උඩුහාවර ආනන්ද හිමි.
බුදුරජාණන් වහන්සේ විසින් දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සමයෙහි “ධනපාල” නම් ප්රේතයා අරභයා මෙම කථාව දේශනා කරන ලදි.
ගුණවතුන්ට නැණවතුන්ට පමණක් රිසි වූ......
උඩුහාවර ආනන්ද හිමි.
බුදුරජාණන් වහන්සේ විසින් දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සමයෙහි “ධනපාල” නම් ප්රේතයා අරභයා මෙම කථාව දේශනා කරන ලදි.
අපේ බෞද්ධයන් ගෙදර මලක්, පහනක් පූජා කළත් ප්‍රාර්ථනාවක් කරනවා. ඒක අපේ සිංහල බෞද්ධයන් හුරුපුරුදු වුණු දෙයක්. බොහෝ දෙනාගේ ප්‍රාර්ථනාව වන්නේ.
මේ කළා වූ පින්කමේ බලයෙන් අසත්පුරුෂ ඇසුරක් නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා.
පුංචි දරුවන් පවා කටපාඩමින් සිදු කරන්නේ එබඳු ප්‍රාර්ථනාවක්. නමුත් ඕනෑම පින්කමකින් අනතුරුව ප්‍රාර්ථනා කළත්, නොකළත්, කළ කුසලයේ විපාක සැප විපාක වශයෙන් සංසාරය පුරාවට ම ලැබෙනවා.
අසංඛ්‍ය කල්ප ලක්ෂයක් දානාදී පාරමිතා පිරූ බෝසතාණන් වහන්සේගේ ඒකායන ප්‍රාර්ථනය වුණේත් මේ පින් බලයෙන් ලොව්තුරා බුදු බව ලැබේවා යන්නයි.
බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාව වන්නේත් මේ කළ පින් බලයෙන් සංසාර දුකින් එතෙර වී නිවන් දකින්නට ලැබේවා යන්නයි.
නමුත් නිවන ප්‍රාර්ථනා කළාට ලැබෙන දෙයක් නෙමෙයි. වඩන්නට අවශ්‍ය ධර්මතාවක්. සිතින්, කයින්, වචනයෙන් සිදුකරන්නා වූ කුදු මහත් පින්කම්වල දී යහපත් ප්‍රාර්ථනාවක් සිදුකිරීම උතුම්ම දෙයක් හැටියට සලකනවා. එනිසා බෞද්ධයෝ ප්‍රාර්ථනාවක් කළ යුතුයි. එහි වරදක් නැහැ. නමුත් තමන් කරන ප්‍රාර්ථනාව යහපත් දෙයක් වෙන්නට ඕනෑ.
තථාගතයන් වහන්සේ නොකළ යුතු බව සඳහන් කරමින් අධාර්මික වෙළඳාම් පහක් දේශනා කළා. ඒවා අධාර්මික ධනෝපායන මාර්ග. ඒ තුළින් උපයා සපයා ගන්නා ධනය ධාර්මික නැති බව අපි දන්නවා. එම වෙළඳාම් පහ තුළ එක් වෙළදාමක් හෝ සිදුකරමින් උපයා සපයා ගන්නා අධාර්මික සම්පත් තුළින් සිදුකරන්නා වූ පින්කමක් අවසානයේ ප්‍රාර්ථනාවක් කළාට ඵලක් නැහැ.
දානයක් දෙනවා නම් දානය දෙන දායකයාගේ හෝ පුද්ගලයාගේ සිත ලෝබ, දෝස, මෝහ ආදී අකුසල චෛතසිකයන්ගෙන් තොර වූ පිරිසුදු සිතක් විය යුතුයි.
දානය පූජා කිරීමට යොදා ගන්නා දාන වස්තුව ධාර්මිකව හම්බ කළ දෙයක් විය යුතුයි.
එම දාන වස්තුව ලබන ප්‍රතිග්‍රාහකයා ගුණවන්ත විය යුතුයි. එම කාරණා තුන එකතු වුණා ම එම පින්කම අංග සම්පූර්ණ පින්කමක් වෙනවා. එවැනි පින්කමක් අවසානයේ යහපත් ප්‍රාර්ථනාවක් කළ හැකියි. මේ කළ පින්කමේ බලයෙන් සසර වාසනා තුරු සා පිපාසා දුකක්, නරක, තිරිසන්, පේ‍්‍රත ලෝක සතර අපාය ආදී දුකක් නොවී නිවන් සැපයම ලැබේවා කියන ප්‍රාර්ථනය ඉතාම යහපත්. එය ප්‍රාර්ථනා නොකළත් නිවන අරමුණු කරගෙන ම සිදුකරන කුසල කර්මයක්.
