ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

රූපය දැඩිව ග්‍රහණය කරගන්නා ප්‍රමාණයට අනුව දුක ද වැඩිවේ

හෝමාගම මුල්ලේගම 
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි 
ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි

"රූපය තුළ තිබෙන්නාවු හේතුඵල සම්බන්ධතාව වටහා ගතහොත් පමණමයි, අප රූපවලට උපාදානය වීම ඛණ්ඩනය වෙලා යන්නේ, රූපය සැකසුන ආකාරය හා එය පැවතිය යුතු ආකාරය අප අපගේ නුවණට ගොදුරු කරගත හොත් රූප තිබු පමණින් රූප දැඩිව ග්‍රහණය කරගෙන කටයුතු කිරීමට තිබෙන රාග අපේක්ෂිත මානසික උනන්දුව ක්‍රමයෙන් අප තුළින් ක්ෂය වී යයි.'
බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳව දේශනාව ඉදිරිපත්කරද්දී දුක කුමක්ද? කියලා විස්තර කර අවසානයේදී සංඛිත්තේන පංචුපාදා නක්ඛන්ධා දුක්ඛා යනුවෙන් වදාරා ඇත. සංෂිප්තව සඳහන් කරන්නේ නමි, අපගේ දුකට කාරණාව පංච උපාධානස්කන්ධය බව විභංග සූත්‍රයේදීත් දමිසක් පැවතුමි සූත්‍රයේදීත් ඒ පිළිබඳව දේශනා කර ඇත.
මෙහිදී බුදුරජාණන් වහන්සේ දුක යැයි පෙන්වා දෙනු ලබන්නේ පංචස්කන්ධය නොවන බව අප නිවැරැදිව වටහාගත යුතුයි. පංච උපාධානස්කන්ධය නමින් එය වටහා ගත යුතුයි. පංච හෙවත් පහක් වූ උපාදාන හෙවත් දැඩිව අල්වා ගත් ස්කන්ධ හෙවත් ධාතු කොටස් වන ආයතන පහ අපගේ දුක නිර්මාණය කරන කාරණා ලෙස බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කර ඇත. පංචස්කන්ධය ඉක්මවා ගියපු මේ මානසික වටපිටාව මොකක්ද ? යනුවෙන් අප පළමුවෙන්ම අවධාරණය කරගත යුතුයි.

පළමු වන ස්කන්ධය වන රූප යනුවෙන් හඳුන්වනු ලබන පඨවි , ආපෝ තේජෝ වායෝ යන කොටස් තුළින් සැකසුණු අපට පෙනෙන්නාවූ භෞතික රූපය මෙහි සඳහන් වෙයි. මෙහි ශීතලයට උෂ්ණයට සමිබන්ධ කොටසක් තිබෙන අතර ම ඝන ද්‍රව්‍යාත්මක දෙයට සම්බන්ධ කොටසක්ද, වැගිරෙන සුළු කොටසක්ද පිමිබෙන හැකිලෙන ස්වභාවයෙන් යුක්ත වාතයට අදාළ කොටසක්ද තිබෙනවා. මෙම කොටස් හතරේ එකතුවට දීපු සමිමුති නාමය රූපයයි. අප රූප ලෙස මතුකර හඳුනාගැනීමේදී පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් රූපය හඳුනාගනු ලබන්නේ නැහැ. ඇස කන නාසය දිව ශරීරය යන ඉන්ද්‍රියන් පහේ එකතුව සම්මුති ලෝකය තුළ රූපය ලෙස අප හඳුනාගනු ලබයි. පඨවි පිළිබඳ හෝ මෙහි ආපෝ ලෙස වැගිරෙන සුළු දේවල් පිළිබඳව අදහසක් සාමාන්‍ය මිනිසුන්ට නැහැ.තිබෙන්නේ එම ටික වුණත් අප මූලික වශයෙන් රූප ලෙස හඳුන්වා ගනු ලබන්නේ මේ ඉන්ඳ්‍රියන් .
