ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

සම්මා සම්බුද්ධ සම්බුදු ගුණය


“යම් පුද්ගලයෙක් අනිකකුගෙන් නො අසා ස්වශක්තියෙන් ම ස්කන්ධා දී ධර්ම විෂයයෙහි චතුරාර්ය සත්‍යය දැන ගනීද, කිසිවක් ඉතිරි නොවන පරිදි සියල්ල පිළිබඳව ම සත්‍යය දැන ගැනීම් වශයෙන් සර්වඥ භාවයට පැමිණේ ද බලයන්හි වශී භාවය ලබා ද ඒ පුද්ගල තෙමේ සම්‍යක් සම්බුද්ධ නම් වේ ය”
බුද්ධ, ‘සම්බුද්ධ’ සහ ‘සම්මා සම්බුද්ධ’ යන වචනත්‍රය අර්ථ තුනක් ගෙනහැර දක්වයි. ‘බුද්ධ’ යනු අවබෝධය ලැබූ උත්තමයා ය. අනුන්ගේ උපකාරයක් නැතිව ස්වශක්තියෙන් යථාර්ථාවබෝධය ලද උත්තමයා සම්බුද්ධ නම් වේ. ‘ සම්මා සම්බුද්ධ’ යනු කාලත්‍රයෙහි සියල්ල මැනවින් අවබෝධ කළ ( සර්වඥ), දසබල දරන්නා වූ උත්තමයා ය.

සමන්තපාසාදිකා විනයට්ඨ කතාවේ දැක්වෙන පරිදි තමන් වහන්සේ ම සියලු ධර්මයන් අවබෝධ කළ බැවින් බුදුරජාණන් වහන්සේ සම්‍යක්සම්බුද්ධ වන බව දක්වා ඇත. අභිධර්ම පිටකයෙහි පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණයෙහි ‘ සම්මා සම්බුද්ධ’ යන්න මෙසේ අර්ථ විවරණය කර ඇත.
“යම් පුද්ගලයෙක් අනිකකුගෙන් නො අසා ස්වශක්තියෙන් ම ස්කන්ධා දී ධර්ම විෂයයෙහි චතුරාර්ය සත්‍යය දැන ගනීද , කිසිවක් ඉතිරි නොවන පරිදි සියල්ල පිළිබඳව ම සත්‍යය දැන ගැනීම් වශයෙන් සර්වඥ භාවයට පැමිණේ ද බලයන්හි වශී භාවය ලබා ද ඒ පුද්ගල තෙමේ සම්‍යක් සම්බුද්ධ නම් වේ ය”
මේ අනුව විශ්වයේත් සත්ත්ව වර්ගයාගේත් පරම යථාර්ථය වන චතුරාර්ය සත්‍යය බුද්ධ ඤාණයෙහි මූලික පදනම ලෙස සැලකෙන බව ඉතා පැහැදිලි ය.

සර්වඥතා ඤාණය

මෙහිඥ’ හෙවත් ‘ සියල්ල දැනගත්’ යන්න පැහැදිලිව තේරුම් ගත යුතු ය. මෙහි සව¢ඥ ( සබ්බඤ්ඤු )යනු කවරේදැ යි ගෞතම බුදුරදුන් සේල බ්‍රාහ්මණයාට එක් අවස්ථාවක දී පැහැදිලි කළහ. දැනගත යුතු සියල්ල දැනගත් බැවින් ද, වැඩිය යුතු සියල්ල වැඩූ බැවින් ද ප්‍රහාණය කළ යුතු සියල්ල ප්‍රහාණය කළ බැවින් ද’බුද්ධ’ නම් වේ යැයි පැහැදිලි කර දී ඇත. වෙනත් අයුරකින් කියන්නේ නම්, චතුරාර්ය සත්‍යයන් පිළිබඳ පූර්ණ අවබෝධය යි.

පරමකුසලො

කිසිවකුගෙන් නොඅසා ධර්මය අවබෝධ කරන්නේ ඉතා දීර්ඝ කාලයක් පුරන ලද පාරමිතා කුසල බලයෙනි. බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ ‘ සම්පන්න කුසලො පරම කුසලො’ යන පාඨයෙනි එය බුදු, පසේ බුදු, මහරහත් උතුමන්ලාට යොදන විශේෂණයකි. කුසල සම්පන්න, එසේම “ කුසලයෙහි පරමප්‍රාප්තියට පැමිණි උත්තමයෝ” යන අදහසින් එය භාවිතා වේ. පින් පව් හා අකුසල් දුරලන එහෙත් කුසලයෙහි පරමප්‍රාප්තියට ළඟාවන චර්යාව බෝධිසත්ව චර්යාවයි. සංසාරික පාරමිතා කුසල බලය යනු එයයි.

දශබල ඤාණය

ලොව්තුරා බුද්ධත්වය සර්ව සම්පූර්ණ වන්නේ දශබල ඤාණයන් ලැබීමෙනි. මහාසීහනාද සූත්‍රයෙහි දක්වා ඇති පරිදි තථාගතයන් වහන්සේට දහයක් ඇත. එම දශබල ඤාණයන් මෙසේ ය.
1. ස්ථානාස්ථාන දන්නා නුවණ
ඒ ඒ දෙය ඇතිවීමේ හේතුව හා හේතු නොවන දෙය දැනීම

2. කාලත්‍රයවර්තී වූ කර්‍මසමාදානයන්ගේ විපාක දන්නා නුවණ
අතීත වර්තමාන අනාගත කුසලාකුසල විපාක තත්වාකාරයෙන් දන්නා නුවණ

3. ප්‍රතිපදාව දන්නා නුවණ
සත්වයන් සුගති – දුගතිවලට පැමිණෙන ආකාරය හා රහත් තත්ත්වයට පැමිණෙන ආකාරය ආදී පිළිවෙත් සර්වාකාරයෙන් දන්නා බව.

4. අනේකධාතු නානාධාතු ලෝක දන්නා නුවණ
ස්කන්ධ ධාතු ආදී ලෝක සහ විවිධ ලෝකධාතු පිළිබඳ ඤාණය.

5. සත්වයන්ගේ නානාධිමුක්තිකන්ව දන්නා නුවණ.
සත්වයන් තුළ පවත්නා අනුශය වශයෙන් යටපත් වී පවත්නා අදහස් ගැනීමේ නුවණ.

6. සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් පිළිබඳ ඤාණය
අන්‍ය සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් මෝරා ඇති බව හා නැති බව පිළිබඳ නුවණ

7.ධ්‍යානාදීන්ගේ සංක්ලේශාදිය දන්නා ඤාණය
සත්වයන්ගේ ධ්‍යානවල තත්වය දන්නා නුවණ

8. අතීත ජාති දන්නා ඤාණය
තමන්ගේ අතීත භව පරම්පරා දන්නා නුවණ

9. සත්වයන්ගේ චුති – උප්පත්ති දන්නා ඤාණය
පින් පව් අනුව සත්වයින් විවිධ සුගති දුර්ගතිවල උපදින ආකාරය දන්නා නුවණ

10. ආශ්‍රවක්‍ෂය ඤාණය
කාමාදී ආශ්‍රවයන් ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත අරහත්ඵල සමාධිය පිළිබඳ නුවණ

කෙසේ නමුදු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ විෂය ගැන සිතීමෙන් එය කෙළවරක් කළ නොහැකි බවත් එය උමතු බවටත් වෙහෙසටත් පත්වන කරුණක් බවත් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ දක්වා ඇත.