අපි හැම කෙනෙක් තුළම ප්‍රාර්ථනාවක් තිබිය යුතු බවට මම හිතනවා. ඇතැම් අය බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් සමහරු පසේ බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ප්‍රාර්ථනාවක් කරන්න අපිට හිතන්නවත් බැහැ.
මේ සිදු කර ගත්තා වූ පින් බලයෙන් මාර්ගඵල බෝධියකින් නිවන් අවබෝධ වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරනවා නම් හොඳයි. ඒ ආකාරයට පින්කමක් අවසානයේ ප්‍රාර්ථනාවක් කිරීම ඉතාම හොඳයි. ප්‍රාර්ථනාවක් අරමුණුූ කර ගෙනමයි පින්කමක් කෙරෙන්නේ. ප්‍රාර්ථනාවක් කිරීමට අමතක වුණා කියලා පින්කම අපතේ යන්නේ නැහැ. සසර පුරා සැප විපාක දීමට හේතුවෙනවා. අපි පින්කම් කරන්නේ සසරේ රැඳි රැඳී සිටින්න නෙමෙයි. ස්වාමින් වහන්සේ වුණත් පින් වාක්‍ය දේශනා කරන අවස්ථාවල ප්‍රාර්ථනාවක් කරනවා.
මෛත්‍රී බුද්ධ ශාසනය තෙක්, කල්ප ගණන් සංසාරයේ සැරිසරන්නේ නැතිව ගෞතම බුද්ධ ශාසනය තුළම ධර්මය අවබෝධ කරගෙන සතර අපා දුකෙන් එතෙරව නිවන් අවබෝධ වෙන්නට මේ පින පාරමිතාවක් වෙන්න කියලා අධිෂ්ඨාන කර ගන්න ඕනෑ. මේ පිළිබඳ කරුණු සඳහන් වෙන එක්තරා කතා පුවතක් සඳහන් කරන්න පුළුවන්. එම කතා පුවතට අනුව එක්තරා රාජ දූතයෙක් තමන්ට පැවරී තිබුණූ රාජකාරී කටයුත්තක් වෙනුවෙන් ගම්මානයකට ඇවිදගෙන යනවා. ඒ ගම කිවුල් ගමක්. ඒ කියන්නේ ධීවර රැකියාව කරන අසරණ මිනිසුන් ජීවත්වන ගමක්. රාජ දූතයා පිළිබඳ පැහැදුණු ගමේ මිනිස්සු ඔහුට හොඳින් සංග්‍රහ කළා. මේ අපේ මහවාසල රජතුමාගේ දූතයෙක් බවට ප්‍රකාශ කරමින් ඔහුට නවාතැන් පහසුකම් පවා සපයා දීමට ඔවුන් කටයුතු කළා.
රාජදූතයා පැමිණි රාජකාරිය හොඳින් සිදුකර ගෙන යෑමට අවශ්‍ය පරිසරය හොඳින් පිළියෙළ කර දුන්නා. දවසක් දහවල් වන විට රාජදූතයාට ඉවසා ගන්න බැරි කුසගින්නක් දැනුණා. ගම්මුන්ට කතා කළ ඔහු කාරණාව දන්වා දහවල් ආහාරය පිළියෙළ කර දෙන ලෙසට දන්වා සිටියා. ඇල් සහලේ බත් සමඟ කුකුළුමස් ව්‍යාංජනයක් පිසදීමට ගම්මු කටයුතු කළා. ඇල් හාලෙන් පිසූ බත් නිසා පළාතම ප්‍රණීත සුවඳක් හමනවා. අධික කුසගින්නෙන් පෙළුණු එක්තරා බැල්ලියකට දැණුන මස් සුවඳ නිසා රාජ දූතයා ආහාර ගන්න ස්ථානයට පැමිණියා. ඒ අවස්ථාවේ ඔහු බොහෝ සේ කෝප වුණා. කෝපයෙන් පුපුරාගිය රාජ දූතයා බැල්ලට පහරක් එල්ලකිරීමේ අදහසින් මුගුරක් සොයා ගියත්, එම උත්සාහය අසාර්ථක වුණ නිසාම තමා ආහාරයට ගැනීමට සිටි බත් පිඟානෙන් බැල්ලියට පහරක් එල්ල කිරීමට පෙළඹුණා.
