අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ උතුම් දේශනයට අනුව සසර දුකින් අත්මිදීමට නම් අපි දුනෙක් නිදහස් විය යුතුයි. දුකින් නිදහස් වීමට නම් දුක සතුටින් පිළිගන්න හොඳ නැහැ. අපි පසුගිය දේශනාවේදී ඉගෙන ගත්ත ඇස, කන, නාසය, දිව, කය, මන සතුටින් පිළිගන්නවා නම් ඔහුට දුකෙන් නිදහස් වෙන්න බැරි බව. ඒකට හේතුව යමෙක් මේ ආයතන හය සතුටින් පිළිගන්නවා නම් ඔහු සතුටින් පිළිගන්නේ දුකයි. දුක සතුටින් පිළිගන්න කෙනාට දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. අපි මෙය 'අභිනන්ද සූත්‍රයේදී' ඉගෙන ගත්තා.
මෙවර අපි ඉගෙනගන්නේ දුතිය අභිනන්ද සූත්‍රය' එහිදී අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා 'යෝ භික්‌ඛවේ රූපේ අභිනන්දති, දුක්‌ඛං සෝ අභිනන්දති' යනුවෙන්. ඉන් අදහස් වෙන්නේ යම් කෙනෙක් රූප සතුටින් පිළිගන්නවා නම් ඔහු පිළිගන්නේ දුකයි. යම් කෙනෙක් දුක පිළිගන්නවා නම් සතුටින් භාරගන්නවා නම් ඔහුට දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. (යෝ දුක්‌ඛං අභිනන්දති, අපරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මානි වදාමි). යම් කෙනෙක් ශබ්ද සතුටින් පිළිගන්වා නම්, ඔහු පිළිගන්නේ දුකයි. (යෝ සද්දේ අභිනන්දති දුක්‌ඛං සො අභිනන්දති යෝ දුක්‌ඛං අභිනන්දති) අපරිමුත්තෝ සෝ දුකඛස්‌මාති වදාමි). යම් කෙනෙක් දුක සතුටින් පිළිගන්නවා නම් ඔහුට දුකින් නිදහස් වෙන්න බැහැ.
එමෙන්ම යමෙක් ගඳ - සුවඳ සතුටින් පිළිගන්නවා නම් ඔහු පිළිගන්නේ දුකයි. (යෝ ගන්ධේ අභිනන්දති දුක්‌ඛං සෝ අභිනන්දති). යම් අයෙක් දුක සතුටින් පිළිගන්නවා නම් ඔහුට දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. (යෝ දුක්‌ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි). යම් කෙනෙක් රස සතුටින් පිළිගන්නවා ඔහු පිළිගන්නේ දුකයි. (යෝ රසේ අභිනන්දති, දුක්‌ඛං සෝ අභිනන්දති). යම් කෙනෙක් දුක සතුටින් පිළිගන්නවා නම් එයාට දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. (යෝ දුක්‌ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි). යම් කෙනෙක් ස්‌පර්ශය සතුටින් පිළිගන්නවා නම් ඔහු පිළිගන්නේ දුකයි (යෝ වොට්‌ඨබ්බේ අභිනන්දති, දුක්‌ඛං සෝ අභිනන්දති). යමෙක් දුක සතුටින් පිළිගන්නවා නම් ඔහුට දුකින් නිදහස්‌වීමට ලැබෙන්නේ නැහැ. (යෝ දුක්‌ඛා අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි). යමෙක් අරමුණු සතුටින් පිළිගන්නවා නම් ඔහු පිළිගන්නේ දුකයි (යෝ ධම්මේ අභිනන්දති, දුක්‌ඛං සෝ අභිනන්දති). යමෙක් දුක පිළිගන්නවා නම් ඔහුට දුකින් නිදහස් වෙන්න බැහැ (යෝ දුක්‌ඛං අභිනන්දති, අපරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි).
ඉන්පසුව අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා යම් කෙනෙක් මේ බාහිර ආයතන සතුටින් පිළිගන්නේ නැත්නම් ඔහුට දුකින් නිදහස් වෙන්න හැකි බව. යම් කෙනෙක් රූප සතුටින් පිළිගන්නේ නැත්නම් ඔහු පිළිනොගන්නේ දුකයි (යෝ ච ඛෝ භික්‌ඛවේ රූපේ නාභිනන්දති දුක්‌ඛං සෝ නාභිනන්දති). යම් කෙනෙක් දුක පිළිගන්නේ නැත්නම් ඔහුට දුකින් නිදහස් වෙන්න පුළුවන්. (යෝ දුක්‌ඛං නාභිනන්දති, පරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි). ඒ වගේම යමෙක් ශබ්ද සතුටින් පිළිගන්නේ නැතිනම්, ඔහු පිළිනොගන්නේ දුකයි (යෝ සද්දේ නාභිනන්දති, දුක්‌ඛං සෝ නාභිනන්දති). යමෙක් දුක සතුටින් පිළිගන්නේ නැතිනම් ඔහුට දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම යමෙක් ගඳ සුවඳ සතුටින් පිළිනොගන්නේ නම් ඔහු පිළිනොගන්නේ දුකයි. (යෝ ගන්ෙ නාභිනන්දති දුක්‌ඛං සෝ නාභිනන්දති, යෝ දුක්‌ඛං නාභිනන්දති පරිමුත්තෝ සෝ දුක්‌ඛස්‌මාති වදාමි). යමෙක් දුක පිළිගන්නෙ නැතිනම් ඔහුට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. යමෙක් රස සතුටින් පිළිනොගන්නේ නම් ඔහු පිළිනොගන්නේ දුකයි (සෝ රසේ නාභිනන්දති, දුක්‌ඛං සෝ නාභිනන්දති). යමෙක් දුක සතුටින් පිළිගන්නේ නැත්නම් ඔහුට දුකින් නිදහස් වෙන්න පුළුවන්.
යමෙක් ස්‌පර්ශ සතුටින් පිළිගන්නේ නැතිනම් ඔහු පිළිනොගන්නේ දුකයි (යෝ වොට්‌ඨබ්බේ නාභිනන්දති, දුක්‌ඛං සෝ නාභිනන්දති). යම් කෙනෙක් දුක සතුටින් පිළිගන්නේ නැතිනම් ඔහුට දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම යම් කෙනෙක් අරමුණු සතුටින් පිළිගන්නෙ නැතිනම් ඔහු පිළිනොගන්නේ දුකයි (යෝ ධම්මේ නාභිනන්දති, දුක්‌ඛං සෝ නාභිනන්දති). යම් කෙනෙක් දුක සතුටින් පිළිගන්නේනැතිනම් ඔහුට දුකින් නිදහස් වෙන්න පුළුවන්. එනිසා අපි සියලු දෙනාම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ, අරමුණු කියන බාහිර ආයතනත්, ඇස, කන, නාසය, දිව, කය, මන කියන අභ්‍යන්තර ආයතනත් සතුටින් පිළිනොගෙන සසරින් නිදහස්‌වීමට අධිෂ්ඨාන කර ගනිමු.