ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

තර්කයට හසු නොවේමය ඔබ ක්‍රියාවට නංවනු මැනේ


මතුවෙලා මතුවෙලා දහම යළි මතුවෙලා. ගත සිතම සනසනා දහම යළි මතුවෙලා. අදත් සුළං හමාගෙන එනවා දඹදිව්තලයේ සිට. සුළඟ කියනවා ඔබ මුමුණන දේවල් නම් ඇත්තමයි. මතුවෙනවා, සැඟවෙනවා යළි පිබිදෙනවා. එහෙම තමයි බුදුදහම. තණ්‌හාවේ, වින්දනයේ තියෙන භයානක කමක මහත. සිතුවිලි වලින් හරිත විඳින හිතකට ඇත්ත නොපෙනෙන නිසානේ මේ සියල්ලම.

ඒහිපස්‌සිකෝ ගුණය ගැන මොනවද ඔබ කියන්නෙ? වෙන මොනවා කියන්නද, නිවෙන මඟ තියෙනවා. ඇත්ත සතර පෙනෙනවා. ඇවිල්ලා බලන්න. එහිපස්‌සිකෝ කියල කියනවා. හැර. ඒ ගුණය ඇයි ප්‍රතික්‌ෂේප කරන්නේ? ඔබ හිතන්න, සුළඟේ මේ ස්‌වාක්‌ඛාත වූ දහමක්‌ විනා කෙනකුට අවැසි ආකාරයට අවැසි දේවල් එකතු කරන්න ඉවත් කරන්න ඉඩක්‌ නැති බව. තේරුණා නේද?

අභාවිත සිතකින් ඇත්ත දැකගන්න බැහැ. සමාධිමත් සිතකින් සතරානුකූලව විමසන්න වෙයි. ඒ භාවිත සිතයි. කය අනුව බලන්න.

අද අපි අභිධර්මය ගැන ටිකක්‌ විමසුමද? හැබැයි මට හිතෙනවා අභිධර්ම දේශනා ඇසීමට කවුරුත් මැලිවෙනවා කියලා. ඇයි මැලි වෙන්නෙ? අභිධර්මය දන්නෙ නැතිව නිවෙන්න පුළුවන්ද? හිතන්නකෝ බුදුන්වහන්සේගේ ධර්මය තුළ තිබෙන විශිෂ්ට වූ ධර්මය තමයි අභිධර්මය. ඒ අභිධර්මය දකින ක්‍රමවේදය අතුරුදන්වෙලා. ඕකයි මැලිවන්න හේතුව. ඉතින් අභිධර්මය දකින්න බැහැ අවබෝධයකින් තොරව.

අපි නිතර අභිධර්ම පොත පත කියවනවා. දේශනා කරනවා. ශ්‍රවණය කරනවා. ඉතින් උගත්කම ලැබෙනවා තමයි, ඒත් බොඡ්ජන්ග පිරිලා නිවෙනවායෑ, ඉතින් නිබ්බාන පරමාර්ථය දැකගන්නේ කොහොමද? අභිධර්මය, හදාරන්න තියෙනවා සුවිශේෂී ක්‍රමවේදයක්‌ තේරුණාද? එලෙස අභිධර්මය දැකගත්තාම තමයි අවබෝධ වෙන්නෙ. බොඡ්ජධංග පිරිලා නිවෙන්නෙ.

අභිධර්මය ස්‌වභාවයන් සතරක්‌ වටා ගෙතී ඇති බව දන්නවානේ. ලෝකයේ තියෙන තාක්‌ දේවල් සියල්ලම මේ ස්‌වභාවයන් සතරෙහි අන්තර්ගත වේ නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාම මේ සතරමත් අවබෝධ වෙන්නම ඕන නේද? ඒ පරමාර්ථයෝ සතරට චතුරාර්යය සත්‍යයත් ඇතුළත්. චතුරාර්ය සත්‍යය තුළට ඒ පරමාර්ථයෝද ඇතුළත්. එවැනි පිරිපුන් සිතකින් අභිධර්මය පරිශීලනය කළොත් සතුටු විය හැකියි නේද?

ඔබ දන්නවාද? බුදුපියාණෝ අඩුතරමින් සෝවාන් ඵලයටවත් පත්වූවන්ට හැර ලෝකයේ ආරම්භය, විනාශය වැනි දේවල් කියාපෑමට මැලි නුවුණු බව. ඒ පෘතග්ජන මනසින් මේවා භාරගැනීම අසීරු බැවිනි. බුදු ඇසට හසුවන ලෝකයේ ඇත්ත ස්‌වභාවය එලෙස සංකීර්ණ නම් වෙන කුමක්‌ කරන්නද?