අධික කුසගින්නකින් පෙළුණු බැල්ලිය ඒ අවස්ථාවේ තැන තැන විසිරී ගිය බත් පිඟානෙන් කුස පුරවා ගෙන එම ස්ථානයෙන් ඉවත් වුණා. රාජදූතයා නැවතත් ආහාර ගැනීමට පටන් ගත්තා. ඔහු කන බත් සුවඳයි වගේම රසයි. ප්‍රණීතයි. එවැනි ආහාරයකින් බැල්ලිය කුස පුරවා ගැනීම පිළිබඳ දූතයා අපමණ සතුටට පත් වුණා. එම කෑම තමා කැමැත්තෙන් ලබා නොදුන්නත්, බත් පිඟානෙන් බැල්ලියට දමා ගැසුවත් එවැනි ප්‍රණීත ආහාරයකින් බැල්ලිය කුස පුරවා ගැනීම පිළිබඳ දූතයා අපමණ සතුටට පත් වුණා.
තමා කේන්තියෙන් බත් පිඟානෙන් ගැසුවත් තමා යහපත් ක්‍රියාවක් කළ බවට සිතිවිල්ලක් ඔහු තුළ ඇති වුණා. එය දානයක් නොවුණත්, ප්‍රාර්ථනාවක් නොකළත්, තමන් කළ දෙයකින් බැල්ලියට යහපතක් සිදුවුණ නිසා යහපත් සිතිවිල්ල ඔහුට සංසාරය පුරාවට ම සැප විපාක ගෙන දීමට හේතු වුණ බව බණ පොතේ සඳහන් වෙනවා.
ඒ වගේම ඔහු නැවතත් මනුෂ්‍ය ආත්මභාවයක් ලබා පැවිදි ජීවිතයකට එළඹෙනවා. ඒ බැමිණිටියා සාගතය පැවැති කාලයේ දී. එම සාගතයෙන් පෙළුණ ජනතාව ගම් බිම් අතැර දමා වෙනත් පළාතකට යන නිසා ස්වාමින් වහන්සේටත් එම ගමනට ආරාධනා කළා. සාගතය නිස දානය පවා ලබා ගැනීම අපහසු නිසා දුර පළාතකට යාමට ආරාධනා කළත් ස්වාමින් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් තමන් වහන්සේ ආරාමයේ වතාවත් කරගෙන වැඩ සිටින බව ගම්වැසියන්ට දන්වූවා.
ස්වාමින් වහන්සේ පාත්‍රය රැගෙන පිණ්ඩපාතයට වැඩම කළත් උන්වහන්සේට දානය නොලැබෙන බව දන්නවා. එයට හේතුව සාගතය නිසා සියලු දෙනාම ඒ පළාතෙන් ඉවත්වීමයි. එම අවස්ථාවේ එම ආරාමයේ සිටි වෘක්ෂ දේවතාවෙක් උන්වහන්සේට පිණ්ඩපාත දානය ලබා දෙන ලෙස පොරොන්දු වෙමින් වසර 12ක් පුරාවට ම දානය පූජා කිරීමට කටයුතු කළ බව සඳහන් වෙනවා.
මේ තරම් දරුණු සාගතයක් තිබෙන අවස්ථාවක දානය ලැබෙන්න තරම් තමන් වහන්සේ සංසාරයේ සිදු කරල තිබෙන පින්කම් පිළිබඳ එම දේවතාවාගෙන් විමසූවිට බුදු, පසේබුදු, මහරහතන් වහන්සේට දානයක් ලබා දී තිබනෙවා නම්, එම ස්වභාවය දෙව්දුවට නොපෙනෙන බවත් එක්තරා කාලයක ගම්මානයකට ගිය අවස්ථාවේ කෝපාවිෂ්ටව හෝ බැල්ලියකට ලබා දී තිබූ රසවත් ආහාර වේලක් පිළිබඳව තමන් අපමණ සතුටට පත්වූ නිසා එම පින සංසාරය පුරාවට ම සැප විපාක ලබා දෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා.
