිතිවිලි ඇතිකර ගත හැකියි. මෙය කොළයක්ය. එය නාම මාත්‍රිකය. මෙය සාදා ඇත්තේ පිදුරු ආදී ද්‍රව්‍ය වලින්ය. එය අවසානයේදී නැති වන්නේය. අවසානයෙහිදී ඉරීගිය විට ඉවතට වීසි කරයි. අවසානයේදී එම කොළය නැති වන්නේය. එම කොළය පිළිබඳ හටගත් සිතිවිල්ල එතැනින් නැවැත්වූ විට ලෞකික සිතිවිල්ලක් පමණක් ඇතිවෙයි. ලෞකික සිතිවිල්ල දක්වා පැමිණ එම සිතිවිලි ධාරාව නවතනවාට වඩා එම සිතිවිල්ල පතුළට කිඳාබැස නිරායාසීව ගලාගෙන යාමට සැලැස්සුව හොත් ලෝකෝත්තරය දක්වා සිත ගමන් කළ හැකියි.
කිසියම් ධර්මාසනයක් දෙස බලා එය ඉතාම මනස්කාන්තයි.සිත් ඇදගන්නා සුළුයි. මැනවින් කැටයම් කොට තිබෙයි. ඉතාමත් මිල අධික විය හැකියි. එම ධර්මාසනය පිළිබඳ ලෞකික සිතිවිලි ගලාගෙන යන්නේ කෙසේද? එය වටිනා ලීවලින් නිම කර ඇත. මෙහි කැටයම් කැපීමට මාස ගණන් ගත වනු ඇති. එය දක්ෂ කැටයම් ශිල්පියෙකුගේ නිර්මාණයකි. ඒ ලෞකික සිතිවිලි ධාරාව ගලාවිත් නැවතෙන තැනයි. එම ලෞකික සිතිවිල්ලෙහි සිත රඳා තබන්නේ නැතිව යටට කිඳා බස්නා ලෙස සිතිය යුතුයි.ධර්මාසනයක් බව සෑබෑය එය ලීවලින් නිර්මාණය කර ඇති බව සත්‍යයි. එය ගුල්ලන් ගසා ක්‍රමයෙන් දිරාපත් වන බව සැබෑය. ඉන් අනතුරුව ධර්මාසනය නැත. එසේ වන්නේ ධර්මාසනයට පමණක් නොවෙයි. එය නිදසුනක් පමණි. නිදසුනින් එහා ගිය ඇත්ත ධර්මාසනයට පමණක් පොදු නොවන සෑම තැනම තිබෙන පොදු ඇත්තක් වෙයි.

ලෝකෝත්තරභාවය ස්පර්ෂකිරීම

ලෞකික සිතිවිලි ධාරාව කිසියම් ස්ථානයක රඳවන්නේ නැතිව ගැඹුරට කිඳාබස්නා සේ ගමන් කරලීම ලෝකෝත්තරභාවය ස්පර්ෂකර ලෝකෝත්තරභාවය සාක්ෂාත් කරන සිතිවිල්ලයි. කැටයම ඉදිරියේ රැවටුණ හොත් , කැටයම ඉදිරියේ සිත මන්මත් වී ගිය හොත් ලෝකෝත්තරයට නොයා ලෞකික සිතිවිලිවල සිත අතරමං වෙයි.
අතීතයේ කරත්ත පිළිබඳව සිතුවත් වර්තමානය වන විට අලුත් වාහන දෙස බලාගෙන එය විශාල වටිනාකමක් ඇත. අසවල් රටෙන් ආනයනය කර ඇත. මෙහි වර්ණය බොහොම පැහැපත්ය. ආසන ඉතාම සුවපහසුය. එය බොහෝ මිල අධිකය. එහෙයින් කල් නොයවා මිලදී ගත යුතුයි. මේ වාහනය වටින්නේ කුමක් නිසාද ? එය අපේ ගෙදරට එහා ගෙදර නැති හෙයිනි. අපේ ගමට එම වාහනය තවමත් නොපැමිණි නිසා පැමිණීමට පෙර මා මිලදී ගත යුතුයි. යනුවෙන් ලෞකිකයෙහි සිත අතරමං වී ගිය ආකාරයයි.