රෞරවය, තාපය, අවීචිය ආදී අට මහා නරකයන්ගේ ක්‍රියාකාරීත්වය ඇතුළු කී ඈ නොකී ලෝකයේ විවිධ විෂම වූ ස්‌වභාවයන් පෘථග්ජන මනසින් පිළිගැනීම පහසු නොවේ. ඒ ගැන සෙවීමට මැළි වන්නේ එනිසයි. රාගමූල, ද්වේෂමූල සිත් වල සංඛ්‍යානුගත ස්‌වභාවික සැලැස්‌ම පුදුම එළවන සුළුයි. චෛතසිකයන්ගේ ස්‌වභාවික අන්ත ද්වයට වැටෙමින් අන්තගාමී සිත සිරුරෙන් සිරුරට කාර්මානුරූපීව මාරු වෙමින් දුකෙහි ගැලෙමින් ලෝකයෙහිම රැඳෙන ආකාරය මහා පුදුමයක්‌. ඒත් ඉතින් ඇත්තම අත්තයි.

ඉතින් මගඵල ලැබීම සඳහා අභිධර්මයේ එන ඒ පුදුමාකාර සමස්‌ත විස්‌තරය වනපොත් කිරීම නම් කිසිසේත්ම අවශ්‍ය නොවන බව පවසමි. ඒකනේ බුදුපියාණෝ මිනිසුන්ට හැමවිටම මේ විස්‌තරය ගෙනහැර නොපෑවේ. සවිස්‌තරාත්මක විවිධ විෂම වූ ස්‌වභාවික ලෝක සැලැස්‌ම පිළිබඳව ප්‍රීතියෙන් සතුටින් ග්‍රහණයකළ හැක්‌කේ විශ්වාස කළ හැක්‌කේ ආර්යභාවයට පත්වූවන්ට පමණක්‌ බව ඔබ දන්නවාද?

අභිධර්මය හැදැරීම සඳහා එයටම ආවේණික වූ ක්‍රමවේදයක්‌ තියෙනවානේ. අසා, කියවා අභිධර්මය දැනගත්තාට පලක්‌ නොවේ. දැකගත යුතුම වේ. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථයන්ගේ යථා ස්‌වරූපය දැකගැනීමට හැකිවන්නේ කිය කියා හිඳීමෙන් නම් නොවෙයි. පිරිසිඳ දැක ගැනීමෙනි. සෝතාපන්න ඵලයට පත්වන අවස්‌ථාවේදී තමයි එසේ වන්නේ. ඒ ඇයි?

පරමාර්ථයෝ දකිනවා කියන්නේ පිරිසිඳ දකිනවා හැර වෙන කුමක්‌ද? නිවන පිරිසිඳ දකින්නේ නිවිලමයි. ඉතින් අරමුණකින් තොරව සිතක්‌ සැකසෙනවද, නිවනේ අරමුණක්‌ තියෙනවද? සිතක්‌ සැකසෙන්න. මොකුත් නැහැනේ. එහෙම කියන්න එපා. ඔබ තවත් හිතන්නකො. ඒ සිත සැකසීමට අරමුණු වුණේ නිවනනේ. සිව්පාදී ශේසී ව නිවන දකින්නේ එහෙමයි. පිරිනිවීම යනු අනුපාදිශේසීව නිවන දැකීමයි. එවිට සියල්ලම නිමයි. පුදුමයි. පුදුමයි.

මගපල ලබමින් සත්‍ය පිරිසිඳ දකින මොහොතේ මේ සියල්ලම අවබෝධ වෙනවා. කොහොමද ඒ? පරමාර්ථයෝ දකිනවා කියන්නේ පිරිසිඳ දකිනවා හැර වෙන කුමක්‌ද? නිවීම යනු ඇතිවූ දුකේ අවසානය හා දුකට හේතුවේ අවසානය නොවන්නේද? මගපල ලබමින් සත්‍යය පිරිසිඳ දකින මොහොතේ මේ සියල්ල පිළිබඳව අවබෝධය පූර්ණ වේ. 

සෝතාපන්නවීම සඳහා අභිධර්මයේ පෙන්වා දෙන පරිදි අන්තවාදී සිතෙහි මතුවන උපක්‌ලේශයෝ ගණනය කරමින් හිඳීම කිසිසේත්ම අවශ්‍ය නොවේ. විවිධ විෂම වූ ආශ්‍රවයන්ගෙන් පරිපූර්ණ වූ කෙලෙස්‌ බව පොදුවේ වටහා ගැනීම සෑහෙන්නේ චතුරාර්ය සත්‍යය පළමු වන වතාවට තිලක්‌ඛන සමාධිය තුළින් සරල ලෙස දැක ගන්නා බැවිනි. මෙතනදී ඒ ආශ්‍රවයෝ වර්ග කර ගණනය කිරීම අදාළ නොවේ. පොදුවේ ගත් කල ඒ ලෝක ස්‌වභාවය ඉක්‌මවා ගිය උපක්‌ලේශ ධර්මයෝ පමණි. 

ඵලය ලැබුණු පසුව නම් ඒ ශාස්‌ත්‍රය පිsළිබඳව මැලි නොවී දැන ගැනීමට ප්‍රිය කරයි. නමුත් සෝතාපන්න වීම සඳහා එම සමස්‌ත විග්‍රහයම අදාළ නොවේ. එනිසයි බුදුපියාණන් විජම් බණ හෙවත් අභිධර්මය මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දෙවියන්ට පමණක්‌ පෙන්වා දුන්නේ.