එනිසා ප්‍රාර්ථනාවක් කළත්, නොකළත් සංසාරය පුරාවට ම යහපත් විපාක ලැබෙන බව අපට පැහැදිලියි.
බෞද්ධයන් තමා කරන පින්කම්වලට ප්‍රාර්ථනාවක් ඇති කර ගැනීම ඉතාම සුදුසුයි. එම ප්‍රාර්ථනාව සංසාරයේ රැඳෙන ප්‍රාර්ථනාවක් නොවී, සතර අපා දුකින් මිදී මේ සංසාරයෙන් එතෙර වේවා කියන උතුම් ප්‍රාර්ථනාව නොකළත් යහපත් විපාකයේ ප්‍රතිඵල ලැබෙන බව මේ කතාව තුළින් පැහැදිලි වෙනවා.
හේමමාලා රන්දුනු
චීවර යනු පාලි වචනයයි. සිවුර යනු එහි සිංහල ව්‍යවහාරයයි. එය භික්ෂූන් වහන්සේලා පරිහරණය කළ විශේෂිත වූ වස්ත්‍රයයි. එහි අර්ථයට අනුව චීර යනු කැබැල්ලයි. ඒ අනුව කැබලි එකතු කර සකස් කර ගත් වස්ත්‍රය චීවර නමින් හඳුන්වයි.
මහනුවර අස්ගිරි මහා විහාරයේ
බුදුපියාණන් වහන්සේ සල්ලහුකවුත්ති යන සංකල්පයෙන් අපට පෙන්වා දී ඇත්තේ සැහැල්ලු දිවි පැවැත්ම යි. මේ කරුණත් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේගේ සාර්ථක භික්ෂු ජිවිතයේ ඵල නෙළා ගැනීම අරමුණ කොට දේශනා කර තිබෙන අර්ථයක්.
ගිහිගෙයි සියලු බන්ධනවලින් ඇලීම්, බැඳීම්වලින් වෙන්ව, විවෙකී ජිවිතයක් අරමුණු කොට වඩාත් පහසුවෙන් ඉක්මනින් නිවන් මඟ සාදා ගැනිම අරමුණු කොට කටයුතු කරන භික්ෂුව හැම විටම සැහැල්ලු, චාම් සරල දිවි පැවත්මක් ඇත්තකු බවට පත් විය යුතු වෙනවා.
ඉතින් ගේ දොර හෝ, තමන් සතුව හෝ තමන්ට පරපුරෙන් අයත් වන්නට තිබුණු හෝ හැම දෙයක්ම අත්හැර පැමිණි භික්ෂුව නැවත ඊට වඩා වැඩි දෙයක් එසේත් නැත්නම් යාන වාහන, ඇඳපුටු, ගෘහභාණ්ඩ, වෙනත් විසිතුරු මන පිනවන, කන් පිනවන, ඇස පිනවන නොයෙක් නොයෙක් උපභෝග පරිභෝග වස්තුන් කෙරේ හඹා යන චරියක් ඇත්තකු බවට පත් නො වීමේ වැදගත්කමයි මේ කරුණින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ.
තවදුරටත් පැහැදිලි කරනවා නම්, එයින් ප්‍රකාශ වන්නේ බහුභාණ්ඩික විය යුතු නොවන බවයි. එසේ තමන්ට ලැබෙන දෙය හෝ ලැබුණ දෙය පිළිබඳ සුභර වන තත්වයෙන් ජිවිතය පවත්වා ගෙන යනවා වගේ ම වැඩි වැඩියෙන් තමන්ට යම් යම් දේ දායක පක්ෂයෙන් ලැබුණත් ඒවා කෙරෙහි ගිජු බවක් දක්වා වැඩි වැඩියෙන් එයට රුචි වෙමින් කල් ගෙවන්නේ නම්, එයින් තමන් වහන්සේ බොහෝ භාණ්ඩ රැස්කරගත් අයකු බවට පත් වී ඇති බවයි පෙනෙන්නේ.
එතකොට භික්ෂුව වෙතින් තමන් කරන්නට අරමුණු කර ගත් මඟ ඉබේ ම තම සන්තානයෙන් ගිලිහී යන තත්වයක් ඇති වෙනවා . එපමණක් නොව කහවස්ත්‍ර පොරවා ගත් සිවුරු දරන්නකු පමණක් බවට පත්වෙනවා. එය භික්ෂු ජීවිතය නොවන බවයි බුදුරජාණන් වහන්සේ මෙම අර්ථයෙන් පෙන්වා දෙන්නේ.