වාහනයේ මිල අධික බව සැබෑය. එය සාදා ඇත්තේ ලෝහවලිනි. ලෝහ දිරාපත්වීම ස්වභාවිකය. තවත් අවුරුදු ගණනාවක් ගිය විට භාවිතයෙහි නැති වනු ඇති. දිරාපත් වනු ඇති. ප්‍රතිසංස්කරණය කරනු ඇති.නැවත නැවත හදනු ඇති.එය ලෝකෝත්තරයෙහි සිත අතරමං නොකර ලෞකිකයට සිත කිඳා බස්සවන ස්ථානයක් වෙයි.
කිසියම් අයෙකුගේ අතක් දෙස බලාගෙන මේ අත හරිම ලස්සනයි නියපොතු හරිම සුදුයි. වටකුරුයි විල්ලුද සමක් සහිතයි. වර්ණවත්. අල්ල හරිම පියකරුයි. කියා යමෙක් අතක් දෙස බලාගෙන අතට වශී වුවහොත් එය සිතිවිල්ලක් සේ ලෞකිකයෙහි අතරමං වීමක්. කළ යුත්තේ කුමක්ද? එය සමය.සම මතුපිට ඇත්තේ ලොම්ය. එයට යට ඇත්තේ කුඩා සමය . එයටත් යට ඇත්තේ සමය. සමට යට ඇත්තේ මසය. මසට යට ඇත්තේ ඇටය. ඇට අතර ඇත්තේ ඇට මිඳුලුය. එය අතර ඇත්තේ නහරය .ඒවායෙහි ඇත්තේ ලේය.එයටත් යට සිරා හා ධමනිය.එය සැම එකක් සඳහාම වෛද්‍යවරු ඇත්තේය. වෛද්‍යවරු එය ප්‍රතිසංස්කරණය කරමින් ප්‍රතිකර්ම කරමින් සුවපත් කිරීමට වෑයම් කරනු ඇත්තේ එම සියල්ලම ලෙඩ වන නිසාය. මෙහි මනස්කාන්ත භාවය ඉදිරියෙහි ඇස් රවටාගනු වෙනුවට කිදා බස්නා ඇත්තකින් ලෝකෝත්තර සිතිවිල්ලකට අත හරහා සිත ගමන් කරවිය හැකියි. එසේ වූ විට පෙනෙන්නට තිබෙන ඔපමට්ටම් විල්ලුද සමෙහි සිත රඳවා ලෞකිකයෙහි අතරමං නොවී ලෝකෝත්තරය දක්වා ගමන් කළ හැකිය. ඇල්ම නැති වන්නේ එවිටයි. ඒ ආකාරයට කල්පනා කරන විට මේ ශරීරය පිළිබඳ ඇලීමක් ද ගැටීමක් නැහැ. ඇලීමෙන්ද තොර ගැටීමෙන්ද තොර අවස්ථාව නිවන පහසු කරවන තැනක්.
එම නිසා නාම මාත්‍රික දේ පිළිබඳව නාම මාත්‍රිකව කල්පනා කරමු. එය සඳහා විභාග සමත් වීමට අවශ්‍ය නැහැ. තේරුම් ගැනීමට විභාග සමත් වීම අවශ්‍ය නැහැ. ඔබ දන්නා ප්‍රමාණය හොදටම ප්‍රමාණවත්. වයස අවුරුදු අෙටි චුල්ල පන්ථක කුඩා දරුවාට තේරුනා නම්, වයස අවුරුදු අෙටි හතේ සෝපාක දරුවාට තේරුණා නම්, කසළ සෝදක සුනීතට තේරුණා නම්. දෑස් අන්ධ මන්ද කරවන විකසිත බව ඉදිරියේ අතරමං වනු එපා.කිඳා බස්නා සිතිවිල්ලෙන් ලෝකයේ සත්‍ය සත්‍යයේක්ෂණය කරන්නට වෑයම් කළ යුතුයි. මේ ශරීරයත් ඒ වගෙයි.අනෙක් ශරීරත් ඒ වගෙයි. ශරීර නොවන වෙනත් ද්‍රව්‍යද ඒ වගෙයි. සියල්ලේම ඇත්තේ පරම අණු හෝ අණුක පමණයි. ඇත්තේ වෙනස නම්න් පමණයි. එම සත්‍ය තේරුම් ගත යුතුයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