නොවෙහෙසවා සත්වයා ගොඩකිරීම බුදු කෙනකුගේ පරමාර්ථය විය යුතු නොවන්නේද ? චතුරාර්යය සත්‍ය දුටු කල ඒ ලෝක සැලැස්‌ම සතුටින් දැකබලා ගැනීමට කැමති වෙනවා නොවන්නේද? රාග මූල සිත් මෙපමණයි. ද්වේශ මූල සිත් මෙපමණයි. මෝහ මූල සිත් මෙපමණයි යනුවෙන් උතුම් සංගණනානුගතව ශාස්‌ත්‍රානුකූලව සැලැස්‌ම කෙරෙහි සිත් මෙහෙයවීම මෙතනදී කිසිසේත්ම අදාළ නොවේ. ඒකයි අභිධර්මය මිනිසුන්ට දේශනා කිරීමට නොවෙහෙසුනේ.

ආධ්‍යාත්මික ලෝකයයි බාහිර ලෝකයයි එක්‌වෙලා නිර්මාණය කරන චිත්තය හෙවත් සිතෙහි හට ගැනීම ඇති වෙමින් නැතිවෙමින් පැවැතීම හා නැතිවීම හෙවත් උප්පාද තිථි සහ භංග යන අභිධර්මානුකූල පරමාර්ථයෝ අවබෝධයෙන්ම දැක බලාගන්නා ශාස්‌ත්‍රය වන්නේ විදර්ශනා භාවනාව බව ඔබ දැනගන්න. ආශ්‍රවයන්ගෙන් කිලිටි වූ සිතේ අවසානයද විදර්ශනාවේ දී දැකගත හැකි වේ. ඒ නිවිලාමය. ඇති වූ පරමාර්ථ සතරෙමත් අවසානය වන්නේ නිවීමයි.

ඔබ දන්නවාද, බුදුපියාණන් අඩු තරමේ සෝවාන් ඵලයට පත් නොවූවන්ට ලෝකයේ ආරම්භය, විනාශය වැනි දේවල් කියාපෑමට මැලිවූ බව. අට මහා නරකයේ ක්‍රියාකාරීත්වය වැනි කියා නිම කළ නොහැකි ස්‌වභාවයන් පෘතග්ජන මනසට කා නොවදී. එතරම් විශ්වාසයක්‌ ඇති නොවේ. චෛතසිකයන්ගේ ස්‌වභාවය අනුව අන්ත ද්වයට වැටෙමින් අන්තගාමී සිත සිරුරෙන් සිරුරට කර්මානුරූපීව මාරු වෙමින් දුකෙහි ගැලෙමින් ලෝකයෙහිම රැඳේ.

විදසුන් වඩා චතුරාර්ය සත්‍ය අවබෝධයේ දී චිත්තය හදාරන්නේ විභේදනය කර විමසා බැලීමෙනි. ධ්‍යාන ශක්‌තිය ඇති සිතකින් කරන සරලත්වයෙන් ගැඹුර කරා යන විමර්ශනාත්මක ගමනකි. චිත්ත චෛතසික කියන පරමාර්ථයෝ ද්වයම මේ පර්යේෂණයට ලක්‌ වේ. ඒ සුවිශාල එහෙත් සරල විමර්ශනය නිමවන්නේ තිලකුණෙනි. ඒ ආර්ය පර්යේෂණයයි.

ඒ චිත්ත චෛතසිකයෝ නිර්මාණයවීමට මූලිකවන රූප, පරමාර්ථයෝ පුදුමාකාරය. රූප නිර්මාණය වන්නේ ස්‌වභාවයන් සතරක්‌ ඒකාබද්ධ වී ඝනීභවනය වීමෙනි. මායාව එතැනයි. වේගවත් ශක්‌ති විශේෂයක්‌ වන චිත්තවේගය හෙවත් විඤ්ඤාණය නාමරූප එකතු කරමින් නිර්මාණය කරන මායාමය ලෝකය කෙලවර වන්නේත් නිවනෙන්ය. අභිධර්මය පෙන්වා දෙන ඒ නිර්වාණ පරමාර්ථය විදසුන් වඩා අවබෝධ කරගන්නේ දැනුමෙන් පමණක්‌ නොව නිවී යාමෙන්මය. ඇයි නිවන එලෙස අවබෝධ වන්නේ? එය එසේ වන්නේ නිවන අරමුණු කරගෙන සිත සැකසුන නිසයි.

කියා නිම කළ නොහැකි අසා නිම කළ නොහැකි විවිධ වූ, විෂම වූ ලෝකය පිළිබඳව ලුඡ්ජතීති, පලුඡ්ජතීතී ලෝකෝ කියා කියනවා හැර වෙන මොනවා කියන්නද මම. එයයි ලෝකයේ සත්‍යය. 
කම්මට්‌ඨානාචාරිනී, 
පද්මාවෝ රාජපක්‌ෂ
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