ඒ මොකද භික්ෂුවට තිබෙන එකම බර තමන්ගේ ශරීරකූඩුව පමණ යි. කුරුල්ලාට තිබෙන පියාපත් බර වැනි සුළු බරක් පමණයි. ඉතින් එවැනි භික්ෂුව හරිම සැහැල්ලුවෙන් තමයි කල් ගෙවන්නේ.
උන්වහන්සේ සිව්පසය පරිභෝග කරන්නේ සුඛෝපභෝගි දිවි පැවත්මක් අරමුණු කරගෙන නොවෙයි. උන්වහන්සේ බඩු පොදි ගහගෙන යන ජිවිතයක් ගත කරන්නේ නැහැ.
එහෙත් යම් පමණකට කාලයේ ගෙවීයාමත් සමඟ භික්ෂු ජිවිතය මේ සැහැල්ලු බවෙන් තොර වී ඇති සෙයක් පෙනෙනවා. ඇත්තෙන් ම භවභෝග සම්පත් එක්රැස් වූ විට ඒකාන්තයෙන් ම එසේ සැහැල්ලු බව ගිලිහෙන බව අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි. බාහිර ආටෝප සහිත ජීවිතයට, විවිධ විලාසිතාවන්ට ඇබ්බැහි වීම මේ සැහැල්ලු බව දුරුවිමට හේතු වෙනවා. මේ නිසාම ආධ්‍යාත්මික ගුණවගාවෙන් ද පිරිහෙනවා. මොකද තම චිත්තසන්තානයේ නිරන්තරයෙන් රාගාදි කෙලෙස් බහුල වීම නිසයි. මේ අභ්‍යන්තර තත්වය පිරිහී ගියහම වන්නේ බාහිර වශයෙන් අමුතුම ආකාරයෙන් ආටෝප සහිත, නැති ගුණ මෙන්ම, නැති සිල් පෙනෙන ආකාරයෙන් බොහෝ පිරිස් පිරිවරාගෙන සමාජය ඉදිරියේ අමුතුම විලාසිතාවක් ඉදිරිපත් කර ගෙන, අනිත් අය මුළාවන තත්වයෙන් කටයුතු කර තමන් අන් අයට වඩා ශීලාදී ගුණ දහමෙන් පෝෂණය වී ඇති තත්වයක් සමාජය ඉදිරියේ දිගහැර පාමින් කටයුතු කිරිම යි.
එනම්, දිනක් අපේ බුදුරජාණන් වහන්සේ හමුවීමට කොසොල් මහ රජතුමා සිරිත් පරිදි දෙව්රම් වෙහෙරට පැමිණ සතුටුසාමිචි කථාබහක යෙදී සිටියා ඒ අවස්ථාවේ ඒ අසලින් වැටි තිබුණ මාර්ගයේ සත්තජටිලයන් මහපිරිස් පිරිවරාගෙන ගමන් කරමින් සිටියා. එක්වරම රජතුමා එම මහපිරිස් පිරිවරා යන සත්තජටිලයන් දැක බුදුරජාණන් වහන්සේගෙන් වහා ඉවත් වී අර මහමඟ යන පිරිස් පිරිවරාගත් සත්තජටිලයන් ඉදිරියට ගොස් දෙපාමුල වැඳ වැටී තමන් පසේනදි කොසොල් රජු බව පවසමින් මහත් ගරුබුහුමන් දක්වමින් කියා සිටියා.
මේ පිරිස් එතැනින් නික්මුණු පසු නැවතත් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ තමන් ඒ ගරුබුහුමන් කළේ බොහොම සිල්වත්, ගුණවත්, කෙලෙස් නැසූ පිරිසකට බව පවසමින් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කර සිටියා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ රජතුමා අමතා ප්‍රකාශ කර සිටියේ බාහිර පෙනුමෙන්, සැරසුමෙන් කෙනකුගේ ආධ්‍යාත්මය කිරා මැන බැලීමට නොහැකි බවත්, ආධ්‍යාත්මයෙන් අපිරිසුදු බොහෝ පිරිස් තමන්ගේ නැති සීලාදි ගුණ පෙන්වීමට මේ ආකාරයෙන් තමන්ගේ පරිවාර සම්පත්තිය ද පෙන්වමින් ක්‍රියා කරන බවයි.