ඉන්ද්‍රියන් පහකින් සැදුමි ලත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් ගොඩනැඟුන මේ කය රූප යනුවෙන් හඳුන්වයි. විභංග සූත්‍රය තුළත් දමිසක් පැවතුම් සූත්‍රය තුළත් තව බොහෝ සූත්‍ර දේශනා තුළත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙම රූප යම් කිසි පුද්ගලයකු දැඩි ග්‍රහණය කරගත හොත් දැඩි අල්වා ගත හොත් “මම” යැයි “මගේ” යැයි මෙම රූපය ආත්ම වශයෙන් ග්‍රහණය කරගත හොත් එය තුළින් යමෙකුට දුකක් උත්පාදන විය හැකියි. එවැනි ආකාරයෙන් අල්වානොගන්නා රූප පිළිබඳ ප්‍රශ්නයක් අපට නැහැ. අප සියලු දෙනාම පංචස්කන්ධ වුණාට එකිනෙකාගේ පංචස්කන්ධ පිළිබඳ දුකක් තමන්ට දැනෙන්නේ නැහැ. මගේ රූපය නිසා තව පුද්ගලයකුට ප්‍රශ්නයක් නැතිවාසේම තව අයෙකුගෙ රූපය නිසා මටද ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ මෙම රූපය යම් පුද්ගලයකු විසින් ආලයෙන් ප්‍රේමයෙන් ආසාවෙන් තෘෂ්ණාවෙන් මගේ යැයි අල්වාගත හොත් කසාදයකින් සහතික කොට ලියා ගතහොත් එතැන් සිට ප්‍රශ්න පැන නැගීමට පටන් ගනී.රූප රූප ලෙස තිබෙනතාක් ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ.
රූපය මගේ කරගත් විට අර්බුද පටන් ගනී. එතැන් සිට එම රූපය තමාට අවශ්‍ය ආකාරයට පවත්වා ගැනීමට උත්සාහ කරයි. මගේ රූපය යැයි මම එය පිළිගෙන තිබෙන නිසාම එය මට අවශ්‍ය ආකාරයට පවත්වාගෙන යාමට අවශ්‍ය වෙයි. ධාතු හතරකින් සැදුණ ශරීර කොටස හෙවත් රූප කොටස නිරන්තරයෙන්ම කලින් කලට එය වෙනස් වෙයි. බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි රූපය කෙතරමි ෙවිගයකින් වෙනස් වෙනවාදකියල විදර්ශනා ප්‍රඥාවෙන් රූපය දෙස බලාගෙන සිටින අයෙකුට එක ෂ්ණයකට ලක්ෂ වාරයකට වඩා වැඩි අවස්ථා ගණනක් මෙම රූපය කැඩි කැඩී සැකසෙනව දකින්න පුළුවන් බව .
රූපයට වසඟ වී සිටින නිසාම රූපයේ අනිත්‍යතාවය අපට පෙනෙන්නේ නැහැ. එය පෘතග්ජන පුද්ගලයාගේ සාමාන්‍ය ස්වභාවයයි. පංච කාමයේදී සත්‍ය සොයාගෙන යන අය කිං කුසල ගවේසී කුසලය කුමක්ද? කියා සොයාගෙන යන අයට හේතුඵල සම්බන්ධතාවය හම්බවෙයි. එයට අදාළ සම්පූර්ණ ඤාණය වැඩිකර ගනී. සාමාන්‍ය පෘතග්ජනයාගේ ස්වභාවය රෑපයට දැඩි ලෙස ඇලී රූපයේ පැවැත්මත් සමඟ අදාල ගණුදෙනු කාරණාව මිස රූපය උත්පාදනය වීම හෙවත් රූපය හටගන්නා ආකාරයත්,රූපයේ පැවැත්ම සිදුවන ස්වභායත් භංග හෙවත් රූපය කැඩී බිඳී විනාශ වෙන ස්වභාවයත් නුවණින් දකින්න ඤාණයට ගොදුරු කරගන්න රූපය පිළිබඳව සත්‍යයේක්ෂණයකට යාමට සාමාන්‍ය පෘතග්ජනයාට අවශ්‍යතාවයක් නැහැ.
