පත්ත නික්කුජ්ජන කර්මය යනු නො හික්මුනා වූ ගිහියන් හික්මවීම පිණිස බුදුන් වහන්සේ විසින් පනවන ලද දඬුවමකි. එය පළමු කොට පනවන ලද්දේ දබ්බමල්ල ස්ථවිරයන් වහන්සේට බොරු චෝදනාවක් කළ වඩ්ඪ නම් වූ ලිච්ඡවි පුත‍්‍රයාට ය. ඒ දඬුවම පැමිණවීමට සුදුසු වරද අටක් ඇත්තේ ය. ඒ මෙසේ ය.
මහණෙනි, අංග අටකින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කළ යුත්තේ ය.
1. භික්ෂූන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේ ද?
2. භික්ෂූන්ට අනර්ථ කිරීමට උත්සාහ කෙරේ ද?
3. භික්ෂූන් වහන්සේලාට ආවාසයන්හි නො පිවිසිට හැකි වනු පිණිස උත්සාහ කෙරේ ද?
4. භික්ෂූන්ට ආක්‍රෝශ පරිභව කෙරේ ද,
6. බුදුන්ගේ අගුණ කියා ද,
7. ධර්මයේ අගුණ කියා ද,
8. සංඝයාගේ අගුණ කියා ද,
මහණෙනි, මේ අංග අටින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කිරීමට අනුදනිමි.
පත්ත නික්කුජ්ජන යන වචනයේ තේරුම පාත‍්‍රය මුනින් නැවීමය යනු යි. යම්කිසි ගිහියෙක් කියන ලද කරුණු අට අතුරෙන් යමක් කෙළේ නම් එකල්හි සංඝයා රැුස්ව කර්ම වාක්‍යය කියා ඒ කර්මය කළ යුතු ය. එය කළ පසු ඒ තැනැත්තා හට සියලු ම භික්ෂූන් විසින් පාත‍්‍රය මුනින් නවන ලද්දේ වේ. එකම භික්ෂුවකටවත් ඉන්පසු ඒ තැනැත්තා දෙන දෙයක් පිළිගත නො හැකිය. කර්මය කරනු ලැබූ උපාසක තැන නැවත සංවරයෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා සිටියහොත් නැවත සංඝයා රැුස් ව ඒ කර්මය සන්සිඳවනු ලැබේ. ඉන්පසු ඔහුට නැවත භික්ෂූන්ට සව්පසය පිළිගැන්වීමට අනකාශ ලැබේ. ගිහියන්ට බුදුන් වහන්සේ විසින් පනවා තිබෙන දඬුවම මෙ පමණ ය.
අවධානයට
අතිපූජනීය රෙැරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචිත බෞද්ධයාගේ අත්පොත නමැති වටිනා ග‍්‍රන්ථය ඇසුරින්, නිවන් මාර්ගය පිටුව විසින් නිර්මාණය කරන ලද මෙම ලිපි මාලාවෙන් බුදුදහමේ මූලික කරුණු පැහැදිලි කරයි. මෙම කරුණු තේරුම් ගැනීමෙන් නිවැරදි මිනිසකු විය හැකිය. මෙම කරුණු මිතුරන් අතරේ share කරන්නා කළ්‍යාණ මිත‍්‍රයෙකි. ඔහු උසස් ධර්මදානයේ හිමිකරුවෙකි. තෙරුවන් සරණයි!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