ඇත්තෙන් ම මෙයින් පැහැදිලි කර දී තිබෙන්නේ මේ ආධ්‍යාත්මික වශයෙන් සැහැල්ලු ජිවන ප්‍රතිපදාවක සැබෑ තත්වය මේ ආකාරයෙන් බාහිර කරුණු මත තේරුම් ගැනීමට අපොහොසත් බව වගේම, යම් යම් අයගේ සැහැල්ලු ජීවන ප්‍රතිපදාවේ තරම දැක්ක දුටුව තරමින් මැනීම, ඇගයිම නොකළ යුතු බවයි.
ඉතින් මේ භික්ෂු ජිවිතයට අදාළ වන මේ සැහැල්ලු ජිවන පැවැත්ම ගිහිජීවිත ගතකරන උදවියට ද සැබවින්ම අදාළ වන කරුණක්. සැහැල්ලුවෙන් කල් ගෙවන ගිහි ජනතාවට කිසිදු බරක් දැනෙන්නේ නැහැ.
අද රූපවාහිණි හා වෙනත් ජනමාධ්‍ය තුළින් මේ මිනිස් සිත ඇද බැඳගෙන එක් එක් නිෂ්පාදන සම්බන්ධයෙන් ජනතාවගේ ආකර්ෂණය ලබා ගන්නට මොනතරම් උත්සාහවත් වෙනවා ද කියන එක රහසක් නොවේ. එදාවේල බොහොම අපහසුවෙන් වුණත් සපයා ගන්නා ජිවිතයක් ගත කළත් ණයතුරුස් වී හෝ මේ ආකර්ෂණය කර ගන්නා විලාසිතා විවිධ ආකාරයෙන් ඉදිරිපත්වන විට එවැනි බඩුමුට්ටු එක්රැස් කර ගැනීමට වෙර දරන පිරිස් නම් කොපමණ ඉන්නවාද කියන එක අමුතු කරුණක් නොවෙයි. අපි එක නිදසුනක් වශයෙන් ගත්තොත් අප භාවිත කරන ජංගම දුරකථනය දැන් බැලුවොත් සාමාන්‍යයෙන් ලංකාවේ ජනගහනය ලක්ෂ 220 ක් පමණ වුවත් දුරකථන භාවිතය ලක්ෂ 350 ඉක්මවා තිබෙන බවයි සමීක්ෂණ මඟින් පෙන්වා දී ඇත්තේ.
ඒ විතරක් නොවේ වෙළඳපොළට අලුුතෙන් මාධ්‍ය මඟින් හඳුන්වා දෙන විවිධ මාදිලියේ දුරකථන මිල දී ගැනීමටත් නොකා නොබී හරිහරියට උනන්දු වෙනවා. මේ තත්වය ඇඳුම් පැළඳුම්, පාවහන්’ විශේෂයෙන් සුවඳ විලවුන්’, රුපවාහිනී යන්ත්‍ර ආදි විවිධ අංශ කෙරෙහි තදින් බලපානවා. ඉතින් මේ සැහැල්ලු දිවි පැවැත්මට අවශ්‍ය දේ ද? නැහැ. අද තාක්ෂණික වශයෙන් දියුණු ලෝකයේ ජිවිතය පහසු කරන අත්‍යවශ්‍ය උපකරණ තිබෙනවා. ඒ ගැන නොවේ මේ පවසන්නේ.
සැහැල්ලු දිවි පැවැත්මට අවශ්‍ය මූලික කරුණු හැටියට බදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් අංග හතරමයි ගිහි ජනතාවටත් අදාළ වන්නේ. ඒවා ජීිවත්වීමේ මූලික අවශ්‍යතාවන්. එනම් ඇඳුම් පැළඳුම්(චිවර) ආහාර(පිණ්ඩපාත) වාසස්ථානය(සේනාසන) බේත්හේත්(ගිලානප්‍රතයය) යන හතර. ඉතින් මේ කරුණු හතර ගිහි ජිවිතයට ගළපා පිරිමසාගන්න ආකාරයෙන් සැහැල්ලු වීම තමා වැදගත් වන්නේ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