මෙම රූපය තුළ තිබෙන්නාවු හේතුඵල සම්බන්ධතාව වටහාගතහොත් පමණමයි අප රූපවලට උපාදානය වීම ඛන්ඩනයවෙලා යන්නේ රූපය සැකසුන ආකාරය හා එය පැවතිය යුතු ආකාරය අප අපගේ නුවණට ගොදුරු කරගත හොත් රූප තිබු පමණින් රූප දැඩිව ග්‍රහණය කරගෙන කටයුතු කිරීමට තිබෙන රාග අපේක්ෂිත මානසික උනන්දුව ක්‍රමයෙන් අප තුළින් ක්ෂය වී යයි. මගේ රූපය යැයි සම්මුතියේ නමක් ලබාදුන්නාට සත්‍ය වශයෙන්ම මෙහි තිබෙන්නේ ආපෝ තේජෝ වායෝ සහ මතුපිටට පෙනෙන්නට තිබෙන ඉන්ද්‍රියන් පහක් පමණයි. පඨවි ආපෝ තේජෝ වායෝ කොටස් එකිනෙකට වෙන්කළහොත් පඨවි කොටස වෙන්කර පොළව පොළවට අයත් දේ ගතහොත්ජලය ජලය ට අවශ්‍ය දේ ලබාගතහොත් ඉරහඳ එයිට අයිත ි දේ ගතහොත් සුළඟ සුළඟට අයිති දේ ගතහොත් මගේ රූපය යනුවෙන් පෙන්නන්න දෙයක් නැහැ. මෙම විෂ්වයේ තිබෙන ධාතු හතරෙන් අපගේ ශරීරයට තිබෙන දේ උරාගත හොත් එතැන් සිට මගේ රූපය කියා දෙයක් නැහැ. ඉන්ද්‍රියන් හය රූපය යනුවෙන් හඳුනාගැනීමට හැකි වන්නේම එකට එක්කාසු වි තිබෙන තාක්කල් පමණයි. එය කැඩි බිඳී ගිය විට රූපය ලෙස තවදුරටත් අප එය පිළිගනු ලබන්නේ නැහැ.
ඇස් කන් නාසය කපා වෙනම තැනකට දැමුවහොත් ඇට කටු සමෙන් ගලවාගෙන වෙන තැනකට දැමුව හොත් මස් ගොඩක් ලේ ගොඩක් වෙන වෙනම තිබෙයි දත් ඇස් කෙස් ඇට කටු ටිකක් වෙන වෙනම තිබෙන අතර පුද්ගලයෙකු නැතිව ගොස් රූපයත් නැතිව යයි . අප පාවිචිචි කරනු ලබන වාහන වල රෝද ,එන්ජිම, බොඩිය යන අදාළ කාරණා සියල්ලම එකතු වී තිබෙන තාක්කල් එය වාහනයක් වෙයි. එම කොටස් වෙන වෙනම ගලවා දැමුව හොත් යකඩ ගොඩක් සහ ටයර් ගොඩක් වශයෙන් තිබෙන අතර වාහනය යන සම්මුතිය අවසන් වෙයි.
සම්මුතිය තුළ තිබෙන්නෙම එම කාරණා ටික එකට එකතු විී තිබෙන තාක් කල් පමණයි. සම්මුතිය කැඩී ගොස් වාහනය කියපු දෙයට යකඩ ගොඩක් කියලා කියන්න ගත්ත ගමන් හේතු ඵල සම්බන්ධතාවය කැඩී බිඳී යයි. අප එක එක කාරණා නමි කරගෙන තිබෙන්නේ සම්මුතිය තුළ පමණක් බවත් පරමාර්ථමය වශයෙන් එසේ නමි කළ හැකි දෙයක් නැති බව අප අවබෝධ කරගත යුතුයි. පරමාර්ථමය වශයෙන් නම් කළ යුතු දෙයක් නැහැ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